Friday, April 15, 2016

ඇස් දහසක් ඇති මිනිසා

ඇස් දහසක් ඇති මිනිසා.

සර්ව බලධාරි දෙවියෙකු නොවූවද, ඔහුගේ නම කියූ පමණින් කුඩා දරැවෙකු පවා දන්නා මේ මිනිසා , මුළු ලෝකය පුරාම සිදුවන දේ ගැන දන්නා, එසේම මියගියත්, අදටත් එසේම ලෝකයේම තොරතුරැ එක ලෙසම  බෙදාහරින,නම ඇසූ පමණින් බලවතුන් පවා තිගැස්සෙන අමරණීය නමක් ඇති මේ පොදු ජන හිතවතා, අප කව්රැත් දන්නා " රොයිටර්" වේ.
1816 ජුලි 21 ජර්මනියේ කාසෙල්( Kassel) නගරයේ යුදෙව් ජාතිකයෙකුව උපන් බියෙර් ජෝෂප් නම් ඔහු වයස 28 දි කිතුදහම වැළද ගැනීමෙන් පසු ප්රේහර් පෝල් ජූලියස් රොයිටර් (Paul Julius Freiherr Von Reuter) නම් විය.
මියගියත් අදටත් අවදියෙන්
සිටින රොයිටර් ලෝකය පුරා සිදුවන දේ එක එල්ලේ අපේ සවනට ගෙනෙන ලොව ප්රධානතම ප්රවෘති සේවය අයිතිකරැවායි.
බැංකු සේවකයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ මේ මිනිසා, පසුව බර්ලින් හි පිහිටි පොත් සමාගමකට බැදුණි.එයින් ලද අත්දැකීම් පන්නරයක් කරගත් කරගත් , ඔහුට පහල වූ අදහසක් අනුව
පැරිස් නගරයට ගොස් පුවත්පතක් ආරම්භ කළේය. නමුත් මෙය සිතූ තරම් සාර්ඵක නොවීය. මෙකළ කම්බි මාර්ගයෙන් විදුලි පණිවුඩ ක්රමය , පැතිරෙමින් තිබූ අවධියයි. රොයිටර්ට මෙයින් අපූරැ සිතුවිල්ලක් පහල විය. පැරීසිය හා බ්රසල්ස් නුවරත්,බර්ලින් හා ආචේන් නුවරත් දක්වා ඇද තිබුණු විදුලි කම්බි මාර්ගයට වඩා වෙනස් ඉක්මන් වූ මාර්ගයක් පරෙවියන් යොදා ගනිමින් , ආරම්භ කළේය. වෙළද පොලේ භාණ්ඩ මිල හා කොටස් මිල ඇතුලත් ලියකියවිලි ගැට ගැසු පරෙවියන් රොයිටර්ගේ මුල් උත්සහායේදි ඉගිල ගියත්, විදුලි කම්බි ක්රමය තව දුරටත් ව්‍යප්ත වීම නිසා එයද අසාර්ඵක විය.
ඇතැමුන්ට රොයිටර්ගෙ ක්රියාව සිනහවට කාරණයක් වූ නමුත්, නොපසුබටවූ ඔහු,ලන්ඩනයට යාමට තීරණය කලේ, ලන්ඩනයේ සිට යුරෝපා රටවලට කේබල් මාර්ගයක් ඉදිකරමින් තිබූ අවදියේය.එහි ප්රසිද්ධ ගොඩනැගිල්ලක කාමරයක් කුලියට ගත් ඔහු 1851 වසරේ සිය කාර්යාලය විවෘත කල අතර , කුඩා ළමයෙකුගේ සහයෝගය ඇතිව වෙළදපොල තොරතුරැ සැපයීමෙන් සිය කටයුතු අරඹමින්, කලක් ඇවෑමෙන් නිවැරදි හා අපක්ෂපාති , ප්රවෘත්තිද යැවීමටද පටන්ගත් ඔහු, ව්‍යාපාරිකයන් අතර මහත් ජනප්රිය විය.එකල ඔහුට බොහෝ විවේචන එල්ල විය. නමුත් පසුබට නොවූ ඔහු, මුල් කාලයේ සේවය කලේ නොමිලයේය.
ක්රමයෙන් ඉතා ජනප්රියට පත් ඔහු ,නොමිලයේ සේවය නිම කරමින්, ඔහුගෙන් සේවාව ලබාගන්නා පුවත්පත් ආයතන වලින් මුදලක් අය කරන්නට විය.වැදගත් පුවත් හා පාඨකයන් ග්රහණය කරගන්නා පුවත් තෝරා බේරාගන්නට සහජ ඉවක් තිබූ ඔහු, පැරීසිය දක්වා තිබූ ලන්ඩන්විදුලි පණිවුඩ මාර්ගය, දවසේ වැඩි කලක් කුලියට ගෙන පුවත් යැවීය.
3වන නැපෝලියන් ප්රංශ පාර්ලිමේන්තුවේදි කරන කතාවේ පිටපතක් කල්තියා ලබාගත් රොයිටර්, එම කතාව ඉදිරිපත් කිරීමට පෙර බෙදාහැරීම නිසා 1859 පුවත් සේවවෙ නවතම පෙරළියක් ඇති කළේය.
ඇමරිකානු සිවිල් යුධ සමයේ, රහසේ පෞද්ගලික විදුලි පණිවුඩ සේවාවක් ඇරඹු මොහු වඩා ඉක්මන් පුවත් සේවාවක් සපයමින් වඩා ජනප්රිය විය. 1865 ඇමරිකානු ජනාධිපති ඒබ්රහම් ලින්කන් ඝාතනය කළ පුවත්, අන් සියළුම පුවත් ආයතන වලට පෙර වාර්තා කිරීමට හැකිවීමත්, අයර්ලන්තය ඔස්සේ ඇමරිකාවට විදුලි පණිවුඩ මගක් තනා ගැනීමට හැකිවීමත් ,ඒ වන විට ලොව සතර දික් භාගයේම රටවල් හා සබදතා පැවැත්වීමට හැකි වීම හා රොයිටර් නාමය පතල වීමත් එවකට ඔහු ලද ජයග්රහණයන්ය.
අන්තර්ජාතික වශයෙන් විවිධ සබදතා ඇති ඇති දැවැන්ත රොයිටර් පුවත් සේවය ආරම්භ. කළ මේ අපූරැ මිනිසා, මියයන්නට අවුරැදු 28 කට පෙර සියළු වරප්රසාද හා පහසුකම් ඇති වංශාධිපති ගෞරව නාමයෙන්ද, පිදුම් ලබුවේය. ඒවන විට ඔහු සිය කළමණාකාර තනතුරින් විශ්රාම ලබා, ඔහුගේ පුත් හර්බට් හට එහි කටයුතු පවරා තිබිණි.
මෙසේ නොපසුබට උත්සහයෙන් ක්රියා කළ මේ මිනිසාගේ පුවත් සේවය,මේවන විටද බිදළිය නොහැකි වාර්තා රැසක් තබා ඇත.
1962 ටෙල්ස්ටාර් චන්ද්රිකාවෙන් පුවත් හුවමාරැ කරගැනීමෙන් චන්ද්රිකා තාක්ෂණයටද පිවිසි රොයිටර් පුවත් සේවයෙන් සහය ලබන්නෝ සුළුපටු නොවේ.ලෝකයේ ඕනෑම වැදගත් සිද්ධියක් එසැනෙන් අප වෙත ගෙන එන රොයිටර්, නූතන තාක්ෂණයෙන්ද ඉදිරියෙන් සිටින ආයතනයකි.පූර්ණ කාලීන සේම පරිබාහිර පුවත් කලා වේදීන් විශාල ප්රමාණයක් සතු මේ ආයතනය පොදුවේ ඉංගිරිසියෙන්ද, තවත් භාෂා රැසක්( ප්රංශ, ජර්මන්, ස්පැනිෂ්, අරාබි ආදි) මගින් සිය සේවාව සපයයි.
ලෝකය පුරාම දෑස් විහිදුවා සිටින රොයිටර්, සිය දෑතින් මුළු ලොවම හසුරැවන අවස්ඵාද වෙයි. එම හේතුව නිසාම ඇතැම් ලෝක බලවතුන් ඔහු කෙරෙහි විමසිල්ලෙන් අදටත් සිටින්නෝය.එතරම්ම මේ මිනිසා ලෝකයට අත්‍යාවශ්‍යයය.
1899 පෙබ 25 වැනිදා මිය ගිය මේ මිනිසාව තවමත් විශ්වාස කරන අය අනන්තය අපමණය. ඔහුගේ ජනප්රියත්වය කොපමණද යන්න හොදම උදාහරණයයි, අනුන්ගේ ඕපාදුප සොයන අයට අප ලාංකිකයන් යොදන හාස්‍යජනක ගෞරවනීය නාමය" ගමේ රොයිටර්"😊😊😊. ලංකාවේ සෑම ගමකම, පෙදෙසකම මෙවන් "රොයිටර්" කෙනෙක් සිටී. 😊😊. එසේ හෙයින් රොයිටර් තවම මියගොස් නැත.

ලිපියේ මුල් කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...