ඇමරිකාවේ යෙලෝස්ටෝන්
වනෝද්‍යානය 1995 වසරේ දී ඉදිරි අනාගතයේ දී වනෝද්‍යානයේ පරිසර පද්ධතිය වෙනස් කිරීමට
සමත් තීරණයක් අරගත්තා. 1995 ට පෙර වසර 70ක් පුරාවට යෙලෝස්ටෝන් වනෝද්‍යානය තුල වෘකයෝ
හිටියේ නැහැ. මේ නිසා එම වසරේ දී වනෝද්‍යානයට වෘකයින් කිහිප දෙනෙක් මුදාහරින්න අදාළ
බලධාරීන් පියවර ගන්නවා. වනෝද්‍යානයක ආහාර දාමයක වෘකයා ඉන්නේ ඉහළින්. මේ නිසා ආහාර දාමයේ
ඉහළින් සිටින සතෙක් අලුතෙන්ම හදුන්වා දුන් නිසා වනෝද්‍යානයේ සතුන් පමණක් නොවේ ශාක ද
වසර හයක් වැනි සුළු කාලයක් ඇතුලත පැහැදිලි වෙනසක් පෙන්නුම් කරා.
මේ වෘකයෝ වනෝද්‍යානය
තුල හිටපු මුවන් දඩයම් කරන්න පටන් ගත්තා. මේ දඩයම නිසා මුවන්ගේ ගහනය අඩු වුනා විතරක්
නෙමේ මුවන්ගේ හැසිරීමත් වෙනස් වුනා. කලින් වගේ නිතර එක තැන තණකොළ කමින් හිටියේ නැහැ.
වෘකයන්ගේ තර්ජනය නිසා මුවෝ නිතර ඉන්න තැන වෙනස් කරන්න ගත්තා. මේ නිසා පස බුරුල් වීමෙන්
පස වාතනය වුනා. මේ විදිහට පස වාතනය වුනු නිසා විශාල වශයෙන් වනෝද්‍යානය තුල ශාක බිහිවෙන්න
පටන්ගත්තා. විශ්ලේෂකයන් කියන්නේ වෘකයෝ එන්න කලින් වනෝද්‍යානයේ තිබුනු ශාක ප්‍රමාණය වෘකයෝ ආවට පස්සේ වසර හයක් ඇතුලත පස් ගුණයකින් වැඩි වුනා කියලා. ඒක සෑහෙන ලොකු වෙනසක්.
පරිසරය වෙනස්
වීම එතැනින් නතර වුනේ නැහැ. මේ විශාල ගස් කුරුල්ලන්ට නිවහනක් වුනා වගේම වලස්සුන්ට ආහාර
නිශ්පාදනාගාරයක් බවටත් පත් වුනා. ගස් හා ආහාර සුලභ වීම බීවරයන්ගේ ගහනය වැඩි කිරීම සමත්
වුනා. බීවරයෝ ඇළ දොල කුඩා ජල අතු පහරවල් හරස් කර වේලි බැඳීමට උපන් හපන් සත්ව කොට්ඨාසයක්.
මේ ස්වභාවික වේලි උභය ජීවීන්ට, උරගයින්ට, තාරාවන්ට, මාලුන්ට හා දියබල්ලන්ට මනා වාසස්ථානයක්
වුනා. මේ නිසා ඒ සත්වයින්ගෙත් ගහනය වැඩි වුනා.
වෘකයෝ, කයෝටින්වත්
ආහාරයට ගත්තා. මේ නිසා වනෝද්‍යානයේ සිටි හාවුන් සහ මීයන් වැඩි වීමට පටන් ගත්තා. උකුස්සන්ට,
නරින්ට සහ උරගයන්ට හිමි ආහාර ප්‍රමාණය මේ නිසා වනෝද්‍යානය තුල සුලභ වුනා. මේ කුඩා සතුන්
හා විශාල සතුන් දඩයම් කිරීමෙන් හා ස්වභාවික හේතූන් නිසා මියයාමෙන් පසු එම ආහාර රාජාලීන්
හා රේවන් පක්ෂීන් විසින් ආහාරයට ගත්තා. මෙහි දී රාජාලීන් ගැන විශේෂයෙන් සදහන් කල යුතුයි.
යම්කිසි පරිසර පද්ධතියක් තුල රාජාලීන් විශාල වැඩ කොටසක් සිදු කරනවා. රාජාලීන්ගේ ආමාශය
අධික ආම්ලිකතාවයකින් යුක්තයි. සතෙක් මියගියාට පස්සේ එක තැන තිබෙන නිසා සත්ව දේහය කුණු
වෙලා අවට පරිසරයට විෂබීජ ඒ මගින් පැතිරෙන්න පුලුවන්. ගඟක් ඇලක් දොලක් ගාව නම් මියගිය
සත්ව ශරීරය තිබුනේ ඒ මගින් ජලය දූෂණය වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමේ යම්කිසි ලෙඩ රෝගයක්
හැදිලා නම් සත්වයා මියගියේ ඒ සිරුර ආහාරයට ගන්නා සත්වයත් ලෙඩ වී අනික් සත්තුන්ට ඒ ලෙඩේ
බෝ කරන්න පුලුවන්. නමුත් මේ හැම ප්‍රශ්නයකටම රාජාලියා පිළිතුරක්. රාජාලියාගේ ඇඟේ අධික
ආම්ලිකතාවය නිසා මේ හැම දේකටම උගේ ශරීරය ඔරොත්තු දෙනවා. උන් ඒ ආහාර ලබාගන්න නිසා පරිසර
පද්ධතිය දූෂණය වෙන්නේවත් ලෙඩරෝග පැතිරෙන්නේවත් නැහැ.
ගංගා කිට්ටුව
ගෝනුන් නිතර රැඳුන නිසා ගංගා අවට ශාක වර්ධනය අඩාල වෙලා තිබුනේ පෙරදී. මේ නිසා පස සේදී
යාමෙන් ගංගාවල මාර්ගයත් බොහෝ සෙයින් වෙනස් වෙලා තිබුනේ. නමුත් දැන් වෘකයන්ගේ බලපෑම
නිසා ගෝනුන්ට එකතැන ඉන්න බැහැ. ගෝනුන් සංචරණයේ නිතර යෙදෙන්න ගත්තු නිසා ගංගා අවට ශාක
වර්ධනය වුනා. මේ නිසා ගංගා ඉවුරු යම්කිසි ස්ථාවරත්වයකට පැමිණියා. යෙලෝස්ටෝන් වනෝද්‍යානයට
පැමිණි මේ ආගන්තුක වෘකයෝ වසර හයක් වැනි කෙටි කලක් ඇතුලට වනෝද්‍යානයේ මේ සා විශාල වෙනසකට
මුල පිරුවේ ඒ විදිහට යි.
පොඩි වෙනසකින් ඇති කළ හැකි ලොකු වෙනසක්
ReplyDeleteහිතා ගන්නවත් බැහැ මට; මෙච්චර හරියක්
දෙන්නකො මිතිල හැකි නං අයිඩියා එකක්
නැතිද දූෂිතයො බිල්ලට ගන්න සතෙක්?
අපි වැඩකට නෑ කියල හිතන සත්තු පවා, මේ විශ්මිත ජීවන චක්‍රයේ කොටස් කාරයො. අපි හැමදේම දන්නවා කියල හිතන මානසිකත්වය, විනාසයකට මුල කියලයි මට හිතෙන්නෙ. වෘකයෝ වැටෙන්නෙ, පරිසර ඉන්ජිනේරු සත්ත්ව කොටසට.
ReplyDeleteHow Wolves Change Rivers- මැවිසුරු වෘකයෝ
++++++++++++
ReplyDeletehttps://www.mysticaquarium.org/2017/07/26/need-sharks-healthy-oceans-healthy-planet/