ටික කාලයක් තිස්සේ හෙමිහිට ලිව්ව ලිපියක් තමා මේ පින්තූරයේ කතාව ලිපිය. මෙම එකතුව සදහා තරමක් අප්‍රකට පින්තූර මවිසින් යොදා ගන්නා ලදි.
*පලමු ඡායාරූපය
ලෝකයෛ් කීර්තියක් දිනාගත් ඡායාරූප ශිල්පියෙකු වූ MICHEL SETBOUNVS ගෙන් පුවත් පතක කතෘවරයෙක් මෙසේ ඇසීය. "ඔබගේ ජීවිත කාලය තුල ඔබ දුටු අනර්ඝතම ඡායාරූපය කුමක්ද? "
එවිට MICHEL සිය ඡායාරූප ඇල්බමය ගෙන YVES GELLIE ගේ පහත දැක්වෙන ඡායාරූපය ඉදිරිපත් කලේය.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ දකුණු අප්‍රිකාව සුදු පාලනයෙන් මුදා ගත්තද නෙල්සන් මැන්ඩෙලාට එරට සුලූ ඉන්කාතා නැමැති ඡන වර්ගය සිය අයිතිවාසිකම් ඉල්ලමින් දිනපතා කෙරුණු වීදි සටන් හා ඝාතන නැවැත්වීමට නොහැකි වී පසු කලෙක එම ජන වර්ගය නියෝඡනය කල දේශපාලන නායක MANGOSUTHU හා නෙල්සන් මැන්ඩෙලා අතර එකගතා ගිවිසුමක් ඇතිවුන අවස්ථාවක, එකගතා ගිවිසුම දිනයේ ඉන්කාතා ඡන වර්ගයේ දහසක් කන්‍යාවියන් රග දැක්වූ පිලිගැනීමේ උත්සවයකදී එහි සිටි සුදු පැහැති කන්‍යාවියක්.
*දෙවන ඡායාරූපය
පලමු ලෝක යුද්ධ සමයේදී මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් කිරීමට ඉන්දියානු සෙබලුන් යුද්ධයට යැව්වේය. මෙම චායාරූපය රැගෙන ඇත්තේ ඊජිප්තුවේ sphinx හා cheops පිරමීඩ ඉදිරිපිටය. මෙම ඉන්දියානුවන්ට ඇදීමට තිබ්බේ වසන්ත සමයේ අදින ඇදුම් පමණි. මන්ද මොවුන් යුද්ධයේදී ඉතා ඉක්මනින් මියයන බව බ්‍රිතාන්‍යයන් සිතූ නිසාය. කෙසේ නමුත් ජර්මනියට එරෙහිව යුද්ධයේදී මෙම ඉන්දියානුවන් කැපීපෙනෙන දක්ෂතාවයන් ඉස්මතු කල අතර විවිධ රෝග වලටද හොදින් ඔරොත්තු දුන්නේය. ශීත කාලය පැමිණි විටද මෙම ඉන්දියානුවන් ඇද සිටියේ වසන්ත සමයේ අදින ඇදුම් ය.
*තෙවන ඡායාරූපය
තෙවන ඡායාරූපය යැයි පැවසුවද මෙහි ඡායාරූප එකකට වඩා ඇත. මෙහි දැක්වෙන්නේ 1942 වසරේදී එනම් දෙවන ලෝක යුද්ධ සමයේදී ජපාන සෙබලුන් විසින් ඉන්දීය ෂීක් සිරකරුවන්ව ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවට ඉලක්කය ලෙස ගන්නා ආකාරයයි. මෙහි හොදට බැලුවහොත් සැබැවටම මෙහි ඉලක්කය වන්නේ ෂීක් වරුන් අතැති අංක ගසා ඇති කාඩ් බෝඩ් කැබැල්ලයි. එසේ වුවත් මෙයින් නිසැකයෙන්ම පාහේ ජීවිත හානි සිදුවේ. මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසින් සිංගප්පූරුව අල්ලා ගත් පසු ය.
*සිව්වන ඡායාරූපය
තමන්ව ඝාතනය වන ආකාරය තමන් විසින්ම ඡායාරූපගත කල අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. මෙහි ඡායාරූපය ගන්නා පුද්ගලයා එය ලබා ගත් විගස වෙඩි කා මියයයි. මෙසේ මියගියේ පිලිපීන දේශපාලනඥයෙක් වන රෙනෝල්ඩ් ඩග්සා වන අතර ඝාතනය කලේ මයිකල් ගොන්සාලිස් නම් පුද්ගලයෙකි.
*පස්වන ඡායාරූපය
මරණ දඬුවම් දීමට විවිධ වූ ආකාරයේ ක්‍රම ලෝක ඉතිහාසයේ කාලෙන් කාලෙට භාවිතා කර ඇත. කාල තුවක්කු ප්‍රහාරයකින් මිනිසෙක්ව ඝාතනය කරන ආකාරයක් පහත ඡායාරූපයේ දැක්වේ. මෙය 1890 දී පමණ ඉරානයේ දී ලබා ගන්නා ලද ඡායාරූපයකි. කාලතුවක්කු මගින් මරණ දඬුවම් ක්‍රමය පලමුව ක්‍රියාත්මක වී තිබෙන්නේ 16 වන සියවසේ මූගල් අධිරාජ්‍ය සමයේදී ය. ඉන්පසු මෙම ක්‍රමය පෘතුගීසීන් විසින් තම යටත් විජිත වල භාවිතා කරන ලදි. ලංකාවේ ද මෙම ක්‍රමය භාවිතා කල බවට සාක්ෂි ඇත.
*හයවන ඡායාරූපය
පහත දැක්වෙන්නේ විසිවන ශතවර්ෂය නිර්මාණය කල මිනිසා ලෙස නම් දරණ නිකොලා ටෙස්ලා මුහුණ දුන් අවසන් ඡායාරූපයයි. එඩිසන් විසින් නව නිපැයුම් දහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කලා කීවද ඉතිහාසය දත් අය එය මුසාවක් බව හොදින්ම දනියි. එඩිසන් යනු තමන් යටතේ සිටි අය නිපදවන නිපැයුම් හා අනෙකුත් අය නිපදවන නිපැයුම් මුදල් දී මිලදී ගෙන ඒවාට පේටන්ට් අයිතිය ලබා ගත් පුද්ගලයෙකි. නිකොලා ටෙස්ලා ද එඩිසන් යටතේ සේවය කරන ලද පුද්ගලයෙකි. ඔහු වඩාත් ප්‍රකට වන්නේ ඔහුගේ අති විශිෂ්ට සොයාගැනීමක් වන ප්‍රත්‍යාවර්ත ධාරා සංකල්පය නිසා .
ටෙස්ලා විසින් ලොවට වින කරන දේවල් නිමැවුවද ඔහු ඒවා ඔහු අතින්ම විනාශ කර දැමුවේ ය. වරක් එඩිසන් විසින් තමන්ගේ සරල ධාරා ඩයිනමෝවේ දෝෂ නිරාකරණය කිරීමට ටෙස්ලාට පවරන ලදි. එසේ කලහොත් ඩොලර් 50000ක මුදලක් ගෙවන බවට පොරොන්දු විය. තම්න්ගේ ඉදිරි නිර්මාණ සදහා මුදල් අවශ්‍ය වූ බැවින් ටෙස්ලා මාස ගනනක් මහන්සි වී එම දෝෂය නිරාකරණය කරන ලදි. අවාසනාවකට ටෙස්ලාට තමන්ගේ මුදල් කුහක එඩිසන්ගෙන් ලැබුනේ නැත. මේ හේතුවෙන් ටෙස්ලා එඩිසන්ගෙන් වෙන් වී ගියේ ය.
එඩිසන් විසින් තමන්ගේ සරල ධාරා ඩයිනමෝවා ඇතුලු ඒ ආශ්රිත නිර්මාණ වලට තිබූ වෙළඳපොල ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා ආශ්රිත නිර්මාණ නිසා විනාශ වන බව දැනගත් නිසා ඔහු ප්‍රත්‍යාවර්ත ධාරා ආශ්රිත නිර්මාණ නැසීමට ක්‍රියා කලේ ය. සතුන් , මිනිසුන් යොදාගෙන ප්‍රත්‍යාවර්ත ධාරා පරීක්ෂණ සිදු කල අතර එයින් සතුන් මෙන්ම මිනිසුන්ද මිය ගියේ ය. මේ අතරතුර එඩිසන් විසින් විදුලි පුටුව නිර්මාණය කලේ ය. එඩිසන්ගේ එකම නිර්මාණයද වන්නේ මෙයයි. ඔහු බල්බය නිර්මාණය කලේ විව්ධ් අය ගේ නිර්මාණ පොඩි වෙනසකට ලක් කිරීමෙනි.
ටෙස්ලාට මූල්‍යමය දායකත්වය සැපයීමට සිටි ජෝන් ජේකබ් ද ටයිටැනික් නැවේ ගොස් මියගියේ ය. ( මෙයද කුමන්ත්‍රණයක් බව සැක කෙරේ). ටෙස්ලාට ලොව පුරා විදුලිය බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිටියද එයද කඩාකප්පල් කරන ලදි. ගුවන් විදුලිය නිපදීම මාකෝනි විසින් සිදු කලද එහි වැඩිමනක් කාර්යභාරයක් සිදුකලේ ටෙස්ලා ය. පසුකාලයේදී මාකෝනි විසින් ගුවන් විදුලිය නිපදවීමේ ගෞරවය ටෙස්ලා හට පවරන ලදි. විසි වන සියවසේ නිර්මාණය වූ සෑම විදුලි උපාංගයකම ටෙස්ලාගේ සොයාගැනීමක් අඩංගු වේ. ටෙස්ලා යනු එඩිසන් මෙන් ඊනියා නිර්මාපකයෙක් නොවන අතර ඔහු සැබවින්ම දක්ෂයෙකි. ටෙස්ලා ගැන අල්ප මාත්‍රයක් මා ඉහතින් සදහන් කල අතර ඉදිරියේදී මේ ගැන වැඩි විස්තර සහිතව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමි.
*හත්වන ඡායාරූපය
මිනිසාගේ කුරිරු කම මොනවට කියාපාන ඡායාරූපයක් පහත දැක්වේ. මේරි යනු 1894 උපත ලද ඇම්රිකාවේ ස්පාර්ක්ස් සර්කස් කණ්ඩායමේ සිටි කෙනරකි. මෙම සර්කස් කණ්ඩායම 1916 වසරේ ටෙනසි ප්‍රදේශයට පැමිණියේ සර්කස් සංදර්ශනයක් සඳහාය. මෙහිදී සර්කස් කණ්ඩායම එල්ඩ්‍රිජ් නම් නවක ඇත්ගොව්වෙක් මේරි සඳහා සේවයට ගත්තේ ය. මොහු පෙර හොටෙල් සේවකයෙකි. දිනක් මේරි හිමින් ඇවිදින බව දුටු එල්ඩ්‍රිජ් මේරිගේ කනට හෙන්ඩුවෙන් ඇන්නේ ය. මෙයට කෝප ගත් මේරි ඔහුව මරා දමන ලදි. මේරිව මරාදමන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි අතර එසේ නොකලහොත් තම සර්සක් එකට අලාභ වන බව එහි අයිතිකරු වටහා ගත්තේය. මෙහි ප්‍රතිපලයක් ලෙස දොඹකරයක් ආධාරයෙන් මේරිව එල්ලා මරන ලදි. පලමු වර එල්ලීමේදී දම්වැල කඩාගිය අතර ඉන්පසු වඩා ශක්තිමත් වන ලෙස දම්වැල් යොදාගන්නා ලදි. මෙම ඝාතනය ප්‍රදේශයේ දුම්රිය ස්ථානයේ සිදු කල අතර එහිදිම මේරිව වලලන ලදි.
*අටවන ඡායාරූපය
මෙම ඡායාරූපයේ සිටින්නේ ඩයනා කුමරිය සහ ඒඩ්ස් රෝගියෙක්. මෙම චායරූපය 1991 වසරේ කැනඩාවේදී ලබාගන්නා ලදි. ඇමරිකාවේ පලමු ඒඩ්ස් රෝගියා වාර්ථා වූයේ 1981 වසරේදී ය. 1991 වන විට ඒඩ්ස් රෝගය ගැන බොහෝ තොරතුරු අනාවරණය වී තිබුනද මේ පිලිබද දැනුම සාමාන්‍ය ජනයා තුල පැවතියේ අල්ප වශයෙනි. ස්පර්ෂයෙන් පවා ඒඩ්ස් බෝ වන බව එකල විශ්වාස කලේ ය. ( ලංකාවේද සමහර ප්‍රදේශවල මෙසේ තවමත් සිතීම දුකට කරුණකි ) ඩයනා කුමරිය විසින් අත් ආවරණ නොමැතිව මෙසේ ඒඩ්ස් රෝගියා සමඟ අතට අත දීම එකල ඒඩ්ස් රෝගය ගැන ජනතාවගේ අදහස් වෙනස් කිරීමට බෙහෙවින් බලපෑවේ ය.
*නමවන ඡායාරූපය
1981 මැයි 17 වනදා Mehmet Ali Agca නම් පුද්ගලයෙක් දෙවන ජෝන් පෝල් පාප්වහන්සේට වෙඩි තබන ලදි. හතර වතාවක් වෙඩි වැදුන පාප්වහන්සේ සුව වූ පසු කියා සිටියේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් තමන් ඔහුට සමාව දුන් බවත් ය. තමන්ව ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයාට සහෝදරයා යැයි ඇමතුවා පමණක් නොව සුව වූ පසු ඔහුව බැලීමට සිරගෙදරද ගියේ ය. අවසානයේ ඝාතකයාව මරා දැමීමට නියම වූ අතර පාප් වහන්සේගේ මැදිහත් වීමෙන් එය අවලංගු කෙරුණි.
*දහවන ඡායාරූපය
යුරෝපයේ එකල පැවති ස්වෛරී රාජ්‍ය නමයේම රජවරුන් මෙම ඡායාරූපයේ සිටියි. මෙම රජවරුන් නම දෙනාම එකට සිටි එකම ඡායාරූපය මෙයයි. මෙය රැගෙන ඇත්තේ 1910 වසරේ මැයි 20 වන දින එංගලන්තයේ හත්වන එඩ්වඩ් රජුගේ මලගෙදරට එංගලන්තයට පැමිණි අවස්ථාවේදී ය.
තවත් මෙවැනි චායාරූප සහිත ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න. ඔබගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි.
මමත් නිකොලායි ටෙස්ල ගැන උනන්දුයි ,, ටයිටැනික් ගිලෙන්නත් පොඩි සම්බන්ධයක් තියෙනව නේද? එයා ගැන දාන්න , එල එල
ReplyDeleteටෙස්ලා ගැන මමත් ගොඩක් උනන්දුයි... ටයිටැනික් නැව මෝර්ගන් රොක්වෙලර්ට අයිති වෙලා තිබ්බ එකක්... මෝර්ගන් එඩිසන් එක්ක එකට වැඩ කරපු කෙනෙක්... මෙයාට ඕනෙ වෙලා තිබ්බා නිකොලා ටෙස්ලා ව වට්ටන්න... ඒ හන්දා ටෙස්ලාට මූල්‍යමය දායකත්වය දක්වපු ජේකබ්ව ටයිටැනික් නැවේ යන්න වැඩකටයුතු සලස්වලා, නැව මුහුදෙ ගිල්ලුවා...
Delete//නැව මුහුදෙ ගිල්ලුවා.// නැව දියත් කරන්නත් සැහෙන වියදමක් දරන්න සිද්ද වුනානේ. අනිත් අතට එහෙම දෙයක් කරන්න මෙච්චර විනාශයක් වෙන්න ඉඩහරිද ?
Deleteපට්ට
ReplyDeleteස්තූතියි Ano...
Deleteසුපිරි සටහනක් සමග අපූරු ඡායාරූප ටික.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමින්ද සහෝ...
DeleteThanks for reading ...
ReplyDeletePatta ithihasa padamak Mithila malli.. Balagena giyama school syllabus eke thiyenne bageta bagayakma wrong informations. First time I hear anything about "Nikola Tesla". Looking forward to hear more information ..
ReplyDeleteඉස්කෝලෙ සිලබස් ගැනනන් කතා කරලා වැඩක් නෑ... සා.පෙළ විද්‍යාව වගේ විෂයක් ගත්තොත් ගොඩක් වැරදි තියෙනවා... A/L ආවම තමා ඒ වැරදි අහුවෙන්නේ...
Deleteනිකොලා ටෙස්ලා ගැන ඉදිරියේදී ලියන්නම්... එක එක අයගේ වැඩ වලට නම් දාගත්තු අය එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදීවි...
තෝමස් අල්වා එඩිසන් ගැනද අර කියල තියෙන්නෙ ..එතකොට මිනිහ බොරු කාරයෙක්ද..ටෙස්ලා නියම වැඩ කාරයෙක් නේ
Deleteඔව් චන්දිම සහෝ... තෝමස් අල්වා එඩිසන් ගැන තමා කියලා තියෙන්නේ...
Deleteලස්සනම උඩම තියෙන පින්තූරේ!
ReplyDeleteම්ම්ම්... මමත් ඒකට කැමතියි...
Deleteඋඩම එකේ ඉන්නේ සුදු ගෑනු ලමයෙක් නෙමෙයි නේද , එයා කළු ජාතික ඇලී ළමයෙක්
ReplyDeleteඉව් අටං... එයා ඇලි ලමයෙක්...
Deleteඉව් නෙමේ ඔව්...
Deleteනියමයි මේක නං. දිගටම මේ වගේ ලිපි දාන්න
ReplyDeleteස්තූතියි ... අනිවාර්යයෙන්ම පලකරන්නම්...
Deleteකවදාවත් දැකල නොතිබුණු පින්තුර ටිකක්. ටෙස්ලා ගැන අපේ දේශකයා ලිපි පෙලක් ම ලිව්වා. තව ලිව්වට වැඩි වෙන්නේ නෑනේ.
ReplyDeleteදේශකයාගේ ලිපි නම් කියවා නැහැ... ඒවාත් කියවන්න් ඕනෙ...
Deleteමේ තියෙන්නේ
Deletehttp://deshakaya.blogspot.my/2016/05/finally-i-met-legend-nikola-tesla.html
මුල ඉඳල බලන්න.
බොහොම ස්තූතියි පැතුම් සහෝ...
Deleteඋඩම පින්තූරය හැර අනිත් මුකුත් දැක තිබුනේ නැහැ. අපූරු විස්තර. බොහොම ස්තූතියි!!
ReplyDeleteබොහොම ස්තූතියි කියෙව්වට ...
Deleteබොහොම හොඳින් කරුණු හොයාගෙන ලියන ලද ලිපියක් ලෙස අගය කරනවා.
ReplyDeleteහැමදාමත් කියන පරිදි, සිංහල නිවැරදිව ලියන්න උනන්දු වෙනවානම් හොඳයි. මෙවැනි ලිපියකදී, නිවැරදි භාෂාව අතිශයින් වැදගත්.
භාෂාව නිවැරදිව හසුරවන්න උපරිම උත්සහ ගන්නම් විචාරකතුමා... මගේ ලිපි වල වැරදි අඩුපාඩු හරිගස්සවලා, දවසින් දවස මේ ලිපි වල ගුණාත්මක බව වැඩිකරන්න දරණ උත්සහයට බොහොම ස්තූතියි ...
Deleteහොද එකක් කියන්න බෑ. ඔක්කෝම සුපිරියි.
ReplyDeleteමටත් එකක් කියන්න හරියටම බෑ... එක එක පින්තූර එක එක අංශ වලින්නේ...
Deleteඑඩිසන් ගැන හා ටෙස්ලා ගැන තිබෙන තොරතුරු පුදුම සහගතයි. ධෛර්යය ගැන හා උත්සාවන්තකම ගැන කතා කරනකොට 99.99%ක්ම අවස්ථා වල ගන්න උදාහරණයක් එඩිසන්. මේවා සත්‍ය නම් එය කෙතරම් වැරදි වැඩක්ද!!!
ReplyDeleteඅනිවාර්යයෙන්ම ... ලංකාව වගේ දැනුමෙන් එක තැන පල් වෙන රටක මේ වගේ උදාහරණ ගන්න එක අහන්න දෙයක් නෑ...
Deleteඅදමයි මේවා දැක්කෙ. ස්තූතියි .
ReplyDeleteස්තූතියි Ano කියෙව්වට ...
Deleteඅපූරුයි.
ReplyDeleteබොහොම ස්තූතියි කැලුම් සහෝ...
DeletePiliyandala Dissa
ReplyDeleteඅපූරු ලිපිපෙලක්,අගයමි.
බොහොම ස්තූතියි Dissa...
Deleteහොඳ පින්තුර රැසක් එක්ක විස්තර ගොඩක්.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් සහෝ...
Deleteසමහර පින්තූර අදමයි දැක්කේ.
ReplyDeleteඔව් මේවා ටිකක් අප්රකටයි...
Deleteටෙස්ලා ගැන නන් සාමාන්‍ය පෙළේදි කතා කරන්නෙම නෑ. ඒක ලොකු අඩුවක්.
ReplyDeleteටෙස්ලා ගැන සාමාන්‍ය පෙලේදි වචනයක්වත් කතා කරන්නෙ නෑ...
Deleteඉතා සිත්ගන්නා සුළු ලිපියක්. එකක් දෙකක් හැරුන කොට බොහෝමයක් පින්තූර පළමුවරට දුටුවේ මෙහිදීයි...
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ් සහෝ...
Deleteනියම පෝස්ටුවක්.. හොඳ තොරතුරු.ඔන්න ඉස්සරහට මිස් නොවෙන්නෙ ෆලෝ පාරකුත් දැම්මා.
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තූතියි ගස් ලබ්බ... ජය වේවා!!!
Deleteමේරිගේ කෲර අවසානය කියෙව්වාම මතක් වුනේ එක කාලයක සතුන්ට විරුද්ධව නඩුත් දැම්මයි කියල
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Animal_trial
https://www.wired.com/2014/09/fantastically-wrong-europes-insane-history-putting-animals-trial-executing/
මමත් කලින් අහලා තිබ්බා සතුන්ට විරුද්ධව නඩු දාපු කතා ගැන...
Deleteනියම පෝස්ට් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්...
Deleteඉයන් තමයි පාර කිව්වේ..දුර්ලභ පින්තූර ටිකක්..
ReplyDeleteඔබටත් ඉයන්ටත් බෙහෙවින්ම ස්තූතියි...
Deleteසමහර පින්තුර ඇතුලේ දුක්බර කතාවක් තිබ්බත්.වටිනා නියම පින්තුර එකතුවක්.
ReplyDeleteසමහර පින්තූර තියෙනවා ලොකු කතාවක් සඟවගෙන ඉන්න...
DeleteFirst girl ia an albeeno girl
ReplyDeleteYup...
Deleteඉයන්ටත් ඔබටත් ස්තුතීයි.. ලස්සන වැඩක්..
ReplyDeleteබොහොම ස්තූතියි ...
DeleteThanks ...
ReplyDelete