Wednesday, May 10, 2017

පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- [2 කොටස]


 පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස

 මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාකච්ඡා කරයි. පෙර කියූ පරිදි රොඩී ජනතාවගේ නායකයා රත්නවල්ලි ලෙසද හුලවාලියා ලෙසද හඳුන්වයි. මොවුන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මොවුන් සිදුකරන මන්ත්‍ර 'නීච කුල බන්ධන' හා 'මහා මාතාංග' යන නමින් හඳුන්වන ලදි. රොඩියන් කලක් අභිකුණ්ඨක ජීවිතයක් ගත කලේ ඔවුන්ට නිවාස තනා ගැනීමට අවසරයක් නොලද නිසාවෙනි. එනමුත් පසු කලෙක රජවරුන් මොවුන්ට වෙනමම ගම්මාන ලබා දුන් අතර ඒවා 'ගුබ්බෑයම්' ලෙස හදුන්වන ලදි.



 රොඩී කුලය ආරම්භය පිලිබඳව ජනප්‍රවාද කිහිපයක්ම පවතියි. ඉන් එකක් ලිපි මාලාවේ පලමු කොටසේ සදහන් කරන ලදි. වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන් පවසන පරිදි ඉන්දියාවේ පංචම කුල වලට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය පැවතගෙන එයි. ජනප්‍රවාද අතරින් වඩා ප්‍රමුඛ තැනක් උසුලන්නේ රොඩී ජනතාව පරාක්‍රමභාහු රජුගේ දියණියක් වන රත්නවල්ලිගෙන් පැවත එන බව කියන ජනප්‍රවාදයයි. යට මහලේ මිදුල අමදිමින් සිටි සේවකයෙකුගේ හිසට ඉහල මහලයේ සිටි රත්නවල්ලි කුමරියගේ කෙල පිඬක් නොදැනුවත්වම වැටුණි. මෙයට පලිගැනීමට යැයි සිතා එම සේවකයා මාලිගාවේ දොර අසල නිදාගනිමින් , රත්නවල්ලිව තමාට විවාහ කරනොදෙන්නේ නම් එතැනින් නැගිටින්නේ නැති බව පැවසීය. රජවාසලේදී පුද්ගලයෙක් නිරාහාරව මියයාව අවැඩක් බව සිතූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියව එම දාසයාට විවාහ කර දෙන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව එක් මතයකි. තවත් ජනප්‍රවාදයක එන්නේ රත්නවල්ලි කුමරිය දාසයෙක් සමඟ රහසින් පෙම් බැඳ එහි ප්‍රථිපලයක් වශයෙන් ඈ ගැබ්ගැනීමයි. මෙය ඇසූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියගේ උඩුකය නිරුවත් කොට කොණ්ඩය ඉහලට වෙන්න බැඳ දාසයාට පාවාදී රජමැදුරෙන් පිටමං කල බවයි. මෙයින් රොඩී ජනතාව පැවත එන බව කීම තවත් මතයකි.



 රත්නවල්ලි හා බැඳුණු තවත් ජනකතාවක් පවතියි. එය පෙරදි සදහන් කල රොබට් නොක්ස්ගේ එදා හෙළඳිව කෘතියෙහි සදහන් ජනප්‍රවාදයට යම් සමානකමක් දක්වයි. රත්නවල්ලි මිනීමස් අනුභව කිරීමට ඉතා ගිජු බවක් දක්වන ලදි. රජවාසල කරණවෑමියා මේ පිලිබඳව දැන සිටියේය. පොහොය දිනක රජුට සැපයීමට දඩමස් සොයාගැනීමට නොහැකි වූයෙන් කරණවෑමියා සොහොනකට ගොස් එහි දමාගිය මිනියක් දඩමස් ලෙස සකසා රජුට පිලිගන්වන ලදි. රජු මෙයට ඉතා කැමැත්තක් දැක්වූ අතර නැවතත් මෙම මස් වර්ගයම රැගෙන එන්නයි පැවසීය. රජුට දඩමස් කියා මිනීමස් පිලිගැන්වූ බව රත්නවල්ලි කුමරිය දැනගන්නා ලදි. එහෙත් ඇය මිනීමස්වලට ගිජු වී සිටි බැවින් මේ පිලිබඳව කිසිවක් රජුට නොපවසන ලදි. කෙසේ හෝ රජු මෙම කාරණාව ගැන දැනගත් පසු රත්නවල්ලි කුමරියව කරණවෑමියාට විවාහ කරදෙන ලදි. ඉන්පසු දින හතක් නගරයේ සිඟමන් යැදීමට ඔවුන්ට අණ කල අතර ඉන්පසු නගරයෙන් නෙරපන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව තවත් මතයකි.


  ඉංග්‍රීසි ජාතික එල්.ඩී.බර්නාඩ් මහතා විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සදහන් වේ. රත්නවල්ලි යනු සූර්ය වංශයෙන් පැවත එන මිනිස් දෙව්දුවකි. ඇයගේ වාසස්ථානය තෙලඹු ගසයි. අනුරාධපුරයේ තිබුනු මෙම තෙලඹු ගසට රොඩී ජනයා වන්දනාමාන කලහ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සෑදීමට තෝරාගත්තේ මෙම තෙලඹු ගස තිබූ ස්ථානයයි. රජතුමා රත්නවල්ලිට බිලි පූජා කර මෙම ස්ථානයේ ස්ථූපය සෑදීමට අවසර ගන්නා ලදි. රත්නවල්ලිගේ කැමැත්ත පරිදි මෙම ස්ථානයට රුවන්වැලිසෑය යන නම තබන ලදි.

 මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් වන්නේ එල්.ඩී. බර්නාඩ් මහතා රත්නවල්ලි හා ස්වර්ණමාලි පටලවාගෙන ඇති බවයි. මේ සමඟම මට අමරදේවයන් ගායනා කරන මහගම සේකරයන් රචනා කල ගීතයක් මතකයට නැගේ.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට හඩන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

  ඉංග්‍රීසි ජාතික හියු නෙවිල් මහතා 1887 දී ටැප්‍රොබේනියන් සඟරාවට රත්නවල්ලි කවි 13 ක් සොයා පලකරන ලදි. මෙම කවි ඔහු විසින් සොයාගෙන ඇත්තේ වන්නි ප්‍රදේශයෙනි. ඔහු සොයාගත් කවි වලින් පලමු කවි තුන නම් ;

 නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

 ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

 සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

 උක්ත කවි වලින් රත්නවල්ලි යනු තලඹු ගසෙහි වැඩ සිටිනා දෙව්දුවක් බවත්, තවත් කවියකින් ඈ පරාක්‍රමභාහු රජුගේ දියණියක් බවත් පවසයි. රත්නවල්ලි කවි ලියූ සහිත්‍යකරුවා ඉතිහාසය හා කාලවකවානු ගැන සැලකිල්ලක් නොදක්වා ජනවහරේ ආ සිද්ධීන් මුල් කොටගෙන මෙම කවි ලියූ බව පැහැදිලිය. රත්නපුර දිස්ත්‍රික්කයේ තුලාපිටිය කුප්පායමෙන් සොයාගත් තවත් කවි කිහිපයක් පහත දැක්වේ.

 උඩුමාලෙන් බැහැපන් රත්න වල්ලියේ
සළු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
මුතු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
රොඩියට දෙන්ට බැහැපන් රත්න වල්ලියේ

අතමුල වළලු අතමුල සෙලෙවි සෙලවියේ
පාමුල ගිගිරි පාමුල සෙලෙවි සෙලෙවියේ
කරේ තියෙන මුතු දෙපොටත් නොසෙල්ලියේ
සබේ මැදට බහුකෝ රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
රුහුණේ සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
දෙපයේ ලාපු ගිගිරින් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ


  අතීත රොඩී ජන ජීවිතය ගැන පෙර ලිපියේ සාකච්ඡා නොකල කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරමු.  මංකොල්ලයක් , සොරකමක් ආදී වරදකට රොඩියෙකු චෝදනා ලැබුවහොත් හුලවාලියා (රොඩී නායකයා) මේ පිලිබඳව සිරගෙයි කංකානමට දැන්විය යුතු විය. ඉන්පසු සිරගෙයි කංකානම චෝදනා ලැබූ රොඩියාව තොටුපලට රැගෙන ඒමට දිනයක් නියම කරයි. මීට හේතුව වන්නේ රොඩියෙක්ව ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට අවසර නැති නිසාවෙනි. නඩුව විභාග කර දිනයේදී සිරගෙයි කංකානම ඔරුවක නැගී රොඩියා සිටින ඉසව්වට නෑවිත් නඬුව විසදයි. මෙය නැරඹීමට චෝදනා ලැබූ රොඩියාගේ නෑදෑ හිතවතුන්ද අනෙකුත් රොඩියන්ද පැමිණෙයි. වරද ඔප්පු වුවහොත් එරමිනියා හෝ කැප්පෙට්ටියා පොල්ලකින් රොඩියාට තලයි. මේ දඩුවම දීමට වෙනත් රොඩී ගමකින් පුද්ගලයෙක් ගෙන්වයි. 


 මොවුන් සිඟා කෑමට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම, කොඩි ආදිය එල්ලීම සදහා ලණු සැපයීම , රජමාලිගයට මස් සැපයීම, කසල බැහැර කිරීම, මල සිරුරු බැහැර කිරීම සිදුකරන ලදි. මොවුන්ට අංගසම්පූර්ණ නිවසක් තනා ගැනීමට අවසර නොවීය.

 සමාජය විසින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර මොවුන්ට සිදු කිරීම තහනම් විය. උපත, වැසිවියට පැමිණීම, විවාහය හා මරණය ආදී විශේෂ අවස්ථාවලදී අනෙක් අය සිදු කරන්නාවූ චාරිත්‍ර කිසිවක් ඔවුන්ට කිරීමට අවසර නොවීය. එනමුත් රොඩියන් ඔවුන්ටම විශේෂිත වූ චාරිත්‍ර අනුගමනය කල බව සදහන් වේ. දරුවෙකු වැඩි වියට පත්වූ විට රොඩියන්ට රධා කුලයේ කාන්තාවකගේ (රෙදි නැන්දාගේ) සේවය නොලැබුණි. මන්ද රධා කුලයේ කාන්තාවන් තමන්ට වඩා පහත් කුලයක් වන රොඩියන්ට තම සේවය ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නැති නිසාවෙනි. මොවුන්ගේ ආගම බුධු දහම වුවද බුදු දහමේ එන්නාවූ චරිත්‍ර වාරිත්‍ර කිරීමට මොවුන්ට අවසර නොවීය.


 බටහිර ජාතීන් ලංකාවට පැමිණීමත් සමඟ රොඩියන්ට සිංහල සමාජය විසින් දමා තිබූ තහංචි බොහොමයක් ඉවත් කරන ලදි. සිඟාකෑම පමණක් කිරීමට තිබූ තහංචිය, කාන්තාවන්ගේ උඩුකය නිරාවරණය කර තබා ගැනීමට තිබූ තහංචිය, ආර්ථික වශයෙන් පනවා තිබූ තහංචි බටහිර ජාතීන් නැති කරන ලදි. එනමුත් සිංහල සමාජය මෙයට ඉතා අකමැත්තක් දැක්වූ බව සදහන් වේ. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් රොඩියන්ට ධර්මය දේශනා කල අතර ඔවුන් ඉතා ඉක්මනින් කිතුනු දහම වැලඳගත්තේය. මන්ද එකල සිටි බෞද්ධ සමාජය ඔවුන්ව කොන් කර තැබූ නිසාවෙනි. රොඩියන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැක. ඒ නාහල්ල හෙවත් උඩකටුව රොඩී හා නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී ලෙසය. උඩකටුව රොඩී කොටස් දෙකකට බෙදේ. ඒ තිරිංග රොඩී පෙලපත හා හල්පේ රොඩී පෙලපත ලෙසය.

  මොවුන්ගේ භාෂාව වැදි භාෂාවට යම් සමානකමක් දක්වන අතර මෙම භාෂාව ගාඬි බස ලෙස හදුන්වයි. පහත දැක්වෙන ඡායාරූප මගින් රොඩී ජන වහ්‍ර පිලිබඳ දැනගත හැකියි. ඡායාරූපය මත Click කල විට වඩා පැහැදිලි රූපයක් පෙනේවි.















ලිපි මාලාවට මූලාශ්‍ර;

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

7) http://www.wikiwand.com/si/රොඩී

8) රත්නවල්ලිගේ දරුවෝ රොඩී ජන පුරාණය - එම්.ඩී. රාඝවන් ( පරිවර්තනය චන්ද්‍රශ්‍රී රණසිංහ)

9) https://pinthaliya.wordpress.com/2013/11/01/ස්වර්ණමාලි-හා-රත්නවල්ලි/


මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේකනන් හරි ලේසි ප්‍රශ්නයක්... මෙයා කව් ද?


2) සහරා කාන්තාරයට හිම වැටුනේ කවද්ද?


3) ලෝකයේ විශාලතම සොහොන තියෙන්නේ කොහේ ද?


128 comments:

  1. අගනා ගවේශනාත්මක ලිපි මාලාවක්.... අගය කළ යුතුම සටහනක්....

    ReplyDelete
  2. වටිනාකම දෙගුන තෙගුන වෙන ලිපියක් මල්ලි. මේ හැකියාව දිගටම තියාගන්න.
    1. නෙපටිට් රැජිනවත්ද? නැත්නම් ක්ලියෝපැට්‍රාවත්ද? හරි මතකයක් නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක හරි... මේ ඉන්නේ නෙෆටිටි... ජයවේවා ...

      Delete
  3. හොඳ අධ්‍යයනයක්, අද ඉන්න රොඩී ජනතාව රජ කාලේ හිටිය කියන රොඩී ජනතාවගෙන් පැවත එන අයමද? ලෝකයේ හැම රටකම පාහේ තැනින් තැන යන ජිප්සි කණ්ඩායම් ඉන්නවා. මා අසා තිබෙනවා සියවස් කීපයකට පෙර නොයෙක් රටවලින් උතුරු ඉන්දියාවේ යුද්ධයක් සඳහා පැමිණි සෙබලුන් යුද්ධය අවසන් වූ පසු අප්‍රිකාවේ, යුරෝපයේ ආදී නොයක් රටවලට සංක්‍රමණය වූ බව. ඔවුන් අද ජිප්සී කණ්ඩායම් වශයෙන් ජිවත් වෙනවාලු.අද ලංකාවේ ඉන්න රොඩී යයි කියන අය සංක්‍රමනිකයන්ද ? මේ ගැනත් සොයා බැලුවොත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. අභිගුණ්ඨික හා රොඩී කියන්නේ දෙකක්... අභිගුණ්ඨික කියන්නේ තැනින් තැනට ගිහින් ජීවත්වුන කොට්ඨාසයක්... රොඩියන්ගේ ආරම්භය ගැන මතවාද කිහිපයක්ම තියෙනවා... ලිපියේ තියෙනවා ඒ ගැන... බුදුරජාණන්වහන්සේගේ ලංකා ගමනත් එක්ක ඉන්දියාවේ චණ්ඩාල කුලයෙන් කොටසක් රොඩී විදිහට මෙහෙට ආවයි කියලා කියනවා... පිටස්තරින් ලංකාවට ආවයි කියන්න පුලුවන් වෙන්නේ මේ කරුණෙන් විතරයි... ජිප්සි කණ්ඩායම් හා රොඩී කියන්නේ පැහැදිලිවම කොට්ඨාස දෙකක්...

      Delete
  4. ඉතා වටිනා ලිපියක් මිතිල මමත් නොදන්නා ගොඩාක් දැනගත්තා. බොහෝම මහන්සිවෙලා කරුණු එකතුකරගෙන තියෙනවා.

    ReplyDelete
  5. බොහොම ආපූරු වටිනා ලිපියක් ස්තූතී ඔබට මේ දැනුවත් කිරීම් වලට මම බොහෝ දේ ඉගෙන ගත්තා මෙයින්

    ReplyDelete
    Replies
    1. 1 නෙෆටිටි
      2 1979 දීද
      3 Najaf, Iraq.

      Delete
    2. ස්තූතියි සදවතී... උත්තර හරි... ජයවේවා ...

      Delete
  6. මොන කුලය ගැන ලිව්වත් ෆොටෝ නම් පියවුරු පෙනෙන ගෑණුන් ගේ නේද මිතිල?

    ;-)

    ReplyDelete
    Replies
    1. මේකනේ ඉතින්... කලින් ලිපියේ බාගයක්ම රොඩී ගැන... මේ ලිපියෙ සම්පූර්ණයෙන්ම රොඩී ගැන... එයාලගෙ පින්තූර හොයද්දි ඕවම තමා තිබ්බේ... :D

      Delete
  7. ඔය රත්නවල්ලි කතාව මම අහලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට. මාලිගාවට මස් සපයපු වැද්දා තමයි දඩමස් හිඟ දවසක මිනී මස් ගෙනෙහින් දීලා තියෙන්නේ.ඒ මස් වලට රසවැටුන රත්නවල්ලී දිගින් දිගටම වැද්දාගෙන් ඒ මස් ඉල්ලාසිටීම නිසාම වැද්දාත් දිගටම මිනී මස් දෙන්නගත්තා. අන්තිමේදී මස් වල තියලා ඇඟිල්ලක් අහුවෙනවා රජවාසලේ අරක්කැමියට. ඒ කතාව හගිස්සවද්දී කෙලවරේ ඉන්නේ රත්නවල්ලි කුමරිය නිසා, ඇයව වැද්දට පාවලා දීලා මාලිගාවෙන් පිටකරනවා. ඒ පරපුරෙන් තමයි රොඩී කුලය පටන්ගන්නේ.

    පුලුවන්නම් නාරද කරුණාතිලක / කොලට් සේනානායක ලියපු ගාඩිවංශය පොත කියවන්න. ඔවුන් දෙදෙනාගේ පොත් හැකිනම් අරගන බලන්න. කියන හැම කරුණකටම එකඟවෙන්න බැරිවුනත් ගොඩක් දැණුම ලබාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව 1 කොටසේ ලියලා තියෙනවා... රත්නවල්ලි සහ මිනීමස් ගැන විවිධ ජනශ්‍රැති තියෙනවා... බොහොම ස්තූතියි ... ඒ පොතුත් හොයාගෙන කියවන්නම්... ජයවේවා ...

      Delete
  8. බොහොම ආපූරු අධ්‍යයනයක්.

    ReplyDelete
  9. සුදු ගෝණා පොතේ, නාලීනී කුමරියව ඔය විධිහට නෙරපනවා නේද? මට මතක ඒ ගොල්ලන්ටගන් ටරාඩී ඇති වුනා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙරපනවා... ඒ පොතේ හැටියට එයාලගෙන් තමා රොඩින් ඇතිවෙන්නේ... රොඩින්ගේ ආරම්භය ගැන මත කිහිපයක්ම තියෙනවා... ඒත් ඒ එකක්වත් නිශ්චිතව හරිය කියන්න අමාරුයි...

      Delete
  10. සුදු ගෝනා පොතේ කටහ්ව තමා මමත් අහල තියෙන්නේ.
    // ක්‍රිස්තියානි මිෂනාරිවරුන් රොඩියන්ට ධර්මය දේශනා කල අතර ඔවුන් ඉතා ඉක්මනින් කිතුනු දහම වැලඳගත්තේය// මේ කියමන ගැන මුකුත් සාක්ෂි හෙම තියනවද? මම මතලන්ගේ ලිපියක කොමෙන්ට් එකක් දැම්මා මම ඇහින් දැක්ක කියල කුඩා කාලේ එක්තරා ගමක ගැහැනුන් උඩට ඇන්දේ නැති බව. වැඩි මහළු ගැහැනුන් පටියක් වගේ එකක් ඇඳන් හිටිය කියල. හැබැයි සිංහල අය එතකොට මුකුත් කියන්නේ නැති වුනත් ලෙහෙසියට කලා කියල හිතන්නේ. 70 මුල හරියේ වගේ. දැන් ඒ පැත්ත එහෙම නැහැ. ඔවුන් හැබැයි බුද්ධාගමේ බවයි මගේ මතය =.

    ReplyDelete
    Replies
    1. රත්නවල්ලිගේ දරුවෝ රොඩී ජන පුරාණය - එම්.ඩී. රාඝවන් පොතේ තමා මිෂනාරිවරුන් ගැන ලියවිලා තියෙන්නේ... මේක පර්යේෂනාත්මක ග්‍රන්ථයක්...

      Delete
    2. මම සීයගෙනුත් ඇහැව්වා මේ ගැන... අපේ සීයත් කිව්වා එයා දැකලා තියෙනවා කියලා... 1955 -60 වගේ කාලෙ...

      Delete
    3. පොත හොයාගෙන බලන්නම්.

      Delete
  11. මේව බොරු කතා අපේ කාන්තාවො නිරුවත්ව ගියේ නෑ ඒ කාලෙ. සිංහල කාන්තාවො ඇන්දෙ ඉතාම සංවරව. සිංහල එදා සිංහල කාන්තාවො හැට්ටෙ ඇන්දෙ අත් දිගට. බුරිය පේන්න ඇන්දෙ නෑ. දන් ඉන්න ගෑනුන්ට තමා ලැජ්ජාවක් නැත්තෙ. කාන්තාවො උඩුකය නිරුවත් කරන්න හදපු එක සුද්ද ගත්තු අසාර්ථක උත්සාහයක්. පහළ ලින්ක් එකේ තියනව ඇත්ත විස්තර.
    http://mahamegha.lk/2016/03/09/dharmaya-surakina-mathu-parapurak/

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇනෝ... මම මේකෙ ඉතිහාස කොටස ගැන මුලින් කතා කරන්නන්.. ඔයා දීලා තියෙන ලින්ක් එකේ මුල් කොටසේ රචකයා ලියලා තියෙන්නේ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ තියෙන කොටස් කිහිපයක්... ඒවා අගය කරලා තියෙනවා... ඔය කියන නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේම තියෙනවා ඒ කාලෙ තිබුනු කුල ගැන වෙනමම පරිච්ඡේදයක්... මේකෙ තියෙනවා උඩුකය නිර්වස්ත්‍රව හිටපු අය ගැන... තව රටේ නීතිය ගැන එයා කියන්නෙ මෙහෙමයි" රටේ නීතිය යනු රජතුමාගේ කැමැත්තයි"

      ලින්ක් එකේ ලිපියේ මෙහෙම කියනවා // මේ විනාශයට ඉස්සර ලංකාවෙ ජන සමාජය තිබුණෙ කොහොමද කියල දැනගන්න අපූරු වාර්තාවක් මට මුණගැසුනා.// ඊට කලින් ලියලා තියෙනවා //1796 දී පොත් පත් මහා සංඛ්‍යාවක් විනාස කලා කියලා... 1685 දී හෙලයන් විසාල ප්‍රමාණයක් මැරුවයි කියලා ලියලා තියෙනවා... 1505 දී පෘතුගීසි ලක්ෂ ගණනක් මැරුවා කියලා තියෙනවා... // මේ රචකයාට අනුව නොක්ස් ඉදලා තියෙන්නේ 1505ට කලින්... අනේ මන්දා ඉතින්...

      බටහිර ජාතීන් කලේ උඩුකය නිර්වස්ත්‍රව හිටපු ලංකාවේ කාන්තාවන්ට උඩුකයට ඇදුම් අන්දපු එක මිසක් ඇදපුවා ගලෝපු එක නෙමේ... ඔය රචකයා එහෙම දෙයක් කිව්වේ මොන මූලාශ්‍රය පදනම් කරගෙනද කියලා සැකයක් තියෙනවා... මොකද එහෙම කියලා තියෙන පිලිගත හැකි මූලාශ්‍ර නෑ... අනික මේ රචකයා ඉස්සර ලංකාවෙ රා කියලා ජාතියක් තිබ්බාය කියලවත් අහලා නෑ...

      යටම තියෙන ශාක ගැනත් කියන්න පුලුවන් මේ විදිහටම... ඒත් ඒක ඉතිහාසයට සම්බන්ධ නැති නිසා මෙතනින් නතර වෙන්නම්...

      Delete
    2. //බටහිර ජාතීන් කලේ උඩුකය නිර්වස්ත්‍රව හිටපු ලංකාවේ කාන්තාවන්ට උඩුකයට ඇදුම් අන්දපු එක මිසක් ඇදපුවා ගලෝපු එක නෙමේ.// මමත් කියවල තියෙන්නේ එහෙම තමයි.

      Delete
    3. සුද්දෙක් උඹලට ඕන බොරුවක් කිව්වොත් ඒ ඔක්කොම ඇත්ත. උඹල තමා නියම සුද්දගෙ වහල්ලු. රොබට් නොක්ස් කියන්නෙ හීන් නූලෙන් ගේම දීපු එකෙක්. අපේ කාන්තාවො හෙළුවෙන් ගියේ නෑ ඒ කාලෙ. අපේ කාන්තාවො ඇන්දෙ ඔතාම සංවරව. නිරුවත්ව හිටපු කාන්තාවන්ව සංවර කරා කියල බොරුවක් ප්‍රචාරය කරන්න ඔය හිතලු චිත්‍ර ටිකක් ඇන්දෙ. ඩොයිලි රැජිනට යවපු ලියුමක තියනව ලංකාව අල්ලගන්නනම් කාන්තාවන්ගේ උඩුකය නිරුවත් කළ යුතුයි කියල. සිංහල කාන්තාවො එදා ඇදපු විදිහ දන්නෙ නැත්තන් රුවන්වැලිසෑයට ගිහින් බලන්න විහාර මහා දේවිගෙ ගල් පිළිමෙ.

      Delete
    4. සිංහල කාන්තාවන් උඩුකය නිරුවත්ව හිටි බවට කිසිදු පිළිගත හැකි සාධකයන් නැත. ඇත්තේ පර සුද්දන් විසින් මැවූ බොරු සාධක පමණි.

      Delete
    5. සුද්දෙක් කියලා තියෙන එක දෙයක් පදනම් කරගෙන නෙමේ එකල කාන්තාවන් උඩුකය නිවස්ත්‍රව හිටියායි කියන්නේ... විවිධ ස්ථාන වල ඇඳපු චිත්‍ර වලිනුත් ඔප්පු වෙනවා මේ කියන කාරණය... ජෝන් ඩොයිලි හිටියේ 1774 – 1824 අතර කාලයේ... රොඩී ජනතාව ඔයිට වසර ගනනවකට කලින් ඉදලම ඉදලා තියෙනවා...

      Delete
    6. මොනාද තියන සාක්ෂි. සීගිරි චිත්‍ර කියන්නෙ සීගිරි චිත්‍ර නෙමේ. ඒක බෙල් කියන පර සුද්දගෙ පාහර වැඩක්. ලංකාවෙ ගෑනුන්ගෙ උඩුකය නිර්වස්ත්‍ර කරන්න ලොකු උත්සාහයක් දැරුව පර සුද්දො. සිංහල කාන්තාවො එදා ඇදපු විදිහ දැකපු නැති සුද්දට කඩේ යන පරයින්ට මම කියන්නෙ රුවන්වැලිසෑයට ගිහින් බලපිය විහාර මහා දේවිගෙ ගල් පිළිමෙ. සිංහල කාන්තාවො මුළු ඇගම වහෙන්න ඔසරිය ඇන්දෙ එදා. දැන් ඉන්න් ලැජ්ජාවක් නැති ගෑනු වගේ බුරිය පේන්න කරවල් පේන්න නිතඹට ඇළෙන්න සාරි ඇන්දට හෙළ කාන්තාවො එදා ඇදුම් ඇන්දෙ ඉතාම සංවරව. කාන්තාවො සංවරවීම අපේ හෙළ සංස්කෘතියෙ ප්‍රධානම ලක්ෂණයක්. දැන් ඉන්න සුද්දගෙ පස්ස ලෙවකන උන් කිව්වට ලංකාවෙ ගෑනුන්ව සංවර කළේ සුද්ද කියල ඒ ඔක්කොම අමු බොරු. ලංකාවෙ ගෑනුන්ව උඩුකය නිරුවත් කළානම් ඒ පාහර වැඩේ කරේ සුද්ද මිසක් අපේ රදළයො නෙමේ.

      Delete
    7. ඉතිහාසයේ එක තැනක් අල්ලගෙන හැමකාලෙම හැම කෙනාම ඒ වගේ කියලා හිතන්න එපා... අනික විහාර මහා දේවි කියන්නේ පහත් කුලේ කෙනෙක්යෑ... අපි මේ කතා කරන්නේ පහත් කුලේ අය ගැන... ඒ අයගෙයි උඩුකය නිර්වස්ත්‍රව තිබුනේ... සීගිරි චිත්‍ර කාශ්‍යප රජුගේ කාලයේ බව පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා... මේ කියන පරීක්ෂණ බෙල් කරපුවා නෙමේ... අන්තර්ජාතිකව පිලිගත්තු ස්ථාන වලින් කරපුවා... මොකද ලංකාවේ කාබන් ඩේටිං කරන්න පහසුකම් නෑ... ඒ හන්දා සීගිරි චිත්‍ර බෙල්ගේ පාහර වැඩක් කියන එක අයින්වෙනවා...පූර්වාරාමය කථොළුව, පොලොන්නරුව තිවංක පිලිමගෙය, මුල්කිරිගල රජමහා විහාරය, ඇම්බැක්කේ දේවාලය, ඉසුරුමුණිය වගේ ස්ථාන වල චිත්‍ර, කැටයම් වල උඩුකය නිර්වස්ත්‍ර කාන්තාවන්ගේ රූප තියෙනවා... උඩුකය නිර්වස්ත්‍රව ඉන්න රූප තියෙන්නේ සීගිරියේ විතරයි කියලා හිතනවනම් ඒ දුර්මතය අහක් කරගන්න....

        හොදයි අපි යමු සන්දේශ කාව්‍ය වලට... තිසර සන්දේශයේ මෙහෙම තියෙනවා... මේකෙ කියවෙනවා 14 වන සියවසේ ගොපළු ගැහැණු දරුවන්ගේ ඇදුම් දණින් උඩ වැසෙන රෙදි කඩක් බවත් උඩුකය නිරාවරණය වූ බවත්...

      මසෙත් ගොදුරු පතා මෙවුලේ මිණි   ගතා
      එළදුන් බියපතා ගත වෙව්ලු              ගතා
      ඒ මතු නොවෙයි ඉතා නිල් සෙවලැයි  සිතා
      කොමළඟනක් මූතා සරල වරල  ගතා

       තිසර සන්දේශයේම තවත් කවියක මෙහෙම සදහන් වෙනවා... ඒකෙනුත් දණින් උඩට වැහෙන්න රෙද්දක් පමණක් ඇදගෙන හිටි බව කියවෙනවා...

      ලෙලවා තන බර ගන රන් කුඩු වැනි දන නෙත් වෙළියේ
      දුහු ලැද උඩු දරා මඬලද සිරිසර පාමින් එළිය
      ගෙරි නවතා යනෙන ගොපළු අඟනක් දැක තුනු එළියේ
      නෙතු සිතු සනසමින් සබඳ නොළඟව මිරටුව එළියේ

       තව මේ වගේ උදාහරණ දෙන්න පුලුවනි. මගේ එකම උපදේශය තව අධ්‍යනය කරන්න...

      Delete
    8. සිංහල කාන්තාවො හෙළුවෙන් ගියේ නෑ කියන එක පිළිගන්න මීට වඩා සාක්ෂි ඕනෙ නෑ. ඔය කියන තැන්වල තියන චිත්‍ර වල ඔක්කොම තියෙන්නෙ බොරු. ඕව ඔක්කොම සුද්දගෙ කාලෙ උන්ගෙ ඕනකම්වලට ඇදපුව මිසක් අපේ මිනිස්සු ඇදපුව නෙමේ. අපේ රටේ සත්‍ය ඉතිහාසය පිළිගන්න බැරි උඹල වගේ නපුංසකයො ඇත්තටම සිංහලයොද කියල සැකයි.

      Delete
    9. ලංකාවේ විහාරස්ථාන බොහොමයක චිත්‍ර ඇන්දේ සුද්දා... ෂෝක්... මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා... :D

      Delete
    10. ලංකාවේ ඉතිහාසයේ ආඩම්බර වෙන්නනන් ඕනතරම් තැන් තියෙනවා ඉතිහාසයේ... බොරු ආඩම්බරයක් අවශ්‍ය නෑ...

      Delete
    11. මෙතන ප්‍රශ්නය නිරුවත් වීම අසංවර කමක් කියල හිතන එක. පුරාතන ලංකාවේ එහෙම අදහසක් තිබුනේ නැහැ. බටහිර ලෝකේ තිබුනෙත නැහැ. ආදම් සහ ඒවා හිටියේ නිරුවතින්. අදත් සමර ගෝත්‍ර නිරුවතින් ඉන්නවා. නිරුවත් වීම අසංවර කමක් නෙමෙයි. අපේ ශරීර ගැන අප ආඩම්බර වෙන්න ඕනේ. ඒ කාලේ ලංකික පිරිම පවා උඩට ඇන්දේ නැහැ. විහාර මහා දෙවි වගේ බිසවුන් අඳින්න ඇති. නමුත් ලංකාවේ පිරිමි ගැහැණු දෙගොල්ලටම බොහොම සමතැනක් තිබුන කියල මම හිතන්නේ. කුල භේදය පරණ ඉන්දියාවේ තිබුන එකක්. බුදුන්වහන්ස්සේ එයට විරුද්ධව දේශනා කලා. එනිසා ලංකාවේ තිබෙන්න ති කියා හිතුව හැකි.

      Delete
    12. මහ ලොකු සමාජවාදියෙක් විදිහට පෙන්නුවට ආදම් ඒවලගෙ ගෝත්‍රික කතානම් පිළිගන්නව. ඕකට තමා කියන්නෙ කට බොරු කරත් දිව බොරු කරන්න්නෑ කියල. අපේ සංස්කෘතියට අනුව කාන්තාවො තමන්ගෙ ඇග පෙන්නන එක අසංවරයි තමා. සුද්දට එහෙම නොවුනට හෙළයට ඒක අසංවරයි. අතීතෙ ඉදන්ම අපේ කාන්තාවො හොදට විලි වැහෙන්න ඇන්ද. ලංකාවෙ පිරිමි උඩට ඇන්දෙ නෑ තමා. පිරිමි උඩට ඇන්දෙ නති එක කොහොමද අසංවර වෙන්නෙ. සිංහල පිරිමි කොහොමත් උඩට ඇන්දෙ නෑ තමා.

      Delete
    13. මටත් සමාජවාදියෙක් විධිහට හංවඩුවක් ලැබීම ගැන සතුටු වෙනවා. හේ හේ හැබැයි ඔහෙට පොඩ්ඩක් තේරුම් ගැනීමේ අඩුපාඩුවක් ටිහ්බෙනවා. ආදම් සහ ඒවා කියන්නේ බයිබලයේ තියන කතාවක්. ඒක උපමාවකට ගැනීම සහ ඒක විශ්වාස කිරීම කියන්නේ දෙකක්. බටහිර ලෝකයේ නිරුවත් වෙරළවල් හෙම තියනවා. එහෙම නිරුවත අගයන කොට්ට්සාශයක් ඉන්නවා.
      //පිරිමි උඩට ඇන්දෙ නති එක කොහොමද අසංවර වෙන්නෙ// කොහෙද මම එහෙම එකක් කියල තියෙන්නේ. ඔබට වටහා ගැනීමේ තද අපහසුවක් තිබෙන කෙනෙක්. නැත්නම් ඔයාගේ හිතේ තියෙන දේ අපි කිව්වයි කියල හිතල ලියනවද කොහෙද?
      මම ඔය උඩ කියල තියෙන්නේ නිරුවත් වීම අසංවර කමක් නොවන බව. කලායතන වල නිරුවත සිතුවමට නගනවා. මට නම් නිරුවටැහැ කියන්නේ අසංවර කමක් නෙමේ. ලංකාවේ අඩු කුලේ ගැහැනුන් සමුහයක්ට උඩට අඳින්න එපා කියල කියල තියෙන්නේ සිංහල වංශාධිපති වරු කියල තමා අපි කියවල තියෙන්නේ. ඔබට එහෙමෙ නෙමේ කියල කියන්න නම් ඒ ගැන සාක්ෂි ඉදිරිපත් කරන්න.

      Delete
  12. අපෝ මේ ගෑනුන්ගෙ හැටි. මෙලෝ රහක් නැති තන් ටිකක් තමා ලංකාවෙ ගෑනුන්ට තියෙන්නෙ. ඒකට එක්ක මන් කාලයක් ප්‍රංශෙ හිටිය. එහෙ බීච් එකක ඇවිදිනකොට නිකං දිව්‍ය ලෝකෙ ගියා වගේ. මාරම ලස්සන ඇගවල්. මාරම ලස්සන හමේ පාටක්. ඒත් ලංකාවෙ ගෑනුන්ට නිකන් මෙලෝ හැඩයක් නැති ඇගවලුයි කරෝල පාටකුයි තියෙද්දි ඕන එකෙක්ට එපා වෙනව. කතා දෙකක් නෑ සුද්දට මේව බලන් ඉන්න බැරි තරම් අප්පිරිය හිතිල තමා ඇදුම් අන්දන්න ඇත්තෙ. එයාලගෙ කෑලි දැකල මෙහෙ ආවම උන් එපාම වෙලා වෙන්න ඇති ඉන්න ඇත්තෙ. හොදම උදාහරණෙ තමා ඔච්චර කාලයක් ලංකාවෙ හිටපු රොබන් නොක්ස් ලංකාවෙ බදින්නෙ නැතුව එයාගෙ රටටම ගිහින් නාකි වෙලා බැදපු එක. සුද්දො ලංකාවෙ ගෑනු එක්ක හිටියෙම නැති තරම්. එහෙම උනානම් මීට වටා මිශ්‍ර ජාතියක් ලංකාවෙ අද ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මේ කලින් ඇනෝ නෙමෙ නේ... මොකද සුද්දා ඇදුම් අන්දපුවා එකතැනක බොරුයි කියලා දැන් ඇන්දුවා කියලා කියන නිසා...

      Delete
  13. හොද තොරතුරු ටිකක් බන්. මොකද්ද බන අර සොහොන.ඊශ්‍රායල්,පලස්තීන් පැත්තෙද?

    ReplyDelete
  14. විජය කියන පාහරය ලංකාවට එනකොට කුවේණි හිටියෙ රෙදි විය විය. මේකෙන් පේනව අපි එදා ඉදන් රෙදි ඇදපු ජාතියක් කියල. දැන් ඉන්න ගෑනුන්ට ඇදුම් අදින්න බැරි උනාට එදා අපේ කාන්තාවො හොද සංවරව තමා ඇන්දෙ. අද පර සුද්දගෙන් ගත්තු කාලකණ්ණි සංස්කෘතියක් හින්ද ගෑනුන්ගෙ විළිබිය නැති කරල. කාන්තාවො දැන් කොටට ඇදගෙන යනව. ඇග පේන්න සාරි ඇදගෙන යනව. නියම සිංහලයෙක් විදිහට මට ලැජ්ජයි මේව දකිනකොට. කාන්තාවො සංවර කරගන්න බැරි ජාතියකින් මොකද්ද ඇති වැඩේ. සුද්දන්ට උන්ගෙ ගෑනු සංවර කරන්න බෑ. උන් නපු]න්සකයො හින්ද. ඒත් සිංහලයො එහෙම නෙමේ. සිංහලයො ශ්‍රේෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ලංකාවෙ හිටපු සේරෝම හෙළුවෙන් හිටියා කියලා කිව්වා වගේනේ කතාව... අඩු කුලේ අයට තහංචියක් දාලා තිබුනා උඩුකය නිර්වස්ත්‍රව තබාගන්න...

      Delete
    2. කුල බේදය ඇතිකරේ සුද්ද. අපේ කාන්තාවො උඩුකය නිරුවත්ව හිටියනම් ඒ පාහර වැඩේ කරේ සුද්ද. ලංකාව අල්ලගන්නනම් සංවරව ඇදුම් අදින හෙළ කාන්තාවන්ගෙ උඩුකය නිරුවත් කරන්න ඕන කියල ඩොයිලි රැජිනට යවපු ලියුමක තියනව.

      Delete
    3. හිතින් මවාගත්ත රටක ඉතිහාසයක් ගැන ඔයා මේ කතා කරන්නේ... ලංකාවෙ ඉතිහාසය නෙමේ...

      Delete
    4. අනික ඔය ඩොයිලිගේ ලියුම මොකක්ද? කොපියක් එහෙම තියේද අපිටත් කියවන්න... එහෙම නැත්තන් ඒ ගැන විස්තර තියෙන ලින්ක් එකක්වත්...

      Delete
    5. මෙන්න මේ ලින්ක් එකට ගිහින් අහපන්. මේ ඔක්කොම කරේ සුද්ද. උන්ගෙ ලේඛන වල විදිහටම කාන්තාවො උඩුකය නිරුවත් කරල තියෙන්නෙ උන්. එහෙම නතුව තමන්ගෙ කාන්තාවන්ගෙ ශරීරය පිටට පෙන්නන්න තරම් නපුංසක ජාතියක් නෙමේ සිංහලය කියන්නෙ.
      https://youtu.be/9WewtUwCbnM?t=840

      Delete
    6. ඔය යු ටියුබ් එකේ කතාවේ වෙල්ලස්ස ආක්‍රමණය ගැන නම් කියන්නේ ඒක නිවැරදියි. මම හිටහන්ව රැජින ගෙන් එකට වන්දියක් ඉල්ලන්න ඕනේ කියල. ඒ කරපු සංහාරයට. හැබැයි ඔය හෙළ බසින් ලියපුව කොහෙද ලන්ඩන් වල තියෙන්නේ. පාලි සංස්කෘත ඒවා හා ලංකාවෙන් ගෙනාපු කලාකෘති විශාල ප්‍රමාණයක් නම් ලන්ඩන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙනවා.

      Delete
    7. කාන්තාවන් උඩුකය නිරුවත් කළැ යුතුයි කියල රැජිනට යවන ලියුමෙ දාන්න හේතුවක් නෑනෙ කාන්තාවො ඒ කාලෙ හිටියෙ උඩුකය නිරුවත්වනම්. කාන්තාවො සංවරව ඇදපු හින්දනෙ කාන්තාවන් උඩුකය නිරුවත් කළ යුතුයි කියල දැම්මෙ. මේකෙන් හොදට තේරුම් ගන්න පුළුවන් එදා කාන්තාව උඩුකය නිරුවත්ව හිටියෙ නෑ කියල.

      Delete
    8. ඩොයිලිගේ කාලේ රැජිණක් හිටියේ නෑ... හිටියේ තුන්වෙනි ජෝර්ජ්, හතරවෙනි ජෝර්ජ්... රැජිණ ආවේ 1837 දී ඒ වික්ටෝරියා... ඩොයිලි මැරුණේ 1824 ...

      Delete
    9. හරියට හරි වාසිත. රැජින කියල ඒ වීඩියෝවේ කියන එකත් වැරදියි. ඔබට ලියුමක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න බැරිද? එල්ලස්ස අක්රමයේදී කාන්තවන් නිරුවත් කරන්නට ඇති? එක යුරෝපයේ 1800 ගණන් වල ඉඳන් නෙමේ ඊටත් කලින් ඉඳන් තිබ්බා. මරණ කොට නිරුවත් කිරීම. එක තමයි අවසන් නිග්‍රහය. ගැහැණු න්ගේ උඩුකය නිරුවත් කිරීම යුරෝපිය සොල්දාදුවන් කලා . 1945 දෙවන ලෝක යුද්ධෙදි සෝවියට් රතු හමුදා පවා නගනේ හිර යුරෝපීය ගැහැනුන් දුෂණය කල බවට සාක්ෂි තියනවා. ජර්මනියේ ගැහැනුන් දුෂණය කලා . ජරම්න් වරු රුසියාවේදී ඊට කලින් කලා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවදය් පිහිටුවීමට කලින් ඊස්ට් ඉන්දීය කොම්පැනි එක යට‍තේ රි සෙබළුන් කලා කියල තිබෙනවා. එනිසා එහෙම දෙයක් ලකාවේ වීමට ඉඩකඩක් තිබෙනවා. නමුත් මෙහිදී හා මතලන්ගේ ලිපිදීත් අවධාරණය කරන්නේ සම්පුර්ණයෙන්ම ව්වෙනත් දෙයක්. කුලහින කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටිය කියන එක.

      Delete
    10. මේ වීඩියෝ එකේ 37.50 ගිහින් බලන්න. රජු කියපු එකට රැජින කියල පොඩ්ඩක් වරදින්න ඇති. ඒක සුළු වැරැද්දක්. ඒත් ඒක සංවරව ඇග වැහෙන්න කාන්තාවො ඇදපු එකට කාන්තාවො උඩු කය නිරුවත්ව හිටිය කියන්න තරම් වැරැද්දක් නෙමේ. සැකයක් තියනවනම් රාජ්‍ය ලේඛනගාරෙට ගිහින් බලන්න. ඉන්ටනෙට් එකේ ලින්ක් නෑ දෙන්න.
      https://www.facebook.com/siwuhelesinhaya/videos/1399068326817267/

      Delete
    11. Ajith Dharma උඹ කියන කතාවෙන්ම තේරෙනව උඹල ඔය මහ ලොකුවට කාන්තා විමුක්ති ගැන කියන යුරෝපෙ කාන්තාවන්ට සලකපු හැටි. ඒත් සිංහලය කවදාවත් කාන්තාවන්ට නරක විදිහට සැලකුවෙ නෑ. සිංහලය කවදාවත් කාන්තාවන් නිරුවත් කළෙත් නෑ මැරුවෙත් නෑ. අතීත සිංහල නීතිය බැලුවනම් පේනව කාන්තාවන්ට දුන්නු උපරිම දඩුවම දඩ ගැසීම. සිංහලය කවදාවත් කාන්තාවන්ට ශාරීරික දඩුවමක්වත් දුන්නෙ නෑ. කාන්තාවන්ට දුක් දීපු ජාතියක් නෙමේ සිංහලය කියන්නෙ. ඒ වගේම මන් හිතන්නෙ නෑ සුද්දන්ට තමන්ගෙ කාන්තාවන් දූෂණය කරන්න දෙන්න තරම් සිංහල පිරිමි නපුංසකයො කියල. ඒ වගේම සිංහලය කවදාවත් කාන්තාවො උඩුකය නිරුවත්ව තිබ්බෙත් නෑ. නියම සිංහල පිරිමියෙක්නම් කවදාවත් තමන්ගෙ කාන්තාවො ඇග පේන්න යවන්නෙ නෑ. එදා සිංහලේ හිටියෙ නියම සිංහල පිරිමි. ඒත් අද ඉන්න සුද්දගෙ පස්ස ලෙවකන උන් නියම සිංහල පිරිමි කියල කියන්න බෑ. සුද්ද අපේ නියම සිංහල පිරිමිකම නැති කරල ගිහින් තියෙන්නෙ.

      Delete
    12. @ඇනෝ... ලංකාවේ ඉතිහාසය ගැන ලියවිලා තියෙන පොත්පත් අධ්‍යනය කරන්න... ඩේවි ගේ පොත, නොක්ස්ගේ පොත වගේ ඒවා... සුද්දව ශුවර් නැත්තන් එම්. ඩී. රාඝවන්ගේ රත්නවල්ලිගේ දරුවෝ පොත, ආනන්ද කුමාරස්වාමි ගේ මධ්‍ය කාලීන සිංහල කලා පොත, බුද්ධරක්ඛිත හිමිගේ ජනවංශය පොත කියවන්නේ... අඩු කුලේ කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව හිටියා කියලා මේ හැම මූලාශ්‍රයකම තියෙනවා...

      Delete
    13. ඔය පොත් ඔක්කොම පස්සෙ කාලෙක ලියපුව. ඒ ඔක්කොම මේ මෑත කාලෙකදි උඹල වගේ අදහස් තියන උන් ලියපු බොරු. හෙළයින්ගෙ ඇත්ත ඉතිහාසෙ හොයල බලපන්. කාන්තාවො උඩුකය නිරුවත්ව හිටියෙ නෑ. උඹල ඔක්කොම සුද්දගෙ අණු කාල බොරු ප්‍රචාරය කරන උන්. ඔය පොත් ලියපු එවුනුත් එහෙමයි.

      Delete
    14. ජනවංශය එහෙම එකක් නෙමේ... ඒක පස්සෙ කාලෙ ලියැවුන එකක් නෙමේ...

      Delete
    15. කොයි කාලෙ ලියවුණු එකක්ද?

      Delete
    16. 19 වැනි සියවසේ... ඒ කියන්නේ එක්දාස් අටසිය ගණන්වල... තව සංදේශ කාව්‍ය වලත් තියෙනවා... සංදේශ කාව්‍ය මෑත කාලයේ ලියැවුනු ඒවා නෙමේ...

      Delete
    17. පෙකණිය නොදක්වා
      සළු ඇඳ බොලට දක්වා…
      නොපව තන සක්වා
      සිනා නොමසෙන් දසන් දක්වා
      මෙන්න මෙහෙමයි අපේ කාන්තාවො එදා ඇදුම් ඇන්දෙ. මේ විදිහට අදින්නෙ නැතුව තමන්ගෙ කාමරෙන්වත් එළියට ආවෙ නෑ අපේ සිංහල කාන්තාවො. සංදේශ කාව්‍ය වල කොහෙවත් නෑ සිංහල කාන්තාවො නිරුවතින් හිටිය කියල. එහෙම තියනවනම් ඒ වෙන ජාතියක කාන්තාවො වෙන්න ඕන. මොකද ඒ වෙද්දිත් සුද්දො ලංකාවට ඇවිත් ඉවරයි. උන්ගෙ ගෑනු ඇදුම් නැතුව ඉන්න ඇති ඒ කාලෙත්. ගෑනු සංවර කරගන්න බැරි නපුංසකයො ටිකක තමා සුද්දො කියන්නෙ. උඹල වගේම සුද්දට කඩේ යන එකෙක් ලියපු පොත්වල ඇති කාන්තාවෙ උඩුකය නිරුවත්ව හිටිය කියල. ඒව එකක්වත් ඇත්ත වෙන්නෙ නෑ. ඇත්ත මොකද්ද කියල උඹල හොයල බලපන් අපේ හරි ඉතිහාසෙ. උඹලට වඩා ලංකාවෙ ඉතිහාසය ගැන හරියට සහ ගැඹුරට අධ්‍යනය කරපු කෙනෙක් මන් දුන්නු ලින්ක් එකේ ඉන්න දේශකතුමා. උඹල සුද්ද කියල දීපු බොරු ඉතිහාසය ඒ විදිහටම පිළිගන්න තොත්ත බබාල ටිකක් විතරයි.

      Delete
    18. ඔය කාව්‍යශේඛරයේ කවියේ බැමිණියට උපදෙස් දෙනවා... ඉන්න ඕන විදිහ ගැන කියලා... බෞද්ධ සංස්කෘතියත් එක්ක එන දෙයක් ඒක... අපි මේ කතා කරන මාතෘකාවේ කතා නායකයා වෙන රොඩී ජනතාව එකල උඩුකය නිර්වස්ත්‍රව හිටියේ... මේ දේ සිදු නොවිය යුතුයි කියලයි ඒ පොත් වල උගන්නන්නේ... සංදේශ කාව්‍ය වල ඕනතරම් මේ ගැන තියෙනවා... උඩ කමෙන්ට් එකක මම ඒ ගැන කලින් කිව්වා...

      Delete
    19. //සංදේශ කාව්‍ය වල කොහෙවත් නෑ සිංහල කාන්තාවො නිරුවතින් හිටිය කියල. එහෙම තියනවනම් ඒ වෙන ජාතියක කාන්තාවො වෙන්න ඕන// සංදේශවල නෑ කියලා ආයේ කියනවා එහෙම ඉන්නවනන් ඒ සිංහල නෙමේ කියලා... ඒ කියන්නේ ඔයාටම විශ්වාස නෑ මේ දේ ගැන...

      Delete
    20. සිංහල බෞද්ධ කියන්නෙ එකට බැදුණු දෙකක්. මේ දෙක වෙන් කරන්න කාටවත් බෑ. මේ සම්ප්‍රදායන් දෙකටම අනුව කාන්තාවන් ඇදුන් ඇන්දෙ එකම විදිහට. බලන්න එදා විශාඛා ජේතවනාරාමයට යනවිට ඇදගෙන ගිය විදිහ. ඒ විදිහටම තමා අපේ සිංහල කාන්තාවොත් එදා ඉදන්ම ඇදුම් ඇන්දෙ. රාවණ යුගේ ඉදන් කාන්තාවො ඇදුම් ඇන්දෙ එහෙම තමා. දැන් සිංහල රජකාලෙ චිත්‍රපටි වල වගේ තනපටියක් විතරක් ඇදන් බුරිය පේන්න ඇන්දෙ නෑ ඒ කාලෙ අපේ සිංහල කාන්තාවො. අර ගැමුණු මහරජ කියල කතාවක් ගියා බලන්නත් ලැජ්ජයි කාන්තාවන්ගෙ ඇදුම්. තනිකර හෙළිවැල්ලෙන් ඉන්නව වගේ. අපේ ගැමි කාන්තාවො ඔය විදිහට ඇන්දෙ නෑ ඒ කාලෙ. මේ වගේ කතා සිංහල සංස්කෘතියටයි දුටුගැමුණු රජතුමාටයි දෙකටම කරන ලොකු අපහාසයක්. මේව කරන අධ්‍යක්ෂකවරුන්ට හොයාගෙන ගිහින් ගහන්න හිතෙන්නෙ. මේ කතා තහනම් කළැ යුතුමයි. මෙහෙම හිගන ඇදුම් ඇදපු ජාතියක් නෙමේ සිංහලය.

      Delete
    21. ලංකාවේ මිනිස්සු ඉස්සර ඇදපු ඇඳුම් ගැන ඔයාට තව ඉගෙනගන්න වෙනවා... මන් කිව්වේ මුල ඉදලම...

      Delete
    22. ඉගනගන්න තියෙන්නෙ සුද්දගෙ අශූචි ගිලින උඹලට මිසක් මට නෙමේ. මන් දීල තියන ලින්ක් ටිකට ගිහින් බලුවනම් ඕන එකෙක්ට තේරුම් ගන්න පුරුවන් සිංහල කාන්තාවො පියයුරු තියා නාභියවත් පේන්න ඇන්දෙ නෑ කියල. මම මේ දේවල් කියන්නෙ මුල ඉදලම හොද අධ්‍යනයක් කරල.

      Delete
    23. ඔයාගෙ ලින්ක් එකේ ඉන්න දේශකයා තනිකර කතාකරන්නේ යුටෝපියාවක් ගැන...

      Delete
    24. යුටෝපියාවක් කියන්නෙ මොකද්ද කියන්න මන් දන්නෙ නෑ. ඒත් උඹලනම් ජීවත් වෙන්නෙ සුද්දො මවපු ෆැන්ටසියක. උඹලට ඕනෙ අපේ සිංහල සංස්කෘතිය විනාශ කරන්න. උඹල උත්සහ කරන්නෙ අපේ ඇත්ත ඉතිහාසය කණපිට හරවල සිංහල කාන්තාවො ඇදුම්වත් ඇදපු නැති ජාතියක් කියල ඔප්පු කරන්න. මේ වෙලාවට තමා මට අනගාරික ධර්මපාලතුමාගෙ කතාවක් මතක් වෙන්නෙ. එතුමා කිව්ව සුද්ද ගියත් කලු සුද්දො ටිකක් බෝ කරලයි යන්නෙ කියල. ඒක තමා මේ උඹල වගේ උන් ඉන්නෙ. මතක තියාගනින් මේ රටේ තාම හරි සිංහල පිරිමි ඉන්නව. ඒ සිංහල පිරිමි ඉන්නකන් බොරු ඉතිහාසයක් ඔප්පු කරන්න වෙන්නෙ නෑ. අපි කොහොමහරි ඔප්පු කරනව සිංහල කාන්තාවො මුලු ඇගම වැහෙන්න ඇදපු සංවර ජාතියක් කියල.

      Delete
    25. හැම කාන්තාවක්ම උඩුකය නිර්වස්ත්‍රව හිටියා කියලා කොහෙවත් කියලා නෑ ඇනෝ... අඩු කුලේ අයයි එහෙම ඉදලා තියෙන්නේ... ඔයා මේක පටලවන්... බොරු ඉතිහාසයක් මවන්නෙ අපි නෙමේ ඔයාගෙ අර දේශකතුමා... යුටෝපියා කියන්නේ හිතින් මවාගත්ත රාජ්‍යයකට...

      Delete
    26. සිංහලේ කිසිම කුලයක කාන්තාවක් උඩුකය නිරුවත්ව තබා නාභියවත් ප්‍රදර්ශනය වෙන්න ඇන්දෙ නෑ. හැට්ටෙ ඇන්දෙත් අත් දිගට. දණහිස ගාවටම රෙද්ද ඇන්ද. අද වගේ නිතඹට ඇලෙන්න ඇන්දෙත් නෑ.

      Delete
    27. රොඩී කුලයේ උඩුකය නිර්වස්ත්‍රව හිටියා... ඔය කියන විදිහේ ඇදුම් හැම කුලයකම අය ඇන්දෙ නෑ... අනික කාලෙන් කාලෙට ඇදුම් ක්‍රමක්‍රමයෙන් වෙනස් උනා...

      Delete
    28. ඇනෝ උඹ කියන විධිහට මම යුරෝපයේ කාන්ත විමුක්තියක් ගැන කතා කැරල් නැහැ. නමුත් උඹ මිට වැඩිය ටිකක් ඉගෙන ගෙන කතා කරපන්. මොකද යුරෝපයේ ඔය ප්‍රශ්න නිසා තමයි ෆෙමිනිස්ම් වගේ ව්‍යාපාර පන නැගුනේ. සුද්දගේ රටේ පවා ගැහැණු සටන් කරල් තමා චන්ද බලය දිනා ගත්තේ. එංගලන්තේ මුළු අංගම වාහන විධිහට් ගැහැණු අඳින්න ගත්තේ වික්ටෝරිය රැජිනගේ කාලේ ඉඳන්. 1837 පස්සේ. ඒකට වික්ටෝරියානු සම්ප්‍රදාය කියන්නේ එකයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වටේම ඒඒක උන් අරන් ගියා. ලංකාවේ සිංහල ගැහැණු උඩුකය නිරුවත්ව හිටියා කියල අපි කියන්නේ දැකපු අය කියන නිසා විතරයි. මම ගම නොකියන්නේ එහෙමෙ කියන එක හොඳ නැති නිසා. අපි ඒවාට සහමුලින්ම විරුද්ධයි. ඒකයි.
      ඊළඟ කරණය ඇනෝ උඹ විශාඛා ජේතවනාරාමෙට ගියේ මොන ඇඳුම් ඇඳගෙනද කියල දැන ගත්තේ කොහොමද? විහාර ගෙවල් වල ඒවා බලලද? විශාඛාව කියන්නේ ඉන්දියන් ගැහැණියෙක්. ඔය උඹම උඩ බැනපු විජය කියන එකා (කුමාරය) ගේ රටේම. ඒ කාලේ ඉන්දියන් ගැහැණු ඇඳපු විධිහ බලල ඒක තීරණය කරන්නේ. සිංහලයෝ හොඳ සංස්කෘතියක් තිබ්බ අභිමානවත් ජාතියක් බව මමත් පිලි ගන්නවා. හැබැයි ඇත්තටම උඹලට කරන්න තියෙන්නේ ඔය අභිමානවත් කම් රැක ගන්න නම් සිංහල ගැහැණු අරාබිකරයට පටවන එක නවත්වන්න ඉස්සෙල්ලම. රට දියුණු කරන්න. ගෙවල් වලට පැල හිටවන්න දෙන එක හොඳ අදහසක්. රසායනික විස නැති එළවලු තමයි අපිත් ගන්නේ වැඩිපුර ගණන් වලට. ඒක ලංකාවේ මිනිසුන්ට පුරුදු කරන එකත් හොඳ වැඩක්. ඒවාට නම් මමත් සහයෝගය දෙනවා.

      Delete
    29. Ajith Dharma ඔයා කියන ඔය කතාව මන් පිළිගන්නව. යුරෝපෙ කාන්තාවො කියන්නෙ උපරිම දුක් විදපු කාන්තාවන්. ඉස්සර කාන්තාවන්ට පොඩි වැරදි වලටත් ප්‍රසිද්ධ තැන් වලට ගෙනල්ල නිරුවත් කරල කස පහර දුන්න. මායාකාරියො කියල කාන්තාවො පුච්චර මරුව. ඒ අතින් අපිට සිංහල ජාතිය ගැන කොච්චර ආඩම්බර වෙන්න පුළුවන්ද. අපි කවදාවත් කාන්තාවන්ට එහෙම දඩුවම් දීල නෑ. සිංහල සංස්කෘතිය කියන්නෙ කාන්තාවන්ට උපරිම සැප දීපු සංස්කෘතියක්. අපි කවදාවත් කාන්තාවො ප්‍රසිද්ධියෙ නිරුවත් කරල නෑ. කාන්තාවන්ට දඩුවම් දීපු බවක් නෑ. ඉතිහාසෙ තියන එකම තැන ඇහැළේපොල කිමාරිහාමි ඝාතනය. ඒක කරේ ඉන්දියාවෙන් ආපු පාහර වඩුගයෙක් මිසක් සිංහලයෙක් නෙමේ. ඒ මරපු විදිහ රාජ නීති වලට පටහැනියි කියල ඉතිහාසෙම සදහන් වෙනව. එක රජෙක්ගෙ ඕන කමකට කරා මිසක් එහෙම කාන්තාවො ගිල්වල මරන සිරිතක් අපේ සංස්කෘතියෙ තිබිල නෑ. ඒකත් යුරෝපෙ කරන විදිහට විදිහට නිරුවත් කරල දියේ ගිල්වල නෑ. ජීවිතේ අවසාන අවස්ථාවෙත් කාන්තාවගෙ නම්බුව රැකෙන විදිහටයි ඒ දඩුවම වෙලා තියෙන්නෙත්. කාන්තාවන්ට කිසිම දවසක කස පහර දීල නෑ. මේ ඔක්කොම බලු වැඩ කරල තියෙන්නෙ යුරෝපෙ.

      Delete
    30. යුරෝපයේ 1800 ගණන් වෙනකන් ඒ වගේ දඬුවම් තිබිල තියනවා. නමුත් එවලට ඊහිව කරපු අරගල වලින් තමා අද තියන නිදහස් සමාජය හැදිලා තියෙන්නේ. වස විස නැති කෑම ගණන් එකත් යුරෝපයේ තදින් පැතිරෙන දෙයක්.

      Delete
    31. යුරෝපෙ කාන්තාවො උපරිම දුක් වින්ද. එයාල අරගල කරල කාන්තා විමුක්තිය ලබාගත්ත. සිංහල කාන්තාවො උපරිම නිදහස වින්ද. ඒත් අද මේ කාලකණ්නි කාන්තා විමුක්තියක් හින්ද සිංහල කාන්තාවන්ගෙ නිදහස මුලුමනින් නැති වෙලා.

      Delete
    32. සමහර ගොබ්බො හිතාගෙන ඉන්නෙ ගොවි කියන්නෙ උසස් කුලයක් කියල.නමුත් ඇත්තටම වුනේ යටත් විජිත පාලකයො (පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි)අඩු කුල වල අය එහෙම නැත්නම් ගොවියො උසස් තනතුරු වලට දාල අනෙක් වැදගත් මිනිස්සු උන් ලව්ව පාලනය කරවීමයි.නිකම් පොඩි මොල කෑල්ලක් තියෙනව නම් තේරෙන්න එපැයි.ඉස්සර කුල ක්‍රමය අදට ගැලපුවොත් ඉංජිනේරුවෙක් කියන්නෙත් ආචාරියෙක්.එයා එතකොට පහත්ද කුඹුරු කොටන කම්කරුවෙකුට වඩා.යුධ හමුදා නිලධාරින් පද්දො.ගාමන්ට් වල මහන්නෙ හාලි. ඒ වුනාට කුඹුරු කොටන බයියො බයියාවියො ඒ රස්සාව අත ඇරල දුවන්නෙත් අරවට.Re-exploring the Links: History and Constructed Histories Between Portugal and Sri Lanka edited by Jorge Manuel Flores.මේ පොත කියෙව්වොත් හොඳයි.ඒකෙ තියෙනව ඔය සමාජ වෙනස්වීම් පටන් ගත්ත හැටි,කුලතුංග මුදලිලා සමරකෝන් මුදලිලා කොහෙන්ද ආවෙ කියල.

      Delete
  15. මෙන්න මේ ලින්ක් එකට ගිහින් අහපන්. මේ ඔක්කොම කරේ සුද්ද. උන්ගෙ ලේඛන වල විදිහටම කාන්තාවො උඩුකය නිරුවත් කරල තියෙන්නෙ උන්. එහෙම නතුව තමන්ගෙ කාන්තාවන්ගෙ ශරීරය පිටට පෙන්නන්න තරම් නපුංසක ජාතියක් නෙමේ සිංහලය කියන්නෙ.
    https://youtu.be/9WewtUwCbnM?t=840

    ReplyDelete
    Replies
    1. ඩොයිලිගේ කාලේ රැජිණක් හිටියේ නෑ... හිටියේ තුන්වෙනි ජෝර්ජ්, හතරවෙනි ජෝර්ජ්... රැජිණ ආවේ 1837 දී ඒ වික්ටෝරියා... ඩොයිලි මැරුණේ 1824 ...

      Delete
  16. මේ ඇනෝ හාදයට ටැපලිල වගේ, මිතිල මේ කතා කරන්නෙ අඩු කුලේ ඡන කොට්ටාස ගැන, ඒ අය උඩුකය නිරුවත්ව හිටිය , ඒක අපේ සීයත් මට කියල තියෙනව .. නමුත් සිංහල කුල කාන්තාවො උඩුකය නිරුවත්ව හිටියෙ නෑ, උසස්කුළ වල අය රෙද්ද හැට්ටෙ ඇඳගෙන හිටියෙ... සමහරවිට ගොඩක්ම අතීතයේ දුප්පත් ඡනතාව උඩුකය නිරුවත්ව ඉන්න ඇති ඒක වෙනම දෙයක් ,, බොරු හේතු මවාගෙන මිතිලට චෝදනා කරන්න එපා ඇනෝ

    ReplyDelete
    Replies
    1. කිසිම පැටලිල්ලක් නෑ. මන් හොද සිහියෙන් කතාකරන සිංහලයෙක්. සැකයිනම් මම දාල තියන ලින්ක් වලට ගිහින් බලපන්. ඒවල ඔප්පු කරල තියනව සිංහල කාන්තාවො ඇගම වැහෙන්න ඇදපු සංවර ජාතියක් කියල. උඩුකය නාභිය මේ කිසිම දෙයක් අපේ කාන්තාවො පේන්න ඇන්දෙ නෑ. එහෙම පේන්න අදින එක අපේ සංස්කෘතිය විනාස කරන වැඩක්. අද සුද්දගෙ සංස්කෘතිය අරගෙන ගෑනු ලැජ්ජ නැතුව ඇග පේන්න ඇන්දට එදා අපේ කාන්තාවො එහෙම ඇන්දෙ නෑ.

      Delete
    2. සිංහලේ කිසිම කුලයක කාන්තාවක් උඩුකය නිරුවත්ව තබා නාභියවත් ප්‍රදර්ශනය වෙන්න ඇන්දෙ නෑ. හැට්ටෙ ඇන්දෙත් අත් දිගට. දණහිස ගාවටම රෙද්ද ඇන්ද. අද වගේ නිතඹට ඇලෙන්න ඇන්දෙත් නෑ.

      Delete
    3. ඒ ලින්ක් වල ඔප්පු කරලා නෑ... කියලා විතරයි තියෙන්නේ... ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කියතැහැකි... හරි හෝ වැරදි... පිලිගත හැකි එක මූලාශ්‍රයක්වත් එයා දීලා නෑ...

      Delete
    4. දැන් ඉන්න ගෑනු හෙලිවැල්ලෙන් ගියාට අපේ කාන්තාවො හෙලිවැල්ලෙන් ගියේ නෑ ඉස්සර. එහෙම හෙළුවෙන් ගියා කියන්න කිසිම සාධකයක් නෑ. ඔය තියන සාධක ඔක්කොම සුද්දගෙ බොරු මවාපෑම්. උඹල වගේ වහල්ලු සුද්දට යට වෙලා හින්ද ඒව ඔක්කොම් ඇත්ත වෙලා තියෙන්නෙ. අපි අපේ දැන් කාන්තාවන්ට සිංහල සංස්කෘතියට අනුව අදින්න පුරුදු කරන්න ඕන. ලැජ්ජාවෙ බෑ කොළඹ පාරවල් වල සිංහල කාන්තාවො යන විදිහ දැක්කම.

      Delete
    5. මේවා සුද්දගේ මවාපෑම් කියන්න එකම එක සාක්ෂියක්වත් ඔයා ගාව තියෙනවද?

      Delete
    6. ඩොයිලි රැජිනව යවපු ලිපි හොයාගෙන කියවන්න. ඒව තියනව ලේඛනාරක්ෂිත දෙපාර්තුමේන්තුවෙ. ඒව ඉන්ටනෙට් එකට දාල නෑ සුද්දො ටික මොකද උන් මවපු ඉතිහාසෙ බොරුවක් කියල ඔප්පු වෙන හින්ද. උඹ මන් දීපු ලින්ක් එකක්වත් බලල නෑ ඒ ලින්ක් එකක කියනව රාජ්‍ය ලේඛනාරක්ෂිත දෙපාර්තුමේන්තුවෙ සිංහල පරිවර්තන එක්කම තියනව කියල.

      Delete
    7. ලින්ක් එක බැලුවා... ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා... එහෙම දෙයක් නෑ කිව්වා... ඒකයි මම කියන්නේ සාක්ෂි තියෙනවනම් ඉදිරිපත් කරන්න... එක පොටක් අල්ලගෙන ඒකෙන් මුලු ඉතිහාසෙම ගොඩනගන්න හදන්න එපා...

      Delete
    8. //ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් ඇහුවා... එහෙම දෙයක් නෑ කිව්වා//
      මේක උඹේ බොරුවක්.

      Delete
    9. ඔයාම අහන්න එහෙනන්... http://www.archives.gov.lk/web/index.php?lang=si

      Delete
    10. උඹ ඔය වෙබ් සයිට් එකට ගිහින් ඒකෙ හෙව්වද ලිපි? වෙබ් සයිට් එකේ නෑ තමා උඹ මහ මෝඩයෙක්. ඒව වෙබ් සයිට් වල නෑ. උඹත් එක්ක තර්ක කරපු එකත් අපරාධෙ කියල හිතෙනව දැන්.

      Delete
    11. ඇනෙ⁣ා් මේකට කෙලින්ම උත්තරයක් දියන්. උබ කියන්නෙ ඉස්සර ඉඳපු රොඩී කාන්තාවො ඇඟ වැහෙන්නම ඇදුම් ඇන්ද කියලද?

      මේ පෝස්ට් එක රොඩී අය ගැනනෙ ලියල තියෙන්නෙ , උබ ඒකට හරියටම උත්තරයක් දියන්.

      Delete
    12. ඔය ලිපි අස්සෙ මේක හොයනවා කියන්නේ පිදුරු ගොඩක් අස්සෙ ඉදිකටුවක් හොයනවා වගේ... කෝල් කරලා බලන්න... ටිකක් මොලේ පාවිච්චි කරන්නකෝ...

      Delete
    13. තරිඳු ලක්ශාන් ඔව් අනිවාර්යෙන්ම. සිංහලේ සියලුම කුලවල කාන්තාවන් ඇන්දෙ මුලු ඇගම වැහෙන්න. සිංහල සංස්කෘතිය ඒකයි. අපේ සියලුම කුලවල කාන්තාවො මුලු ඇගම වැහෙන්න ඇදපු බව අවිවාදාත්මකව පිළිගන්න පුළුවන් දෙයක්. උඩ දීල තියන ලින්ක් වලට ගිහින් බැලුවනම් ඒක පැහැදිලිව ඔප්පු කරල තියනව. ඒත් සුද්දගෙ පස්ස ලෙවකන අවජාතකයො කැමති නෑ මේ සත්‍ය පිළිගන්න.

      Delete
  17. අදයි වාසිතයට ගොඩ වැදුණෙ. බොහොම වටිනා ලිපියක් මිතිල . නොදන්නා බොහෝ දේ ගැන දැන ගත්තා . ස්තුතියි ලිපිය වෙනුවෙන් ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් බ්ලොග් අඩවියට පිලිගන්නවා...

      Delete
  18. ඔයා දන්න සංස්කෘතිය එහෙම වෙන්න පුලුවන් ඇනෝ , ඒත් මම ඔය පොත්වල තියන ඒවගෙන් නෙවෙයි කියන්නෙ , ඔය ⁣කියන විදිහට උඩුකය නිරුවත් රොඩී කාන්තාවො ඇස් දෙකටම දැකපු ආච්චිලා , සීයල මට ඒ ගැන කියල තියෙනව ... මීට කාලෙකට කලින් නැතිවුන ආච්චි කෙනෙක් ඉඳිය අපේ ගමේ එයාට අවුරුදු 103 ක් වෙනව.. එයා ඔය දේවල් ඇස් දෙකටම දැකල තියෙනව , උඩුකය නිරුවත් රොඩී කාන්තාවො , කාපිරි , සුද්දො ඒ ඔක්කොම දැකල තියෙනව . ඒ මිනිස්සුන්ට බොරු කියන්න හේතුවක් මම නම් දකින්නෑ... සුද්දො කිවුව කියල ඒ ආච්චි එහෙම කියයියෑ... link දැම්ම කියල පිළිගන්න බෑ ඇනෝ... එහෙමනම් සමන්තබඳ්‍ර හාමුදුරුවො රහත් කියලත් කියන්න පුලුවන් ඉරාඡ්ගෙ වීඩියෝ එක බලල.

    ReplyDelete
    Replies
    1. මේවා ඇහැට දැක්ක අය ඕනතරම් ඉන්නවා ලංකාවේ...

      Delete
    2. කාන්තාවන් උඩුකය නිරුවත් කළ යුතුයි කියල සොයිලිගෙ ලිපියකම තියනවනෙ. ඉතිං එදා ඒ පර සුද්ද නිරුවත් කරපු කාන්තාවන් මේ ළගක් වෙනකම් ඉන්න ඇති. එහෙම මිසක් අපේ සංස්කෘතියට අනුවනම් කවදාවත් කාන්තාවන් උඩුකය නිරුවත්ව හිටියෙ නෑ කියන එක සහතිකයි.

      Delete
    3. Mithila & Tharindu,

      There is no point arguing with conspiracy theorists. They use unverified sources, dramatized incidents, pseudo science, wishful thinking, made up reference and documents with doubtful provenance. Their research and scholarship are mostly trying to fit facts to a preconceived theory. They don't love researching history for the love of the subject but only use history to bolster their theories by their own interpretations.

      Delete
    4. Pra Jay උඹල හිතාගෙන ඇති මෙතන කඩ්ඩෙන් කොටපුවාම හෙන පොශ් කියල. අපිටමන් එහෙම පේන්නෙ නෑ. අපි කතා කරන්නෙ ඇත්ත ඉතිහාසය. ඒත් උඹල පිළිගන්නෙ සුද්දගෙ මවාපෑම් වලින් ලියල දුන්නු ඉතිහාසය. උඹල ඔය මවපු ඉතිහාසය පිළිගන්නෙ උඹල සුද්දගෙ වහල්ලු හින්ද. උඹල පුලුවන්නම් ගවේෂණාත්මකව හොයල බලපන් ඇත්ත ඉතිහාසය. උඹල එහෙම හොයන්නෙ නෑ උඹල කරන්නෙ සුද්ද ලියල දීපු බොරු ඇත්ත කියල පිලිගන්න එක විතරයි. පුලුවන්නම් හොයාගෙන පලයන් ඇත්ත ඉතිහාසය එදාට උඹලටම ඔප්පු වෙයි සිංහල කාන්තාවො ඇගම වැහෙන්නයි ඇන්දෙ කියල.

      Delete
    5. ඒ කියන්නේ පැරණි සිංහල ගැහැනුන් කියන්නේ මුස්ලිම් ගැහැනුන් වගේ කොටසක්ද?

      Delete
    6. උඩ ඇනෝත් එක්ක කතා කරලා වැඩක් නෑ ලිඛිතා... එයයි එයාගෙ අර දේශකතුමයි හීන ලෝකෙක ඉන්නෙ... කොච්චර කිව්වත් එයාලා තේරුම්ගන්නෑ...

      Delete
    7. ලිඛිතා නෑ සිංහල කාන්තාවො ඔළුව වැහුවෙ නෑ. ඒත් අනිත් හැම තැනම වැහෙන්න සංවරව ඇන්ද. අපේ සංස්කෘතියන අනුව කාන්තාවකගෙ පේන්න පුළුවන් තැන් 5 යි. ඒ ඔළුව අත් දෙක යටි පතුළ් දෙක. එදා කාන්තාවො ඇන්දෙ මේ විදිහට. ඒත් අද කාන්තාවො අදින විදිහ දැක්කම ඇත්තටම ලැජ්ජයි. පාරෙ යනකොට ගෑනුන්ගෙ වැහෙන්න ඕන තැන් හුගක් ඒව එළියෙ. ල්ජ්ජයි අද අපේ කාන්තාවන්ට මෙහෙම වෙලා තියන එක ගැන. මේව හොදයි කියන පොන්න පිරිමි ටිකකුත් ඉන්න එක ගැන ඊට වඩා දුකයි.

      Delete
    8. ඇනෝ එතකොට ඉසුරුමුණියේ පෙම් යුවල කැටයම් කරලා තියෙන්නෙත් පර සුද්දෙක් නේ බලාගෙන ගියහම. අපේ එවුන් නම් ඕවගේ කඩප්පුලි නිර්මාණයක් කරයිද මන් අහන්නේ. ඒ ගෑනිගේ දෙතනේ සිට හැම තැනම වගේ එලියේනේ. සුද්දෝ අවකාශ කාලය තරණය කරලා ඕක කරලා ඇවිල්ලා වෙන්න ඇති අපිඅට කෙළවන්නම .

      Delete
    9. සුද්දා වැද්දා කාලේ ලංකාවෙ මේ නිර්මාණ සුද්දා කරලා තියෙන්නේ කාලතරණයෙන්ම තමා... :D

      Delete
    10. 6 වෙනි ශතවර්ශේ රෝමානු අක්රමනත් එක්ක සුද්ද වැද්ද වගේ ඉන්න ඇති තමා. රාජධානි කිහිපයක්ද තිබුනලුනේ.
      ඉතින් බලන්න මේ සුද්දගේ විකිපෙඩිය එකේ කියන බොරු කතා. මුන්ව උල තියන් එපාය රජ කලේ වගේ.
      ඉසුරුමුණියේ පෙම් යුවලේ ඉන්න දුටුගැමුණු රජු ගේ පුතා හා ඔහුගේ අඩු කුලේ තරුණිය අශෝකමාලා ලු.
      https://en.wikipedia.org/wiki/Isurumuniya
      සමහර විට සුද්දෙකුයි සුද්දීයෙකුයි වෙන්න ඇති

      Isurumuniya Lovers-Pem-Yuwala-Dutugemunu's son Saliya and the low caste (Sadol Kula) maiden Asokamala whom he loved
      6th Century Gupta style carving. The woman, seated on the man's lap, lifts a warning finger, probably as a manifestation of her coyness; but the man carries on regardless. The figures may represent Dutugemunu's son Saliya and the low caste (Sadol Kula) maiden Asokamala whom he loved. It's known that he gave up the throne for her.

      Delete
    11. උඹල වගේ පරයින්ට ඕනෙ මේ රටේ සංස්කෘතිය විනාශ කරන්නෙ. උඹල වගේ උන් තමා මේ රට කන්නෙ. තොපිට මෙච්චර පැහදිළි කරන ලින්ක් දීලත් ඇත්ත පිළිගන්නෙ නැත්තෙ තොපි සුද්දගෙ වහල්ලු හින්ද මිසක් වෙන මුකුත් නෙමේ. මේ රටේ නියම සිංහල පිරිමි තාම ඉන්නවයි කියල මතක තියාගනින්. ඒ නියම සිංහල පිරිමි මේ රටේ ඉන්නකන් තොපිට බොරු ඉතිහාසයක් ඔප්පු කරන්න දෙන්නෙ නෑ.

      Delete
    12. ඉසුරුමුනියේ පෙම් යුවල ගැන ඇහුව ගමන් තක්බීර් වුණා නේද මෝඩ මනුස්සයා. තමන් කිව්ව දේවල් ඔක්කොම බොරු කියල තමන්ටම ඔප්පු වුනාට පස්සේ වහල්ලු කියල බැනපන් ඉතින්. ඉසුරුමුණියේ පෙම් යුවල බොරු ඉතිහාසයක් නෙමෙයි මිනිහෝ. අර තියෙන්නේ පෙනෙන්න ගලින් නෙළල. ඉතාමත් සුන්දර ලෙස.

      Delete
    13. ඉසුරුමුණු පෙම් යුවලෙ කොහෙද ගොනෝ උඩුකය නිරුවත්ව ඉන්නෙ. ඉසුරුමුණි පෙම් යුවලෙ හොද සංවරව ඇදගෙන ඉන්නෙ. උඹල වගේ උන්ගෙ ඇස් පොට්ටයි කියල මට කරන්න දෙයක් නෑ. බලපන් ඉසුරුමුණි රජ පවුලත්. ඒකෙත් හොද සංවරව ඇදගෙන ඉන්නෙ.

      Delete
    14. සිංහල කාන්තාවො නිරුවතින් හිටියෙ නෑ කියන එක ඔප්පු වෙනකොට සුද්දගෙ පස්ස ලෙවකන උන්ට හුගාක් රිදෙනව කියල පේනව. කාන්තාවො නිරුවතින් යවන්න තරම් නපුංසක ජාතියක් නෙමේ සිංහලය කියන්නෙ.

      Delete
    15. ඉසුරුමුණිය පෙම් යුවලෙ පින්තූරයක් ඇති මෙතන ගිගින් බලන්න... https://www.google.lk/search?q=ඉසුරුමුණිය&client=ms-android-samsung&prmd=ivmn&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiAh8bk8PrTAhXKLI8KHcrYARcQ_AUICigB#imgrc=_

      Delete
    16. ඔයාලා කියන දේවල් ඔප්පු කරන්න ඔයාලට සාක්ෂි නැති වෙනකොට [ ඔයාලගේ දේශකතුමත් ඔය කියන කාරණා වලට සාක්ෂි විදිහට දෙන්නෙ එයාම හදාගත්තුවා] බනින එක තමා ඔයාලා වගේ අයට කරන්න පුලුවන් එකම දේ....

      Delete
    17. සාක්ෂි ඇතුව තමා අපි ඔප්පු කරල තියෙනෙන්. හරි ඉසුරුනුණි පෙම් යුවළෙ ඇදුම් නැතුවම ඉන්නව කියමුකො. ඒකෙන් කියන්න පුලුවන්ද ඒකාලෙ ඇදුම් ඇන්දෙ මෙහෙමයි කියල. උදාහරණයක් විදිහට ලංකාවෙ කෙල්ලො දැන් එක එක තරග වලට බිකිනි අදිනව. ඒ බිකිනි ෆොටෝ එකක් බලල කවුරුහරි කිව්වොත් ලංකාවෙ සාමාන්‍ය කාන්තාවො අදින්නෙ බිකිනි කියල ඒ කතාව ගැලපෙනවද. ඒ වගේ ගලේ රූපයක් නෙළල තිබ්බට ඒකෙන් නිගමනය කරනවනම් ඒකාලෙ ඇන්දෙ මෙහෙමයි කියල ඒක මෝඩකමක්. බිකිනි ෆොටෝ ගන්න ඇත්තටම ගෑනුන්ට බිකිනි අදින්න උනාට කලා නිර්මාණකාරයට ගලේ නිර්මාණයක් කරන්න නිරූපණ ශිල්පියොවත් අවශ්‍ය නෑ. එයාගෙ හිතේ ඇදුනු රූපයෙන් ඒ රූපෙ නෙලන්න පුලුවන්.

      Delete
    18. දැන් මෙතන පොට වරද්දාගෙන සම්පුර්ණයෙන්ම මේ ඇනෝ හෝ අනෝවරු නේ. සිගිරි ලලනාවෝ ඇන්දේ සුද්දලු . බෙල්ලු . එතකොට කුලහීනය කාන්තාවන්ගේ ෆොටෝ එහම ගත්තේ සුද්දලු එහෙම ඇඳන් හිටියේ නැහැලු. වංශික කාන්තාවෝ එහෙම හිටිය තමා අපි කියන්නේ නැහැ ඒ ගොල්ල එහෙම හිටියා හෝ හැමෝම එහම හිටිය කියල. . නමුත් සිංහලයාගේ කුල ක්‍රමය ඒක ක්‍රියාත්මක වුණා . වාසිත කියන්නේ ඒක . ඒක ඔප්පු කරන්න පුළුවන්. ඇනෝ කියනවා කුල ක්‍රමයත් සුද්දලු ගෙනෙවේ. විකාර කතානේ. බුදු හාමුදුරුවෝ කුල එපා කියද්දී ඒක ඕනේ . ඒක කියල උභය කුල කරන්නේ අපේම පන්සල්. ඒවා සුද්දද කලේ ? මෝඩ කතානේ මේවා. ඔය වීඩියෝ වල පැල හිටවීම ඇරෙන්න අනිත් කතා වලට සාක්ෂි නැහැ. සිගිරි ලලනාවෝ ඇන්දේ සුද්ද නම් ඉසුරුමුනියත් සුද්ද නෙලන්න ඕනේ. අපි විහිළුවට හරි ඇහුවේ ඒක? එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කාලේ හැමෝම එහෙම හිටිය කියල. නැතිවෙන්නෙත් නැහැ. මොනාලිසා අඳින විධිහට තමා ඒ දවස් වල ඇන්දේ කියල සාක්ෂි තියනවා. ඉන්දියාවේ හැමෝටම අන්දුන් තිබ්බේ නැහැ. ලනක්වේ අදත් ගොඩක් දුප්පත් වගේ ගමට ගියහම් අවුරු 7-8 ට අඩු ළමයි ඇඳුම් අඳින්නේ නැහැ. නැත්නම් අඩුවෙන් ඇඳගෙන ඉන්නේ. කොට කලිසමක් වගේ. ගැහැණු පිරිමි දෙගොල්ලම. එක සිංහල නෙමේ අනිත් අයගෙත් දෙමළ සහ මුස්ලිම් ගම්වලත් එහෙමයි. මෙතැන කියන්නේ එක කුඩා ජන කොට්ටාශයක් ගැන විතරයි.

      Delete
    19. මේක හරියට ටයිප් වෙලා නැහැ. බුදු හාමුදුරුවෝ කුල එපා කියල දේශනා කරලා තියෙද්දී ඒක ඕනේ කියන්නේ මෙහෙ හාමුදුරු වරු. . ඒක කියල උභය කුල පාරිශුද්ධ ළමයි මහන කරන්නේ අපේම පන්සල්. රාජසිංහ රජුගේ නියමය මිසක් බුදු රදුන්ගේ වත් ඒ සුද්දගේ නියමයක් වත් නෙමෙයි.

      Delete
    20. මහ ලොකුවට කෑගැහුවට උඹල යුරෝපෙ ඉතිහාසයක් දන්නෙත් නෑ. ලංකාවෙ ඉතිහාසයක් දන්නෙත් නෑ. මෝනලිසා කියන්නෙ සංවරව ඇදගත්තු කාන්තාවක්. ඒත් යුරෝපෙ ඒ කාලෙ ගෑනු කොහෙද සංවරව ඇන්දෙ. ඒ කාලෙ යුරෝපෙ ගෑනු ඇන්දෙ භාගෙට හෙළුවෙන් අද වගේම තමා. වෙන දෙයක් නැත්තන් 'ඩාවින්සිස් ඩීමන්ස්' කතාවවත් බලල නැද්ද. ඒකෙ කොච්චර ගෑනු ප්‍රසිද්ධියෙ ඉන්නවද උඩට නැතුව. ඒකම තමා ඉසුරුමුණියට කියන්න තියෙන්නෙ. ගලක රූපයක් තිබ්බ පළියට ඒකාලෙ ගෑනු ඇන්දෙ එහෙමයි කියනවනම් ඒක තරම් මෝඩ කමක් නෑ.

      Delete
    21. එතකොට උඹ දන්නවද බං යුරෝපේ ඉතිහාසේ. උඹට ඕනේ අනිත් මිනිසුන්ට රටවලට අපහාස කරන්න විතරයි. ඕක ලෙඩක්. උඹ හිතනේ මේ ලිපියෙන් උඹගේ මහා ලොකු මොකද්ද එකකට අපහසයක් කලා කියල. ඒකයි මෙතන ප්‍රශ්නය. යුරෝපේ ඒ කලේ ගැහැණු සංවරව අන්දිඅනවා කියන්නේ මොකද්ද ගොබ්බයො ? ඕක තියෙනෙන් උඹේ මොට්ට ඔලුවේ විතරයි. ඩාවින්සි දෙඉමන්ස් කියන්නේ යකෝ ෆැන්ටසි කටහ්වක්. ඒවා බිබිසි වගේ එවුන් කරන කොට ගෑණුන්ගේ ඇඳුං අඩුවට දානවා . ඒක මාකටින් ට්‍රික් එකක්. දැන් දැන් පිරිමිත් ඒ ගානට දානවා. එකත් මාකටින්. ගොනා කියල මරනන්ද? අර මේ දවස් වල වර්සායි කියල බිබිසි ඩ්‍රාම එකක් යනවා. බැලුවොත් තේරෙයි ගැහැනුන් ගේ ඇඳුම ගලවන පරක්කුව. Versailles (TV series) https://en.wikipedia.org/wiki/Versailles_(TV_series). එකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රංශයේ ඒ කාලේ හරියටම එහෙමයි කියලවත් නැත කියලවත්. මෝඩයෝ ඊජිප්තුවේ ඇඳුම ගැන අපි දන ගන්නේ පිරමිඩ අඩියේ තිබූ සිතුවම් වලින්. ඉතාලියේ පරණ Renaissance පුනරුදය කාලේ ෆ්ලොරන්ස් වල කලාකරුවෝ ඇන්දේ රජුන්ගේ රදලයන්ගේ චිත්‍ර. ඒ අතරේ සාමාන්‍ය මිනිස්සු වත් දාල තිබ්බ. ඒ ඇඳුම ඒ කාලේ ඇඳුම් වලට ඉතා සමානයි කියල ඔප්පු වෙලා තියනවා. මොකද ඒ ඇඳුම් වලින් සමහරක් පහු වෙනකොට හොයා ගත් නිසා. 1100 කාලේ ඇඳුම ගැන මෙතැන් තියනවා.
      https://en.wikipedia.org/wiki/1100%E2%80%931200_in_European_fashion
      https://en.wikipedia.org/wiki/Clothing_in_the_ancient_world කියවල බලහන්.
      ගලක රූපයක් එහෙම කරන්නේ ඒ කාලේ ඇඳුම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් උඹම නේද කිව්වේ සිගිරිය අන්දෙත් බෙල් කියල. එතකොට ඉසුරුමුණිය කලෙත් බෙල්ද ? ඒකයි මම ඇහුවේ? හෑ

      Delete
    22. අපි දාන ගන්නේ පිරමිඩ ආදියේ තිබූ සිතුවම් වලින් ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    23. සමහර විට ශිල්පීය ලක්ෂණ නිසා ඇඳුම් ඇඳ තිබුනත් කාන්තා ලාලිත්‍ය මතුකරන්න ශරීරය විනිවිද යන ලෙස ශිල්පියා සිතුවම් නිම කළා වෙන්න බැරිද. සාරානාත් බුදුපිළිම වගේ. වස්ත්‍රයක් යැයි පෙන්වන්නෙ ගෙල ආසන්න වාටියකින් රේඛා 2 පෙන්නුම් කිරීමෙන් වගේ. මේ වගේ ශිල්පිය ලක්ෂණ වෙන්න බැරිද

      Delete
  19. Tawat agana Karunu pirunu lipiyak, digatama liyanna

    ReplyDelete
  20. බොහෝ වටිනා ලිපියක්.... බොහෝ දේ දැනගත්තා....
    .
    ජය වේවා...!!!

    ReplyDelete
  21. ගොඩක් දැනුම ගන්න පුළුවන් හොඳම සටහනක් මිතිල.. නියමයි!

    ReplyDelete
  22. ලිපිය වගේම comment තුලිනුත් හොද කරුණූ ටිකක් සාකච්චා වුණා. කෙනෙකු මවාගත් ලෝකයක ඉදන් තමන්ට තමන් පරස්පර වන ආකාරයේ කරුණූ ගොඩනැගුවත් ඒ තුල අපිට හොද ගැඹුරු සාකච්චාවක් කරන්න පුළුවන් වුනා. බොහොමත්ම ස්තූති අඛණඩව කරුණු ඉදිරිපත් කරමින් අපට යමක් ලබාදුන්නට

    ReplyDelete
  23. මෙහි පළමු කොටස ලබාගන්නෙ කෙසේද

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...