කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෲර දඬුවම් ක්‍රමයකි. මෙම ක්‍රමය ලොව පුරා වඩාත් ප්‍රචලිත වූයේ ජේසුස්වහන්සේවත් මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙනි.
1 Darius ( ක්‍රි.පූ. 522 - ක්‍රි.පූ. 486 ) රජුගේ කාලයේදී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 - ක්‍රි.පූ. 521 අතර කාලයේදී ය. Darius රජු මෙම නගරය නැවත අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කලේ ය. ඒ අනුව පර්සියන් වරු එම නගරයට පහර දුන්නේ ය. නගරයේ අයවලුන් නගරයේ දොරටු මාස 19ක් පුරාවට රැකගෙන සිටියත් පර්සියන්වරු අවසානයේ නගරයේ දොරටු හා බිත්ති බිඳ දැමුවේ ය. හෙරඩෝටස්ගේ ( ඉතිහාසයේ පියා ලෙස හැදින්වේ) වාර්තා අනුව Darius රජු මෙම නගරයේ ඉහල තනතුරු වල සිටි 3000 පමණ පිරිසක් කුරුසිපත් කරන ලදි. මන්ද මෙවැනි කැරලි කෝලහාල වලට දඩුවම එය බව දැන්වීමටය.
ක්‍රි.පූ. 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් Tyre ආක්‍රමණය කලේ ය. ඒ වන විට පර්සියන්වරු මෙම නගරය නාවික කටයුතු සඳහා මූලස්ථානයක් ලෙස යොදාගත්තේ ය. ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවට ජනවාරි සිට ජූලි දක්වා කාලයක් මෙම නගරය අල්ලා ගැනීමට ගියේ ය. පර්සියන්වරු මෙම නගරය අල්ලා ගත් පසු 6000 පමණ මිනිසුන් එදින ඝාතනය කල බව සදහන් වේ. මෙයින් 2000 පමණ මිනිසුන් මුහුදු වෙරලේ කුරුසිපත් කල බව සදහන්.
පුරාණ රෝමයේ දඬුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීම යනු ප්‍රධාන දඬුවම් ක්‍රමය නොවේ. විශේෂ අවස්ථාවලදී පමණක් මෙම ක්‍රමය භාවිතා විය. සොරකම් කිරීම් හා කැරලි ගැසීම් වලදී වහලුන්ව කුරුසිපත් කරන ලදි. රෝමානු පුරවැසියෙක්ව කුරුසිපත් කලේ ඉතාමත් බරපතල චෝදනාවක් ඔහු වෙත එල්ල වුවහොත් පමණි. එනමුත් පසු කාලීනව මෙය වෙනස් වී කුඩා වරදක් කල අයවලුන්වත් කුරුසිපත් කරන ලදි.
ස්පාර්ටකස් නම් රෝමානු වහලෙක් Capua හි පිහිටි ග්ලැඩියේටර් පුහුණු කඳවුරකින් තවත් වහලුන් 78 දෙනෙක් සමඟ පැන ගියේ ය. මොහු පැනගොස් තවත් වහලුන් එකතුකරගෙන විශාල හමුදාවක් සාදාගෙන රෝමානු රජයට විරුද්ධව කැරලි ගැසුවේ ය. කෙසේවෙතත් අවසානයේ රෝමානු ජෙනරාල්වරයෙක් වූ Crassus විසින් මෙම කැරැල්ල මර්ධනය කලේ ය. ස්පාර්ටකස්ව ඝාතනය කලේ ය. එමෙන්ම රෝමානු ඉතිහාසයේ විශාලතම කුරුසිපත් කිරීමේ සංහාරය සිදුවිය. රෝමයේ සිට Capua දක්වා මාර්ගයේ එක දිගට මිනිසුන් 6000 කට අධික ප්‍රමාණයක් කුරුසිපත් කරන ලදි.
කුරුසිපත් කිරීම ජුදෙව් ජාතීන් දඩුවම් දුන් ක්‍රමයක් බව බයිබලයේ සදහන් නොවේ. එනමුත් ජුදෙව් වාචික සම්ප්‍රදායට (මිෂ්නා) අනුව එල්ලා මැරීම් සිදු කර ඇත. ක්‍රි.පූ. 126 - 76 දක්වා කාලයේ සිටි Alexander Jannaeus විසින් ජුදෙව් දේශපාලනික සතුරන් 800 පමණ කුරුසිපත් කල බව සදහන් වේ.
කුරුසිපත් කිරීමේදී අතට ඇණ ගසා ඇත. බයිබලයේ සදහන් වන ආකාරයට ජේසුස්වහන්සේගේ අල්ලට මෙම ඇණ ගසන ලදි. එනමුත් අල්ලට ඇණ ගැසුවානම් ශරීරයේ බර එයට දරා සිටිය නොහැකියි. එමනිසා ඇණ ගැසුවේ අතෙහි වළලුකරට බව පොදු පිලිගැනීමයි. ඒත් සමඟ අත ලණු වලින් ගැට ගසා ඇත. බයිබලයේ උක්ත සදහන් කල කරුණ පරිවර්තන දෝෂයක් බව බයිබල් විශාරදයන්ගේ මතයයි. එමෙන්ම අලුත් ගිවිසුමේ ශුභාරංචි පොත් අතරින් මුලින්ම ලියැවුනු කෘතිය වූයේ මාක් තුමාගේ ශුභාරංචියයි. මෙය ලියැවුනේ ක්‍රි.ව. 60 - 70 අතර කාලයේදී ය. මේ වන විට ජේසුස්වහන්සේ මියගොස් වසර 30 ක් පමණ වේ. එමනිසා නිසැකවම ඇණ ගැසුවේ අල්ලටද යන වග ඔවුන්ට පැවසීමට නොහැකි වීම සාමාන්‍ය කාරණාවකි. ජේසුස්වහන්සේ කුරුසිපත් කරන විට උන්වහන්සේගේ ගෝලයෝ එකා මෙන් නොව බියෙන් විසිරී සිටියේ ය. එනමුත් පසුකාලීනව මොවුන් එක්වී ධර්මය ප්‍රචාරය කරන ලදි. එමනිසා ජේසුස්වහන්සේගේ අල්ලටම ඇණ ගැසූ බව පැවසිය නොහැක. මෙම ඇණයක් 11.5 cm පමණ විය.
කුරුසිපත් කිරීමට එකල සම්මත ක්‍රමයක් නොවීය. කුරුසිපත් වන පුද්ගලයා විසින් කුරුසිය තමන් කුරුසිපත් කරන ස්ථානය වෙත රැගෙන යා යුතු විය. එනමුත් සමහර ඉතිහාසඥයන් පවසන පරිදි සම්පූර්ණ කුරුසියම උසුලාගෙන යා යුතු නොවීය.
කුරුසිපත් කිරීම සඳහා බොහෝවිට යොදාගත්තේ දැවවලින් තමන ලද කුරුසියකි. මෙහිදී ලණු වලින් අත් හා පය ගැටගසා අතට ඇණ ගැසුවේ ය. විටෙක කකුල්වලටත් ඇණ ගැසුවේ ය. මරණය වේගවත් කිරීමට සමහර අවස්ථාවලදී මොවුන් එල්ලන පුද්ගලයාගේ කකුල් කඩන ලදි. මෙම ක්‍රමයේදී ක්ෂ්ණික මරණයක් අත් නොවේ. ක්‍රම ක්‍රමයෙන් විදවමින් මැරෙයි. පුද්ගලයා කුරුසිය මත සිටිනා විට මියගියේද නැද්ද යන්න දැන ගැනීමට සිරුරට ඇන බලයි. ජේසුස්වහන්සේ ද මියගියේද නැද්ද යන වග දැන ගැනීනට රෝමානු සොල්දාදුවෝ හෙල්ලයෙන් බඩට ඇන බැලූ බව දැක්වේ. කුරුසිපත් කිරීමේදී කකුලට ඇන ගසන ලද්දේ කකුල දෙපැත්තට සිටින ලෙසටයි.
මෙම දඬුවම් ක්‍රමයේදී විටෙක තනි කනුවක් පමණක් යොදාගෙන ඇත. තවත් විටෙක X හෝ Y හැඩය ආකාරයටද T ආකාරයටද කනු සකස් කර ඇත. ටයිටස් විසින් ජෙරුසලම යටත් කරගත් පසු ඔහු කැරලි ගැසූ පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත. ඔහුගේ වාර්තා වල සදහන් වන ආකාරයට කුරුසි විවිධ හැඩයන්ගෙන් යුක්ත වූ අතර විටෙක මිනිසුන්ව මුනින් අතට තබා කුරුසිපත් කර ඇත. බයිබලයේ නව ගිවිසුමෙහි ජේසුස්වහන්සේව කුරුසිපත් කල කුරුසියේ හැඩය ගැන නිශ්චිතව සඳහන් නොවේ. එනමුත් ක්‍රි.ව. 100 පමණ වන විට ලියැවුනි ලියවිලි වල මෙහි හැඩය T (ග්‍රීක් අකුර Tau) බව සදහන් කර ඇත.
හඳවතේ ක්‍රියාකාරීත්වය නතර වීම, අධික රුධිර වහනය නිසා ඇතිවන කම්පන, හෘද ස්පන්දනයේ රිද්මයනොමැති වීම, පෙනහළු වල රුධිර නාල අවහිර වීම හා ආම්ලිකතාව නිසා පුද්ගලයෙක් මියයයි. මියයාම වේගවත් කිරීමට බොහෝ විට කකුල් කඩයි.
ජුදෙව් ඉතිහාසඥයෙක් වූ ජෙසෙෆස් හා අනෙකුත් මූලාශ්‍ර වල රෝමානුවන් සිදු කල දහස් ගනන් කුරුසිපත් කිරීම් ගැන සදහන් කරයි. එනමුත් පුරාවිද්‍යාත්මකව ඒ පිලිබඳ සොයාගැනීම් ඇත්තේ අල්ප වශයෙනි. එනමුත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.මන්ද එකල පුද්ගලයෙක්ව කුරුසිපත් කල විට ඔහුගේ ශරීරය දිරන තෙක් කුරුසිය මත තබයි. විශේෂ අවසරයකින් පමණක් එල්ලන ලද පුද්ගලයාගේ පවුලට සිරුර රැගෙන ආගමික වතාවත් සිදුකොට භූමිදාන කිරීමට ඉඩ ලබා දෙන ලදි.
ජපානයට කුරුසිපත්කිරීම් හදුන්වා දී තිබෙන්නේ සෙන්ගොකු අවධියේදී ය. එනම් ක්‍රි.ව. 1467 - 1573 අතර කාලයේදී ය. මීට සමාන හරිත්සුකේ නම් නම් ක්‍රමයක් කමකුරා අවධියේදී ජපානයේ භාවිතා වී ඇත. 1597 දී ජපානයේ නාගසාකි වලදී ක්‍රිස්තියානි පුද්ගලයන් 26 දෙනෙක් කුරුසිපත් කර ඇත. ඒ අතර සාන්තුවරයන් කිහිපදෙනෙක් සිට ඇත.
පලමු ලෝක යුද්ධ අවධියේදී ජර්මානු සෙබලින් විසින් කැනේඩියානු පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත.
සෞදි අරාබියේදී කුරුසිපත් කිරීම නීත්‍යානුකූලය. එසේ කුරුසිපත් කල අවස්ථා ගනනාවක් ඇත. එනමුත් අතීතයේ භාවිතා කල ක්‍රමයටම කුරුසිපත් කරන්නේ නැත. කුරුසිපත් කර දින තුනක් යනතෙක් ජීවත් වුවහොත් ඔහුට ජීවිත දානය ලැබේ.
රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ කාලයේදී ( ක්‍රි.ව. 272 - 337 ) ක්‍රිස්තියානු ආගම නීත්‍යානුකූල ආගමක් බවට පත්විය. මේත් සමඟම කුරුසිපත් කිරීමද තහනම් කෙරුණි
මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය, liatverse වෙබ් අඩවිය, ශුභාරංචි හතර පිලිබඳ අධ්‍යනයක් ( ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශනයක් )
වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතාට බොහොමත්ම ස්තූතියි .
මිතිල. දුකක් දැනෙන ලිපියක්. කුරුසිපත් කරන ආකාර කීපයක් තිබෙන බව දැනන් හිටියේ නෑ. වටිනා ලිපියට ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!
කුරුසිපත් කරන විධි කාලෙන් කාලෙට වෙනස් උනා... ඔබටත් ජය...
Deleteවටිනා ලිපියක්... ජය වේවා!!!
ReplyDeleteස්තූතියි රොහාන් සහෝ... ඔබටත් ජය...
Deleteඔය විස්තර බයිබලේ නෑ. බොහෝම වටිනවා. ස්තූතියි මිතිල......
ReplyDeleteස්තූතියි අසංග අයියේ...
Deleteබොහොම දරුණුයි වැඩේ නේද.
ReplyDelete//පලමු ලෝක යුද්ධ අවධියේදී ජර්මානු සෙබලින් විසින් කැනේඩියානු පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත// මේකට කිසිම සාක්ෂියක් නැහැ නේද propaganda පෝස්ටරයක් නේද ඕක.
Pracharaka postarayak thama... sakshi thiyenawa mn hithana widihata.. hoyala balannam...
Deleteසෞදි අරාබිය කියන්නෙ ජරාම රටක් බන්...නොදකින්.....
ReplyDeleteSirawata bn...
Deleteඔන්න මමත් මෙහෙ ආවා
ReplyDeleteස්තූතියි සොඳුරු...
Deleteවාසිතය අගේ ඇති ලිපි සම්පාදනය වෙන blog එකක්. නෙළුම්‍යාය සම්මාන නිර්දේශ දැකලයි ආවේ. ඔන්න follow කරල එල්ල ගත්තා.
ReplyDeleteබොහොම ස්තූතියි නොකී කතා...
Delete