Wednesday, May 4, 2016

විශිෂ්ට මිනිසෙක්

විශිෂ්ඨ මිනිසෙක් - මහාචාර්ය ස්ටීවන් හෝකින්
+ + + + +
1942 ජනවාරි 8 වැනි දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලද මහාචාර්ය ස්ටීවන් හෝකින් (Stephen Hawking ) සැලකෙන්නේ ඇල්බට් අයින්ස්ටයින්ට පසුව ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසයි.විශ්වය පිළිබද විවිද මත පළ කළ විද්‍යාඥයන් අතර විශිෂ්ටයකු සේ සැලකෙන මෙතුමා , ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඔස්සේ විශ්වයේ ‘කළු කුහර’ න්‍යාය ලොවට ඉදිරිපත් කල තාරකා භෞතික විද්‍යාඥයාද වෙනවා.

කුඩා කල සිය දෙමාපියන් සමග උතුරු දිග ලන්ඩනයේ ජිවත් වූ හෝකින් ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ඔක්ස්ෆර්ඩ් විදුහලට තේරී පත් වීමට වරම් ලබනවා.

සිය පියාගේ අභිමතය පරිදි වෛද්‍යය විද්‍යාව හැදෑරීමට සුදානම් වෙන නමුත් පාසලේ එම විෂය නොමැති වීමෙන් භෞතික විද්‍යා විෂය හැදෑරීමට පටන් ගන්නා හෝකින් , එම විදුහලෙන් පිටව යන්නේ ස්වාභාවික විද්‍යාවට පළමු පන්තියේ ගෞරව උපාධියක්ද සමගිනි.

ඉන්පසු කේම්බ්‍රිජ්‍ සරසවියට ඇතුළු වන ස්ටීවන් හෝකින් ඔහුගේ ප්‍රියතම විෂය වන අජටාකාශගාමී විද්‍යාව (Cosmology) ඔස්සේ සිය පරේෂණ කටයුතු කරගෙන යනු ලබනවා.

කේම්බ්‍රිජ්‍හිදී ආචාර්ය ( PhD ) උපාධියක් හිමි කරගන්නා ඔහු 1979 දී ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ ( Department of Applied Mathematics and Theoretical Physics ) ප්‍රධානියා ලෙස පත් වීමට වරම් ලබනවා.1669 වර්ෂයේ කේම්බ්‍රිජ්‍ සරසවියේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ සර් අයිසෙක් නිවුටන් විසින් දරන ලද මෙම කීරිතිමත් තනතුර දැරීමට හෝකින් වරම් ලබන්නේ භෞතික විද්‍යාව පිළිබද ඔහු දැක්වූ කැපී පෙනෙන දක්ෂතාවය නිසා.

දැනට 74 වියේ පසුවන මහාචාර්ය ස්ටීවන් හෝකින් ගෞරව උපාධි 12 ක් හිමි කරගන සිටින අතර තාරකා භෞතික විද්‍යාව පිළිබද නියමයන් සහ ඒ සම්භන්ධ කෘති රාශියක්ද පළකරනු ලැබ සිටී.1982 වර්ෂයේදී British Empire Officer සම්මානයෙන් ද පුදනු ලැබූ මේ මහා විද්වතා එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ ( The Royal Society and a Member of the US National Academy of Sciences ) සාමාජිකයෙකුද වෙනවා.

1962 වර්ෂයේ එනම් වයස අවුරුදු 21 දී ස්ටීවන් හෝකින්ගේ ජීවිතය උඩු යටි කුරු කරන විපතක් සිදුවන්නේ සිරුර අක්‍රිය කරන රෝගයකින් (Amyotrophic Lateral Sclerosis) ඔහු පෙලෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමත් සමගයි.ඔහුගේ ජිවිත කාලය මාස 18කට සීමා වෙන බව ප්‍රකාශ කෙරුණත් ඒ සියල්ල අභිබවා නැගී සිටීමට දැඩි ආත්මශක්තියකින් හෙබි මේ මහා පුරුෂයාට හැකියාව ලැබෙනවා.

මුළු සිරුරම අක්‍රිය වී රෝද පුටුවකට සීමා වුවත් ඔහු සතු අසාමාන්‍යය බුද්ධිය මිනිස් සංහතියේ අනාගත පැවැත්ම සදහා යොදවන්නේ , ස්ටීවන් හෝකින් විසි එක්වැනි සියවසේ ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම මිනිසෙකු බව මුළු මහත් විශ්වයටම පසක් කරමින්.
source : http://www.hawking.org.uk
- අසිත් -

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...