Monday, May 23, 2016
ඇරිස්ටෝටල්ගෙන් මහා ඇලෙක්සැන්ඩර්ට
ලෝක ඉතිහාසයේ , මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සුවිශේෂ තැනක වැජඹේ, ඔහු අති දක්ෂ රණශූරයෙකි. කුඩා කල ඇලෙක්සැන්ඩර් කුමරාගේ ගුරැවරයා වූයේ ලෝක පූජිත දර්ශනවාදියෙකු වූ ඇරිස්ටෝටල්ය. දිනක් එක සමාන හිස් කබල් දෙකක් පෙන්වා ඇරිස්ටෝටල් මෙසේ කීවේලු.
" කුමරැවනි මේ කපාල දෙකෙන් එකක් ඔබගේ මුත්තනුවන්ගේය, හේ කිරැළු පැළදුවේය. අනෙක මේ නගරයේ සිගමන් යැදී යාචකයෙකුගේය.... ඔහු සිගමන් යැද්දේය. හැකිනම් ඔබේ මුත්තනුවන්ගේ කපාලය මට පෙන්වා දෙන්න"
එක සමාන හැඩරැව නිසා කුමරා වික්ශිප්ත විය. එවිට ඇරිස්ටෝටල් මෙසේ කීය.
" කුමරැනි මරණය අප සියල්ලන් සමාප්තයට ගෙන එයි.ඒ නිසා සැබෑ මිනිසෙකු වන්න. සැබෑ මිනිසෙකු වන්නට සරල ලෙස සිතන්න.සැහැල්ලුවෙන් පළදින්න. චාම් ලෙස ජීවත් වන්න"
මේ වටිනා පාඩම ඇලෙක්සැන්ඩර්ගේ ජීවිත කාලය පුරාම ඔහු සමග ජීවමාන විය.
" මා මිය යන්නේ රෝගය නිසා නොව වෙදුන් නිසාය" මරණ මංචකයේදි ඔහු මෙසේ කීවේළු. යුධ බිමේදි ජීවමාන රණවිරැවෙකුගේ අවසානය පුංචි මදුරැවෙක් අතින් සිදුවිය.ඉන්දියා යුධපිටියේ දි මැලේරියාව වැළදුන මහා ඇලෙක්සැන්ඩර් වෙදුන් නිසා මිය ගියේය. ඔහු මිහිදන් කලේ මිනිපෙට්ටියෙන් එලියට සිටින්නට දෙඅත් තබාය."
රටවල් රැසක් යටත් කරගත් මා මිය යන්නේ හිස් අතිනි" ඒ ඇලෙක්සැන්ඩර් ගේ අදහස විය.
( කියවා ලබා ගත් තොරතුරැය)
-ගංඟා කුමාරි පෙරේරා
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
No comments:
Post a Comment