ඔයාලා කනකොට දැවිල්ල දෙයක් කැවුනොත් ඒ දැවිල්ල ඉක්මනින් නැති කරගන්න කරන්නේ මොකක් ද?
මම නම් හොදවැයින් උණු වතුර එකක් බොනවා. බොහෝ දෙනෙක් ඔය ක්‍රමය යි අනුගමනය කරන්නේ. ඒ ක්‍රමය බැලූ බැල්මට සාර්ථක ක්‍රමයක් බවට සිතෙන්නේ නැති වෙන්න පුලුවන්. මොකද කියනවා නම් කටේ දැවිල්ල තියෙද්දී උණු වතුර බිව්වම ඒ දැවිල්ල තව වැඩි වෙන නිසා.
නමුත් උණු වතුර එක බිව්වම එක සැරේ දැවිල්ල වැඩි වුනත් මුලු දැවිල්ල ඉතා ඉක්මනින් අඩු වෙනවා. මට පොඩි කාලේ මේක හරි ලොකු ප්‍රශ්නයක්. මේක වෙන හැටි දැනගන්න දැඩි උවමනාවක් තිබ්බා. ඒක හරි සරල සිද්ධාන්තයක්.
අපි දැවිල්ල දෙයක් කනකොට අපේ දිවට ඔරොත්තු දෙන්න පුලුවන් එවෙලෙට අපි කන දේ තියෙන දැවිල්ල විතරයි. ඒ මොහොතේ දී අපි කන දේ තමා උපරිම දැවිල්ල වෙන්නේ. ඒ නිසයි අපිට ඉන්න අපහසු. උණු වතුර බිව්වම අපේ දැවිල්ල තව වැඩිවෙනවා. එතකොට දිව දරාගන්න උපරිම දැවිල්ල කලින් මට්ටම නෙමේ. දැන් මට්ටම ඊට වඩා ඉහළින් තියෙන්නේ. උණු වතුර බිව්වම උණු වතුර නිසා දැනෙන රස්නය වැඩි වෙලා යන්න කලින් නැතිවෙනවා. නමුත් දැන් දිව දන්න දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කාපු කෑමේ දැවිල්ල අපිට දැනෙන්නේ නැත්තේ. දැවිල්ල කට ඇතුලේ තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ උණු වතුර බිව්වට පස්සේ දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වුන නිසා. ඒත් එක්කම උණු වතුර නිසා කටේ තියෙන මිරිස් වල සංඝටක හොඳින් ඉවත් වෙන නිසාත් දැවිල්ල ඉක්මනින් අඩු වෙනවා.
ඔය වගේ ම තමා කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට. මම සාමාන්‍යයෙන් තේ එක්ක කේක් කෑල්ලක් පිළිගැන්වුවොත් කේක් කෑල්ල මුලින් කන්නේ නැහැ. කලින් කෑවොතින් පස්සේ බොන තේ එකේ සීනි අඩුයි වගේ තේරෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. අපි කේක් කෑල්ල කනකොට අපේ දිවට ඒ මොහොතේ දැනෙන පැණි රසේ උපරිම මට්ටම වෙනස් වෙනවා. උපරිමය තමා කේක් කෑල්ලේ පැණි රස. නමුත් අපි බොන තේ එකේ තියෙන සීනි වල පැණි රස කේක් කෑල්ලේ පැණි රස තරම් නැහැ. මේ නිසා කේක් කෑල්ල ඇති කරපු පැණි රසේ උපරිම මට්ටමට තේ එකේ සීනි වලට යන්න බැහැ. ඒ හේතුවෙනුයි අපිට කේක් කෑල්ලක් කාලා තේ එකක් බොනකොට සීනි මදි වගේ තේරෙන්නේ. ඇත්තට ම සීනි මදි නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ.
ඉස්සර ගම් වල කාන්තාවකට එහෙම යකෙක් වැහුනම ගමේ තොවිලයක් තියෙනවා. තොවිල් විවිධ හේතු උදෙසා පවත්වනවා. දරුවන් නැති අම්මලාට දරුවන් ලැබෙන්න, ලෙඩ රෝග හොඳ කරගන්න සහ යක්කු වැහීම ආදී දේවල් වලට තොවිලය භාවිතා වෙනවා.
යකෙක් වැහෙනවා කියන්නේ මානසික රෝගයක්. ඒ කාන්තාව බොහෝ විට යම්කිසි දෙයකට බය වෙලා ඉන්නේ. ඒ වගේ කාන්තාවක් සුව කරන තොවිලයේ මුලින් ම කරන්නේ කාන්තාව ඉස්සරහා තියාගෙන යක්කු විදිහට වෙස්මුහුණු දාගෙන ඇඳගත්තු මිනිස්සු ඇවිත් ඒ කාන්තාව තව තවත් බය කරන එක. දැන් මේ කාන්තාව බය වෙලා ඉන්නේ තමන් තොවිලයට එන්න හේතු කාරණා වුන දේ නිසා නෙමේ තොවිලයේ ම ඉන්න යක්කු විදිහට ඇඳගත්තු මිනිස්සුන්ට.
දැන් රෝගී කාන්තාවට පැරණි බිය නැතිවෙලා අලුත් බියක් හටගෙන තියෙන්නේ. තොවිලය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙද්දී තොවිලය තුලින් ම ඒ ඉන්න යක්කුන්ගේ බය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා නැති කරලා ම දානවා. දැන් කාන්තාවට අලුතින් හටගත් බියත් නැහැ. මෙතන දී ක්‍රියාත්මක වෙන්නෙත් කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට සහ දැවිල්ල දැනුනම උණු වතුර බොන සිද්ධාන්තයම තරමක් වෙනස් ස්වරූපයකින්.
ලංකාවේ තොවිලය සහ ශාන්තිකර්ම සැඟවුනු විද්‍යාව ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. මේවා ගමේ ගොඩේ උන්දැලාගේ පලක් නැති දේවල් නම් වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතීවි ද?
මිතිල ශිෂ්‍යයා කේක් කෑල්ලක් එක්ක බෝතලයක් ගහලා නැද්ද
ReplyDelete+++++++++++++++++++++
Deleteඅලුත් යමක් දැනගත්තා.. සියවස් ගානක් පැවතුන පමණින්ම දෙයක් පලක් ඇති දෙයක් වෙන්නෙත් නෑ..ඔහොම කාලයක් පවතින බොහෝ දේවල් පවතින්නෙ හුදු විශ්වාසය මත පමණයි.. ඒවා හරි වුනත්, වැරදි වුනත් ඒවා විශ්වාස කරණ අය ඒවයින් බැහැර වෙන්න කැමති නෑ. ඉතින් ඒවා පවතිනවා...දේශපාලනය, ආගම වැනි කොයි දේත් ඔවැනි ලක්ෂණ දකින්න තියනවා..
ReplyDeleteඅනිවාර්යෙන් ම.
Deleteයම් යම් අවයව රවට්ටනව වගේම මනසත් රවට්ටන්න පුලුවං ඔය යාගහෝම වලින්.
ReplyDeleteමනස රැවටීමක් කරන්නේ ඔතන.
Deleteමේක වෙන විදිහ දැණගෙන හිටියෙ නෑ. කට දන කෑමක් කාලා, යාන්තං වැඩි සීනි උණු කෝපි එකක් බොන එකේ අමුතුම කික් එකක් තියනවා.
ReplyDeleteඩීජී බක අප්පු
Deleteමොකවත්ම දන්නේ නෑ අප්පු
දන කෑම කන අප්පු
උණු කෝපී බොන අප්පු
ඔව් ඒකෙත් අමුතුම කික් එකක් තියෙනවා. ස්තූතියි කියෙව්වට.
Deleteහැමදේම සාපේක්ෂයි නෙහ් එතකොට🤔🤔🤔
ReplyDeleteහ්ම්ම්.. ඔව්.
Deletehttps://www.srilankanz.co.nz/general/sri-lankan-healing-dance-rituals-vs-psychotherapy
ReplyDeleteස්තූතියි ප්‍රා.ජේ.
Deleteහොද පැහැදිලි කිරීමක් මිථිල මල්ලි. දැවිල්ලට උණු වතුර බොන එකෙයි ,පැණි රස කාලා තේ බොන කොට සීනී දැනෙන්නෙ නැති එකේයි සම්බන්ධෙ තේරුනේ දැං තමයි. කක්කුසියක් ගිලපු එකාට පx ගදත්, ගදක්ද කියලා කියන්නේ මේ වගේ දේකට තමයි - Mayya
ReplyDeleteහරියටම හරි.
Deleteඒක තමයි ඔය ගොඩක් අය සැර ලුණු මිරිසක් එක්ක පොල් රොටියක් ආප්පයක් එහෙම කෑවම උණු උණුවෙ ප්ලේන්ටී එකක් එහෙම බොන්නේ..
ReplyDeleteඅපි පුරුද්දට කරාට ඒකෙන් සැර අඩුවෙන් දැනෙන්න ගන්නවා.
Deleteමිතිල ශිෂ්‍යයගේ වැඩ අජපල්
ReplyDeleteකේක් තියලා තේ එක බොයි
කිරි ටික තියලා පැණි ටික කයි
පුක සෝදන් ගොස් කක්කි කරයි
+++++
ReplyDeleteස්තූතියි ඉයන් කියෙව්වට.
Deleteමිථිල ශිෂ්‍යයා මේ වනවිට කී පාරක් රිපීට් වෙලාද?
ReplyDeleteඅද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් හොයනකොට මට පෙනුනේ මහරගම පරණපාරේ ෆිල්ම් හෝල් එකට අල්ලපු බාර් එක.
ReplyDeleteඋදේ ඉදලා තිබුණ අවුල එක්කම ගල් කාලක් ඕඩර් කරේ අමුවෙන්ම ගසන්න හිතාගෙන.. වයිඩ් පෝක් නැතිවුණත් කළුවට කළු ගැහුන ටවුන් පෝක් ප්ලේට් එකක් එක්ක වැඩේ යන්න පටන් ගත්තා. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද හැමදාම වගේ අදත් හිතන්න පටන් ගත්තා. උත්තරයක් නෑ. ඩන්හීල් එකක් ගැහුවා ඒත් උත්තරයක් නෑ. ජීවිත සුළි සුළඟ උඩ පාවෙන්න කෙසෙල් කොට ඕවිල්ලක් හදාගන්න මම හිතුවා. මම හිටිය මේසේ හෝස් ගාලා එළියේ එළිය මූනට ගහන තැනක්..
මම සයිඩ් වෙන්න කල්පනා කළා...මේසේ මාරු කළා... ඒක මන්දාලෝකය වැටෙන කළුවර බිම් පෙදෙසක්. ඔහේ ඉදගෙන කාල ගහනකොට ඒක ඉවර වෙලා ඊළඟ කාලත් මේසෙට ඇවිත් තිබ්බා. මම මෙතනට නිතරම එන්න කැමති රස්සාව ආදරෙන් කරන වේටරයෙක් අපි එනකම් මඟබලාගෙන හිඳීම. ඌ හැම වෙලාවෙම අපි දිහා බලලා මොනාද කෙරෙන්න ඕනෑ කියලා අහන ගම්කැම්‍රියෙක්. අපි ඉස්සර ගමේ ඉන්න කාලේ ඉදලා ඉස්කෝලේ යන කාලේ ඉදලා ඉතිං මොනාද කෙරෙන්න ඕනී කියලා අහන එවුන්ට මාර කැමතියි. මූත් ඒවගේ කන්කාසියෙක්.
කොහොමහරි ටික වෙලාවකින් අල්ලපු මේසෙට පොරොක් ඇවිත් ගල් සීයක් එක්ක ස්ප්‍රයිටෙක් සැන්ඩි කලා. මම ඔහේ බලාගෙන හිටියා. කැසට් එකේ ප්‍රින්ස්ගේ සිංදු සෝවක් ඔහේ සුළඟට මුසු වුණා.
ප්‍රින්ස් ගැන මම ගොඩක් දේවල් දන්නවා. ඒ ඌ මම දැන් ජීවත්වෙන ගෙවල් හතාටකට එහා ජීවත් වුණ නිසා. ඒ රස කතා අතරේ කිමිදෙන ගමන් සයුරු කොනක හිඳ බලා සිටින්නෙමි ඔබ එනතුරු මා පවන් සලා.. අහගෙන ඉන්නකොට අල්ලපු මේසේ ගල් සීයේ හාදයා තවත් දෙසීයක් වීදුරුවට හලාගන්න ගමන් මෙහෙම ඇහුවා.
මහත්තයා හින්දි දෙමළ සිංදුවලට ආසද?
විනාශේ පටන් ගත්ත තැන එතන. මම ඔහේ හිනාවක් පාකලා. අපි බීලා වෙරි වෙන්න අතරමඟ මිනිස්සු. මම එහෙම උපේක්ෂාවක් දල්වාගෙන මගේ අලුත් මිත්‍රයාගේ කෝච්චියට බෙල්ලම තිබ්බා.
කාදල් රොජරේ.. මිනිහා කැසියර් එක ඇත්තට බෙල්ල කරකෝ කරකෝ කීවා. හොරෙන් බල බල කීවා. එතකොට තුනේ කනිසම වදින්න පැය බාගයක් ඇති. බාරුවේ වැඩකොරන්නෝ වැඩ නතර කරන්න හීන බලන වෙලාවේ. ඒ අස්සේ මේකා සිංදුවක් පටන් අරං. ඊළඟ සිංදුව මම ආසම ඒක් පූල් දෝමාලි ෆිල්ම් එකේ. එක මලට බඹරු දෙන්නයි. කතාව ඒකයි.
මගේ පළවෙනි චිත්‍රපටි බැලිල්ල. රත්නපුරේ ජෝති හෝල් එකේ තමයි බැලුවේ. ඒ ඉතිහාසයම මහරගමට ඇවිත් මාත් එක්ක ගලක් ගහන්න සෙට් උනා. ඒක වෙනම ආතල් එකක්. දැන් ඉතිං නොනවතින භාරත ගීත මේලා වගේ තමයි. හරිහරන්, ආශාබෝස්ලේ ලතා මංගෙෂ්කාර්, කිශෝර් කුමාර්, එස්පී, මුකේෂ්, වගේ අයගේ සිංදු කෑලී මිමිනිලි ඇහෙන්න ගත්තා...
මහත්තයා කොහේද? මම රත්නපුරේ
ආ මැණික් පුරේ...
මම මාතලේ.. මම ට්‍රින්ටි කොලේජ් එකට ගියේ. 1985 තමයි ඉස්කූල් අවුට් වෙලා කොළඹ ආවේ. බොම්බේ කොම්පැනියක වැඩකරන්න තමයි ආවේ. දැන් ඉතිං ජීව්තේ මහරගම තමයි ගෙවෙන්නේ..
නම මොකද්ද? මට නිකමට අහන්න හිතුනා.
මම නිත්‍ය අනානන්දන්.. හැමදාම ආනන්දයෙන් තමයි මම ඉන්නේ. මේ බාර් එකේ ඔය පරණ අයගෙන් අහන්න මම එදා ඉදල මෙතනට තමයි බොන්න එන්නේ.. ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ.. සුටුස් ගාන්න පුලුවන්. මගේ ජීවිතේ හැමවෙලාවෙම ගෙවෙන්නේ ආනන්දයෙන්..
මිනිහා ආයෙත් සිංදු කියන්න පටන් ගත්තා. ඒ කටහඬ.. ආයේ ඉතිං කතාකරන්න දෙයක් නෑ..දවසේ තිබුණ සියලු ප්‍රශ්න අකාමකා දැම්මා...!!!
කැම්පස් කැන්ටිමේ වඩේ කාලා තේ බොන එක මතක් වුණා
ReplyDelete