Friday, September 23, 2016

හස්ති වලප - 2 කොටස

පලමු කොටස කියවන්න - මෙතනින්


   අතීතයේ රජ දවස අලි ඇතුන්ගෙන් සිදු වූයේ අමිල මෙහෙයකි. යුද්ධ සඳහා, කොටං ඇඳීම, කුඹුරු වැඩ සඳහා ( පෙර ලිපියේ කියූ පරිදි විල් අලියා ) , පෙරහැරවල් සඳහා ආදී කටයුතු සඳහා එදා යොදාගෙන ඇත.

  රාවණා රජුගේ ඇතාගේ නම ගර්ජන වන අතර දුටුගැමුණු රජුගේ ඇතාගේ නම කණ්ඩුල ය. එමෙන්ම එළාර රජුගේ ඇතාගේ නම මහා පර්වත වේ. අතීතයේ මරණ දණ්ඩන ක්‍රමයක් ලෙස ඇතුන් ලවා පෑගීම සිදු කොට ඇත. එමෙන්ම තම සතුරන්ව ඇතුන් ලවා මැරීමේ සිද්ධීන්ද ඉතිහාසයේ සදහන් වේ. එම ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් ඇසූ විට පහසුවෙන් එයින් ගැලවී යා හැකි බැවින් මෙය බොහෝ අවස්ථාවලදී සිදු කර ඇත.



  මෙහිදී පඹයෙක් සාදා පඹයාගේ හිසේ හකුරු මුලක් තබයි. එවිට අලියාට එම හකුරු මුල කෑමට පුරුදු කරවයි. එවිට එම අලියාට මිනිසෙක් දුටු විටද මතක් වන්නේ හකුරු මුලයි. එවිට එම අලියා මිනිසාගේ ඔලුව කා දමයි. මස් මාංශ අනුභව නොකරන අලියාව ඒ තත්වයට පත් කරන්නේ මිනිසාම ය.

  අලියා මිහිරි නාදයට ඉතාමත් කැමතියි. බටනලා වාදනයට උන් ඉතා කැමැත්තක් දක්වයි. අතීතයේදී අලි අල්ලාගෙන ඇත්තේ වස් දණ්ඩ වාදනය කිරීමෙන් බව පැවසේ. එමෙන්ම අලියා ලුණු කෑමටද ඉතාමත් ප්‍රිය කරයි. එනමුත් ඇත් ගොව්වන් මිනිසුන්ට අලියාට ලුණු කෑමට ඉඩ නොදෙයි. මන්ද එසේ වුවහොත් අලියා ඇත් ගොව්වට වඩා ලුණු දුන් පුද්ගලයාට ආදරය කිරීමට පෙළඹෙන බැවිනි.



සිවුපා සතුන් අතරින් ඉතා හොද මතකයක් හිමි සතෙක් ලෙස අලියා ඉහලින් සිටියි. එමෙන්ම අලියාට හොදක් හෝ නරකක් තරයේ සිතේ තබාගෙන සිටිය හැකිය. මෙයට හොද උදාහරණයක් දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් ලැබේ. දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වන නන්දිමිත්‍ර යෝධයා දිනක් කණ්ඩුල ඇතාට යම්කිසි අවමානයක් ( විහිලුවක් මෙන් ) සිදු කලේය. මෙය සිතේ තබාගත් කණ්ඩුල තරමක ගල් කැබැල්ලක් තම කටේ සඟවාගෙන සිටියේ ය. ඒ අවස්ථාවක් ලද විට නන්දිමිත්‍රට පහර දීමටය. මේ ගල් කැබැල්ල දිගු කාලයක් තබාගෙන සිටි බව පැවසෙයි. අනුරාධපුරයේ විජිතපුර බලකොටුව බිඳ දැමූ මොහොතේ බිත්තියක් කණ්ඩුල ඇතාගේ ඇඟට වැටුනේය. එවිට නන්දිමිත්‍ර යෝධයා එම බිත්තිය කණ්ඩුලගේ පිටින් අහක් කල විට කණ්ඩුලගේ කෝපය එතැනින් අහවර විය. එවෙලේම කණ්ඩුල ඇතා තම කටේ සඟවාගෙන සිටි ගල් කැබැල්ල බිම දැමූ බව කියැවේ.

අලි රංචුවක කුඩා අලි පැටවා සිට දැවැන්තයා දක්වා විහිදේ. අලි රංචුවක වැඩියෙන්ම සිටින්නේ ගැහැණු සතුන් ය. අලි පවුල මාතෲ මූලික ඒකකයකි. පිරිමි අලින් ගැහැණු අලින් සමඟ සිටින්නේ කාම ආශාව ඇති වූ විට පමණි ( සැමවිටම නොවේ ). අලි පැටවෙක් අලි රංචුවට ලැබුන විට එම අලි පැටවාව මඳුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අලි පැටවාගේ ඇඟේ මැටි ආලේප කරයි. එමෙන්ම අලි පැටවෙක් ඉපදුන විට රංචුවේ සියලුම ගැහැණු සතුන්ට කිරි එරෙයි. එමගින් අලි පැටවාට පෝෂණය නොඅඩුව ලැබේ.  

            
  අලි ඇතුන්ට තම පැටවුන් ආරක්ෂා කර ගැනීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. මන්ද කුඩා කාලයේදී උන්ට වැලදෙන කෘමි රෝගයයි. මෙම පණු රෝගයෙන් ගැලවීමට අලි දෙනුන් විසින් කිරි මැටි වැනි ඖෂධ ගුණයෙන් යුත් මැටි වර්ගයක් ආහාරයට ලබා දේ. මෙමඟින් උන් කෘමි උවදුරෙන් ආරක්ෂා වේ. 

   අතීතයේ රාජ භාණ්ඩාගාරයේ ආදායම් වැඩිවීම සදහා ද, කර්මාන්තවල බර වැඩ සඳහාද රාජ සේවය පිණිසද අලි ඇතුන් ඇල්ලීමේ කාර්යභාරය පැවරී තිබුනේ ගජනාය ධූරයට යි.
සාමාන්‍යයෙන් ඇතින්නක් හෝ කෙනරක් ගැබ් ගැනීමේ කාලය මාස 18ක් පමණ වේ ( නියත වශයෙන්ම නොවේ. ) ඇතින්නක් හෝ කෙනරක් තම සහකරු වශයෙන් තෝරාගන්නේ ඉතාමත් ශක්තිමත් අලියෙක් හෝ ඇතෙකි. එවිට උන්ට ලැබෙන පැටවාද උපතින්ම ශක්තිමත් පැටවෙක් වේ. 


පලමුවන රාජසිංහ රජතුමාගේ සීතාවක රාජධානියේ ධජය හස්තියා මහා කොඩියයි. සීතාවක රජුට ප්‍රභල හස්ති සේනාංකයක් තිබීය. නිල් පැහැති පසුබිමක රන්වන් පැහැයෙන් හස්ති රුව සිත්තම් කර ඇති සීතාවක ධජය අප රටේ දේශීය අලි ඇතුන්ට එම යුගයේ තිබූ උසස් තැන පිලිඹිබු කරයි.  හිංදු බැතිමතෙක් වූ රාජසිංහ රජතුමා සිය ධජය සදා ඇති රුව යොදාගත්තේ රාධ ක්‍රිෂ්ණන් බ්‍රාහ්මණයාගේ කීමට යැයි පැවසේ. ඇත් මුහුණ යනු ගණ දෙවියන්ට සම්බන්ධ සංකේතයකි.  





මුද්දරයක්

 
  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අලි ඇතුන් ඇල්ලීමේ ප්‍රධාන කාර්යංශය මාතර පිහිටි බැවින් මාතර දිසාවේගේ ධජයේ සලකුණ රුහුණු ගැටයා වීය. රුහුණු ගැටයා හෙවත් කුරු අලියා රෝහණ දේශයට සුවිශේෂී සත්වයෙකි. දුරුගැමුණු රජුගේ කණ්ඩුලා ඇතාත් රුහුණු ගැටයෙකි. කුරු ඇතාගේ රුව මධ්‍යයේ පිහිටා ඇති මෙම ධජයේ හිරු , සදු රූ සහ ලංසවල අත්වැසුම් දෙකක්ද ඇත. මෙම ලංස අත් වැසුම් හංසයෙකුගේ හොටය මෙන් කලාත්මකව සකසා ඇති අතර එහි සෙබළෙකුගේ හිසක්ද කැටයමට නගා ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම ධජය මහනුවර පෙරහැරටද යොදගෙන ඇත.

මාතර දිසාවේ කොඩිය

මාතරට අයත් තවත් කොඩියක්


  ඇත් පොරය ප්‍රදර්ශනය වන මහා කොඩිය ඒඳඩුවාවේ පණික්කි දිසාව සිය රාජකාරි ධජය ලෙස භාවිතා කර ඇත. තදරතු පැහැති පසුබිමකින් යුත් මෙම ධජයේ කහ පාටින් ඇත් රූ සිතුවම් කර ඇත. දළ ඇතුන් දෙදෙනෙක් පොරයට වැටී ඇති අයුරු දැක්වෙන මෙම ධජය දැන් ශ්‍රී දළදා මාළිගාවේ ධජයක් ලෙස භාවිතා කරයි.


පෘතුගීසි, ලංදේසි හා ඉංග්‍රීසින් අප රට තුල භාවිතා කල කොඩි තුලත් අලි ඇතුන් සිටියි.

පෘතුගීසි යුගයේ රාජ්‍ය ලාංචනය

ලන්දේසි යුගයේ රාජ්‍ය ලාංචනය

ඉංග්‍රීසි යුගයේ රාජ්‍ය ලාංචනය

         
 අලි ඇතුන් පිලිබද තවත් රසවත් තොරතුරු සමඟ ඊළඟ කොටහින් හමුවෙමු...

ලිපි පෙළ සඳහා මූලාශ්‍ර :

අලි ඇතුන්ගේ ඉතිහාසය ( ග්‍රන්ථය ) - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

නඩේ ගුරා සංසදයේ ලිපි

ලංකාදීප, සිළුමිණ , ලක්බිම, විජය, මව්බිම පුවත්පත්වල පලවූ ලිපි

අරුන රණවක, රොෂාන් බෝපිටිය, ශෂිකලන රත්වත්ත යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු

පින්තූර සැපයීමෙන් දායක වූ හසිත චාමිකර ගුණසිංහ මහත්මාට බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා.

කෝකිල සංදේශය, මයුර සංදේශය

පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

වනජීවී දෙපාර්තුමේන්තුව

Monday, September 19, 2016

හස්ති වලප - 1 කොටස


මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ සුප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමටයි. වලප යන්නෙහි තේරුම හැඬීම යන්නයි. කාලයාගේ ඇවෑමෙන් හස්තීන්ට සිදුවී ඇත්තේ සිනාසීමට නොව හැඩීමටය. 

වර්තමානය වන විට සත්ව විද්‍යාඥයන් විසින් ලෝකයේ සිටින අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ඒ Elephas Maximus සහ Loxodonta Africanna යනුවෙනි. මේ අතරින් ආසියානු කලාපයේ අලි ඇතුන් Elephas Maximus යනුවෙන් හැදින්වේ.
Elephas Maximus

Loxodonta Africanna

  අතීතයේදී ලංකාවේ අලි ඇතුන් මීට වඩා ඉතාමත් සූක්ෂමව වර්ග 10කට බෙදා වෙන්කර ඇත. මෙසේ වෙන්කර ඇත්තේ ඔවුන්ගේ හැඩහුරුකම් අනුවය.  එම වර්ග 10 නම් :
  • කාලාවක
  • ගන්ගෙයි
  • තම්බ
  • පයාඩර
  • පිංගල
  • හේමන්ත
  • උපොශථ
  • සද්දන්ත
  • ගන්ධ
  • මංගල
 ( පසු ලිපියකින් මේ එක් එක් වර්ගය පිලිබඳ සාකච්චා කෙරේ )

  අලි ඇල්ලීම

 අතීතයේ සිංහලයන් විසින් අලි ඇතුන් අල්ලා ගත් ක්‍රම තුනක් විය. ඒවා නම;

  1. මදු ගසා අලි ඇල්ලීම ( Noosing )
  2. මත් වීමට බෙහෙත් අලියාට ලබා දී අල්ලාගැනීම
  3. විශාල කොටුවක් තුලට අලින් දමා හීලෑ අලි ඇතුන් ලවා එම අලින්ට පහර දී මෙල්ල කිරීම ( Elephant Kraal )
    මීට පෙර අවධි වලදී එනම් රාවණාගේ කාලයේදී අලි ඇතුන් අල්ලාගෙන ඇත්තේ වස් දණ්ඩ වාදනය කිරීමෙනි. අලි ඇල්ලීමේ කාර්යභාරය බාරව සිට ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන් ය. මේ කාලයේ 'විල් අලියා'  ලංකාවට ආවේණිකව සිට ඇති විශේෂයක් වන අතර පසු කාලයේ ( ඉන්දියාව සහ ලංකාව ඉතා සමීපව පිහිටි කාලයේ ) මෙම විල් අලියා ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. මෙම විල් අලියා එකල ගෘහාශ්‍රිතව ජීවත්ව ඇත. එම අලින්ව එකල සී සෑමට යොදාගෙන ඇත. පසු කලෙක මෙම විල් අලියා ලංකාවෙන් වඳවී ගොස් ඇත.

 මදු ගසා අලි ඇතුන් අල්ලාගැනීම සදහා  ඉන්දියාවෙන් ලංකාවට ගොන්ඩ් වංශිකයන් සංක්‍රමණය වී ඇත.

    මත්ද්‍රව්‍ය දී අලි ඇතුන් අල්ලා ගැනීම ඉතාමත් ලාභදායි ක්‍රියාවකි. මෙහිදී සිදු කරන්නේ අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගයක කංසා මිශ්‍ර පානයක් සකසා තබයි. ඉන්පසු අලියා විනාඩි 15ක් තුල සිහි නැතිව ඇද වැටේ. එවිට එම අලියාත් සමඟ සිටි අනෙක් අලින් එම අලියාව දමා යයි. එවිට මිනිසුන් සිහි නැතිවූ අලියාගේ පාද වල විලංගු දමා ගහක බඳියි. ඉන්පසු අලියාට යලි සිහිය ලබා ගැනීමට බෙහෙත් පොට්ටනියක් හොඩ්වැලේ බඳියි. පැයක් පමණ ගතවූ විට අලියාට සිහිය නොලැබුනොත් අලියාගේ මෙලොව ජීවිතයේ නිමාවයි ඒ. මෙම ක්‍රමය තුලින් අහිංසක අලි ඇතුන්ට ඉතාමත් හානිදායක බැවින් මෙම ක්‍රමය වර්තමානය වන විට සීමා වී ඇත.

 ඇත් ගාල

ඇත් ගාල් මඟින් අලි ඇතුන් මෙල්ල කිරීම අතීතයේදී ඉතා ප්‍රචලිතව පැවතුනි. ඇත් ගල් ක්‍රමය ලංකාවට හදුන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වු ගොන්ඩ් වංශිකයන් විසිනි. ඇත් ගාලක් සදහා අක්කර 85ත් 100ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ ඇත්ගාල සදහා යොදාගන්නේ දිය කඩිති ආදී අලි ඇතුන් නිතර ගැවසෙන ස්ථානය. ඇත්ගාල සදහා යොදාගන්නා ස්ථානයේ එකදු ගහක්වත් කපන්නේ නැත. මන්ද ගස් කපා එම ස්ථානය අලි ඇතුන්ට නුහුරු වුවහොත් ඇත්ගාල අසාර්ථක වේ.

  හල්මිල්ල, බුරුත, කොස් වැනි ලී වලින් ඇත්ගාලෙ වැට සාදයි. වැට අඩි 15ක් පමණ උසට සාදන අතර අඩි 4ක් පමණ පොලොව යටට පොලු බස්සවයි. මෙම වැට සාදන්නේ සෙලවෙන ආකාරයටය. මන්ද අලියෙක් ඇවිත් වැටේ ගැටුන විට වැට සෙලවෙයි, එවිට අලියා එයට බියවී පසුබසියි.
පනාමුරේ ඇත්ගාලෙ වැට


   මයුර සංදේශයේ හා කෝකිල සංදේශයේ ඇත්ගාල් ගැන කියැවේ.

මිල දියකැන් වටිනා රවි කුලේ        දුලේ
කුල දිගැතුන් උසුලන මී තලේ        බලේ
ගල මදකුන් ලොබිනෙන මී ලොලේ අලේ
බල මදකුන් මාතොට ඇත්හලේ     නිලේ
( මයුර සංදේශය )

සිදු බොන අටින් මේකුළු රැස්වුසෙ        වටින්
බැඳි කඹ පටින් සිටිනා ගලන මද         කටින්
නුඹ රත දිටින් දැක නොබමින් තසිත    අටින්
යා කර තුටින් පුවතර පවර මා             තොටින්
( කෝකිල සංදේශය )


  ලංකාවේ අවසාන ඇත්ගාල සාදා ඇත්තේ 1950දී එවකට කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා අතිනි. ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේ ඇත්ගාලක් සාදනවානම් රජයේ අවසර ගත යුතු වුවත් මඩුවන්වෙල දිසාවෙට එසේ අවසර ගතයුතු වූයේ නැත. මන්ද ඔහුට රටේ විශාල නින්දගම් ප්‍රමණයි හිමි වූ නිසාය. ඇත්ගාලක් තුල අලි ඇතුන් හීලෑ කරගන්නේ හීලෑ අලි ඇතුන් මගින් එම අලින්ට පහර දීමෙනි. මෙහිදී අලින් මියගිස් ඇති අවස්ථා එමටය.

 අතීතයේදී ඇත්ගාලක් තුල අලි ඇතුන් මෙල්ල කරන අවස්ථාව උත්සවශ්‍රීයක් ගනියි. සුද්දන්ට මෙම ක්‍රියාදාමය නැරඹීම සදහා විශේෂ මඩු සකස් කරයි. එමෙන්ම සුද්දන්ගේ කම් සැප සදහා ගණිකාවන්ද මෙම කාලයට මේ පෙදෙස්වලට පැමිනේ. ව්‍යාපාරිකයන්ට අතමිට සරුවන කාලයකි. එහෙත් අලි ඇතුන්?
පනාමුරේ ඇත් රජු


  ඇත්ගාල් ගැන කතා කිරීමේදී පනාමුරේ ඇත්ගාල විශේෂ වේ. ඒ පනාමුරේ ඇත් රාජා නිසාය. තම වර්ගයා වෙනුවෙන් ජීවිතය අවසන් වන තෙක් සටන් කල පනාමුරේ ඇත් රජු සිටි පනාමුරේ ඇත්ගාල ප්‍රථම වරට නිර්මාණය කලේ මඩුවන්වෙල දිසාවේ ය. 50 දශකයේදී මේ ඇත්රජුගේ මරණය පිලිබද පුවත්පත්වල කවි ගී සිංදු පලවිය. මේ හේතුවෙන් ලංකාවෙ අවසන් ඇත් ගාලත් අවසන් විය.
වෙඩි වැදී මියගිය පනාමුරේ ඇත් රජු

අතීතයේ පැවති ඇත්ගාල් කිහිපයක්


  • 1870 පිහිටවූ ලබුගම ඇත්ගාල

  • ලේ පොළොව ඇත්ගාල ( වයඹ පළාත ) . මෙහි අලි ඇතුන් කෝප වී ඇත්ගොව්වන් හා මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා ඇත.

  • පෘතුගීසි හා ලන්දේසි යුගවල මාතර පොල්වත්තේ ඇත්ගාලක් තිබී ඇත

  • කටුවන හා වලස්මුල්ලේ ඇත්ගාල් දෙකක් තිබී ඇත.

  • එබවලපිටියේ ඇත්ගාල ( ව්‍යඹ පළාත 1884)

  • 1901 පලුගොල්ලේ ඇත්ගාල

  • 1920 අඹන්පොළ  පීල්ලවත්තේ ඇත්ගාල


ඊළඟ කොටහින්   අලි ඇතුන්ගේ චර්යාව හා රජ කාලයේ අලි ඇතුන්ගේ තොරතුරු ඇතුලු තවත් තොරතුරු සමඟ හමුවෙමු..... ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි..


ලිපි පෙළ සඳහා මූලාශ්‍ර :

අලි ඇතුන්ගේ ඉතිහාසය ( ග්‍රන්ථය ) - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

නඩේ ගුරා සංසදයේ ලිපි

ලංකාදීප, සිළුමිණ , ලක්බිම, විජය, මව්බිම පුවත්පත්වල පලවූ ලිපි

අරුන රණවක, රොෂාන් බෝපිටිය, ශෂිකලන රත්වත්ත යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු

කෝකිල සංදේශය, මයුර සංදේශය

පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

වනජීවී දෙපාර්තුමේන්තුව

Saturday, September 17, 2016

විවිධ ආගම් විසින් අනෙක් ඇඳහිලි ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග - 2 කොටස


මෙහි පලමු කොටස - විවිධ ආගම් විසින් අනෙක් ඇඳහිලි ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග - 1 කොටස


  • මුස්ලිම්වරුන් විසින් ජෙරුසලම අල්ලාගත් පසු ඔවුන් ජුදෙව් වැසියන්ට ඔවුන් සමඟ ජීවත්වන්න පැමිණෙන්න යැයි ආරාධනා කරයි
        ක්‍රි.ව. 629 දී ජෙරුසලම ක්‍රිස්තියානි බයිසැන්තියම් අධිරාජ්‍ය විසින් අල්ලා ගන්නා ලදි. මෙහි සිටි ජුදෙව් වැසියන්ට තමන්ගේ ගම් බිම් අතහැර යාමට සිදුවිය. ඔවුන්ට නැවත ජෙරුසලමට ඒමටද ඔවුන් ඉඩ නොදුන්නේය. 

  එනමුත් මෙය මුස්ලිම් හමුදාව නිසා වසර 10කින් පමණ වෙනස් විය. මුස්ලිම්වරුන් විසින් ජෙරුසලම අල්ලා ගත් පසු ක්‍රිස්තියානි අය යටත් විය. ඔවුන්ගේ යටත් වීමේ කොන්දේසි යටතේ , ජුදෙව් වරුන්ට පෙර ලෙසම ජෙරුසලමට ඒමට නොදෙන්න යැයි තිබුනේ ය. එනමුත් මුස්ලිම්වරු මෙය පිලිගත්තේ නැත.


    මුස්ලිම්වරු ජෙරුසලම අල්ලා ගත්පසු ඔවුන් නැවත ජුදෙව්වරුන්ට ජෙරුසලමට පැමිණීමට ආරාධනා කලේය. තමන්ගේ ඇදහිලි ක්‍රම චාරිත්‍ර වාරිත්‍ර ආදිය පෙර පරිදිම කිරීමට මුස්ලිම්වරු ඉඩ දුන්නේ ය. 

   ජෙරුසලමේ මුස්ලිම්වරු සහ ජුදෙව්වරු අතර සම්බන්ධය එතරම්ම හොද එකක් නොවීය. එනමුත් මුස්ලිම්වරු කුරුස යුද්ධයෙන් ජෙරුසලමේ පරාද වන තෙක් ජුදෙව්වරුන්ව ජෙරුසලමෙන් එලෙව්වේ නැත.



  • ක්‍රිස්තියානි භක්තිකයන්ගේ අති ශුද්ධ ස්ථානයක යතුරු ඇත්තේ මුස්ලිම්වරු අතේය
   
       ජේසුස්වහන්සේ කුරුසිපත් කල ස්ථානයේ දැන් ඇත්තේ දේවස්ථානයකි. ක්‍රිස්තු චරිතයේ ඉතාමත් වැදගත් අවස්ථාවක් සිදුවූ ස්ථානයක් නිසාවෙන් සමස්ථ කිතුනු ප්‍රජාවගේම ඉමහත් ගෞරවයක් මෙම ස්ථානයට තිතැතින්ම හිමිවේ. සෑම වසරකම මිනිසුන් දස දහස් ගණනක් මෙම ස්ථානය නැරඹීමට ජෙරුසලමට පැමිණේ. පුදුමය වන්නේ මෙහි දොරවල් විවෘත කරන්නේ මුස්ලිම් අයෙකි.
දේවස්ථානයේ යතුරක්



    ක්‍රි.ව. 1517 සිට මෙම දේවස්ථානයේ යතුරු බාරව සිටින්නේ මුස්ලිම් පවුලකි. ඔවුන් මෙම දේවස්ථානය ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇති අතර එදා පටන් අද දක්වාම මෙම පොරොන්දුව නොබිදී පවතියි. මෙම දේවස්ථානයේ ගේට්ටුවේ යතුරු බාරව සිටින්නෙත් තවත් මුස්ලිම් පවුලකි. ඔවුන් සෑම දිනයකම උදයේ මෙම ගේට්ටු විවෘත කර ක්‍රිස්තියානි භක්තිකයන්ට ඇතුල් වීමට ඉඩදෙයි. 
මුස්ලිම් ආරක්ෂකයින්


   මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ ඇදහිලි දෙකක් අතර සංහිදියාව ඇති කිරීමටයි. යුද්ධ කාලයේදී පවා ඔවුන් මෙම පොරොන්දුව නොකඩා ස්ථිරව පවත්වාගන්නා ලදි. මෙහිදී පියා තම දරුවන්ට මෙම භාරදූර වගකීම ගැන කුඩා කල පටන් කියාදෙයි. එවිට එම දරුවා පියාගෙන් පසු මෙම වගකීම ඉටු කරයි.

දේවස්ථානය

 ඊළඟ කොටහින් හමුවෙමු....

Friday, September 16, 2016

විවිධ ආගම් විසින් අනෙක් ඇදහිලි ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග - 1 කොටස



  •  මොහොමඩ් නබි තුමා විසින් ක්‍රිස්තියානි දේශය ආරක්ෂා කිරීමට පොරොන්දු වෙයි.
        ශාන්ත කැතරින් තාපසාරාමයේ යම් විශේෂ ලියවිල්ලක් ඇත. එය නම් මොහොමඩ් නබි තුමා විසින් රචිත, ක්‍රිස්තියානි දේශය ආරක්ෂා කිරීමට ලියන ලද පොරොන්දු පත්‍රයකි. 

 මොහොමඩ් නබි තුමා ශාන්ත කැතරින් තාපසාරාමයේ සිටි පූජකයන් සමඟ ඉතා හොද සම්බන්ධකමක් පැවැත්වූයේ ය. ක්‍රි.ව. 626 දී ලියවිල්ලකින් තමන්ගේ අනුගාමිකයන්ගේ ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට පොරොන්දු වූයේ ය. 

 එම ලියවිල්ලට අනුව මුස්ලිම් උදවිය ක්‍රිස්තියානි උදවියගෙන් බදු අය නොකල යුතු අතර ආහාර ආදිය පමණට වඩා ඇති විට ඒවා ක්‍රිස්තියානි අයත් සමඟ බෙදාගත යුතු විය. 

 මෙම ලියවිල්ලේ ඇති පරිදි නබි තුමා එක් දේවස්ථානයක් පමණක් නොව ක්‍රිස්තියානි දේශයම ආරක්ෂා කිරීමට පොරොන්දු වූයේ ය. මෙම පොරොන්දුව කඩ කරන අය දෙවියන්ගේ උදහසට ලක් වන බවද එතුමා අවධාරණය කරන ලදි. 


ලියවිල්ල

ශාන්ත කැතරින් දේවස්ථානය


  •  14 වන දලයි ලාමා තුමා මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීමට උපදෙස් දෙයි
  මියන්මාරය බෞද්ධ රටකි. 2014 වන විට මියන්මාරයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව කැරලි ඇති විය. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් 250කට ආසන්න පිරිසක් මියගිය අතර 14000 කට අධික පිරිසක් තම නිවෙස් වලින් පලවා හරින ලදි.

  දලයි ලාමා තුමා බෞද්ධයන්ගේ මෙම ක්‍රියාවට එක හෙලා විරුද්ධ වෙමින් , තමුන් මෙසේ කිරීමට පෙර බුදුරජාණන්වහන්සේගේ චරිතය මතක් කර ගන්න, උන්වහන්සේ මෙසේ ක්‍රියා කිරීමට අපට ඉගැන්වූයේ නැත යැයි කීවේ ය. 

  බෞද්ධයන්ගෙන් සහෝදර මුස්ලිම්වරු ආරක්ෂා කරන්නැයි උන්වහන්සේ පැවසුවේය. එමෙන්ම බුදුරජාණන්වහන්සේ දැන් සිටියොත් කරන්නෙත් ඒ දේමයි යැයිද උන්වහන්සේ අවධාරණය කලේය.
14 වන දලයි ලාමා තුමා



 ඊළඟ කොටහින් හමුවෙමු....

Thursday, September 15, 2016

ඊජිප්තුව සිත්තරෙකුගේ ඇසින්

ඩේවිඩ් රොබර්ට්ස් උපන්නේ 1796 ඔක්තෝම්බර් මස 24 වන දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදීය. කුඩා කල පටන්ම ඔහු චිත්‍ර ඇදීමට ඇති හැකියාව මනාව පිළිබිඹු කලේ ය. ඔහු කුඩා කාලයේ ඇන්දේ ස්කොට්ලන්තයේ ඇති බලකොටු හා ස්මාරක ය. ඔහුගේ දෙමව්පියන් ඔහුගේ හැකියාව දියුණු කිරීමට අතහිත දුන්නේ ය. ඔහුව නිවාස අලංකරණ ශිල්පියෙක් වීමට ඉගෙනගත්තේ ය. ඔහු වසර හතක කාලයක් එය ඉගෙනගත්තේ ය.
අබු සිම්බල් දෙව්මැදුර ඇතුලත

   ඩේවිඩ් ඔහුගේ ඊජිප්තු සංචාරය පටන් ගත්තේ 1838 දීය. ඔහු 1833 සිට 1838 තමන් විසින් අදින ලද දිය සායම් චිත්‍ර, තෙල් සායම් චිත්‍ර ආදිය විකුණමින් ඔහුගේ ඊජිප්තු සංචාරය සදහා මුදල් සොයා ගත්තේ ය.

කයුරෝ වෙළඳසැලක්

ඉංග්‍රීසි ජාතිකයන් අතුරින් ඊජිප්තුවේ ස්මාරක චිත්‍රයට නැගූ පලමුවැන්නා මොහුය. මොහු 1838 දී ලන්ඩන් සිට ඔහුගේ ගමන ආරම්භ කලේය. ඔහු ප්‍රංශය , මෝල්ටාව හා ග්‍රීසිය පසුකර ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත සැප්තැම්බර් මාසය වන විට ලඟා විය. එහිදී ඔහු කණ්ඩායමක් සමඟ බෝට්ටුවක් කුලියට ගෙන තවත් පෞද්ගලික සේවකයෙක් සමඟ කයිරෝ බලා පිටත් විය. ඔහු පිරමීඩ සහ sphinx නරඹා නයිල් ගඟේ සංචාරයේ යෙදුනේ ය. නයිල් ගඟේ සංචාරයේ යෙදෙන විට ඔහුට බොහෝ දේවස්ථාන හා ස්මාරක දැකබලා ගැනීමට හැකිවිය.


ඩේවිඩ් රොබර්ට්ස්

කයිරෝ හි වහලුන් විකුණන වෙළඳසැලක්

ඔහු නයිල් ගඟේ උඩට පල්ලෙහාට යන අතරතුර ස්මාරකවල කටු සටහන් ඇන්දේය. ඔහුගේ ඊජිප්තු චිත්‍රවල බොහෝ විට දක්නට ඇත්තේ එම ස්මාරක ආදිය ප්‍රථිසංස්කරණයට පෙර පැවති අයුරු යි.
මොහු ඊජිප්තුවේ දෙවන සංචාරය ආරම්භ කලේ 1939 දීය. ඔහු යහලුවන් දෙදෙනෙකු සමඟ කයිරෝ අතහැර ශුද්ධවූ දේශය කරා ගියේ ය. ඩෙවිඩ් මෙම ස්ථාන වලට ගිය විට කලේ චිත්‍රවල කටුසටහන් ඇදීම පමණි. ඔහු චිත්‍රය ඇදීම සම්පූර්ණ කලේ ඊට ටික කාලයකට පසුය. ඔහු ඉන් පසු මාස එකොලහක් ගතවූ පසු එංගලන්තා බලා පිටත් විය.

කයිරෝ හි ලියුම් ලියන්නෙක්


ඇලෙක්සැන්ඩ්‍රියාව
 
සීනායි කන්ද




මෝසෙස් මිසරයේ වහල් කමින් මුදවාගෙන ආ ජනතාවට ජලය ලබාදුන්නා යැයි සැලකෙන ගල

Isis දේවස්ථානය
කයිරෝ වෙළඳසැලක්
ගීසා හි පිරමීඩ

Saturday, September 10, 2016

වසර 300ක් පැරණි ජේසුස්ගේ පිලිමයක සැබෑ මිනිස් දත්


 මෙක්සිකෝවේ කුඩා නගරයක පිහිටි වසර 300ක් පැරණි ජේසුස් වහන්සේගේ පිළිමයකට සැබෑ දත් සවි කර ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ X ray පරීක්ෂණයක් මඟිනි. මේ දත් කෙසේ සවි කලාදැයි කිසිවෙකුත් නොදනියි. අතීතයේ දී මිනිසෙකුගේ මරණයෙන් පසු තම ශරීර කොටස් දේවස්ථානයට දන් දීම චාරිත්‍රයක්ව පැවතුනි. පිළිම සදහා මිනිස් හිසකෙස් හා සත්ව ඇටකටු ආදිය යොදාගැනීම සාමාන්‍යයෙන් සිදුවිය. එසේ නමුත් පිලිමයක් සදහා මිනිසෙකුගේ දත් යොදාගැනීමක් ගැන පෙරදී අසා තිබුනේ නැත.

පිලිමයේ X Ray චායරූපය


 17 ශතවර්ෂයේ හෝ 18 වන ශතවර්ෂයේ සාදන ලද පිලිමයක් වන මෙහි දත් ඉතාමත් නිවැරදිව සකස් කර ඇති බව X Ray පරීක්ෂණ මගින් ඔප්පු විය. මෙසේ යොදාගෙන ඇති දත් රැගෙන ඇත්තේ මිනිසා ජීවත්ව සිටියදී ද ,  මිනිසා මැරුණ විටදී ද යන්නත් මේ දත් රැගෙන ඇත්තේ එක් මිනිසෙක්ගෙන් ද හෝ මිනිසුන් කිහිප දෙනෙක්ගෙන් ද යන්නත් තවම සොයාගෙන නැත.



 මේ පිලිබද තවත් පුදුමයට කරුණක් නම් මෙම ප්‍රථිමාවේ මුඛයේ විවර වී ඇත්තේ ඉතා කුඩා කොටසක් වීමයි. මේ දත් කෙනෙක්ට දැකබලා ගැනීමට අවශ්‍යනම් පිලිමය ලඟටම ගොස් සූක්ෂමව බැලිය යුතුයි. එසේ නම් මේ දත් මෙසේ නිවැරදිව සූක්ෂමව සකස් කරේ ඇයි? අතීතයේදී පිලිම වල දත් සදහා භාවිතා කර ඇත්තේ ලී කොටස් හා සත්ව ඇටකටු ය.


 මේ පිලිමයේ දත් 8ක් ඇති අතර මේ දත් වල මුල් පවා දැකගත හැක. මේ සොයාගැනීම සොයාගෙන ඇත්තේ අහම්බයකිනි. මෙක්සිකෝවේ ඉතිහාස පරීක්ෂණ කණ්ඩායමක් ( INAH ) විසින් පිලිම කිහිපයක් පරීක්ෂණයකට ලක් කලේය. මේ පරීක්ෂණයේ කොටසක් ලෙස X Ray පරීක්ෂණද ඇතුලත් විය. එහිදී ඔවුන්ට සොයා ගත හැකි වූයේ අනෙක් පිලිම මෙන් නොව මේ පිලිමයේ දත් මිනිසෙකුගේ දත් වීමයි.


Sunday, September 4, 2016

අදටත් අතින් ලියා බෙදාහරින දවසේ පත්තරේ


අද වන විට සෑම පුවත්පතක්ම පාහේ මුද්‍රණය වන්නේ පරිගණක ඇසුරිනි. නමුත් අදටත් අතින් ලියා බෙදාහරින ලොව එකම දිනපතා පුවත්පතක් ගැන අසල්වැසි ඉන්දියාවෙන් වාර්ථා වේ.

 පත්තරේ නම තමයි ' The Musalman ' . මේක ලියැවෙන්නේ උර්දු භාෂාවෙන්. මේ පුවත්පතේ මූලස්ථානය තිබෙන්නේ චෙන්නායි හි වේ. මෙහි අයිතිකරු Syed Nasarullah වන අතර පුවත්පත ආරම්භ කර ඇත්තේ 1927 දීය.



 The Musalman යනු ඉන්දියාවේ චෙන්නායි හි සිට උර්දු භාෂාවෙන් නිකුත් වන පැරනිතම දිනපතා පුවත්පතයි. මෙම පුවත්පතේ ඇත්තේ පිටු හතරකි. මෙම පුවත්පත ආරම්භ කර ඇත්තේ Syed Azmathullah වන අතර ඔහුගේ මරණයෙන් පසු මෙහි සංස්කාරක ලෙස Syed Fazullah පත් විය. 2008 අප්‍රේල් 26 වන දින ( වයස අවු. 78 ) ඔහු මිය ගියේය. වර්තමානය වන විට මෙහි සංස්කරක ලෙස කටයුතු කරන්නේ Syed Nazarullah ය.


 මෙම පුවත්පතේ රැකියාවේ නියැලෙන උදවිය ඉතා අවම පහසුකම් යටතේ සේවය කරයි. ඔවුන්ට තිබෙන්නේ එක් කාර්යාල කාමරයක් පමණි. මෙම පුවත්පතේ ලිවීම සදහා කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පිරිමියෙක් සිටියි.


 පුවත්පත පිටු හතරකින් යුක්තය. පලමු පිටුව තම රටේ හා ජාත්‍යන්තර පුවත් දැක්වීම සිදු කරයි. දෙවෙනි හා තෙවෙනි පිටු සාමාන්‍ය පුවත් සදහා වෙන් කරයි. හතරවෙනි පිටුව ක්‍රීඩා පුවත් සදහා වෙන් කරයි. මොවුන් පලමු පිටුවේ දකුණු පැත්තේ යටින් කුඩා ඉඩක් තබයි. ඒ හදිසි පුවතක් ලැබූ විගස ලිවීමටයි.

Saturday, September 3, 2016

චාලි චැප්ලින් චිත්‍රපටයක සෙලියුලර් දුරකථනයක් ?


 1928 වසරේදී නිර්මාණය කල චාලි චැප්ලින් කළු සුදු , නිහඬ චිත්‍රපටයක දසුන් පෙළක් කාගේත් අවදානයට ලක් විය. කවුරුත් ඒ ගැන පුදුම වුනා. ඒ ගැන තවමත් නිසි පැහැදිලිකිරීමක් ලැබී නැහැ. ' ද සර්කස් ' නැමැති එම චාලි චැප්ලින් චිත්‍රපට රූප රාමු කිහිපයක දැක්වෙනවා එක් කාන්තාවක් ජංගම දුරකථනයක් කණේ තබාගෙන කතා කරමින් ඇවිදිනවා.

 රූප රාමු පෙළ මුල් චිත්‍රපටයට අයත් වුනේ නැහැ. ඒ දසුන් පෙළ නොමැතිවයි චිත්‍රපටය තිරගතවී තිබෙන්නේ. ඒ ගැන කාගේත් උනන්දුවක් ඇතිවුනේ එම සම්පූර්ණ චිත්‍රපටය හොලිවුඩ් නුවර මෑන්ස් රඟහලේදී එළිදැක්වූ අවස්ථාවේදී ය.


 රූපරාමුවලින් පෙනෙන අන්දමට ඇය මැදිවියේ කාන්තාවක්. මේ ගැන විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. සමහරු කියනවා ඇය අතීතයේ සිට අනාගතයට ගිය කාන්තාවක් අහඹු ලෙස රූගත කරන තැනින් යන්න ඇතැයි කියලා.

 අද අප භාවිතයට ගන්නා සෙලියුලර් දුරකථනවලට ටිකක් හෝ සමාන වූයේ 1940 දශකයේ නිර්මාණය කල ' වෝකිටෝකි ' යන්ත්‍රයයි. ඒවා නිර්මාණය කලේ මෝටරෝලා සමාගමයි. මේ යන්ත්‍රය ගඩොලක් තරම් විශාලයි.



ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...