Tuesday, August 9, 2016

චිත්‍ර කතාවේ කතාව


 චිත්‍ර කතාව යනු කුමක් ද?

   චිත්‍රයක් උපයෝගී කරගෙන කතාවක් කියාපෑම චිත්‍රකතාවයි. කතාවට අයත් සිදුවීම් කතාවේ ථි චරිතවලට විවිධ ක්‍රියාකාරී ඉරියව් මගින් ඇඳ දැක්වීමයි චිත්‍රකතාවකින් සිදු වෙන්නේ. ඉදිරිපත් කරන කතාවට අයත් දෙබස් බැලූනයක හැඩයෙන් යුත් කවය තුල ලියා දක්වයි. මේ අනුව මුල් කලීන විහාර චිත්‍රවලද, චිත්‍ර මගින් කතාවක් කියාපෑමේ ලක්ෂණ දකින්නට පුලුවනි.

බිත්ති පුරා චිත්‍ර කතා

 කතන්දර කීම සදහා චිත්‍ර උපයෝගී කර ගැනීම පිලිබද දැනට ඉතිරිව ඇති පැරණිම සාධක අපට හමුවන්නේ 12 වන සියවසට අය්ත් දිඹුලාගල ලෙන් සිතුවම් අතරිනි. එම සිතුවම් කොටස් වලට අනුව එහි සස ජාතකය ඇද තිබූ බවට පෙනී යයි. පොලොන්නරුව යුගයේදී ( 12 වැනි සියවස) තිවංක පිලිමගෙයි ඇඳ ඇති වෙස්සන්තර, ආසංඛවතී, සස, තුන්ඩිල, විදුර, ගුත්තිල, චුල්ලපදුම, මෛත්‍රීබල, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග වැනි ජාතක කතා ඇද ඇති ආකාරයන්ද චිත්‍රවලින් කතා කීම පිලිබද සාක්ෂි අපට හමුවෙයි.

දෙගල්දොරුව විහාරයේ ඇති ' ඇලි ඇතා දන් දුන් වග' නම් චිත්‍රය. ( අඛණ්ඩ කථන ක්‍රමය)

මහනුවර යුගයේ චිත්‍රකතා

 පොලොන්නරු යුගයෙන් පසුවත් චිත්‍රයක් ආශ්‍රයෙන් කතා කීමේ කලාව වර්ධනය වූයේ විහාර කර්මාන්තය ආශ්‍රිතවයි. මහනුවර යුගයේ විහාරස්ථානවල ඇති චිත්‍ර දෙස බැලීමේදී එය මනව පෙනේ. දේවේන්ද්‍ර මූලාචාරී, දෙවරගම්පල සිල්වත් තැන, කොස්වත්තේ සිත්තර නයිදේ, නිලගම පටබැදි ආදී සිත්තරුන් මහනුවර යිගයේදී බිතුසිතුවම් කලාවේ කැපී පෙනුනු අයයි. 18 වැනි සියවසේ අග භාගයට අයත් දෙගල්දොරුව විහාරයේ චිත්‍ර දෙස බැලීමේදී චිත්‍ර කලාවේ මූලික ලක්ෂණ පෙනී යයි. මහනුවර යුගයේදී චිත්‍ර ශිල්පීන් ජාතක කතා ඇදීමට භාවිතා කල ' අඛණ්ඩ කථන ක්‍රමය' ( කතාවේ ජවනිකා වෙන්කර නොදක්වා දිගටම ඇදීමේ කලාව) දෙගල්දොරුව විහාරයේත් විද්‍යාමාන වෙයි.

තොරණවලත් චිත්‍රකතා

 මේ අනුව බලන විට චිත්‍ර වලින් කතා කීම අපේ රටේ අතීත උරුමයක් වැනියි. බිතුසිතුවම් තරම් ඈත ඉතිහාසයත් නොතිබුනත්, තොරණ සිතුවම්ද චිත්‍රකතා විශේෂයක් ලෙස හදුන්වාදිය හැකියි. රූපරාමු ඔස්සේ දිග හැරෙන කතාව කවියෙන් හී විරිදුවෙන් හදුන්වාදීම තොරණක දැකිය හැකියි.

ප්‍රථම චිත්‍රකතාව

 චිත්‍රකතා ආරම්භවූයේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍රවල් පළවූ කැරිකේචර් ( caricature ) සහ කාටුන් ( cartoon ) ඔස්සේය. ඒ 19 වැනි සියවසේදීය. කැරිකේචර් සහ කාටුන් ලෙස හැදින්වූයේ " විකට චිත්‍රයි" . හාස්‍යෝත්පාදක කතා පදනම් කර ගනිමින් චිත්‍රකතා ආඅම්භ වූ නිසා අදටත් චිත්‍රකතාව හැදින්වීමට ඉංග්‍රීසි භාෂවේ යෙදෙන්නේ "කොමික් ස්ට්‍රිප්" ( comic strip ) ස්ට්‍රිප් කාටූන් ( strip cartoon ) හා කොමික්ස් ( comics ) යන වචනයි.

 කොමික් ස්ට්‍රිප් මුලින්මපලවූයේ ඇමරිකානු පුවත්පත්වලය. නූතන චිත්‍රකතාවටබෙහෙවින් සමාන චිත්‍රකතා මුල්වරට පලවූයේ 1894 දී නිව්යෝර්ක් වර්ල්ඩ් නම් පුවත් පතෙහිය. එයද හාස්‍යෝත්පාදක චිත්‍ර කතාවකි. එය නිර්මාණයකල චිත්‍ර ශිල්පිය රිචඩ් අවුට්කෝල් ය. ප්‍රධාන චරිතය යෙලෝ කිඩ් හෙවත් කහ පොඩිත්තාය.
කහ පොඩිත්තා

රිචඩ් අවුට්කෝල්

පළාගිය කහ පොඩිත්තා

 ඉතා ජනප්‍රියව පැවති ' යෙලෝ කිඩ්' හි නිර්මාණ ශිල්පියා 1896 දී ' නිව්යෝර්ක් වර්ල්ඩ්' පත්‍රය අතහැර ' නිව්යෝර්ක් ජර්නල්' නම් පුවත්පතට ගියේය. නිව්යෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ හිමිකරු තම පුවත්පතට අහිමිවුනු කහ පොඩිත්තා වෙනුවට 'ජෝර්ජ් ලූක්' නම් චිත්‍ර ශිල්පියා ලවා තවත් කහ පොඩිත්තෙකු නිර්මාණය කර පත්‍රයේ පල කලේය. මේ අනුව පුවත්පත් දෙකක කහ පොඩිත්තන් දෙදෙනෙකු අතර සිදුවූ මෙම තර්ඟය නිසා චිත්‍ර කතාව නම් මාධ්‍ය ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ඒ ජනප්‍රියත්වයනිසාම පසුකාලීනව තව තවත් චිත්‍රකතා බිහි වන්නට විය.


තාත්වික චිත්‍රකතා

 චිත්‍රකතා කලාව ආරම්භවී වසර නමයක් ගත්වනතුරුත් එහි තිබූ කාටුන් ස්වරූපය ඉවත් නොවීය. විකට චිත්‍ර ස්වරූපය ඉවත්වගිය තාත්විකත්වයට නැඹුරු මුල්ම චිත්‍රකතාව 1905දී නිර්මාණය වූ වින්සර් මැකුයිගේ ' ලිට්ල් නෙමෝ' ය.

 මෙලෙස නිර්මාණය වූ චිත්‍ර කතා අතර ලෝප්‍රකට නිර්මාණ මෙන්ම සිනමාවට නැගුණු නිර්මාණද දැකිය හැකියි. ඇතැම් චිත්‍රකතාවල චරිත ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන්වලත් සංගීත නාටකවලටත් පැමිණියේය. මේ එවන් චිත්‍ර කතා කිහිපයක් මෙසේය. ටාසන් ඔෆ් ද ඒජස්, ක්‍රේසි කැට්, පීනට්ස්, ඩොනල්ඩ් ඩක්, මිකී මවුස්, ටින් ටින්, ඇස්ටරික්ස්.
ලිට්ල් නෙමෝ චිත්‍රකතාව




චිත්‍රකතා පොත්

 පුවත්පත්වලින් ආරම්භ වූ චිත්‍රකතාව චිත්‍රකතා පොත් ලෙසද සීග්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව ගියේය. 1940 දශකය අවසන් වන විට ලෝකයේ චිත්‍රකතා පොත් අලෙවිය කෝටි සියයක් වූ බව වාර්ථාවී ඇත.

අපේ රටට ආ චිත්‍රකතා

 ලංකාවට මුලින්ම පැමිනියේ මෙලෙස බිහිවූ චිත්‍රකතා පොත් ය. 50 දශකය වන විට ලංකාවෙව් නගරබ්ද පාසල් සිසුන් අතර මෙම බටහිර චිත්‍ර කතා පොත් පැතිර ගියේය. කව්බෝයි කතා, ටාසන් කතා, ඒ කොමික් පොත් අතර විය.

අපේ අයගේ චිත්‍රකතා

 ලංකාවේද පුවත්පත්වල චිත්‍රකතා ඇරඹුනේ ' කාටුන් ස්ට්‍රිප්' ලෙසයි. ඖබ්‍රි කොලට්, ජී.එස්.ප්‍රනාන්දු නම් ශිල්පීන් දිනමින, ඩේලිනිව්ස්, ලංකාදීප වැනි පුවත්පත්වලකාටින් හෙවත් විකට චිත්‍ර අදිමින් සිටිඋඅත් ප්‍රථම චිත්‍රකතා තීරුව වන්නේ 'මුදලාලි' ය.එය දිනමිණ පුවත්පතේ පලවූවකි.

 ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රකතාව වන්නේ 1951 ඔක්තෝම්බර් 28 වෙනිදා ඉරිදා ලංකාදීප පුවට්ජ්පතේපලවූ ' නීලා' චිත්‍රාතාවයි.එහි කතාව ලියා ඇත්තේ ධර්මසිරි ජයකොඩිය. චිත්‍ර ශිල්පියා ජී.එස්.ප්‍රනාන්දුය. ඉංග්‍රීසි ටාසන් කතාව අනුසාරයෙන් ලියැවුනු ප්‍රථම සිංහල චිත්‍රකතාව ඉතා ජනප්‍රියත්වයටපත්විය.



පැරණි චිත්‍රකතා ශිල්පීන්

මුල්ම චිත්‍රකතාව හැරුණු කොට චොත්‍රකතාවේ ව්‍යාප්තියට උරදුන් ශිල්පියා වන්නේ සුසිල් ප්‍රේමරත්නයි. " හොර හවුල" ඔහුගේ පලමු චිත්‍රකතාවයි. තනිකඩයා, මහ හේනේ ඊරියකා, බිලිපූජාව, ලන්දේසි හටන, රන්දූපත, රිදී කුමාඅරි ආදිය ඔහු නිර්මාණයකල චිත්‍රකතා අතර වෙයි.

  තලන්ගම ජයසිංහ , කේ ෆ්‍රැන්සිස් වැනි චිත්‍රකතා ශිල්පීන් වර්ධනය සදහා දායක විය. විනෝදාස්වාදය සදහා චිත්‍රකතාව මාධ්‍යයක් ලෙස පලමුවෙන්ම යොදාගත්තේ කේ. ෆ්‍රැන්සිස් ශිල්පියාය. කතෝලික ජනතාවගේ නිල පුවත්පත වන "..... ප්‍රදීපය" 1957 ජනවාරි මාසයේ පටන් ජුසේ වාස් ආපදානය චිත්‍ර කතාවක් ලෙස පලකිරීමෙන් එය ආරම්භ විය.


සම්භාව්‍ය චිත්‍ර කතා

 බන්දුල හරිශ්චන්ද්‍ර මහතා 1962 අප්‍රේල් මාසයේදී ' සුලසා ' ජාතකයෙන් පටන්ගෙන එකදිගට චිත්‍රකතා 38ක් දිනමින පත්‍රයට ඇන්දේය. ලංකාවේ ප්‍රථම වෛවර්ණ චිත්‍ර කතාව නිර්මාණය කරන ලද්දේ බන්දුල හරිස්චර්න්ද්‍රයන් විසිනි. දේශීය හා විදේශීය සාහිත්‍ය කෘතීන් ඇසුරුකොටගෙන ඔහු දිසින් නිර්මාණය කරන ලද චිත්‍රකතා ප්‍රමාණය 166ක් පමණ වේ.
දයා රාජපක්ෂ මහතා


 ලාංකීය ජන ජීවිතයේ විවිධ පැතිකඩදෙස විශ්ලේෂනාත්මකව බලමින් නිර්මාණය කල දයා රාජපක්ෂයන්ගේ චිත්‍රකතා අතර සක්විති සුවය, සිව්මංසල, ගල්පල්ලිය, හුලවාලි, ගිනිබත් කිරීටිය දැකිය හැකිය.

ලමයින් සදහා චිත්‍රකතා නිර්මාණය කල චිත්‍ර ශිල්පීන් අතර එස්.ඒ.දිසානායක, පියල් උදය සමරවීර යන මහත්වරුද සිබිල් වෙත්තසිංහ මහත්මියද වැදගත් වේ.

ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පත්තරය 1972 අගෝස්තු 29 වැනිදා ලේඛවුස් ආරම්භ කල " සතුට" ය. එහි කතෘ බන්දුල සමරවීර මහතාය.  1975 දී මල්ටිපැක්ස් ආයතනය මගින් ආරම්භකල " සිත්තර" ලංකාවේ දෙවෙනි චිත්‍රකතා පත්‍රයයි.



ලිපිය ගැන කුඩා හෝ වචනයක් සදහන් කරනවානම් ඉතා කෘතඥ වෙමි.

15 comments:

  1. හොද ලිපියක්

    ReplyDelete
  2. ටී.වී. හන්දා දැන් මිනිස්සු චිත්‍රකතාවලින් ඈත් වෙලා ඉන්නෙ. දැන් චිත්‍රකතා පත්තරයක් ආසාවටවත් දකින්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් Ano... T.V. හන්දා මිනිස්සු චිත්‍රකතාවලින් ඈත් උනා..

      Delete
    2. තව දෙයක්.. වාණිජ්‍ය අරමුණින් මිනිස්සු හරසුන් චිත්‍රකතාත් හැදුවා.. මේකත් මිනිසුන් චිත්‍රකකා ප්‍රතික්ෂේප කරන්න එක් හේතුවක් උනා..

      Delete
  3. හරිම අගේ ඇති ලිපියක්.. හොඳ අධ්‍යනයකින් පසු ලියා තිබෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.. මේක ටික දවසක් තිස්සෙ ටික ටික ලියපු එකක්.. ලිපි කිහිපයක්ම කියෙව්වා.. තව කාලෙකටකලින් කියෙව්ව සුනිල් ආරියරත්නයන්ගේ පොතක මතකයෙනුත් ලිව්වා..පොතේ නම චිත්‍රකතාවේ වංශකතාව.. පොත නම් පුස්තකාලෙන් අරන් කියෙව්වේ ඉස්සර..

      Delete
  4. චිත්‍ර කතාව මිනිස් පුරාණය දක්වාම දිවයන බව ගල්ගුහා චිත්‍රවලිනුත් පෙන්වනවා නේද මිථිග

    ReplyDelete
    Replies
    1. ඔව්.. චිත්‍ර කතා අද ඊයෙ උපන්න එකක් නෙමේ.. ලොකු අතීතයක් තියෙනවා..

      Delete
  5. මම මුලින්ම කියව්ව චිත‍්‍රකතා පත්තරේ තමයි සිත්තර.
    ලෙක් හවුස් එකෙන් ගැහැව්වා සතුට කියලා පත්තරයක්. කැමිලස් මහතා සිත්තර පත්තරේ ගජමෑන් කාටුන් එක ඇන්දා පස්සේ එයා ගේම පත්තර කන්තෝරුවක් පටන්ගෙන සත්සිරි රසික කියලා පත්තර දෙකක් මුද්‍රණය කලා. තවත් හොද කාටන් චිත‍්‍ර ශිල්පියෙක් හිටියා අමිත අභයපාල නමින් එයා ඇන්දේ මොට්ටපාල කියලා පොකට් කාටුන් එකක්. එයා අපේ ඉස්කෝලේ මැටිවැඩ සර්. අපි එයාට කිව්වේ මැටි පුසා කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අසංග.. වටින තොරතුරු ගොන්නක්..

      Delete
  6. හොද ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  7. ස්තුතියි කියෙව්වට...

    ReplyDelete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...