Monday, April 11, 2016

චීන තේ සිරිත්

#චීන_තේ_සිරිත්

චීනයේ චින් (Qing) රජ පෙලපතට අයත් අධිරාජ්‍යයෙක් වන චියාන් ලොන් (Qian Long) ක්‍රිස්තු වර්ෂ 1711 සහ 1799 අතර කාල වකවානුව අතර තුර චීනය පාලනය කරන ලදී.

මෙම අධිරාජ්‍යයා වෙස් වලාගෙන තම සේවකයන් සමග තම රාජධානියේ සැරිසරන සිරිතක් පැවතුණි. සේවකයන්ට කිසි විටෙකත් තම ස්වාමියාගේ අනන්‍යතාවය හෙලි කිරීමට අවසර නොතිබුනි. එම නිසා සේවකයෝ කිසිවෙකුටත් තම ස්වාමියාගේ අනන්‍යතාවය හෙලි නොවන අයුරින් හැසිරීමට වග බලා ගත්හ.

එක් අවස්ථාවෙක මෙසේ වෙස් වලාගෙන ගමන් කරන දවසක අධිරාජ්‍යයා තමන්ට තේ කෝප්පයක් වත්කර ගැනීමෙන් අමතරව තම සේවකයන්ට තේ වත් කරන්නට විය. අධිරාජ්‍යයා විසින් සේවකයෙක්ට තේ වත් කිරීම සේවකයාට මහත් ගෞරවයක් හෙයින් සේවකයින් මහත් අපහසුතාවයකට පත් විය. රජ මැදුරේදී නම් සේවකයන් මෙවන් අවස්ථාවකදී, දනින් වැටී තේ බඳුන පිලි ගැනීම සිදු කරනු ලබයි. නමුත් වෙස් වලාගෙන සාමාන්‍ය වැසියෙක් ලෙස සිටින අධිරාජ්‍යයා ඉදිරියේ එලෙස බුහුමන් දැක්වීම, ඔහුගේ අනන්‍යතාවය හෙලි කර ඔහුගේ ආරක්ෂාවටද ගැටළුවක් ඇති කරනවා නොඅනුමානය. එහෙයින් සේවකයන් සංකේතයක් ලෙස ඇඟිලි දෙකක් නමා මේසයට තට්ටු කරන අතර හිස නමා තම ගෞරවය සහ ස්තුතිය රජුට පිරිනමන්නට විය.

පසු කලෙක ජනයා අතර ප්‍රචලිත වන මෙම චාරිත්‍රය තව දුරටත් විකාශනයවී තේ පිරිනමද්දී විවාහක නම් ඇඟිලි දෙකෙන් මේසයට තට්ටු කිරීමත්, අවිවාහක නම් එක් ඇඟිල්ලකින් මේසයට තට්ටු කිරීමෙන් තම කෘතඥතාවය පල කිරීමෙන් අදටත් චීන ජාතිකයන් සිදු කරනු ලබයි.

1 comment:

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...