Monday, May 23, 2016
අපි වැඩිය අසා නැති ප්රස්ථා පිරුළු
(භාෂාව ජාතියක මූලික පදනමයි. භාෂා දාමයෙහි මුතුකැට වැනි මෙවැනි ප්රස්ඵා පිරැළු අද අපේ ජනවහරින් කෙමෙන් කෙමෙන් ගිලිහී යාම කනගාටුවට කරැණකි)
1. ඉස අතගා ඇහැ ඉලිප්පීම( මිතුරැකම පෙන්වා සතුරැ කම් කිරීම)
2.ඌරන්ට මොන අච්චාරැද?( අධමයන්ට උතුම් දෙයින් වැඩක් නැත)
3. උපන් ගෙයි සිරිත බලි ඇරියත් නොයාම( ජන්මයෙන් ලැබෙන දුර්ගුණය අත් නොහැරිය හැකි වීම)
4.ඇදිරි ගෙට කැවුම් දික් කිරීම( බොරැවට තෑගි බෝග ආදිය දීම)
5. ඉදිකටු තුඩේ තපස් රැකීම( කළ නොහැකි වැඩක් කරන්නට තැත් කිරීම)
6. අලකොල සිටුවීම( හිතේ එකක් ඇතිව අනෙකක් පෙන්වීම)
7.කපුරාල මස් නොකා හොදි පමනක් ගැනීම(බොරැ උපාසක කම් දැක්වීම)
8. කුළාට අනිතොත් මඩේදීය(බලවතා අල්ලා ගත යුත්තේ සුදුසු තැනක දීය)
9.පොල්කුඩු කාපු ඌරාට බත් දුටුවම ඔක්කාරෙ( නීච ක්රියා පුරැදු එකා යහපත් දේ අප්රිය කරයි)
10. රට ගියත් හිරමණය පොල්ගානවා( පුරැදු ගති ගුණ අත් නොහැරීම)
මේ ආකාරයේ බොහෝ විරල ප්රස්ඵාව පිරැඵ ඇත. ඔබත් දන්නවා නම් මීට සම්බන්ධ වන්න. ඉංගිරිසි දැනගැනීමට පෙර අපි අපේ බස හොදින් දැනගෙන සිටිය යුතුයි)
පොතපත ඇසුරිනි.
-ගංඟා කුමාරි පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්යා රජු : ප්රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්රි.ව. 2400 ට දි...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්රමය ...
No comments:
Post a Comment