#පොතුපිටිය_වස්කඩුව_වලිය
1955 දී ඉදි කරන ලද මෙම දුම්රිය ස්ථානය පොතුපිටිය හා වස්කඩුව යන ගම් දෙක අතර පිහිටා ඇත. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත ගොඩනැගුණු මෙයට නමක් තැබීම ගැටලුවක් වුනේ "වස්කඩුව" ලෙස නම් කරනවාට විරුද්ධව පොතුපිටිය වාසීන් උද්ගෝෂණය කල අතර "පොතුපිටිය" ලෙස නම් කරනවාට විරුද්ධව වස්කඩුව වාසීන් එරෙහි වුනා.
පසුව මෙය "වස්කඩුව-පොතුපිටිය" ලෙසින් ගම් දේකේම නමින් හැඳින්වූවා. එවිට පොතුපිටිය වාසීන් කලහ කරමින් නාම පුවරුව ගලවා මුහුදට විසි කලා. ඊලඟට "පොතුපිටිය-වස්කඩුව" ලෙස නම් කරන ලද අතර වස්කඩුව වාසින් පැමිණ එම නාම පුවරුව මුහුදට විසි කලා. දුම්රිය ස්ථානයේ තාවකාලික මුර පොලක් වසරකට වඩා වැඩි කාලයක් පවත්වා ගෙන ගිය අතර මෙම ගැටුම අධිකරණය වෙතට පමුණුවන ලදී.
එවකට ප්‍රවාහන අැමති සර් ජෝන් කොතලාවල මහතා මෙයට මැදිහත් වී "දුම්රිය නැවතුම් පොල අංක 1" ලෙස නමි කරන ලෙස උපදෙස් දෙන ලදී. දැනට මුහුදුබඩ මාර්ගයේ වැඩිම ආදායමක් ලබන උප දුම්රිය ස්ථානය ලෙස සැලකෙන්නේ මෙයයි.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
චිත්‍ර කතාව යනු කුමක් ද? චිත්‍රයක් උපයෝගී කරගෙන කතාවක් කියාපෑම චිත්‍රකතාවයි. කතාවට අයත් සිදුවීම් කතාවේ ථි චරිතවලට විවිධ ක්‍රියාකාරී ඉ...

පිස්සු මිනිස්සු ...
ReplyDelete