Monday, May 23, 2016

ආතර් රජුගේ සොහොන



 ජනප්‍රවාදයේ තියෙන විදිහට මෝඩ්රඩ් ආතර් රජුට තුවාල කල පසු ඇව්ලොන් දූපතේ ග්ලැස්ටන්බරි තාපසාරාමය  කරා ආතර් රජු ගියේ ප්‍රථිකාර සදහාය. නයිට්වරුන්ගේ වට මේස සාකච්චාවේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ ආතර් රජුය. ආදී වේල්ස් හි උදවිය පවසා ඇත්තේ ආතර් රජුව මෙම ග්ලැස්ටන්බරි හි මිහිදන් කල බවයි.

 1911 දී ආතර් රජුගේ සොහොන යැයි සැක කර, මෙහි කැනීමක් සිදු කලේය. එහිදී  “His iacet Inclitus Arturius in insule Avelonie”  යනුවෙන්   කොටන ලද ඊයම් කුරුසියක් හමු වී තිබේ. ඉන් කියැවෙන දෙයෙහි අර්ථය නම් “ඇවුලොන්හි මිහිදන් කරන ලද ආතර් රජු මෙහි සැතපෙන්නේය.” යන්නයි.

මිනී පෙට්ටිය තුල සිරුරු දෙකක් තිබූ අතර එක් සිරුරක් කාන්තාවකගේ සිරුරක් විය. මෙම කාන්තා සිරුර ග්වෙනවියර්ගේ යැයි සැක කෙරේ. 1539 දී මෙම දේවස්ථානය විනාශ වී ඇත.

-මිතිල ප්‍රනාන්දු


No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...