Saturday, October 22, 2016

චීන උපමා කතා - පලමු දිගහැරුම


කහ කුරුල්ලා ගවයා හා නාස් ලණුව

 පාලමක් අසල පියාඹමින් සිටි කහ කුරුල්ලෙක් පාලම අසල සිටගෙන සිටින ගවයෙකු දුටුවේ ය. ගවයා වෙත ලං වූ කහ කුරුල්ලා ගවයාගෙන් මෙසේ ඇසුවේ ය.

 " ඔහේ මේ පාලමෙම් එගොඩ වෙන්නද හදන්නේ.."

 ගවයා "ඔව්" යැයි පිළිතුරු දුන්නේ ය.

"ඉතින් ඇයි මෙතන හිටගෙන ඉන්නෙ" කහ කුරුල්ලා ඇසුවේ ය.

" මාව ඇඳගෙන යන්න කෙනෙක් නෑ. මේ බලන්න මගේ නාස් ලණුව කැඩුනා.." ගවයා දුක්මුසුව පිලිතුරු දුන්නේ ය.

 " නාස් ළණුවක් තිබෙනවාට වඩා නොතිබෙන එක හොදයි නේ ද? " කහ කුරුල්ලා ඇසුවේ ය.

  " නෑ. මං කොහොමද කවුරුවත් මාව ඇදගෙන යන්නෙ නැතුව මේ පාලමෙන් එගොඩ වෙන්නෙ? ඒක මගේ සිරිත නෙවෙයි. " ගවයා හිස සලමින් පිලිතුරු දුන්නේ ය.

 " මට පුළුවනි පාර පෙන්නන්න. මගේ පස්සෙන් එන්න" යැයි කහ කුරුල්ලා කුළුපඟ හඳවතින් ගවයාට ඇරයුම් කලේ ය.

 " බොහොම ස්තූතියි .. නමුත් මගේ ස්වාමියා මට අලුත් නාස් ලණුවක් දාන තුරු මං මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නෙ නෑ."

 සුසුමක් හෙළූ කහ කුරුල්ලා ඈතට පියඹා ගියේ ය.



නුවණක්කාර වවුලා

 කුඩා වවුලෙක් දිනක් මුගටියෙකුගේ බෙනයකට වැටිණි. මුගටියා මීයන් නුරුස්සන්නෙකි. වවුලා අල්ලා ගත් මුගටියා ඌ මීය්කු යැයි සිතා කන්නට සූදානම් විය.

 " අනේ මාව මරන්න එපා... මං කුරුල්ලෙක්... මේ බලන්න මගේ පිහාටු.." වවුලා බැගෑපත්ව කිව්වේ ය.

 වවුලා විශ්වාස කල මුගටියා ඌ නිදහස් කර හැරියේ ය.

 වැඩි දිනක් නොගොස් නොසිතූ පරිදි වවුලා තවත් මුගටියෙකුගේ බෙනයකට වැටුණි. ඒ මුගටියා කුරුල්ලන් නුරුස්සන්නෙකි. ඌ වවුලා අල්ලාගෙන කන්නට සූදානම් විය. ඊට පෙර සිද්ධිය සිහිපත් වූ වවුලා මෙසේ කීවේ ය.

 " ඔබට වැරදිලා මං කුරුල්ලෙක් නෙමේ. ඔබ දැකලා තියෙනවද කවදාවත් පිහාටු නැති කුරුල්ලො...?"

 වවුලා දෙස බැලූ මුගටියා වවුලාගෙ කීම සත්‍යක් සේ සලකා ඌ නිදහස් කර හැරියේ ය.


සපත්තු ලෑ වඳුරා

 ගඟ අයිනේ සෙල්ලම් කරමින් සිටි වඳුරු පැටවෙක් ඒ අසල ගමන් කරමින් සිටි සියලු මිනිසුන් සපත්තු පැළඳගෙන සිටි බව දුටුවේ ය. මේ නිසා සපත්තු කෙරෙහි ආශාවක් ඇති වූ වඳුරා නිවසකටපැන සපත්තු කුට්ටමක් සොරකම් කලේ ය.

 සපත්තු දෙක පය ලාගත් වඳුරා එය සිය මිතුරන්ට පෙන්නන්නට විය. එහෙත් ඌට එය පය ලාගෙන ගමන් කල නොහැකි විය. සපත්තු ලා ඇවිදින විට ඌ රා බී වෙරි වූවාක් මෙන් එහෙ මෙහෙ වැනෙන්නට විය. වඳුරු පැටවාගේ මිතුරෝ ඌට සිනාසුනේ ය.

 එක් වරම කුසගින්නේ සිටි කොටියෙක් වඳුරන් සිටි දෙසට ආවේ ය. සියලු වඳුරෝ වහා දුවගිස් සැඟවුනේ ය. එහෙත් වඳුරු පැටවාට සිය සපත්තු පැලදගෙන දුවන්නට නොහැකි විය. වැඩිවෙලාවක් යන්නට මත්තෙන් ඌ කොටියාගේ ගොදුරක් බවට පත්විය.


ලිඳේ සිටි ගෙම්බා

 ලිඳක ගෙම්බෙක් වාසය කලේ ය. බඩගිනි වූ විට ගෙම්බා ලිඳේ සිටින කෘමීන් අල්ලාගෙන කයි. පිපාසය ඇති වූ විට ලිඳේ ඇති දිය බොයි. ලිඳෙන් එපිට ලොවක් ගැන ගෙම්බා දැන සිටියේ නැත.

 දිනක් කොවුලෙක් ලිං ගැට්ට මත විවේක ගනිමින් සිටියේ ය.

 " කොහේද ඔහේ යන්නේ " ගෙම්බා උඩ බලා කොවුලාගෙන් ඇසුවේ ය.

" මං මේ හැතැම්ම සීයකට එහා ඉන්න මගේ යාලුවෙක් බලන්න යනවා  මට මහන්සියි ඒ නිසයි මෙතන ටිකක් නැවතුනේ. " කොවුලා කීවේ ය.

 " ඔහේ මොනවද ඔය කියන බොරු... අහස මේ ලිඳ තරම්වත් ලොකු නැති කිට ඔහේ කොහොමද හැතැම්ම සීයක් පියාඹන්නේ..."

 " ඔහේ දන්න තරම... අහස සීමාවක් නැති තරමට ලොකුයි... "

 " අනේ.. අනේ.. මෝඩයාට කියලා දෙන්න හැදුවට හරියන්නෙ නෑ.. මං මේ ලිදේ අවුරුදු ගනනාවක් ඉඳලා තියෙනවා. මං දන්නවා අහසෙ තරම . ඔහෙ කොහොමද මාව රවට්ටන්නෙ..?" ගෙම්බා කීවේ ය.

23 comments:

  1. ආසාවෙන් කියෙව්වා. වවුලගේ කථාවනම් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසකටත් එක්ක මේ වගේ එකක් ලියන්න හිතුනා...

      ස්තූතියි කියෙව්වට ....

      Delete
  2. මිතිල ඉක්මනට පෝස්ට් දාන හන්දා සමහර ඒවා මග ඇරෙනවත් එක්ක. හරිම ලස්සන උපමා කතා ටිකක්. ඔයා වෙනස් විදියකට හිතන කෙනෙක් බව ලියවිල්ලෙන් පේනවා. (ඉස්කෝලේ කොල්ලන්ගේ ලස්සන ගැන ඇර ) :D

    ReplyDelete
    Replies
    1. කොහොමත් සතියකට දෙක තුනක්වත් දාන්න තමා මම උත්සහ කරන්නේ...

      අපි නන් කෙල්ලො වර්ග කරේ නෑ... පිට පොත්ත හොදයිනන් මදේ මොනවා උනත් මොකෝ කියලා තමා හිතන් උන්නේ... පස්සෙ ඒකත් වෙනස් උනා... අත්දැකීම් නිසා.. :--)

      Delete
  3. Replies
    1. ඉතාම වටිනා කතන්දර ගොන්නක්... ඉදිරියටත් මේ වගේ කතා පළකරන්න.. ඇත්තටම ආස හිතෙනවා කියවන්න.. බොහොම ස්තුතිය ඔබට

      Delete
  4. අපූරුයි මිථිල,
    ''කහ කුරුල්ලා ගවයා හා නාස් ලණුව'' උපමා කතාව අපේ රටේ ජනතාවට හා දේශපාලකයින්ට නියමෙට ගලපන්න පුළුවන් වගේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම .... අනන්තවත් අත්දැකීම් තියෙද්දි අඳබාල දේශපාලකයන්ව නැවත නැවත පාර්ලිමේන්තුවට යවන මිනිස්සුන්ට මේක හොදට ගැලපෙනවා...

      Delete
  5. වවුලෙක් වුනොත් ශේප් නේ...කොහොම හරි ජාමේ බේරගන්න පුළුවන්..

    ReplyDelete
  6. ඒ ලිඳේ ගෙම්බෝ නං සෑහෙන්න බෝ වෙලා.

    ReplyDelete
  7. හරි වටිනවා 😀🤩😀

    ReplyDelete
  8. හරි වටිනවා ������

    ReplyDelete
  9. ස්තූතියි ඔයාට

    ReplyDelete
  10. ඉතාමත් ප්‍රසන්ශනීයයි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...