Friday, April 29, 2016

ලංකාව හෙල්ලූ ඝාතන



1. මතුගම සමන් කුමාර සිසුවා ඝාතනය
“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර" Source - archives.dinamina.lk, divaina.com
“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර”Source – archives.dinamina.lk, divaina.com

“පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර”
ඇන්ටන් ජෝන්ස් මහතාගේ මේ ගීතය ඔබත් සමහරවිට අසා ඇති. මුලු ලංකාවම කම්පාවට පත් කරමින් සිදුවූ මේ මිනීමැරුම සිදුවන්නේ මතුගම ප්‍රදේශයේදී. ලංකා ඉතිහාසයේ කප්පම් මුදලක් ලබාගැනීම සඳහා දරුවෙක් පැහැරගෙන ගොස් ඝාතනය කල මුල්ම අවස්ථාවක් හැටියටත් මේ සිදුවීම ඉතිහාසගත වනවා.
ඒ 1984 වර්ෂයයි. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට පෙර පාසැල් පවත්වනු ලබන අවසන් දවසේ පාසැල වෙත යන අතරතුර සමන් කුමාරව පැහැරගනු ලබනවා. ඒ අන් කිසිවෙකු නොව පවුලේ සමීපම හිතවතෙකු ව සිටි ධර්මසිරි නැමැත්තෙක් විසින්. ඒ වන විට මුදල් ගණුදෙනුවක් හේතුවෙන් ඔහු සමන් කුමාරගේ පවුල සමග හිත් අමනාපයකිනුයි යුතුවයි හිඳ  තිබෙන්නේ. මේ අපරාධයට ධර්මසිරි නැමැත්තාගේ මස්සිනා කෙනෙක් වන ප්‍රේමරත්න නැමැත්තෙකුද හවුල්ව තිබෙනවා. මොවුන් දෙදෙනා එක්ව දරුවාගේ දෙමවුපියන්ගෙන් ලක්ෂ එකහමාරක කප්පම් මුදලක් ලබා ගැනීමටයි තැත් කරන්නේ. කෙසේ වෙතත් මේ කප්පම් මුදල ගැනීමට උත්සාහ කරන අතරතුරම සමන්කුමාර දරුවා මොවුන් විසින් ගෙල සිරකරනු ලැබීමෙන් මරණයට පත්වනවා.
නීතියේ ඇසට වැළි ගසමින් කප්පම් මුදල ලබා ගැනීමටත් සැඟවී සිටීමටත් උත්සාහ කළද අවසානයේ මොවුන් දෙදෙනාම නීතියට කොටු කරගැනීමට පොලිසිය සමත් වනවා.
අපරාධකරුවන් එල්ලුම් ගසට නියම වූවත් ඒ වනවිට ඒ දඬුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මොවුන් සිර දඬුවමකට ලක්වෙනවා. කෙසේ වෙතත් සිරගත දිවිය තුළ ඉතාම යහපත් කල්ක්‍රියාවෙන් දිවිගෙවූ දෙදෙනෙක් හැටියටයි මේ අපරාධකරුවන් දෙදෙනා ගැන සඳහන් වන්නේ.
2. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය
The Premavathi Maanamperi Murder
ප්‍රේමවතී මනම්පේරි – ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි කිසිදා නොසිතන්නට ඇති. Source – lankanews.org, meepura.com, divaina.com

ප්‍රේමවතී මනම්පේරි එකොලොස් දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමල්ම දියණියයි. කුඩා කල පටන්ම ඉගෙනීමට සමත්කම් පෑ ඇය සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්ව දහම්පාසැල් ගුරුවරියක් වශයෙන්ද සේවය කරමින් සිටියාය. මනා රූප සම්පත්තියකින් හෙබි වූ ඇය ඒ නිසාම 1969 හා 1970 යන දෙවර්ෂයේදීම කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නටද සමත් වූවාය.
ඈ සතු සුන්දරත්වයම ඈ හට සාපයක් වේ යැයි ප්‍රේමවතී තරුණිය කිසිදා නොසිතන්නට ඇති.
ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇරඹි කැරැල්ල පැවති සමයයි. කතරගම ප්‍රදේශයේත් ඒ වන විට නිර්මාණය වී තිබී ඇත්තේ ඉතා උණුසුම් වටපිටාවක්. මේ සමයේම එක් තරුණ පොලිස් නිලධාරියෙක් ඇගේ ප්‍රේමය පතාගෙන නිතර ඇයට ඇවටිලි කරන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉහතකී පොලිස් නිලධාරියාගේ ආරාධනාවට ප්‍රේමවතී අවනත වී නැහැ.
මෙයට පලිගැනීමක් හැටියට අහිංසක තරුණියක් වන ඇයව කැරළි නායිකාවක් හැටියට හංවඩු ගසන පොලිසිය එවක කැරළි මර්දනය සඳහා කතරගම නැවතී සිටි හමුදා නිලධාරීන් හට ඇයව භාර දෙනු ලබනවා. ඔවුන්ගේ වධ හින්සා වලටත් කෘරතර දඬුවම් වලටත් ඇයට ලක් වන්නට සිදු වනවා.
මහ සෙනග මැද නිරුවතින් ඇවිද්දවා. මහ දවාලේම ඇයව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා.
ඒ ඇය අවුරුදු කුමරිය ජයග්‍රහණය කළ විට ඇගේ දෙනෙත් ඉදිරිපිට දිස්වුන ගුණසිරි හෝටලය ඉදිරිපිටදීමයි..
3. රෙජිනා සතාසිවම් ඝාතනය – වංගෙඩි මිනීමැරුම
The Regina Sathasivam Murder
රෙජිනා සතාසිවම් මිනීමැරුම: ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක්Source – island.lk, elanka.com.au

ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහාදේව සතාසිවම්ගේ බිරිඳ වන රෙජිනා සතාසිවම් මිනීමැරුම ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ අදටත් ලක්වෙන මිනී මැරුමක් සහ සුවිශේෂ නඩු තීන්දුවක් ලෙසයි අදටත් සැලකෙන්නේ.1951 වර්ෂයේ සිදුවූ මෙම සිදුවීම එකල විශාල ජනතා කැලඹිල්ලක් ඇති කරවන්න සමත් වනවා.
සියල්ල ඇරඹෙන්නේ සතාසිවම් මැතිණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ ගරාජය තුළින් හමුවීමෙන්. ඇගේ තුවාල ලත් සිරුර අසල තිබෙන වංගෙඩියක් හැරුණු කොට වෙන කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නෑ.
සතාසිවම් මහත්මියගේ මරණයට මුල සිටම සතාසිවම් මහතා වෙත සැකය යොමු වන අතර පරස්පර ප්‍රකාශයන් දෙමින් සැක සහිතව හැසිරුණ නිවසේ මෙහෙකාර විලියම් සිංඤෝ රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කරගැනීමත් සමඟ නඩු විභාගය තවත් අවුල් ස්වභාවයකට හැරෙනවා.
මිනීමැරුමට වරදකරුවකු නොමැතිව අවසන්වූ නඩු තීන්දුව හේතුවෙන් කෝපයටත් කළකිරීමට පත්වූ ජනතාව “වංගෙඩිය මිනිමැරුවා” යයි එකල පැවසූ බව සඳහන් වනවා. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට දේශපාලඥයෙක් වන කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාට ජනතා උදහස නිසාම දේශපාලන පරාජයකිනුත් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා. ඒ ඔහු ඊළගට තරග කළ මැතිවරණය පරාජයට පත්වීම නිසා.
මේ මිනීමැරුම පිළිබඳ ප්‍රකට මතයක් වන්නේ නිවසේ මෙහෙකාර විලියම් සිංඥෝ විසින් රාගයෙන් මත්ව සතාසිවම් මහත්මියව ඝාතනය කරනු ලැබ ඇති බවයි. අපරාධ වෛද්‍ය විද්‍යානුකූලව ඒ පිළිබඳව නොයෙකුත් මතයන් ගෙන හැර පා ඇති නමුත් අපරාධකරු නීතියේ රැහැනින් මිදීම ඉතා කණගාටුවට කරුණක්.
4. ඉයුනිස් පීරිස්, රසල් ඉන්ග්‍රම් – මැතිවු පීරිස් මිනීමැරුම්
The Fr. Matthew Pieris Murders
මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.Source – archives.dinamina.lk, sundaytimes.lk, vernoncorea.wordpress.com

මීට දශක හතරකට පමණ පෙර සිදුවූ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අමුතුම ආකාරයේ අපරාධයන් දෙකක් තමයි මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ඉහත සඳහන් මිනී මැරුම් දෙක. මෙම මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.
සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකු වන මැතිවු පීරිස් පියතුමා ලෙඩ රෝග සුවකිරීම පිළිබඳවද කීර්තියට පත්ව සිටි පියනමක්. දැඩි ආගම් භක්තික පවුලකින් පැවත එන විවාහක කාන්තාවක් වන ඩැල්රින් ඉන්ග්‍රම් නැමැති තැනැත්තියක් සමග පෙමින් වෙළෙන මැතිවු පීරිස් පියතුමා ඇය හා එක්වීමට මග පාදාගැන්මට සූක්ෂම උපායයන් යොදනවා. ඒ ඉතාම භයානක ආකාරයකින්.
ඉන්ග්‍රම් පවුල සමග සමීප සබඳතාවයක් පවත්වන මැතිව් පීරිස් උපායශීලීව ඩැල්රින් ඉංග්‍රම්ගේ සැමියා වන රසල් ඉංග්‍රම්ව රෝගී තත්ත්වයට පත් කරනවා.ඒ දියවැඩියා ඖෂධ යොදාගනිමින්. කාලයක් තිස්සේ දුර්වලත්වයට පත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන රසල් ඉංග්‍රම් අවසානයේදී මරණයට පත්වන්නේ වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරගත නොහැකි අන්දමන්ද ස්වභාවයකට පත් කරමින්. රසල් ඉංග්‍රම්ගේ මරණය හෙමිහිට කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පටන් ගන්නවා.
ඊට කලකට පසුව නැවත මැතිවු පීරිස් පියනම කරළියට පැමිණෙන්නේ ඔහුගේ බිරිද වන ඉයුනිස් පීරිස් මහත්මියගේ රෝගී තත්ත්වයක් සමගයි. ඇයත් රසල් ඉංග්‍රම් පීඩා වින්දා සේම ගුප්ත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් කිහිප දිනකින්ම ඈත් මරණයට පත් වනවා.
මේ සිදුවීම ඇසින් දුටු වෛද්‍යවරයෙක් තම නිල නිවස්නයේ තවත් වෛද්‍යවරයෙක් සමග සල්ලාපයේ යෙදී සිටියදී මේ සිදුවීම විස්තර කරනු ලබනවා. අනෙක් වෛද්‍යවරයා පත්වන්නේ පුදුමයෙනුත් පුදුමයටයි. මක් නිසාද යත් ඔහුත් දිගු රැවුලකින් යුත් පියනමක් සහ ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමකට මීට පෙර මුහුණදී ඇති නිසාවෙන්(රසල් ඉංග්‍රම් සිදුවීම). මෙහි ඇති සැකසහිත බව නිසා පොලිසියට මේ ගැන ඔවුන් දැනුම් දෙනවා. ඒ මගින් සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ ඔස්සේ මැතිවු පීරිස් පියනමත් ඩැල්රින් ඉංග්‍රමුත් නීතියට හසුකරගනු  ලබනවා.
දිගු කලක් සිරගතව සිටි මැතිවු පීරිස් පියනම පසුව නිදහස්ව ඩැල්රින් ඉංග්‍රම් සමග විවාහ වූ බව සඳහන්. 1998 වර්ෂයේදී මැතිවු පීරිස් සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා.
මේ කථාව පාදක කොටගත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතය. ජැකලින් ෆර්නෑන්ඩස් රඟන එය. According to Mathew නමින් තමයි නම් කර තිබෙන්නේ.
5. රීටා ජෝන්
The Rita John Murder
1998 වසරේ මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය Source – archives.dinamina.lk, sundaytimes.lk
ඒ 1998 වසරයි. මුම්බායේ විසූ සුරූපිණියක් වන රීටා ජෝන්ස් මහත්මිය විවාහයෙන් පසු පසු මධුසමය ගතකිරීමට සිය සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. අලුත් ඥාතීන් හමුව ඉතා සතුටුදායක ලෙසින් ගෙවීගිය බැවින් ඈත් සැමියාත් ඒ දින වකවානුව ගෙවමින් සිටියේ ඉතා සතුටින්. සවස් යාමයන්හී අත්වැල් පටලාගෙන මුහුදු වෙරළ දිග ඇවිදීම මේ පෙම්වතුන් දෙදෙනාගේම දෛනික පුරුද්දක්ව තිබුණා.  එක් ඉරිදා සවසක සැඳෑ සුව විඳීමට සිය සැමියා සමග මෝදර වෙරළේ ඇවිදීමට යන ඇයව කාමාතුරයින් පිරිසක් විසින් පැහැරගනු ලබනවා.
වධදී සමූහ දූෂණයට ලක්කර තිබූ ඇගේ සිරුර කාක දූපත නැමති ස්ථානයෙන් පසුව හමුවනවා.
මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට බල කෙරෙන රැල්ලක් ඇති කිරීමට තරම් මේ අපරාධය ලාංකීය සමාජය සලිත කරන්නට සමත් වෙන අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට බල කරමින් විවධ සංවිධාන මගින් සංවිධානය කෙරුණ විරෝධතාවයන් බොහොමයක් මේ අපරාධයෙන් පසුව දක්නට ලැබිණ.
6. හෝකන්දර සය පුද්ගල ඝාතනය
The Hokandara Murders
හෝකන්දර සය පුද්ගල ඝාතනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. nation.lk, sundaytimes.lk
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අමානුෂිකම මනුෂ්‍ය ඝාතනයන්ගෙන් එකකි. 1999 පෙබරවාරි 10 වනදා සිදුවූ මෙය මුලු රටක්ම බොහෝ කාලයක් යන තුරු කම්පාවෙන් සහ භීතියෙන් අලලවන්නට සමත් වූ අපරාධයකි. එකම පවුලේ සය දෙනෙක් ඝාතනය කරමින් සිදුවූ මෙම ඝාතනය සිදුවන්නේ අමරගොඩ නම් ප්‍රදේශයේ. අමරගොඩ මරණගොඩ යනුවෙන් හඳුන්වන්නටත් එකළ පටන් ගන්නවා මෙම අපරාධය හේතුවෙන්.
අමරගොඩ ප්‍රදේශයේ ජීවත්වූ විතානගේ ලලනදාස සහ ඔහුගේ බිරිඳ වන සිරියාවතීත් ඔවුන්ගේ දරුවන්වත් ඝාතනය කිරීමට තුඩුදුන් හේතුව හැටියට සැලකෙන්නේ අසල්වැසි මත්පැන් ජාවාරම් කරුවන් පිරිසක් සමග සිදුවූ බහින්බස්වීමකුයි.
කල් වේලා අරගනිමින් නිවස තුලවූ බිස්කට් වැනිදේ ආහාරයට ගනිමින් මිනීමරුවන් මෙම අපරාධ සිදුකර ඇති සැහැල්ලු ආකාරය විශ්වාස කිරීමටත් නොහැකි තරම් පුදුම එළවන සුලුය.
කෙසේ වෙතත් මිනී මරණු සියැසින් දුටු කිසිම සාක්ෂියක් නොමැතිව නමුත් මේ අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට ලැබෙනවා. ඒ සිද්ධිය වූ ස්ථානයෙන් හමුවූ සාක්ෂි ඩී.එන්. ඒ පරීක්ෂණයකට ලක් කිරීම මගින්.
ඩී එන් ඒ තාක්ෂණය සාර්ථකව ශ්‍රී ලංකාව තුල යොදාගත් මුල්ම මිනීමැරුම ලෙසටත් හෝකන්දර සිදුවීම ඉතිහාසගත වනවා
උපුටා ගැනීමකි

Monday, April 25, 2016

අත් බෙහෙත් - 1 කොටස


ලිපිය සැකසීම - සංජු දිල්ශාන්
මෙම කොටස ගෙන එන දේශීය වෛද්‍ය විද්‍යා බෙහෙත් තුලින් ඔබට උපකාරයක් වනු ඇතයි බලාපොරොත්තු වෙමි

සෙම් ගෙඩි වලට
රතු ලූණු සිහින්ව ලියා මී පැණි සමග කෑමට ගන්න

පපුවේ සෙමට
මුරුංගා  මුල් කලන් 12 ක් වතුර පත 8  එකට සිදුවා මී පැනි සනග බොන්න

ඇසේ නගනයට
අරළු ,කලාදුරු අල මී පැනියෙන් ගලලා ගාන්න

දත් කැක්කුමට
ඉද්ද කොල කොටා අරක්කුවෙන් මිරිකා කට සෝදන්න

මුත්‍රා ගල් හිර වීම
දිය බෙරලිය සහමුලින් කොටා යුශ ගෙන කැද බොන්න

ඉන්නන්ට
ලබු දලු කැටි ලුණු සමග අබරා ගාන්න

කටු ඇණුනාම.පෙරුම්කායන් ,බත් දන්කුඩ අබරා බදින්න

 ඛෑම අප්‍රිය දරුවන්ට
කරපිංචා දලු සම්බෝලයක් සාදා කවන්න

මීලග කොටසින් හමුවෙමු
#සුවදායි_ජීවිතයක්
සංජු දිල්ශාන්

ප්‍රංශ විප්ලවය - 1 කොටස



ප්‍රංශ විප්ලවය විස්තර කරමින් ලියන ලිපි මාලාවේ පලවෙනි කොටස. (කොටස් කියක් යයිද දන්නේ නැහැ.)

ඇයි මේ විප්ලවය මෙච්චර වැදගත්?

1. රාජාණ්ඩුවක් වෙනුවෙන් 3 වෙනි පන්තියේ සමානය මිනිස්සු නැගී සිටීම හා පෙරලා    
        දැමීම.
2. විප්ලවය අවසානයේ ප්‍රංශය එක්සත් වීම.
3. ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීම.
4. සැමට පොදු නීති ක්‍රමයක් බිහිවීම.
5. පල්ලියේ ආදිපත්‍ය බිඳවැටීම.
6. යුරෝපය පුරා තම ජාතිය පිලිබඳ ජාතිආලය ඇතිවී, විවිද රටවල් එක්සත් වීම සහ
        රාජාන්ඩුවලින් මිදීමට විප්ලව කිරීම.
7. ස්වාදිනත්වය, සමානාත්වය, සහ සහෝදරත්වය වැනි සංකල්ප බිහිවීම.
8. විප්ලවයෙන් පසු අවුරුදු 100 පමණ ලෝකයේ සහ යුරෝපයේ විවිද සිදුවීම් වලට
        ප්‍රංශ විප්ලවයෙන් ව්‍යාප්ත වූ අදහස් හේතු සාදක වීම. උදා: පලවන ලෝක යුද්දය,
        ඉතාලිය ජර්මනිය වැනි රටවල් එක්සේසත් වීම, ඇමරිකානු සිවිල් යුද්දය.
9. ප්‍රංශයේ ඉහල පලන්තිය/වංශවත් පැලැන්තිය (nobility) සම්පුර්ණයෙන් බිඳ වැටීම.
        උදා: රට හැර යාම හෝ, ගාතනයට ලක්වීම.

-----හැදින්වීම----

1789 ප්‍රංශයේ රජ ලෙස ලුයී 16 වන රජතුමා සහ මේරි ඇන්ටනොයිට් රැජින ලෙස පත්වී තිබීම.

*හේතු*

• 1789 ප්‍රංශය රටක් වශයෙන් දුප්පත් රටක් වීම් මුල්‍යමය අර්බුදයක් තිබීම. මිට එක හේතුවක් ප්‍රංශය විශාල
වශයෙන් යුද්දවල ආයෝජනය කර තිබීම. (ඇමරිකානු විප්ලවය සහ 7 අවුරුදු යුද්දය.)
• දුර්බික්ෂයක් රටේ පැවතීම මේ කාලයේ, එබැවින් සාමාන්‍ය මිනිස්සු යම් ප්‍රමාණයකින් දුකින් නොසන්සුන්තාවයෙන් සහ සාගින්නෙන් සිටීම.
• ඊට ප්‍රතිවිරුද්ද ලෙස රජ පවුල සහ ඉහල පලන්තිය/වංශවත් පැලැන්තිය ඉතා සරුසාර නොමසුරු ජිවිත ගෙවීම. මිට හේතුව සාමාන්‍ය ජනතාව මොවුන්ගේ ඉඩම් වල වැඩ කර, රජ පවුලට සහ වංශවත් පැලැන්තියට අස්වැන්නෙන් කොටසක් යැවිය යුතුයි. ඊට අමතරව මේ පැලැන්තිය බදු නොගෙවා සිටියි ඔවුන්ගේ තත්වය නිසා. සාමාන්‍ය ජනයා පමණයි බදු ගෙවන්නේ මේ කාලයේ.
• Enlightenment movement නිසා විවද දාර්ශනිකයෝ විවිද ප්‍රශ්න කතාකිරීම. උදා: මිනිස්සු පාලනයට රජෙක් සිටිය යුතුද? මිනිස්සුන්ටම බැරිද මිනිස්සුන්ව පාලනය කරගන්න? මිනිස්සුන්ට හරි වැරැද්ද කියාදෙන්න පල්ලියම සහ පුජකයෝම ඕනෙද? මෙහි පුරෝගාමීන් වන්නේ; වෝල්ටෙයා (Voltaire), රෝසෝව් (Rousseau)

---ආරම්බය---

ඉහත කි හේතු නිසා ලුයී රජතුමා 1789 හදිසි රැස්වීමක් කැඳවනවා ප්‍රංශයේ එකල සමාජයේ සිටින විවිද සමාජ ස්තර නියෝජනය කරමින්. මෙය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ. States-General ලෙස. මෙහි නියෝජනය කරනවා සමාජයේ සිටින පාර්ශව 3ක්.

1. පුජ්‍ය පක්ෂය වෙනුවෙන් 300 (රටේ මුලු ජනගහනයෙන් 0.5%)
2. රජු පවුල ඇතුළු වංශවත් පුද්ගලයන් වෙනුවෙන් 300 (රටේ මුලු ජනගහනයෙන් 1.5%)
3. ඉතුරු සියල්ල වෙනුවෙන් 600. හරියට ගත්කල සාමාන්‍ය ජනයා. (රටේ මුලු ජනගහනයෙන් 98%)

ඔය පාර්ශව 3ටම තිබුනේ එක් පාර්ශවයට එක් චන්දයක් බැගින්. ඔතනින් 3 වෙනි පාර්ශවය පමණයි බදු බර සහ යුද්ද වලට සාමාන්‍ය සොල්දාදුවන් ලෙස සාබාගී වන්නේ. 3 වෙනි පාර්ශවය මේ රැස්වීමට පැමිණියේ මේ වන විටත් කේන්තියෙන්. 3 වන පාර්ශවය රජුගෙන් ඉල්ලා සිටියා එක් එක් පාර්ශවය ලෙස චන්දය පාවිච්චි කරනවා වෙනුවට එක් එක් පුද්ගලයා ලෙස ගෙන චන්දය පාවිච්චි කරමු කියා පත්කරගන්නා යෝජනා වලට. මොකද ඔවුන් බියෙන් සිටියා රජු බදුබර වැඩි කරයි කියා සාමාන්‍ය ජනතාවට. රජු සහ පුජ්‍ය පක්ෂය මෙයට විරුද්ද වෙනවා.

ටෙනිස් පිටියේ ප්‍රතිඥාව ගැන සහ ඉතුරු සිදුවීම් ඉතිරි ලිපියෙන් හෙට කතාකරමු.

ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.

- Frans Madappuli Arachchige

දෙවන ලෝක යුද්ධයේ කඩඉම - එනිග්මා යන්ත්‍රය



එනිග්මා යන්ත්‍රය(Enigma Machine),මෙය ජර්මනිය විසින් නිපදවා දෙවැනි ලෝක යුද්ධ සමයේ තම හමුදා කන්ඩායම් වලට පණිවිඩ සහ නියෝග නිකුත් කිරීමට බහුල වශයෙන්ම භාවිතා කල යන්ත්‍රයයි. විශේෂයෙන්ම නාවික සබ්මැරීන් වලට. එකල මෙය හැදින්වුයේ ලොව බිහිවූ ගුප්තම යන්ත්‍රය ලෙසයි.එයට හේතුව මෙහි පහිවුඩ යැවීමට සහ ලබා ගැනීමට භාවිතා කල ක්‍රමවේදය කිසිවෙකුටත් අවබෝද කරගැනීමට නොහැකිවූ නිසාවෙනි.එහි භාවිත වුයේ කෝඩ් ක්‍රමයකි. මෙම කෝඩ් එක අවබෝද කරගැනීමට (කේතය බිඳීමට) මිත්‍ර පාර්ෂික සෑම රටක් මෙන්ම එංගලන්තය විසින්ද රහසිගතව මෙහෙයුමක් දියත්කල අතර ඒ සදහා විද්වත් කණ්ඩායමක් පත්කරන ලදී. එහි සිටි මහාචාර්ය වරයෙකුවූ ඇලන් ටියුරින්(Alan Turing) හට අවසානයේ මෙමකේතය බිඳීමට හැකිවන අතර ඔවුන්ට මෙම එනිග්මා යන්ත්‍රය හරහා හුවමාරුවන ජර්මානු පණිවුඩ අවබෝදකර ගැනීමට හැකිවනවා.නමුත් එය රහසක් ලෙස තබාගැනීමට එංගලන්තය වගබලා ගන්නා ගමන් ජර්මානු ප්‍රහාර වලටත් සාර්ථකව මුහුණ දෙනවා.එය රහසක් ලෙස තබා ගත්තේ ජර්මනිය යම් අකාරයකින් දැනගතහොත් එනිග්මා කේතය බිඳ දමා ඇතිබව ඔවුන් නොපමාව යන්ත්‍රය වෙනස් කරන නිසාවෙනි .ඇලන් ටියුරින් විසින් මෙම කේතය බිඳීම සදහා යන්ත්‍රයක් නිර්මාණය කරයි එය ටියුරින් යන්ත්‍රය ලෙස හැදින්විය(Turing Machine s ).ඇත්තටම එය පරිගණකයයි.මෙසේ එනිග්මා කේතය බිද දැමීම නිසා ජිවිත මිලියන 14ක් පමණ බේරාගැනීමට හැකිවන අතර .දෙවන ලෝක යුද්ධය අවුරුදු 2කින් කෙටිකර ගැනීමට හැකිවූ බවයි පසුව ප්‍රකාශ වුනේ. මෙය අවුරුදු 50ක්ම රහසක් ලෙස එංගලන්තය විසින් තබා ගන්නවා.එමනිසා ඇලන් ටියුරින්ට ලැබිය යුතුව තිභූ ගෞරවයද එකල නොලැබෙන අතර එය ලැබෙන්නේ 2013 වර්ෂයේදීයි.ඒවනවිට ටියුරින් මහාචාර්ය වරයා මෙලොව හැරගොස් බොහෝකලක් ගතවී අවසානයි.

- ප්‍රභාත් මධුරංග


කාඩ් කුට්ටමේ ඉතිහාසය - 3 කොටස


පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්

කාඩ් කුට්ටම යුරෝපාකරයට සංක්‍රමණය වන්නට ඇත්තේ මීට වසර 650කට පෙරාතුව බව පිලිගැනේ. ඇතැම් ඉතිහාසඥයින් කියන්නේ 12 වන සියවසේදී ඇතිවූ කුරුස යුද්දයෙන් පෙරදිගට පැමිණි යුරෝපීය ජාතිකයින් යුද්දය නිමවා නිවෙස් බලා යද්දි කාඩ් කුට්ටමක්ද රැගෙන ගිය බවයි. ප්‍රංශය , යුරෝපය, ජර්මනිය වැනි රටවල අදත් සංක්‍රමණික දිවි පෙවෙත් ගත කරන ජිප්සි (Gypcy) නම් ගෝත්‍රික ජන සමූහයා පෙරදිග රටවල සංචාරිකව දිවි ගෙවා ආපසු යන අතරතුර මෙය රැගෙන යන්නට ඇතැයි විශ්වාසයකි. අදටත් මෙම ජිප්සි ගෝත්‍රිකයින් කාඩ් කුට්ටම් උපයෝගී කර ගනිමින් නිමිති කියයි.

  14 වන සියවස වන විට මුලු යුරෝපය පුරාම කාඩ් කුට්ටම ව්‍යාප්තව ගිය බව එකල ලියැවුනු පොත පතෙහිද සදහන්. කාඩ් කුට්ටම එකල භාවිතා කලේ ඉතා ධනවත් පුද්ගලයෝය. මන්ද කාඩ් කුට්ටමක් සෑදීමට ඉතා වියදමක් දරන්න වූයෙන් කාඩ් කුට්ටම මිල අධික වූ නිසාය. පසු කලෙක දැවමය අච්චුවක් මගින් රෑ සටහන් මුද්‍රණය කර ඒවා පින්සල් මගින් වර්ණ ගන්වන ලද බවට සාක්ෂි තිබේ.

  මුල් කාලයේදී මෙම කාඩ්පත් සමචතුරස්‍රාකාර මෙන්ම රවුම් කාඩ්පත්ද තිබීය. රවුම් කාඩ්පත් 18 වන සියවසේදී ඉන්දියාවෙන් දොරට වඩින ලදි.  මෙම රවුම් කාඩ්පත්වල ඇද ඇත්තේ විශ්නු දශ අවතාරයන්ය.

  පැරණි යුරෝපීය කාඩ් කුට්ටමක් තරමක් විශාල විය. ඒවා දිගින් අඟල් 6ක්ද පලලින් අඟල් 4ක් ද වූයෙන් ක්‍රීඩා කිරීමේදී කාඩ් පත් ඇඟිලි අතර තබා ගැනීමට අපහසු වීමෙන් අද පවතින ආකාරයට කාඩ් පත් බිහි විය. දිගින් අඟල් තුනහමාරක් හා පලල අඟල් දෙකහමාරක් වනසේ සම්මතයට අනුව කාඩ් කුට්ටම් නිර්මාණය විය. මීට පරිබාහිරව සිහිවටන කාඩ්පත් ( කුඩා) නිර්මාණය විය. ආරම්භයේදී විවිධ කඩදාසි වර්ගවලින් සැකසුණු කාඩ් කුට්ටම් ප්ලාස්ටික් මිශ්‍රව සෑදීම ආරම්භ වූයේ 1934 සිටය.

 කාඩ් කුට්ටම් නිර්මාණයේදී ඇමරිකාව ප්‍රථම ස්තානයත්, එංගලන්තය දෙවන ස්තානයත් ලබා ගනී. එම රටවල්වල නිශ්පාදකයින්ගෙන් වැඩි බද්දක් අය කර ගැනීම සිදුකරන අතර ප්‍රංශයේ කාඩ්පත් නිර්මාණය සිදු කරන්නේ හුදෙක්ම ප්‍රංශ රජයේ තනි අයිතිය යටතේය. නිශ්පාදනයේදී සම්පූර්ණ ආදායම ප්‍රංශ රජයට හිමිවේ.



-මිතිල ප්‍රනාන්දු

Saturday, April 23, 2016

කාඩ් කුට්ටමේ ඉතිහාසය - 2 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්.

කාඩ් කුට්ටමෙහි එකේ සිට දහය දක්වා අංකවලින් යුත් කාඩ්පත් සහ රූ සටහන් සහිත කාඩ්පත් සමඟ ඒකරාශී කරමින් කාඩ් කුට්ටම නිර්මාණය ආරම්භ වී ඇත්තේ චීනයේ, අරාබියේ හෝ ඉන්දියාවේ විය හැක. මෙහි ප්‍රභවය පෙරදිය ආසියා රටක් වන බවට කාඩ් කුට්ටමේ රූ සටහන් හා චිත්‍ර සම්ප්‍රදායන් සාක්ෂි දරයි.

  කාඩ් කුට්ටමෙහි දකින හාරත, රුවිත, කලාබර සහ ස්කෝප්ප යන හතර වංශය නිර්මාණය වූ මුල් යුගයේදී කාඩ් කුට්ටමේ කාඩ් පත් 56 ක් පමණ තිබුණි. ආසියා හෙවත් ඒස් (ACE) කොළයේ සිට දහය දක්වා අංක සහිත කාඩ්පත් දහයකුත් වංශ හතරේ රූප සහිත කාඩ්පත් හතරකුත් බැගින් එක් වර්ගයකින් කාඩ්පත් 14ක් තිබුන නිසා රූප කාඩ්පත් හතරෙහි වූයේ රජු, බිසව, ඇමති හා සේවක වශයෙනි.

  නමුත් අද දක්නට ඇති කාඩ් කුට්ටමෙහි සම්පූර්ණ කාඩ්පත් ප්‍රමාණය 52කි. එහි රූ සටහන් අතරින් ඇමති රූපය ගිලිහී ගොස් රූප තුනකට සීමා වී ඇත. ඒ රජු, බිසව හා සේවක ලෙසටය.

 පෞරාණික ඉන්දීය කාඩ් කුට්ටමෙහි රූ සටහන් දහයක්ම තිබුනි. එම දහය නම් කර ඇත්තේ ඔවුන්ගේ දේව විශ්වාසයන්ට එකඟවනසේ විශ්නු දස අවතාරයන්ටය. එහෙයින් පැහැදිලිව පෙනෙන කරුණක් නම් කාඩ් කුට්ටම ඉන්දියාව තුල ව්‍යාප්ත වී ඇත්තේ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන්ට අනුකූලවය.


  ඊළඟ කොටසින් හමුවෙමු.......
    - මිතිල ප්‍රනාන්දු

Friday, April 22, 2016

ගගී නිසදැස් එකතුව - 1 කොටස

පහත සදහන් නිසඳැස් සියල්ල ගංඟා කුමාරි පෙරේරා විසින් පබඳන ලදි.

අහිමි වන තනතුර
සිතා සිය ,
විසල් අන්තපුරයේ
කරනට අගය රිසිසේ
මැලිවු අගරජ, කියමි මෙලෙසේ..,,
වුවත් නුඹ රජ ,සියළු
පුරයේ
නුඹ රජෙක් නොව,
මිනිසෙක්ම පමණකි
මෙමා හට , මා අසල ඇසුරේ.
~ගගී~

 ඔබ ඔ ලෙස
බලන කළ මා දෙස
නොගෙන ලයෙහී හුස්ම
සිතෙයි මට ලියනට
සොදුරැ පද දහසක්
එකවර...,
සම්මතයෙ සිරවිය
වදන් වැල් ගොළු විය
සිතෙහීම වැළලිය
අමතකම කරලිය.
~ගගී~

තරැ නොමැති අදුරේ
ඉකිලලා මා හෙළු
කදුළු මුතු එකතු කර,
මාලයක් ගොතාලා
සිනහවේ ගෙලේ ලා
හැඩ බැලීමි මා
කාලයේ කැඩපතින්.
~ගගී~

මේ විසල් සාදයේ
මී බදූන් උතුරා හැලේ
රොන් උරා බොන බිගුන්
වර්ණ මල් දස අතේ
නෙත් නුරා කැන් ගලයි
මදුවිතින් මත් මතින්
නුරාවයි සුරාවයි
මවයි උන් දිව්ලොවක්
එවන් වූ තුසිතයේ
එක් රැවක් තනිවෙලා
දෑස් අග කදුළතින්
හාත්පස බල බලා
නොසන්සුන් වූ සිතින්
සොයන්නෙ කාවදෝ!
අහිංසක සින්ඩරෙල්ලා!
~ගගී~

දසුන!

මහ බලැති සිංහයෙකු
වුව,
 සත්වෝද්‍යාන
නළුවෙකු වූ පසු,
ඒ තෙදින් පල කිම?
මුදල් දී නරඹා
සතුටු වනවා හැර!
අහෝ කෙසරිදු,
නුඹ නළුවෙකු වූයේ
නුඹෙ කැමැත්තෙන්මද?
~ගගී~


අ( හිමි)

නන් රස මසවුළු තබා
උනු බත් පිඩක්වත්
හිමි නැති මා,
කුමකටද හඩන්නේ
වීදුරැ පළගානකට!
~ගගී~


ඉටු නොවූ ඉල්ලීම!

ඉල්ලුවේ සුළු දෙයයි,
නොදුන්නෙත් ඒකමයි.
පැරදුනෙත් නෑ තමයි
ඒ වුනත් දුක මටමමයි

මිළ කලේ ඔබ මිතුදමයි
මා ලබා දුන් සෙනෙහසයි!
නොතැකුවත් ලෙස මාව කොයි,
අනේ මා නම් එලෙසමයි!
😊😊😊😊😊😊


ලොවේ මේසා
දුක් විපත් පැමිණෙද්දි,
දුක් අදෝනා ඇසෙද්දී
නෑසු කන්ව,
සුවසේ සැපසේ
රන් පිරැවට හැද,
දේවාලයේ වැඩ හිදින,
තිස්තුන් කෝටියක්වූ
මහානුභාව දෙවියන්,
පිළිසරණක් යැද,
මා තැබූ තඹ කාසියට,
සොච්චම් පළතුරැ වට්ටියට,
බැළුම්ලා, ඇළුම් කර,
සවන් දේවිද?
සරණ වේවිද?
~ගගී~


කාඩ් කුට්ටමේ ඉතිහාසය - 1 කොටස

කාඩ් කුට්ටම ප්‍රථමයෙන්ම භාවිතා කරේ චීන ජාතිකයින් යන්න එක් මතයකි. චීනයේ සන්යුහ්රෝ අධිරාජ්‍යයා තම බිසෝවරුන්ට තෑගි දෙන්න කාඩ් කුට්ටම නිපදවූ බවට සාක්ෂි ඇත. එමෙන්ම ක්‍රි.ව. 969 දී තිබෙන වාර්ථා වලට අනුව කාඩ් කුට්ටම ගෘහස්තව ක්‍රීඩා කිරීමට භාවිතා කල බව සදහන් වේ.
( සන්යුහ්රෝ අධිරාජ්‍යා පාලනය පටන් ගත් කාලය - වර්ෂ 1120)

  කාඩ් කුට්ටම නිමිති ශාස්ත්‍රකරුවන් අතීතයේදී යොදාගත් බව තවත් මතයකි. අතීත ඊජිප්තු වැසියන් නයිල් ගඟේ නැගීම් හා බැසීම් පිලිබදව නිමිති බලන ලද්දේ කාඩ් කුට්ටම ආධාරයෙනි. මෙයට භාවිතා කරන ලද්දේ ටැරට් ( Tarot) නම් කාඩ් කුට්ටමකි

 මෙම කාඩ් කුට්ටමේ කාඩ්පත් 88ක් පමණ ඇත. රෑපයක් ඇති කාඩ්පත් 22කි. අංකයක් රහිතව 22 කාඩ් පතෙහි තිබුනේ විකටයාගේ රෑපයයි. අංක සහිත කඩ් පත් 21 න් පෙන්නුම් කලේ  අව්, වැසි, සුළං, භූමිකම්පා, කුණාටු සහ ගංවතුර වැනි විපත්ය. කාඩ්පත් සියල්ල මිශ්‍ර කර, එකක් තෝරාගන්න කියා එයින් යහපත් අයහපත් නිමිති කියයි. මෙම කාඩ්පත්වල මුහුණු තිබ්බේ එක් පැත්තකට හරවාගෙනය. ඊජිප්තු චිත්‍ර වලද මෙවැනිම ලක්ෂණ තිබේ. එමනිසා මෙම ටැරට් කාඩ් පත ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් ලද්දක් බව කිව හැකියි. කාඩ් ක්‍රිඩාවේ තුරුම්පු නැතහොත් ට්‍රම්ප්ස් යන වචනය බිඳී ආවේ ටැරට් යන්නෙන් බව අනුමාන කල හැකියි.

ඊළඟ කොටහින් හමුවෙමු.
- මිතිල ප්‍රනාන්දු

Thursday, April 21, 2016

පෝදා වැදගත්කම

පෝදා වැදගත්කම
ලිපිය සංජු දිල්ශාන්

අද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය  සිදු වූයේ මිදිනයි.මහා වංශයට අනුව බක් මස අමාවක පොහොය දිනයේදී මෙම ලංකාගමනය සිදු වූවත් මේ බාග්‍යවන්ත වූ මාසයේදි අප මෙය සිහිපත් කරයි. බුදුන් වහන්සේගේ කැළනියට වැඩමවූයේ චූලෝදර මහෝදර ගැටුම මැඩ පැවැත්වීමටය.මෙහිදී බුදුන් වහන්සේ ප්‍රතමයෙන් අන්ධකාරයක්ද පසුව ආලෝකයක්ද මවා එතුමන් තුල තිබූ ඉර්දි බලයයෙන් යුද්ධයේ  බිහිසුණු බව ඔවුන්ට උචිතව වටහා දුන්නේය.මෙහිදී ඔවුන්ට විවිධ ජාතක කතා කීපයක්ද ඔවුන්ට දේශනා කලේය.අවසන චූලෝදර මහෝදර දෙදනා බුදුන් වහන්සේ උදෙසා මැනික් පුටුව පූජා කලේය.මෙකල්හී බුදුන් වහන්සේ දෙඋශනා කලේ යුද්ධයෙන් මිදී පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ජනයා සමගියෙන් සිටිය යුතු බව දේශනා කල සේක.මෙලෙසින් බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමන පුවද සැකෙවින්  ඉදිරිපත් කල හැක. ලිපිය සැකසීම
- #සංජු දිල්ශාන්
අක්ශර දෝශ සදහා සමාව ඉල්ලා සිටිමි
(මූලාශ්‍රය-2016.04.21 හිරු නාලිකාවේ දිව්‍ය වංශය රූපවාහිනි සාකච්චාව ඇසුරෙනි)

මුසොලිනි එල්ලා මැරීම (පින්තූරයේ කතාව)

පහත පින්තූරයේ ඉන්නේ මුසෝලිනි, එයාගේ පෙම්වතිය සහ එයාගේ සගයෝ ටිකක්. ඇමරිකන් හමුදාව ඉතාලියේ දකුණේ ඉඳන් ගහගෙන එනකොට මුසෝලිනි උතුරු ඉතාලියේ මිලාන් නගරයේ  ඉදන් ස්විස් border එකට පනින්න හැදුවා. පස්සේ ඉතාලියේම ඉන්න anti-fascist කට්ටිය, මුසෝලිනි ව අල්ලාගෙන, වෙඩි තියලා මරලා. ගෙනාව ඉතාලියේ මිලාන් නගරයේ Piazzale Loreto වලට. මෙතනට රැස් වෙච්ච මිනිස්සු එයාව ඔය විදියට එල්ලලා, ගල් වලින්, තක්කාලි වලින් ගැහැව්වා. පස්සේ ඇමරිකන් හමුදාව ඇවිල්ලා එයාගේ බොඩි එක අරන් ගියා.

කර්තෘ : Frans Madaulli Arachchige

Wednesday, April 20, 2016

මොනාකෝ



මොනාකෝවේ ඇවිදලා ඒ ඇසුරෙන් ලියපු ලිපියක්.
ටිකක් දිගයි

මොනාකෝව ස්වාධින රාජ්‍යයක්.ලොව දෙවැනි කුඩාම ස්වාධින රාජ්‍ය මොනාකෝව. ඒ වගේම ලොව වැඩිම ජන ඝනත්වයක් ඇති රට වන්නේත් මෙයයි. මොනාකෝව පිහිටලා තියෙන්නේ කොතේ ද‘සියෝරේ නම් ප්‍රංශය මධ්‍යධරණි මුහුදට සිමාවන ගිනිකොණදිග කොටසේ. තුන් පැත්තකින් ප්‍රංශයෙන් වටවෙලා තියන මොනාකෝව අනෙක් පසින් මධ්‍යධරණි මුහුදෙන් වටවී පවතින්නේ. මොනාකෝව ලොව කුඩාම වෙරලතිරය සහිත රට.
මොනාකෝවේ අගනුවර මොන්ටේ කාලෝ නුවරයි.

රට පොඩි උනාට ඉතිහාසය නම් පොඩි නැ. මොනාකෝවේ තියනවා රොචරෙ දි මොනාකෝ කියලා ගල් පර්වතයක්. මේකට නැග්ගම මධ්‍යධරණි මුහුද හොදින් නිරික්ෂණය කරන්න පුලුවන්. මෙන්න මේ පර්වතය ගල් යුගයේ පටන් භාවිතා උනා කියලා කියනවා. පසු කාලිනව ඒ අවට පැවැති විවිධ රටවල් පවා මේ පර්වතය අත්පත් කරගත්තා මධ්‍යධරණි මුහුද නිරික්ෂණය කිරිමේ උපාය මාර්ගයක් ලෙස. මොනාකෝ  කියන නම වැටුනේ ක්‍රි.පූ 6වැනි සියවස කාලේදි කියලා තමා කියන්නේ.  හර්කියුලිස් කියන රෝම දෙවියාගේ නවතැන කියලා රෝම වැසියන් මෙය හදුන්වලා තියනවා. මොනාකෝව රෝම අධිරාජ්‍යය යටතේ බොහෝ කාලයක් පාලනය උනා.
ගල් පර්තයේ ස්ථානීය වැදගත්කම නිසා පසුකාලිනව ආක්‍රමණ කිහිපයකට මුහුණ දෙන්න මොනාකෝවට සිදුවෙනවා.  ගිරිමල්ඩෝ කැනෙල්ලා විසින් මොනාකෝව තුල රජපෙලපතක් ආරම්භ කරනවා. වර්තමානයේ මොනාකෝව පාලනය කරන දෙවැනි ඇල්බට් කුමරු පැවගෙන එන්නේද ගිරිමල්ඩෝ පරපුරෙනි. ගිරිමල්ඩෝ වරුන් මොනාකෝව සමෘදිමත් කිරිමට ක්‍රියාමාර්ග ගති. පසුකාලිනව ගිරිමාල්ඩෝ පරපුර හා ප්‍රංශය අතර පවතින සබදතා විටෙක මොනාකෝව තුල අර්බුද පවා ඇතිකලේය. මෙවැනි අර්බුද වලදි සහයට පැමිණියේද ප්‍රංශය විසිනි. විටෙක මොනාකෝ කිරුල වෙනුවෙන් වූ බල අරගලය විසදීමට යම් මැදිහත් වීමක් සිදුකිරිමටද ප්‍රංශයට සිදුවිය.

දෙවැනි ලෝක යුධ සමයේදි මොනාකෝව අපක්ෂපාතික තමා ගැනිමට ඒවකට රජු වූ දෙවැනි ලුවිස් රජු උත්සහ කලා. නමුත් රජුගේම පැවැති සමහර ප්‍රංශ සබදතා නිසා මෙය තරමක් අපහසු විය. දෙවැනි ලෝක යුධයේදි ඉතාලිය මොනාකෝව ආක්‍රමණය කරන අතර පසුව ජර්මණිය මොනාකෝව තමා යටතට ගෙන එහි සිටි යුදෙව් ජාතිකයින් පිටමං කරන්නට විය. මෙසේ අල්ලාගත් බොහෝ යුදෙව්වන් අවුෂ්විට්ස් ඝාතකාගාරයේදි මරණට පත්කෙරිනි. ජර්මනිය පරාජය වීමත් සමග මොනාකෝවද නිදහස් විය.1990 දශකයේ මුල් භාගයේ මොනාකෝව එක්සත් ජාතින්ගේ සාමාජිකත්වය ලබාගත්තේය.

මොනාකෝව ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් ඇති රටක්. රටේ ප්‍රධානියා මොනාකෝ රජ කුමරා වේ. රාජ ප්‍රාප්තිය පිරිමින් අතරින් සිදුවේ.රාජ්‍ය ඇමති ආණ්ඩුවේ ප්‍රධානියා වේ. ජාතික සභාව සාමාජිකයන් 24කින් යුතු වේ. නමුත් විශේෂ ආඥා සම්මත කරන රාජ්‍ය සභාව රාජ්‍ය ඇමතිවරයාද ඇතුලුව සාමාජිකයින් 6කින් යුතු වේ. ප්‍රංශයේ අදිසි හස්තය මෙය තුල පවතින බව නොරහසකි. මොනාකෝව ඒක  දේශපාලන පක්ෂ ක්‍රමයක් පැවැති රාජ්‍යයක් වුවත් පසුව බහු පක්ෂ ක්‍රමයක් ඇතිවිය.

මොනාකෝව සතුව කුඩා යුධ හමුදාවක් ඇතත් ගුවන් හමුදාවක් හෝ නාවික හමුදාවක් නැත. ඊට අදාල සියලුම කටයුතු සිදුකරන්නේ ප්‍රංශය විසිනි.

මොනාකෝව ආර්ථික ශක්තිය අතින් මධ්‍යධරණි කලාපයේ ඉදිරියෙන්ම පසුවන රාජ්‍යයකි. ඉතාම අඩු රැකියා වියුක්තියක් ඇති රාජ්‍යයකි. ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. නමුත් මොනාකෝව යුරෝපා සංගමයේ සාමාජිකයෙක් නොවේ. නමුත් ඔහු යුරෝපා සමුලු වලදි නිරික්ෂකයෙන් ලෙස ඉදිරිපත් වේ.

පෙර කී පරිදි මොනාකෝව සංචාර ව්‍යාපාරය හොදින්ම කෙරෙන රටකි. මොනාකෝව තුල කැසිනෝ ව්‍යාපරය සරුවට සිදුවේ. එහෙමන්ම ෆර්මියුලා වන්  මෝටර් රථ තරග වලටද මොනාකේව ප්‍රකටය.  මොන්ට කාලේ මෝටර් රථ රැලිය සංචාරකයන්ගේ නෙත් බදන ඉසව්වකි.

- රොෂින් ප්‍රනාන්දු

2030 දී අයිස් යුගයක්

#Mini_Ice_Age_in_2030_2030දී_අයිස්_යුගයක්!

චක්‍රීයව කලින් කලට සිදුවන සූර්ය ක්‍රියාකාරිතවයේ අඩුවීම නිසා තව වසර 15කින් එනම් 2030 වසර වනවිට පෘථිවිය කුඩා අයිස් යුගයක් වෙත යොමුවන බව සූර්ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන විද්‍යාඥයින් පවසනවා. මීට පෙර මෙවැනි කුඩා අයිස් යුගයක් මීට වසර 300කට පෙර එනම් 1645දී ආරම්භවූ අතර එය වසර 30ක් එනම් 1715 තෙක් පැවතුනා.

සූර්ය ක්‍රියාකාරිත්වය පිලිබඳව අනාවැකි පලකල හැකි ගණිතමය මොඩල (mathematical models) ආධාරයෙන් විද්‍යාඥයින් මෙම අනාවැකිය පලකරන අතර මෙවැනි මොඩලවල නිරවද්‍යතාවය ඉතා ඉහල තත්වයකට ගැනීමට නූතන පර්යේෂණ හා සූර්යා නිරික්ශණය කරන චන්ද්‍රිකා වලින් ලැබෙන දත්ත ආධාරයෙන් හැකිවී තිබෙනවා.

දැනටමත් මෙම ක්‍රියාවලිය ආරම්භවී ඇති බව පවසන විද්‍යාඥයින් හිරුගෙන් නිකුත්වන තාපය ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවත්, 2030 වනවිට හිරුගේ ක්‍රියාකාරිත්වය 40%කින් පමණ අඩුවෙනු ඇති බවත් පවසනවා. වසර 10-20ත් අතර කාලයක් මෙම අවම ක්‍රියාකාරිත්වයෙන් පැවතී නැවතත් ක්‍රමයෙන් හිරු උණුසුම්වීමට පටන්ගනු ඇති.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

සුද්දෙක් නොකල නිසා යටගැසූ මහා ගවේශනය


#ටිබැට්_ගංගා_ගවේෂණය

ගොඩක් අය නොදන්න, නමුත් වැදගත් ගවේෂණයක් ගැනයි මේ කතාව. උඩින් පල්ලෙන් කතාව කියන්න බැරි නිසා ලිපිය දිගයි.

බ්‍රහ්මපුත්‍ර ගංගාව කියන්නේ චීනය, ඉන්දියාව,බංගලාදේශය යන රටවල් 3 හරහා ගලන ගංගාවක්. ඉන්දියාව යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට ඕනා කලා බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ආරම්භ හොයාගන්න. බ්‍රිතාන්‍යයන් ගග දිගේ උඩට ගවේෂණය කරගෙන යනකොට එයාලාට ගවේෂණයට අපහසු කදුකර කැනියන් එකක් හමුවෙනවා.

 මේ කැනියන් එක තියෙන්නේ ටිබැටයේ. මේ කදුකර සිමාවට ඉහලින් ටිබෙටය දෙසින් තවත් ගංගාවක් ගලනවා. මෙය හැදින්වූයේ සැන්පෝ ගංගාව කියලා. ඉතින් බ්‍රිතාන්‍යයන් විස්වාස කරනවා බ්‍රහ්මපුත්‍ර, සැන්පෝ කියන මේ ගංගා දෙකම එකක් කියලා. නමුත් මේක තහවුරු කරගන්න ටිබෙටයට යන්න බ්‍රිතාන්‍යයන්ය බැ.ඒ කාලේ බ්‍රිතාන්‍ය ටිබෙටය එක්ක යුද්ධකරගෙන හිටියේ. බ්‍රිතාන්‍ය ගවේෂණකයෝ ටිබෙටයට ගියොත්, ටිබෙට් ජාතිකයන් ගවේෂකයන් මරයි කියන සැකය ඔවුන් තුල තිබ්බා.

බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන්ට මේ කාර්ය කල නොහැකි නිසා, සිකිම් මිනිසුන් යොදාගෙන මෙම මෙහෙයුම කරන්න තිරණය කරනවා. මොකද සිකිම් මිනිස්සු ටිබැට් මිනිස්සු වගේ නිසා. මුලින් මුලින් මෙම ගග ගවේෂණයට ගිය පලපුරුද්දක් නැති සිකිම් මිනිස්සු ගෙනාපු කරුණු පරස්පර විම නිසා, බ්‍රහ්මපුත්‍ර සැන්පෝ ගවේෂණය සදහා මින්දෝරු විශය දන්න ‘‘කින්තප්‘‘ කියන සිකිම් ජාතිකයා යොදාගන්න තිරණය කරනවා.

H.J.හර්මන් කියන බ්‍රිතාන්‍ය මිනින්දෝරුවාගේ මෙහෙයවීම යටතේ කින්තප්ට පැවරෙනවා ටිබෙටයට ගිහින් සැන්පෝ ගංගාව ගැන හොයන්න. කින්තප්ට, කැප්ටන් හර්මන් පවරනවා ටිබෙට් රටේ ගලන සැන්පෝ ගංගාවට එහෙ ඉදලා විශේ්‍ෂ ලකුණු යෙදු ලි කොටං දාන්න. මේ ලි කොටන් අල්ලගන්න පිරිසක් ලැස්ති වෙලා ඉන්නවා ඉන්දියාවෙන් ගග ගලන ස්ථානයක. සැන්පො ගගට, ටිබෙට් වලින් දාපු ලි කොටන් බ්‍රහ්මපුත්‍ර ගගෙන් ලැබුනොත්, ඔප්පු වෙනවා සැන්පෝ කියන්නෙත් බ්‍රහ්මපුත්‍ර ගගේම කොටසක් කියලා.

1879 වසරේදි කින්තප්, ටිබෙටයට යන්නේ ලාමාවරයෙක් ගේ සේවකයෙක් ලෙස වෙස් වලාගෙන. නමුත් අතරමගදි මේ ලාමාවරයා කින්තප්ව වහලෙක් ලෙස විකුනනවා. ගවේෂණය පැත්තක දාලා කින්තප්ට වහලෙක් ලෙස වැඩ කරන්න වෙනවා. අවුරුද්දක් පමණ වහලෙක් ලෙස වැඩ කල කින්තප් ගේ වැඩ හොද නිසා වහල් ස්වාමියා කින්තප්ට, නිවාඩු ලබා දෙනවා. නිවාඩු අවස්ථාවලදි කින්තප් තම ගංගා ගවේෂණය කිරිම දිගටම කරගෙන යනවා. කින්තප් විසින් තමන්ගේ ප්‍රධානියා වුන් හර්මන් මහතාට ලිපියක් යවනවා තමන් ඉදිරි දින වලදි සැන්පෝ ගංගාවට ලි කොටන් දමන බවත්, ඒවා ගග පහලදි එකතු කරගන්නා ලෙසත්.

කින්තප් මේ ආකාරයට ගංගාවට කාලාන්තරයකින් යුතුව ලි කොටන් 500ක් දානවා. නමුත් අවාසනාවට කින්තප් යවපු ලිපිය හර්මන්ට ලැබෙන්නේ නැ. මොකද හර්මන් එතකොට නැවත බ්‍රිතාන්‍යයට ගිහින්. කින්තප් ගේ ලි කොටන් දැමිම ඇත්තටම ගගට ඉනි කැපුවා වගේ වැඩක්. නමුත් තමන්ගේ ප්‍රධානිය බ්‍රිතාන්‍යයට ගියා කියලා නොදන්න කින්තප් දිගටම තමන්ගේ ගවේෂණය කරගෙන යනවා. තමන්ට ලැබෙන නිවාඩු වලදි, කින්තප් ලාමාවරුන්ගේ පන්සලකට බැදිලා ආගමික ගමන් මුවාවෙන් දිගටම ගංගාව ගැන කරුණු හොයනවා. අන්තිමේදි කින්තප් විසින්ම හොයාගන්නවා සැන්පෝ ගංගාව හා බ්‍රහ්මපුත්‍ර ගංගාව කියන්නේ එකම ගංගාවක් කියලා. වසර හතරක ගවේෂණයකින් පසුව කින්තප් නැවතත් මේ ගංගාවේ රහස විසදගෙන ඉන්දියාවට එනවා.

නමුත් බ්‍රිතාන්‍ය මිනින්දොරුවන් කින්තප් ගේ මෙම ගවේෂණය පිලිගන්නේ නැ. කින්තප් ගේ ප්‍රධානියා වූ හර්මන් පවා ඉන්දියාවේ නැති නිසා කින්තප්ට කරන්න දේකුත් නැ. මේ තරම් විශාල ගවේෂණයක් තනියම කරපු මිනිසෙක්ව බ්‍රිතාන්‍ය නොසලකා හරිනවා.

කින්තප් ගේ ගවේෂණයෙන් වසර 30කට පසුව, එනම් 1913දි ෆෙඩ්රික් බේලි හා හෙන්රි මෝසැඩ් විසින් නැවත ගවේෂණයක් කරලා සැන්පෝ - බ්‍රහ්මපුත්‍ර එකතුව සොයාගන්නවා. නමුත් මේ ගැන මුලින්ම පරික්ෂණය කරපු කින්තප්ව කිසිම සදහනක් කරන්නේ නැ.
----------------------------------------------------------------------------------------
කර්තෘ: රොෂින් ප්‍රනාන්දු
පලි
ඔබේ අදහස් යෝජාන සදහන් කරනානම් එය රුකුලක්.
ඔබේ ප්‍රතිචාර මත ඉදිරියේදිත් අලුත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා.

Tuesday, April 19, 2016

අඩි 31 දිග දැවැන්ත කිඹුලෙක් හමුවෙයි



      මෙතෙක් පෘථවියෙන් වාර්තාවූ විශාලතම කිඹුල් පොසිලය ටියුනීසියානු කාන්තාරයෙන් සොයාගෙන තිබෙනවා. නැෂනල්් ජියෝග‍්‍රෆික් වෙබ් අඩවිය වාර්තා කළේ මෙම කිඹුල් පොසිලය දිගින් අඩි 31ක් බවයි. වසර මිලියන 120 ක් පැරණි මෙම පොසිලය බස් රථයකටත් වඩා වැඩි විශාල බවද එම වාර්තාවල දැක්වෙනවා. ඉතාලියේ බොලොන්ගා සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම කැනීම සිදුකර තිබුණා. එහි විශාලත්වය අනුව හිස කොටස පමණක් පාදා ගැනීමට පැය 48 ක් ගතවී තිබෙනවා.

මෙම කිඹුලා මිරිදිය කිඹුලකු ලෙස හදුනාගෙන ඇති අතර එම සත්ත්වයාගේ බර රාත්තල් 17 ,500 ක් වන්නට ඇති බවයි ගණන් බලා ඇත්තේ. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම කිඹුලා අඩි 40 ක් පමණ වැඩීමේ හැකියාවක් පැවති සත්ත්වයකු බවද හෙලිකරගෙන තිබෙනවා.
කර්තෘ: මිතිල ප්‍රනාන්දු

යෝධ පිටසක්වල යානාව



ග්‍රහලෝකයක් තරම් විශාල අභ්‍යවකාශ යානා ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දැක ඇතිවාට සැකයක් නැහැ. නමුත් 2015 වසරේදී සත්‍ය වශයෙන්ම එවැන්නක් සොයාගත් බවට ආරංචි පැතිර ගිය. එය සිදුවුනේ  KIC 8462852 නමැති තාරකාවෙන් නිකුත්වන ආලෝක තත්වයේ සාමාන්‍ය වෙනස්වීමක් නිර්ක්ෂණය වීමත් සමගයි.  මෙලෙස තරුවක ආලෝකය නිකුත් වීම වෙනස් වන්නේ එයවටා ග්‍රහලෝකයක් ගමන් ගන්නේ නම් හෝ එය අසන්නේයෙන් වෙනත් තරුවක් ගමන්ගන්නේ නම් යන කරණා දෙක නිසාවෙනි. නමුත් මෙම කාරනා දෙකම නොමැතිව ඉහත තරුවේ ආලෝකයේ වෙනස්වීම නිර්ක්ෂණය වීම පුදුමයට කරුණක් වුනා.

බොහෝ දෙනා විශ්වාශ කලේ එය පිටසක්වල ජීවින් විසින් නිර්මාණය කරන ලද කිසියම් විශාල යානාවක් වන්නට පුළුවන් බවයි.  නමුත් අවසානයේදී සත්‍ය අනාවරණය වුනා. එනම් මෙමෙ සිදුවීමට හේතුව එකට ගමන් කරන උල්කාපාත ගොන්නක් මෙම තාරකාව වටා ගමන් කිරීමයි.
කර්තෘ: Aluth Pushparatna

විදුලියෙන්ම ජලය පුරවා විදුලිය හදන බලාගාර



+ විදුලියෙන්ම ජලාශයට ජලය පුරවා,එම ජලයෙන් ජල විදුලිය උත්පාදනය කරන තාක්ෂණයක් පවති. මෙය Pumped-storage hydroelectricity (PSH) ලෙස හදුන්වයි.
මෙම ජලාශ වලට ජලය පිරවීමට, විටෙක මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලියට වඩා වැඩි විදුලියක් වැය වේ.

+ හදන විදුලියට වඩා වැඩි විදුලියක් පරිභෝජනය කරනවානම් මොකක්ද මෙම බලාගාර වල ඇති ඵලය?
- මෙහෙමයි. විදුලි ඉල්ලුම වැඩි වශයෙන් පවතින වෙලාවලදි, ගල්අගුරු, ඩිසල් බලාගාර මගින් විදුලි උත්පාදනය කිරිම පාඩු දායකයි. ඒ වෙලාවට PSH බලාගාර බාවිතා කරලා ලාබදායි ජලවිදුලිය නිපදවලා විදුලි පද්ධතියට එක් කරනවා.
ඒ වගේම විදුලි ඉල්ලුම අඩු(ඔෆ් පික් ඩිමාන්ඩ්) අවස්ථාවලදි විදුලි ඉල්ලුම අඩු නිසා, සුලං ටර්බයින, සූර්ය පැනල වලින් සාදන විදුලියේ අතිරික්තයක් එනවා. අන්න ඒ අතිරික්තයක් ආපු වෙලාවට ඒ විදුලිය භාවිතා කරලා PSH බලාගාර වල ජලාශ වලට ජලය පොම්ප කරනවා. ඇත්තටම බැලුවොත් මේක විදුලි කලමනාකරන උපායමාර්ගයක්. ඒ වගේම ලාබදායක ක්‍රමයක්.

+ PSH මුලින්ම භාවිතා උනේ කොහේද?
- පලමුව භාවිතා වෙන්නේ ඉතාලිය හා ස්විස්ටර්ලන්තය වැනි රටවල. දැන් නම් ලොව පුරාම පැතිරිලා තියනවා.

+ පොම්ප කරලා ජලාශ පුරවන නිසා, මුහුදු ජලය උනාත් යොදාගන්න ජල විදුලිය නිපදවන්න මේ ක්‍රමයෙන් පුලුවන් නේද?

- ඔව්. මුහුදු ජලය යොදාගන්නා පලමු PSH බලාගාරය සැදුවේ ජපානයේ ඔකිනාවා වල යන්බාරූ බලාගාරයේ. එයින් දැනට 30 MW ක විදුලියක් ජනනය කරනවා.
 දැන් දැන් පරික්ෂණ කරනවා උදම් රල යොදාගන්න. වඩදිය අවස්ථාවේදි ජලය ගබඩා කරගෙන, බාදිය අවස්ථාවේ ජලය නිදහස් කරලා විදුලිය නිපදවන්න. මෙහි වාසිය තමයි පොම්ප කරන්න යන විදුලියත් ඉතිරිකරගන්න පුලුවන්. ප්‍රංශයේ මෙවැනි බලාගාර තියනවා.


-රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
_______________________________________________
ලිපි පිලිබදව  යෝජනා චෝදනා දක්වන්නේ නම් එය රුකුලකි.
එය ලිපි දැමීම සදහා දිරිමත් කිරිමක්ද වන්නේය.
ස්තුතියි

විල් ජලය පුපුරා යාම

#විල්_ජලය_පුපුරා_යෑම
#කලාතුරකින්_සිදුවන_අතිශය_භයානක_අනතුරක්

ගොඩක් දෙනෙක් නොදන්න කතාවක්.
විශාල විලක තියන ජලය එකවරම පුපුරා යන්න පුලුවන් කියලා කිව්වොත් යාලුවෝ පුදුම වෙන්නත් පුලුවන්. නමුත් මේ පිපිරිම නිසා සුනාමියක් වගේම, ඊටත් වඩා භයානක අනතුරක් ඇතිවිම නිසා විශාල හානියක් සිදුවෙනවා. මෙහෙමයි මේක වෙන්නේ.

ලෝකයේ අක්‍රිය ගිනිකදු ආවාට වල ජලය එකතු විමෙන් විල් සැදෙනවා. මෙම ගැබුරු විල් පතුලට යටින් ඇති මැග්මා වලින් පිටවන CO2 (කාබන්ඩයොක්සයිඩ් වායුව) විලේ ගැබුරේ පතුලේ ජලයට එක් වෙනවා. මෙසේ ජලයට එක්වන CO2 වායුව, ඉහල ජල ස්කන්ධයේ පීඩනය හේතුවෙන් ජලය මතුපිටට නොපැමිණ විලේ ජලයේ දියවෙනවා. සමකාසන්න නොවන විල් වල ශීත කාලයේදි ජලය සිසිල් වි ඝන විම නිසා ජල ස්ථර මාරු විම හේතුවෙන් එවැනි විල් වල මෙසේ CO2 තැම්පත් වීම අවමයි. නමුත් වසර මුලුල්ලේ එකම උෂ්නත්වයක පවතින සමකාසන්න විල් වල මෙය සිදුවෙනවා.

දැන් විල හරියට සෝඩා බෝතලයක් වගේ. උඩින් යෙදෙන පීඩනය නිසා තමයි CO2 සිර වෙලා තියෙන්නේ. නමුත් විල තුල හදිස්සියේ ඇතිවන පීඩන වෙනස්කම්ක්, උෂ්නත්ව වෙනස්කමක් හෝ විල් පතුලට එක්වන CO2 ප්‍රමාණයේ අධික වැඩිවිමක් හේතුවෙන් විලෙහි ජලයේ වූ CO2 එකවරම නිදහස් වීමෙන්, විලේ ජලය අධික වේගයෙන් විසිරි පුපුරා යෑමක් වෙන්න පුලුවන්. හරියට සෝඩා බෝතලයක් එක්වර විවෘත කලා වගේ.

මේ පිපිරිම නිසා සුනාමි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්.මෙසේ ඇතිවන සුනාමි රල අඩි සිය ගනනක් උසට නැගෙන්න පුලුවන්. නමුත් මේ පිපිරුම භයානක වෙන්නේ මෙයින් පිටවන අධිග CO2 ප්‍රමාණය හේතුවෙන්. මෙසේ පිටන අධික CO2 වායුව ප්‍රමාණය නිසා හුස්ම ගැනිමේ අපහසුව ඇතිවි විශාල ජිවින් පිරිසක් මිය යන්න පුලුවන්. ඇතිවන සුනාමියට වඩා CO2 පිටවිම දරුණු වෙන්නේ මේ නිසා.

කැමරූන් වල පිහිටි මොනෝන් විල 1984 පිපිරියැමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.1986 වසරේදි මේ ආකාරයටම නියෝස් විල පුපුරා යෑමෙන් පුද්ගලයින් 1700කට ආසන්න පිරිසක් හා සතුන් 3500කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. බහුතරයක් දෙනා මියගියේ විලෙන් පිටවූ CO2 හා වෙනත් විෂ වායු වර්ග ආඝ්‍රහණයෙන්.

දැනට හදුනාගෙන තියනවා කොංගොව හා රුවන්ඩාව අතර තියන ‘කියු විල‘ මෙසේ පිපිරිමට හැකියාවක් තියන විලක් කියලා. කියු විල පෙර පිපිරු විල් වලට වඩා 2000 ගුණයක් පමණ විශාලයි. ඒ වගේම විල තුල CO2 වලට අමතරව මිතේන් වායුවත් රැස් වෙනවාලු. විල පිහිටා තියෙන්නේ ජනාකිර්ණ ප්‍රදේශයක බැවින් පුපුරා ගියොත් වන හානියක් අධිකයි.

මෙසේ පුපුරායැමේ අවධානමක් ඇති අප්‍රිකානු විල් වායුහරණය කිරිමට විවිධ පරික්ෂකයන් උත්සහ කලත්, විල් වල විශාලත්වය හා අප්‍රිකානු රටවල් අතර ඇති යුද්ධ මෙම වායුහරණ ක්‍රියාවලි සිදුකිරිමට දැඩි බලපෑමක් එල්ල කරණවා.

කර්තෘ: රොෂින් ප්‍රනාන්දු


ආයුබෝවන් හස්ත මුද්‍රාව



අවුරුදු කාලෙත් ලගයිනේ. නිතර දකින දෙයක් තමා ආචාර කිරිම. ඔයාලා දෑත් එක් කරලා ආචාර කරනවා දැකලා ඇති, ඒ වගේම කරලාත් ඇති.
නමුත් ඔයාලා දැනන් හිටියාද මෙම ආචාර කරන හස්ත මුද්‍රාවේ වැදගත්කමකුත් තියනවා කියලා.

දෑතේම අත්ල එක්වන සේ ආචාර කරනකොට, නිරායාසයෙන්ම දෑතේ ඇගිලිත් එක් වෙනවා. මේ අැගිලි එක්වන විට ඇගිලි වල අග තෙරපි පීඩන ප්‍රතිග්‍රහක උත්තේජනය වෙනවා. මෙයින් ඇසේ වගේම මොලයෙත් විශේෂ ස්ථාන උත්තේජනය වීම නිසා අප දකින පුද්ගලයා දීර්ඝ කාලයක් මතක තබා ගත හැකියි කියලා විද්‍යාඥයින් පවසනවා.
ඒ වගේම පෙරදිග ක්‍රමයන්හිදි වගේ අතට අත දිමක් නැති නිසා විසබීජ හුවමාරුවකුත් නැනේ. :D :D :D
අපේ සංස්කෘතියෙන් අපිට ලැබුනු දායාදයන් හරිම පුදුමයි නේද?
කර්තෘ: රොෂින් ප්‍රනාන්දු

කිඹුල් ඇම සඳහා ලමුන් ඕනෑකර තිබේ



‘‘කිඹුල් ඇම සදහා ලමුන් ඕනැකර තිබේ... පණපිටින් නැවත භාරදෙන්නෙමු...‘‘

මෙය 19 වැනි සියවසේ මෙරට පලවූ Ceylon Catholic Messenger වැනි පුවත්පත් වල බහුලව තිබු ශිර්ෂපාඨයකි.

යටත් විජිත සමයේ මෙරට පාලනය කල බ්‍රිතාන්‍ය ජාතිකයන් දඩයමට මහත් කැමැත්තක් දැක්වූ පිරිසකි. ඔවුන්ගේ දඩයමින් ගැලවීමට මෙරට සිටි කිබුලන්ටද නොහැකි විය. කිබුලන් දඩයමේදි මස් ගොඩකට වඩා සජිවි දරුවකු වඩා ගැලපෙන බව ඉංග්‍රිසි දඩයක්කරුවන් ට වැටහි ගොස් තිබිනි. ඒ නිසා දරුවන් යොදාගෙන කිබුලන් දඩයමට ඔවුන් යොමුවිය.

දරිද්‍රතාවයෙන් පෙලෙමින් සිටි එකල සිංහල පවුලකින් දරුවෙකු ඇම සදහා කුලියට ගැනිම අපහසු නොවු බව කියැවේ. එකල දෙමාපියන් දිනකට සිලින් දෙකක මුදලකට සතියට දින හතරක් දක්වා ඇම සදහා දරුවන් කුලියට දීම සිදුකර ඇත. කිබුල් දඩයක්කරුවන් ගේ ඉලක්කය ගැන එකල මෙම දෙමාපියන්ට හොද විස්වාසයක් තිබු බව සිතිය හැක. ඉලක්කය වැරදි ගියොත් තමන්ට දරැවාද නැතිවේ.

දරුවා රැගෙන යන දඩයක්කරු ගංඉවුරේ දරුවා ඇම ලෙස ගැටගසා සැගවී කිබුලා එනතුරු බලාසිටි. ඇම පසුපස එන කිබුලා ඇමට ලගාවෙත්ම ඉලක්කය ගෙන කිබුලා මරා දමා සම හා හිස කොටස වෙන්කරගන්නවා දඩයක්කරුවන්, කිබුලාගේ ඉතිරි කොටස් දරුවාට ලබාදුන් බව පැවසේ. සමහර දඩයක්කරුවන් එක දිනකදි එක් ලමා ඇමක් යොදාගෙන කිබුලන් සතර පස් දෙනෙක් දඩයම් කරගත් අවස්ථාද තිබේ.

ලමා ඇම යොදාගෙන දඩයම් කිරිම ලංකාවට අමතරව ඉන්දියාවේද බ්‍රිතාන්‍යයන් විසින් සිදුකර ඇත. ඉන්දියාවේදි නම් ලමයින් නැවත බාරදෙන ලෙස දඩයක්කරුවන්ගෙන් දෙමාපියන් තරයේ ඉල්ලා නොසිටි අවස්ථාද තිබෙන බව පොත පතෙහි සදහන් වේ.


කර්තෘ: රොෂින් ප්‍රනාන්දු

ලෝක විනාශය විව්ධ ආගම් හා වියතුන් දුටු ආකාරය



" par quarante ans I' Iris n' apparoistra
Par quarante ans tous les jours sera veu
La Terre aride en siccite croistra
Et grand deluge quand sera apparceu.( for 40 years the rainbow will not seen.
For 40 years it will seen every day.The dry earth will grow more parched, and there will be great floods when it is seen)
මෙහි පලමු පදයට අනුව වසර 40 ක් දේදුන්න නොපායයි. ඒ අනුව වසර 40 ක් වැස්ස නතර වේ. එවිට ඇතිවන මහ සාගතයේදි මහා විනාශයක් ඇතිවිය හැක. මිනිසා සාගර ජලය පවා බොන්නට ගනීවි. දෙවැනි පේලියෙන් කියන්නේ එය ගෙවුනු තැන එක
දිගට වසර 40 ක් මහා ධාරාණිපාත වැසි වසින බවයි, ඉන් ඇතිවන ජල ගැල්මෙන් පෘඵිවියම විනාශ විය හැක. එසේම ඔහු ලෝක විනාශය සිදුවන්නෙ කවදාද යන්නද මෙලෙස සටහන් කර ඇත.
"Vingt ans du regne de la lune passez
Sept mil ans autre tlendra Sa monarchie.
Quand le soleil Prendra ses jours laissez
Lors accomplit a fine ma prophecie "
( 20 years of the reign of the moon have passed
7 thousand years another will hold his monarchy
When the Sun will reach it's tired days
Then my prophecy is accomplished and finished)
ඉහත දැක්වූ විනාශයට මුල, අනිත් තරැ විනාශ වන්නාක් මෙන්ම සූර්යයාගේ බලශක්තියද විනාශ වී ග්රහලෝක පද්ධතිය තම ගුරැත්වාකර්ෂණයේ රදවා ගන්නට නොහැකි දින ඉන් පෘඵිවිය මිදෙයි, යන. මෙහි අරැතයි.මෙය සිදුවිය හැක්කෙ ක්රි:ව 7000 දි බව ඔහුගෙ විශ්වාසයයි.
මෙසේ ලෝක විනාශය ගැන වියතුන් විවිධ අර්ඵකඵන දී තිබේ.
" ක්රි: 2000දි ලෝකයේ ගැහැණුන්ගේ හිසකෙස් වර්ණය තැඹිලි හෝ දම් පැහැයක් ගනු ඇත"
ආචාර්ය ජෝසප් ෂුල්ට්ස්
😊 මේ වනවිට අද කාන්තාවන්ගේ හාස්‍යජනක හිස් වර්ණ ගැන්වීම් දෙස බලන විට එය සත්‍යයක් වන බව කාටවුවත් කිව හැක.
තවත් විවිධ වූ දාර්ශනික මත මේ ආකාරයට ඉදිරිපත්ව ඇත. ඒ අනුව මිනිසාද ක්රි:ව 6999 වන විට බුද්ධි හීනත්වයට පත්ව තිරිසන් සතුන් හා සම වන බවද, ඊට හේතු ලෙස අනාගතයේදි සිතීමේ ශක්තිය මෙහෙයවා වැඩ කළ හැකි කොම්පියුටර් හා රොබෝ යන්ත්ර නිපදවෙන බවත්, ඊට වහල් වන මිනිසා තම
චින්තන ශක්තිය දුර්වල කර ගැනීමයි.මෙසේම ලාංකාවේ වාසය කළ අග්රගන්‍ය ජ්‍යේතිෂ් ශාස්ත්රපති එස්. ඩබ් කස්තුරිරත්න මහතාද ලංකාව හා ලෝකය හෙට ගැන කරැණු රැසක් එතුමා රචිත පොත්වල දක්වා ඇත. එතුමාට අනුව බුද්ධ ශාසනය තුළ සංග පරපුරේ පිරිහීමද, එමෙන්ම බුදු සසුනේ උගතුන් මිස පිළිපදින්නන් අනාගතයේදි බිහිනොවන බවත් පවසා ඇත.


මුල් කොටසේදි විවිධ වියතුන්, මෙය සිදුවන ආකාරය පිළිබද කළ අනාවැකි පෙන්වා දුන් හෙයින්, මේ කොටසින් විවිධ ආගම් එය විග්රහ කරන ආකාරය බලමු. මෙහිදී , බුදු දහමෙහි විග්රහය ගෙන බලමු"
දික්සගියේ පාටිකා සූත්රයේදි, ගෞතමයන් වහන්සේ , භග්ගවගොත්ත නම් පිරිවැජියෙකුට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළේය " බොහෝ කාලයකින් පසු පෘඵිවිය විනාශ වන බවත්,එහිදී මියයන බොහෝ සත්ත්වයන් ආභස්සර ඹඹලොව ඉපදෙන ආකාරයත්" පෙන්වා දේ.
එසේම දීඝ නිකාය- අංගන්න ( සමාවන්න) සූත්රයේ පෘඵිවි ජීවය ඇතිවූ ආකාරයත් එම ජීවින් ක්රක්රමයෙන් විවිධ පරිවර්තනයන්ට ලක්වී නැවත විනාශ වන ආකාරයත් පෙන්වා දී ඇත.මහ යුගයක් අවසානයේ පෘඵිවිය ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුළගින් විනාශ වන
බවත් , ඊට පෙර මිනිසාගේ ආයුෂද පහල බසින බවත්, ගුණ නුවණ පිරිහෙන බවත් සදහන්ව ඇත. බුදුන් සමයේ විසු මනුෂ්‍යයන්ගේ ශරීර ප්රමාණ එදා දැක්වූ ලෙස මීට වඩා හාත්පසින්ම වෙනස් උස ශරීර ප්රමාණ බව අපට පොතපත කියවන විට පෙනී යයි. මෙසේ පරමායුෂ අඩුවන මිනිසා, ඔවුන්ගේ කෙටි ජීවිත කාලය තුල පංච කාම වස්තූන් ලබා ගැනීමට තරග වැද ජීවිත රැසක්ම විනාශ වන බව බුදු දහමේ පෙන්වා දෙයි.
එසේම කිතු දහමේද ලෝක විනාශය පිළිබද කතා කරයි. ක්රි:පූ 3000 දි පමණ මෙසපොතේමියානු ශිෂ්ඪාචාරය විශාල ජල ගැල්මකින් විනාශ වී තිබේ , මේ අවස්ඵාවේ දෙවියන් වහන්සේ නෝවා අමතා මෙසේ ප්රකාශ කළ බව බයිබලයේ සදහන් කරයි:-
" සියළු ජීවින්ගේ අවසානය එළඹ ඇත. ලෝකය අධර්මයෙන් හා පාපයෙන් පිරී ඇති නිසා මම ඔවුන් සමග ලෝකයම විනාශ කර දමමි.නුඹ විශාල යාත්රාවක් තනා ගන්න , මම දින 40 ක් නොකඩවා
වස්නා මහ මේඝයක් ඇති කර මා මැවූ සියල්ල සමග ලෝකයද විනාශ කරමි."
පුරාණ වේද ග්රන්ඵ රචනා කළ පඩිවරැද, මහ යුගයක් අවසානයේ ලෝක විනාශය සිදුවන බව මත පල කර ඇත. මෙම මහ යුගයක් යනු සූර්යග්රහ මණ්ඩලයේ ඇති සියළුම ග්රහයින් හට ක්ෂිරපඵයේ මධ්‍යය වටා පරිභ්රමණය වී වටයක් යාමට ගතවන කාලය යයි පෙන්වා දෙයි. එසේ යාමට ගතවන කාලය ඉතා දිගය. අප මේ ගත කරන මහ යුගය 28 වන මහ යුගය බවද, එම මහ යුගයද කොටස් 4 කට මෙසේ බෙදා ඇත:-
1. කෘත යුගය
2. ත්රිත යුගය
3.ද්වපර යුගය
4. කලි යුගය
ඒ අනුව අප මේ ගත කරන්නේ 28 වන මහ යුගයේ " කලියුගයේ "ආරම්භයෙයි.
නවීන විද්‍යාත්මක මතය අනුව පෘඵිවියේ ජීවයේ සම්බවය ඇතිවූයේ අවු. මිලියන 4.5 කට පෙරදී බව පවසයි.එයද අනාගතයේදි විද්‍යාත්මක දියුණුව අනුව වෙනස් විය හැක, ජීවය ඇතිවීම පිළිබද විවිධ මත අතර, විශ්වයේ වෙනත් ග්රහලොවකින් හෝ වල්ගා තරැවකින් ජීවය පැමිණි බව හෝ,පෘඵිවියේ ඇතිවූ රසායනික පරිණාමයක ප්රඵිපලයක් ලෙස ජීවය ඇතිවූ බවයි. මෙයද මුල හෝ අග නොවේ. විදුධරයන්ගේ මතය අනුව තව අවුරැදු ගනනාවකින් සූර්යයාද මල තාරකාවක් බවට පත්වන බවයි. අප අයත් ග්රහලොවට ශක්තිය සපයන සූර්යයා කෙදිනක හෝ නිවී ගියහොත්?එවිට අපට කුමක් වේද? සූර්යයා අපට ආලෝකය සපයන්නේ එහි තුල දැවෙන ශක්තිය නිපදවීමට අවශ්‍ය හයිඩ්රජන් හීලියම් බවට පත්කරවන තාක් පමණි. අමුද්රව්ය නිමාවන දිනක් පැමිණේවි, එදින සූර්යයාද සමග අපද විනාශ වනු ඇත. විශ්වයේ අවිනිශ්චිත ස්වභාවය මහා දාර්ශණිකයෙකු ගෞතමයාණන් වහන්සේ මෙසේ දක්වා ඇත:-
" වෙනස්වන විශ්වයේ වෙනස්නොවන එකම දේ වෙනස්වීමයි!"
ඒ අනුව ලෝක විනාශයද සමග සත්ව සන්නතියේ විනාශයද ස්ඵිරය. නමුත් එය අවසානය නොවේ, නැවත ජීවය බිහිවේවි.
කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

Monday, April 18, 2016

අධෝ වාතයෙන් ලොව ජයගත් මිනිසා

 රූපයෙහි දැක්වෙන්නේ ''අධෝ-වාතයෙන්" ඉටි පහනක් නිවා-දමන පුද්ගලයෙකි. ල' පෙටමෙයින් යනු ප්‍රංශ ජාතික වෘත්තීය ''අධෝ-වාතය නිකුත් කරන්නකු" ද රංගන ශිල්පියකු ද වූ ජෝසෆ් පුජෝල් ගේ වේදිකා නාමය යි. තම උදර පේශි
පාලනය කිරීමෙහි ලා තිබුණු අද්විතීය හැකියාව සම්බන්ධයෙන් හෙතෙම ප්‍රකට වැ හිණි. ඒ හැකියාව නිසා ඔහුට සිතෙන ඕනෑ මැ වේලාවක අධෝ-වාතය පිට කළ හැකි විය. ඔහු ගේ වේදිකා නාමයෙහි අරුත වන්නේ "අධෝ-වාත-උම්මත්තකයා" වැනි දෙයකි. සිය වේදිකා රඞ්ගනයේ අඞ්ගයක් ලෙසින් ඇත්ත වසයෙන් මැ  අන්ත්‍රවලැ වූ වායුව පිට කිරීමට ඔහු සමත් යැයි එ කල පැතිරැ තිබූ වැරැදි අදහසකි. ඇත්තෙන් මැ, ඔහුට හැකියාවක් තිබුණේ සිය ගුදය තුළට වාතය ''ආශ්වාස කැරැ"
සිය වක්‍රපිධානය ම‍ඟින් එය පාලනය කොටැ අවශ්‍ය පරිදි පිට කිරීමට යි. මෙ සේ පිට වන වාතයෙන් නොයෙකුත් නාද රටාවන් මැවීමට ද හේ සමත් විණි.

ජෝසෆ් පුජෝල්ට අධෝ වාතය විතරක් නෙමෙයි, භාජනයක තියෙන වතුර වුනත් මේ විධියට ගුදය තුළට අරගෙන යාර ගණනක් ඈතට විදින්න පුලුවන්කම තිබුණා.අධෝ වාතය පාලනයකින් පිට කරන ගමන් සතුන්ගේ ශබ්ද මතුවෙන විධියට ඒක කරන්නත් මෙයා උත්සාහ කරලා තියෙනවා.
ජෝසෆ් පුජෝල්ට අධෝ වාතය විතරක් නෙමෙයි, භාජනයක තියෙන වතුර වුනත් මේ විධියට ගුදය තුළට අරගෙන යාර ගණනක් ඈතට විදින්න පුලුවන්කම තිබුණා.අධෝ වාතය පාලනයකින් පිට කරන ගමන් සතුන්ගේ ශබ්ද මතුවෙන විධියට ඒක කරන්නත් මෙයා උත්සාහ කරලා තියෙනවා. 
කර්තෘ: උපාලි කන්නංගර


David Ben Gurion

1886.ඔක්තෝම්බර් 16 වන දින ඉපදුණු මොහු poland ජාතිකයෙකි.ප්‍රභල යුදෙව් වාදි පුද්ගලයෙක් වන එතුමා නිදහස් ඊශ්‍රායලයෙ පලමුවන අගමැති තුමා වගෙම ආරක්ෂක අමාත්‍යවරයාද වෙනවා.
Israel Defense Forces
Mossd
Rafi
Nahal
Kiryath Brigade
Carmeli Brigade
යන සන්විධාන ප්‍රතිස්ථාපිත කරනලද්දෙ මෙතුමාගේ මුලිකත්වයෙන්.ජාතියෙ පියා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලද එතුමා අවුරුදු 87 ආයු වළදා 1973.දෙසැම්බර් මස පළමුවනදා ජිවිතයෙන් සමුගන්නෙ ඊශ්‍රායල් ජනතාවගෙ හදවත් තුල නොමැකෙන නායකයෙක් ලෙසිනුයි.ඔහුට ගරු කිරිමක් ලෙස ඊශ්‍රායලය ගුවන්තොටුපළ හදුන්වනු ලබන්නෙ Ben Gurion Airport ලෙසය.
කර්තෘ: අමිතා ශ්‍රීමතී

Sunday, April 17, 2016

ගොත් උප සංස්කෘතිය


. මේ සංස්කෘතිය වැළද ගත් තරැණ කණ්ඩායම් බොහෝ රටවල ඉන්නවා. තරමක් පැරණි වුවත් මොවුන් කරලියට පැමිණියේ 1980 දි පමණ එංගලන්තයේ රාත්රී සමාජ ශාලා ආශ්රිතව , විශේෂයෙන් " බැට්කේව්" සමාජශාලාව ආශ්රිතව , එවකට පැවති පන්ක් රැල්ලට පසුගාමීව බිහිවුන බව පවසයි. මේ අය මහ අමුතු ගතිගුණ ඇති අය, භයානක චිත්රපට නැරඹීම, ඒවායෙ රගපෑම, විශේෂවූ රොක් ශෛලියක් ( ගොත් රොක්) අනුගමනය කිරීම, වගේම විවිධවූ අපරාධ සදහාද මොවුන් සම්බන්ධයි.තද කළු ඇදුම් ප්රිය කරන මොවුන්, ඊට අමතරව විකාර රෑපි ලෙස මුහුණු පින්තාරැ කරගෙන පිරිමින්ද ගැහැණුන් සේ පෙනී සිටි.යුරෝපයේ, ප්රධාන වශයෙන් ජර්මනියේද, ජපානයේද මොවුන්ගේ දිනය වූ මැයි 24 විශේෂ උත්සව, පෙරහැර පවත්වයි. අදුරට ඉතා ප්රිය කරන මොවුන් අතර නොයෙක් උගතුන්, සංගීත ශිල්පීන් , නළුවන් වැනි ප්රසිද්ධ අයද සිටිති.මොවුන් 1994-96 තැනු Crow horror movies,The color remake of of Nosferatu the Vampire වැනි චිත්රපටවල රගපෑමද, එසේම මොවුන්ගෙන් සෑදුනු ජනප්රිය සංගීත කණ්ඩායම්( Bauhaus, Siouxsie and the banshees, the sisters of mercy, Dead can dance) ද ඇත.
කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා 

Saturday, April 16, 2016

එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක්බියර්ඩ්

#එඩ්වඩ්_ටීච්_නොහොත්_බ්ලැක්බියර්ඩ්


 එඩ්වඩ් ටීච් නොහොත් බ්ලැක් බියර්ඩ් යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇමරිකා ජනපදවල නැගෙනහිර වෙරළේ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි මුහුදු මංකොල්ල කරුවෙකි. ඔහු උපන්නේ 1680 දී එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී බවයි සැලකෙන්නේ..
 
   මොහු 1716 දී පමණ බෙන්ජමින් හෝනිගෝල්ඩ්ගේ නාවික කණ්ඩායමට බැදුණි. පස්සෙ කාලෙකදී හෝනිගෝල්ඩ් අල්ලගත්ත නැවක අණදෙන නිලදාරියා වශයෙන් එඩ්වඩ් ටීච්ව පත් කලේය. කාලයාගේ ඇවෑමෙන් හෝනිගෝල්ඩ් කොල්ලකාර ජීවිතයට විශ්‍රාම දීමට තීරණය කලේය. මෙයින් ටීච්ගේ පාලනයට තව නැවක් ලැබුනේය.( හෝනිගෝල්ඩ් ඇණදුන් නැව) ටීච් විසින් ප්‍රංශ වෙළෙඳ වැවක් අල්ලා ගෙන එය ක්වීන් ඈන්ස් රිවෙන්ජ් ලෙසින් යළි-නම්කොට, එහි කුවක්කු 40 ක් සවි කළේය.

  ඔහු බොහෝ ප්‍රසිද්ධ මුහුදු කොල්ලකරුවෙක් වූ අතර, ඔහුගේ විරුදනාමය ව්‍යුත්පන්න වී තිබුණේ ඔහුගේ ඝනට වැඩී තිබුණු කඵ රැවුළ සහ බිය උපදවන පෙනුම නිසාය; ඔහුගේ සතුරන් බියගැන්වීම සඳහා දැල්වූ ‍සේව නූල් තම තොප්පියට ‍යටින් සවි කර ගෙන සිටි බව කියැවේ. මුහුදු කොල්ලකරුවන්ගේ සන්ධානයක් පිහිටවූ ඔහු චාර්ල්ස්ටන්, දකුණු කැරොලයිනා වරාය වටලා අවරෝධ පැනවීය. එහි වැසියන්ගෙන් සාර්ථක ලෙසින් කප්පම් ලබා ගැනීමෙන් පසුව, ඔවුන් වෙතින් ක්වීන් ඈන්ස් රිවෙන්ජ් නැව, උතරු කැරොලයිනාවේ බෙයිෆර්ට්හී වැලි කන්දක ඇමිණිනි.

බොනට් හා පැවති ව්‍යාපාරික සම්බන්ධතාවයෙන් මිදුණු ඔහු, බච් නගරයේ පදිංචිවූ අතර, එහිදී ඔහු රාජකීය සමාවක් බාර ගත්තේය. එහෙත් යළි මුහුදු කොල්ලයේ යෙදීම ඇරඹූ ඔහු පිළිබඳ අවධානය වර්ජීනියාවේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ස්පොට්ස්වුඩ් වෙත ඇති විය. මුහුදු කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා සොල්දාදුවන් හා නාවිකයන් කණ්ඩායමක් පිළියෙල කිරීමට ස්පොට්ස්වුඩ් යුහුසුළුවූ අතර, 22 නොවැම්බර් 1718 වන විට එසේ කිරීමට ඔවුහූ සමත් වූහ. දරුණු සටනක් තුලදී, ලුතිනන් රොබට් මේනර්ඩ් විසින් මෙහෙයවුනු නාවිකයන් කුඩා බලකායක් විසින් ටීච් සහ ඔහුගේ පිරිස මරා දැමිණි.

සූර සහ කපටි නායකයෙකු වූ ටීච්, බලය යෙදීම බැහැර කොට, ඒ වෙනුවට ඔහුගේ බියජනක පෙනුම භාවිතා කොට ඔහු විසින් සොරකමට පාත්‍රවූවන්ගෙන් බලාපොරොත්තු වූ දේ ලබා ගති. සාම්ප්‍රදායික ක්‍රෑර මුහුදු කොල්ලකරුවෙකු ලෙස ඔහු වර්තමානයේ දැක්වීමට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ඔහුගේ යාත්‍රා වලට අණ දීමේදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සහය ඇතිව එය සිදු කල අතර, ඔහුගේ අත් අඩංගුවට පත්වූවන්හට හිරිහැර කල බවක් හෝ මරා දැමූ බවක් හෝ වාර්තා නොමැත. ඔහුගේ මරණයෙන් පසුව බහුමනට පාත්‍රවූ අතර මුහුදු කොල්කෑම-තේමා කර ගත් ප්‍රභේද කිහිපයක ප්‍රබන්ධ කෘතීන් සඳහා පෙළඹවීම් ඇති කිරීමට සමත් විය.
https://m.facebook.com/story.php?story_fbid=233853360308699&substory_index=0&id=182544492106253

Friday, April 15, 2016

ඇස් දහසක් ඇති මිනිසා

ඇස් දහසක් ඇති මිනිසා.

සර්ව බලධාරි දෙවියෙකු නොවූවද, ඔහුගේ නම කියූ පමණින් කුඩා දරැවෙකු පවා දන්නා මේ මිනිසා , මුළු ලෝකය පුරාම සිදුවන දේ ගැන දන්නා, එසේම මියගියත්, අදටත් එසේම ලෝකයේම තොරතුරැ එක ලෙසම  බෙදාහරින,නම ඇසූ පමණින් බලවතුන් පවා තිගැස්සෙන අමරණීය නමක් ඇති මේ පොදු ජන හිතවතා, අප කව්රැත් දන්නා " රොයිටර්" වේ.
1816 ජුලි 21 ජර්මනියේ කාසෙල්( Kassel) නගරයේ යුදෙව් ජාතිකයෙකුව උපන් බියෙර් ජෝෂප් නම් ඔහු වයස 28 දි කිතුදහම වැළද ගැනීමෙන් පසු ප්රේහර් පෝල් ජූලියස් රොයිටර් (Paul Julius Freiherr Von Reuter) නම් විය.
මියගියත් අදටත් අවදියෙන්
සිටින රොයිටර් ලෝකය පුරා සිදුවන දේ එක එල්ලේ අපේ සවනට ගෙනෙන ලොව ප්රධානතම ප්රවෘති සේවය අයිතිකරැවායි.
බැංකු සේවකයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ මේ මිනිසා, පසුව බර්ලින් හි පිහිටි පොත් සමාගමකට බැදුණි.එයින් ලද අත්දැකීම් පන්නරයක් කරගත් කරගත් , ඔහුට පහල වූ අදහසක් අනුව
පැරිස් නගරයට ගොස් පුවත්පතක් ආරම්භ කළේය. නමුත් මෙය සිතූ තරම් සාර්ඵක නොවීය. මෙකළ කම්බි මාර්ගයෙන් විදුලි පණිවුඩ ක්රමය , පැතිරෙමින් තිබූ අවධියයි. රොයිටර්ට මෙයින් අපූරැ සිතුවිල්ලක් පහල විය. පැරීසිය හා බ්රසල්ස් නුවරත්,බර්ලින් හා ආචේන් නුවරත් දක්වා ඇද තිබුණු විදුලි කම්බි මාර්ගයට වඩා වෙනස් ඉක්මන් වූ මාර්ගයක් පරෙවියන් යොදා ගනිමින් , ආරම්භ කළේය. වෙළද පොලේ භාණ්ඩ මිල හා කොටස් මිල ඇතුලත් ලියකියවිලි ගැට ගැසු පරෙවියන් රොයිටර්ගේ මුල් උත්සහායේදි ඉගිල ගියත්, විදුලි කම්බි ක්රමය තව දුරටත් ව්‍යප්ත වීම නිසා එයද අසාර්ඵක විය.
ඇතැමුන්ට රොයිටර්ගෙ ක්රියාව සිනහවට කාරණයක් වූ නමුත්, නොපසුබටවූ ඔහු,ලන්ඩනයට යාමට තීරණය කලේ, ලන්ඩනයේ සිට යුරෝපා රටවලට කේබල් මාර්ගයක් ඉදිකරමින් තිබූ අවදියේය.එහි ප්රසිද්ධ ගොඩනැගිල්ලක කාමරයක් කුලියට ගත් ඔහු 1851 වසරේ සිය කාර්යාලය විවෘත කල අතර , කුඩා ළමයෙකුගේ සහයෝගය ඇතිව වෙළදපොල තොරතුරැ සැපයීමෙන් සිය කටයුතු අරඹමින්, කලක් ඇවෑමෙන් නිවැරදි හා අපක්ෂපාති , ප්රවෘත්තිද යැවීමටද පටන්ගත් ඔහු, ව්‍යාපාරිකයන් අතර මහත් ජනප්රිය විය.එකල ඔහුට බොහෝ විවේචන එල්ල විය. නමුත් පසුබට නොවූ ඔහු, මුල් කාලයේ සේවය කලේ නොමිලයේය.
ක්රමයෙන් ඉතා ජනප්රියට පත් ඔහු ,නොමිලයේ සේවය නිම කරමින්, ඔහුගෙන් සේවාව ලබාගන්නා පුවත්පත් ආයතන වලින් මුදලක් අය කරන්නට විය.වැදගත් පුවත් හා පාඨකයන් ග්රහණය කරගන්නා පුවත් තෝරා බේරාගන්නට සහජ ඉවක් තිබූ ඔහු, පැරීසිය දක්වා තිබූ ලන්ඩන්විදුලි පණිවුඩ මාර්ගය, දවසේ වැඩි කලක් කුලියට ගෙන පුවත් යැවීය.
3වන නැපෝලියන් ප්රංශ පාර්ලිමේන්තුවේදි කරන කතාවේ පිටපතක් කල්තියා ලබාගත් රොයිටර්, එම කතාව ඉදිරිපත් කිරීමට පෙර බෙදාහැරීම නිසා 1859 පුවත් සේවවෙ නවතම පෙරළියක් ඇති කළේය.
ඇමරිකානු සිවිල් යුධ සමයේ, රහසේ පෞද්ගලික විදුලි පණිවුඩ සේවාවක් ඇරඹු මොහු වඩා ඉක්මන් පුවත් සේවාවක් සපයමින් වඩා ජනප්රිය විය. 1865 ඇමරිකානු ජනාධිපති ඒබ්රහම් ලින්කන් ඝාතනය කළ පුවත්, අන් සියළුම පුවත් ආයතන වලට පෙර වාර්තා කිරීමට හැකිවීමත්, අයර්ලන්තය ඔස්සේ ඇමරිකාවට විදුලි පණිවුඩ මගක් තනා ගැනීමට හැකිවීමත් ,ඒ වන විට ලොව සතර දික් භාගයේම රටවල් හා සබදතා පැවැත්වීමට හැකි වීම හා රොයිටර් නාමය පතල වීමත් එවකට ඔහු ලද ජයග්රහණයන්ය.
අන්තර්ජාතික වශයෙන් විවිධ සබදතා ඇති ඇති දැවැන්ත රොයිටර් පුවත් සේවය ආරම්භ. කළ මේ අපූරැ මිනිසා, මියයන්නට අවුරැදු 28 කට පෙර සියළු වරප්රසාද හා පහසුකම් ඇති වංශාධිපති ගෞරව නාමයෙන්ද, පිදුම් ලබුවේය. ඒවන විට ඔහු සිය කළමණාකාර තනතුරින් විශ්රාම ලබා, ඔහුගේ පුත් හර්බට් හට එහි කටයුතු පවරා තිබිණි.
මෙසේ නොපසුබට උත්සහයෙන් ක්රියා කළ මේ මිනිසාගේ පුවත් සේවය,මේවන විටද බිදළිය නොහැකි වාර්තා රැසක් තබා ඇත.
1962 ටෙල්ස්ටාර් චන්ද්රිකාවෙන් පුවත් හුවමාරැ කරගැනීමෙන් චන්ද්රිකා තාක්ෂණයටද පිවිසි රොයිටර් පුවත් සේවයෙන් සහය ලබන්නෝ සුළුපටු නොවේ.ලෝකයේ ඕනෑම වැදගත් සිද්ධියක් එසැනෙන් අප වෙත ගෙන එන රොයිටර්, නූතන තාක්ෂණයෙන්ද ඉදිරියෙන් සිටින ආයතනයකි.පූර්ණ කාලීන සේම පරිබාහිර පුවත් කලා වේදීන් විශාල ප්රමාණයක් සතු මේ ආයතනය පොදුවේ ඉංගිරිසියෙන්ද, තවත් භාෂා රැසක්( ප්රංශ, ජර්මන්, ස්පැනිෂ්, අරාබි ආදි) මගින් සිය සේවාව සපයයි.
ලෝකය පුරාම දෑස් විහිදුවා සිටින රොයිටර්, සිය දෑතින් මුළු ලොවම හසුරැවන අවස්ඵාද වෙයි. එම හේතුව නිසාම ඇතැම් ලෝක බලවතුන් ඔහු කෙරෙහි විමසිල්ලෙන් අදටත් සිටින්නෝය.එතරම්ම මේ මිනිසා ලෝකයට අත්‍යාවශ්‍යයය.
1899 පෙබ 25 වැනිදා මිය ගිය මේ මිනිසාව තවමත් විශ්වාස කරන අය අනන්තය අපමණය. ඔහුගේ ජනප්රියත්වය කොපමණද යන්න හොදම උදාහරණයයි, අනුන්ගේ ඕපාදුප සොයන අයට අප ලාංකිකයන් යොදන හාස්‍යජනක ගෞරවනීය නාමය" ගමේ රොයිටර්"😊😊😊. ලංකාවේ සෑම ගමකම, පෙදෙසකම මෙවන් "රොයිටර්" කෙනෙක් සිටී. 😊😊. එසේ හෙයින් රොයිටර් තවම මියගොස් නැත.

ලිපියේ මුල් කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...