Hisashi Ouchi යනු ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක සේවය කල කාර්මිකයෙකි. මෙහි ඇතිවූ අනතුරකින් ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අධික විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. Hisashi අනතුර සිදුවූ ස්ථානයට ඉතාමත් ළඟින්ම සිටි නිසා වැඩිමනක් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූයේ මොහුයි. මෙතෙක් වැඩිම විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ පුද්ගලයා වන්නේද මොහුයි.
මෙම අනතුර සිදුවූයේ 1999 සැප්තැම්බර් 30 වනදා Tokaimuraහිදී හිසාෂි සහ තවත් දෙදෙනෙකු ටැංකියකට Uranyl Nitrate සංයෝග අඩංගු හත්වන බකට් එක දැමූ අවස්ථාවේදී ය. මෙය දැමූ විගස ටැංකිය තීරණාත්මක අදියරට පැමිණ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ වී ගැමා සහ න්‍යුටෝන් විකිරණ පිටවී ගියේය.
Ouchi ටැංකියට ලගින්ම සිටි අතර Shinohara සිටියේ වේදිකාවමත සිටගෙන ය. අනෙක් පුද්ගලයා වූ Yokokawa සිටියේ ඊට මීටර් හතරක් පමණ ඈතින් පිහිටි මේසයක් මත ඉදගෙනය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමට පෙර සිදුවූ විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර වූයේ මෙයයි. කාර්මිකයන්ගේ පුහුණුව මදකම හා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රමවත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොවීමත් මෙයට හේතු වූ බව කියයි.
ටැංකියේ යුරේනියම් සීමාව වූයේ 2.4Kg ය. Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ යුරේනියම් 16Kg අඩංගු විය.
Ouchiට 17 Sieverts (Sv) විකිරණ ප්‍රමාණයක්ද Shinohara 10sv ද Yokokawa 3sv ද විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. සාමාන්‍යෙයෙන් න්‍යෂ්ටික බලාගාරයේ සේවකයෙක් වසරකට නිරාවරණය වන විකිරණ ප්‍රමාණය වන්නේ 50 mili sieverts ය. 8 sieverts යනු මාරාන්තික මාත්‍රාවකි.
ඉතාමත් කෙටි කලකදී මෙතරම් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ එකම පුද්ගලයා වන්නේ Ouchi ය. මෙය නිසා මොහුගේ මුළු සිරුරම
පාහේ විනාශ විය. DNA , ප්‍රථිශක්තිකරණ පද්ධතියම විනාශ විය. මෙම අනතුර නිසාවෙන් මොහුගේ සිරුරේ ක්‍රෝමසෝම් විනාශ වූ අතර සිරුරේ තිබූ සුදු රුධිරාණු ප්‍රමාණය 0 කි. මුලු සිරුරම දැවී තිබූ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඉතාමත් බරපතල හානි සිදුවී තිබුණි.
තත්වය බරපතල වීමත් සමඟ මොහුව ටෝකියෝ විශ්වවිද්‍යාල රෝහල වෙත රැගෙන යන ලදි. මෙහිදී ලොව ප්‍රථම වරට ප්‍රාථමික සෛල පාරවිලයනය මොහුට සිදු කරන ලදි. රුධිරය හා ජපානයේ දැනටත් නැති ඖෂධ මොහුට ලබා දෙන ලදි. මොහුට විවිධ සම් බද්ධ කිරීම් කලද සිරුරේ සිදුරු තුලින් ද්‍රව ගලා යාම නතර කල නොහැකි විය.
සතියක් මෙලෙස ප්‍රථිකාර ලැබූ පසු Ouchi පැවසුවේ " මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " ලෙසයි. කෙසේවෙතත් දොස්තරවරු තම උපරිමය රෝගියා වෙත යෙදූ අතර එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින් ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.
නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත මිනිත්තු හැත්තෑවක් නතර වී තිබීය. එනමුත් වෛද්‍යවරුන් රුධිරය, විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය. අවසානයේ දෙසැම්බර් 21 වන දින නැවතත් මොහුගේ හදවත නැවතුණි. එනමුත් පවුලේ උදවියගේ ඉල්ලීම මත වෛද්‍යවරු Ouchi ට නැවත පණ ලබා දුන්නේ නැත. පවුලේ උදවිය පැවසුවේ ඔහුට තවත් වේදනාවක් නොදී සාමකාමී මරණයක් ලබා දිය යුතු බවයි. ඒ අනුව 1999 සැප්තැම්බර් 30 වන දින අනතුරට පත් වූ Ouchi 1999 දෙසැම්බර් 21 වන දින එනම් පුරා දින 83ක් වෙහෙසී ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර ගත්තේය.
සංවේදී ලිපියක් මල්ලී. නිතරම මෙවන් හොඳ මෙන්ම වටිනා ලිපි ලියනවාට ස්තූතියි. නතර නොවී නිතර ලියන්න.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි සහෝ... වෙලාවක් ලැබුන හැටියේ මොනාම හරි ලියන්න තමා උත්සහ කරන්නේ...
Deleteඔබටත් ජය...
කියෙව්වා...
ReplyDeleteස්තූතියි ...
Deleteඅයියෝ මොන දුකක්ද මේ මනුස්සයා විදින්න ඇත්තේ. එදාම මැරුනානම් කොච්චර සැනසිල්ලක්ද
ReplyDeleteඔව් විඳව විඳව ඉන්නවට වඩා මැරෙන එක සැපක්...
Deleteඅයියෝ මොන දුකක්ද විදල තියෙන්නේ...
ReplyDeleteමෙහි පෝස්ටු කියවන්නේ ගොඩක් ආසාවෙන්...
තව තවත් ලියන්න..
වෛද්‍යවරුන්ගේ දක්ෂකම නිසා විඳවලා මැරිලා තියෙන්නේ...
Deleteහොඳ ලිපියක්. දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි ... වෙලාවල් ලැබුන විගස ලියන්නම්...
Deleteසම්පුර්ණයෙන් හම විනාශ වෙච්ච මනුස්සයෙක්ව ජීවත් කරවන්න උත්සාහ කර කර දින 83 ක් තියාගෙන දුක් දෙන්නැතුව ඔහුට ඉක්මන් මරණයක් ලැබෙන්න සැලසුවානම් වඩා සුදුසු බවයි මගේ අදහස...
ReplyDeleteහම විතරක්නන් කමක් නෑ... අභ්‍යන්තර ඉන්ද්‍රියන් හැම එකකටම වගේ බරපතල හානි වෙලා තිබිලා තියෙන්නේ... අනික මෙයා මැරෙන්න ඕනෙ කියලත් කියලා තියෙනවා...මගේ අදහසත් මෙයාට ඉක්මන් මරණයක් අත්වූවානම් හොදයි කියලා...
Deleteඔහු මේ තරම් වේදනාවකට පත් නොකර මරණය ලබා දෙන්න නොහැකි වුනේ නීතිමය කරුණු නිසාද ?
ReplyDeleteවෛද්‍යවරු හැම තිස්සෙම උත්සහ කරන්නේ රෝගියාව ජීවත් කරවන්න අන්තිම මොහොත දක්වා... මේ කාලෙ වෙද්දි ජපානයේ නොතිබුණු බෙහෙත් පවා ගෙන්නලා තියෙනවා... රෝගියාගේ කැමැත්ත නැතිව මරණය ලබා දුන්නනන් ඒක වැරදියි... හැබැයි මේකෙදි ouchi කැමැත්තත් දුන්නා...
Deleteහෆොයි ඇයි බන් මෙච්චර වේදනාවක් දි දි මේ මනුස්සය තියාගත්තේ
ReplyDeleteවෛද්‍යවරු අන්තිම මොහොත වෙනකන් උත්සහ කරා... ඒත් ඒකෙන් Ouchiට නරකක් මිසක් හොදක් උන්නෑ...
Deleteමොනවා කියන්නද මන්දා....මම අවුචිගේ වේදනාව ගැන සිතා බැලුවා. මේක මහා අපරාධයක්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම ...
Deleteමම ඔතන හිටියනම් වෙඩිතියල දානව
ReplyDeleteසිරාවට බං... මොන පවකට මෙච්චර දුකක් වින්දද මන්දා...
Deleteයුතනේෂියා විවාදය ගැනත් ලියන්න.
ReplyDeleteලියන්නම්...
Deleteමිශෙල් ෆුකෝ ගේ Birth OF THE Clinic කියන පොත කියවන්න
ReplyDeleteඔිනම වෛද්‍යවරයකුට රෝගියෙක් කියන්නේ පරික්ශන නියැදියක් ඒ් කියන්නෙ වෛද්‍යවරයෙක් ලෙඩෙක් බලන්නේ ස්ටඩි මැටිරියල් ඒකක් වීදියට මිසක්
ජීවියක් හදවතක් ඇති දෙයක් විදියට නෙවේ
ඒ්කෙන් තමා වෛධ්‍ය ක්‍රමය වර්ධනය වෙන්නේ
ඒිකේදි හැම වෙලාවෙම රෝගියාගේ ජීවිතය බෙිරාගැනීම කියන ඒක තියෙන්නෙ දෙවැනි තැන