Thursday, February 16, 2017

නොදන්නා වීරයෙක් - ලුවිස් ස්පයිරොස්

1896 දී නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වන විට එයට ජනප්‍රියත්වයක් හා පුරාණ ග්‍රීසියේ අභිමානය පෙන්නුම් කිරීමටත් එහි සංවිධායකයන්ට අවශ්‍ය විය. මැරතන් තරඟ අංග නූතන ඔලිම්පික් උළෙලට එකතු කලේ Michel Breal විසින් Pheidippides පුරාවෘතය ඇසුරු කරගෙනය. 
ලුවිස් ස්පයිරොස්


මෙම ඇතීනියානු සොල්දාදුවා පර්සියානුවන්ගේ ආක්‍රමණයක් වූ මැරතන්හි සටනට ස්පාර්ටන්වරුන්ගෙන් උදව් ඉල්ලා ගැනීමට දින දෙකක් දිව්වේ ය. දින කිහිපයකට පසු මොහු සටනේ ජයග්‍රහනය සැල කිරීමට මොහු මැරතන් සිට ඇතැන්ස් වලට දිව්වේය.

1896 දී ප්‍රථම ඔලිම්පික් මැරතන් තරඟය මැරතන් සිට ඇතැන්ස් දක්වා 40Km ක් දිවීමට සිදු විය. මෙම මාර්ගය ඉතා දුෂ්කර එකක් විය. මෙම තරඟයේ ප්‍රථමයෙන්ම ඉදිරියෙන් ගියේ ප්‍රංශ ජාතිකයෙකු වූ Albin Lermusiaux ය. මොහු කලින් පැවති 1500m තරඟයේ තෙවෙනියා විය.
Albin Lermusiaux 


මෙම ලිපියේ ප්‍රධාන චරිතය වන ලුවිස් ස්පයිරොස් ග්‍රීක ජාතිකයෙකි. මොහු ඉපදී ඇත්තේ Marousi නම් ඇතැන්ස් වලට උතුරින් පිහිටි නගරයක ය. මොහු තරඟය අතරතුර Pikermi නම් නගරයේ වයින් බීමට කුඩා වේලාවක් ගත කලේ ය.

32Km ට පසු Lermusiaux විසින් තරඟය අතහැර දැම්මේ ය. මන්ද ඒ වන විටත් ඔහු බොහෝ වෙහෙසට පත්ව සිටි බැවිනි. ඉන්පසු තරඟයේ පෙරමුණ ලබා ගත්තේ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන Edwin Flack විසිනි. මොහු 800m හා 1500m තරඟවල ජයග්‍රාහකයා ය. ලුවිස් ක්‍රමක්‍රමයෙන් එඩ්වින්ට කිට්ටු කලේ ය. ඔස්ට්‍රේලියානු ජාතිකයා දුගු දුර දිවීමට එතරම් දක්ෂතාවක් දැක්වූයේ නැත. එමනිසා කිලෝමීටර් කිහිපයකට පසු ඔහු ඇඳගෙන වැටුනේ ලුවිස් හට පෙරමුණ ලබා දීමෙනි.
Edwin Flack

මේ වන විට ක්‍රීඩාංගනය වෙත සයිකල්කරුවෙක් අතෙහි ලියමනක් යවා තිබුනේ ඔස්ට්‍රේලියානු ජාතිකයා තරඟයේ ඉදිරියෙන්ම සිටින බවයි. ලුවිස් තරඟයේ පෙරමුණට ආ විගස ක්‍රීඩාංගනය වෙත පණිවිඩයක් යැව්වේ ය.

ලුවිස් දහස් ගණනකගේ ප්‍රීති ඝෝෂා මැද ක්‍රීඩාංගනයට පැමිණියේ ය. එවිට ග්‍රීක කුමාරවරු දෙදෙනෙක් වන කොන්ස්ටන්ටයින් කුමාරයා හා ජෝර්ජ් කුමාරයා ලුවිස්ව බැහැ දැකීමට දිවගෙන ආවේ ය. අවසානයේ ලුවිස් තරඟය අවසන් කලේ 2:58:50 තුලය.


තරඟයෙන් පසු ලුවිස්ට ත්‍යාග බොහොමයක් හිමි විය. ඒ අතර රන් ආභරණ සහ ජීවිත කාලය පුරාවට නොමිලයේ රැවුල බෑමට අවස්ථාවක්ද බාබර් සාප්පුවකින් හිමි විය. මෙම තරඟයෙන් පසු ලුවිස් තම මව් නගරය වෙත ගියේ ය. ඔහු නැවත තරඟ කලේ නැත. ඔහු ගොවියෙක් ලෙසත්, පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසත් පසුව සේවය කරන ලදි.

ලුවිස් පැලඳගෙන සිටින ඇදුමේ නම fustanella ය. ඔටෝමන් අවධියේදී මෙම වස්ත්‍රය ග්‍රීකයන්ට හඳුන්වා දුන්නේ ඇල්බීනියානුවන් ය. පසු කාලීනව මෙය ග්‍රීක ජාතික ඇදුමක් විය.

17 comments:

  1. අගේ මෙවැනි ලිපි ලියලා දැණුම දෙන බොහෝ
    මගේ තුතිය මේ ලෙස පුද කරනවා සහෝ.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. වයිනුත් බීලා..? සූර පප්පගෙ අරිශ්ඨෙද දන්නෑ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මැරතන් වලදී පොඩ්ඩක් රෙස්ට් කර කර තමා දුවන්නේ...

      Delete
  3. වෙනද වගේමයි... අපූරු සටහන...

    ReplyDelete
  4. ආයේ අපිට ලියන්න දෙයක් නෑ ලිපිය සුපිරියි මිතිල

    ReplyDelete
  5. මෙවැනි ලිපි වලට ස්තූතියි මිතිල

    ReplyDelete
  6. නියමයි මිතිල,, මට නම් ගමහරහවත් දුවාගන්න බෑ😂😂😂

    ReplyDelete
    Replies
    1. මමත් ගමහරහා දුවලා නෑ... හැබැයි දුවන අයට වතුර ගහලනන් තියෙනවා... හැබැයි ඒකත් නතරකරා පොඩි සිද්ධියකින් පස්සේ... ඉස්සරහින් ගිය එකෙක්ට වතුර ගැහුවා... ඒ මනුස්සයා රිටක් වගේ... හෙන කෙට්ටුයි... වතුර ගැහුවා විතරයි මුන්දා ගස් බිම පතබෑවෙනවා වගේ බිමට වැටුනා... පිටිපස්සේ හිටපු එක්කෙනා මූව ඉස්සර කරා... වැටිච්ච එකා මටත් බැන බැන දුව්වා...

      Delete
    2. මාර සීන් එකක්නේ. පව් අප්පා අර මනුස්සයා..

      Delete
  7. හොඳ ඉතිහාස්ස කතාවක්.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...