Saturday, November 5, 2016

"කුකුළාගේ ණය ගෙවාදමන්න"


 ණය බර කියන්නේ සියලු දෙනාටම පොදු දෙයක්. අද මේ කියන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ණය ගැන කතා කිහිපයක්.

 මුදල් ආයෝජනය යනු ඉතාමත් ප්‍රවේසමෙන් කල යුතු ක්‍රියාවකි. එම ආයෝජනය හොද අතට හැරුණහොත් යහමින් අත මිට සරු වනවා මෙන්ම එම ආයෝජනය නරක අතට හැරුණහොත් ඉඩම් ගෙවල් උකස් තියා පාරට බහින තත්වයක් වුවද උදාවිය හැක. මාක් ට්වේන් යනු ලොවක් ඔහුට අවශ්‍ය පරිදි සිනහ ගැන්වීමටත් හැඬවීමටත් හැකි වූ පුද්ගලයෙකි. එනමුත් ඔහුගේ ආයෝජන පිලිබඳ දැනුම ඉතාමත් අල්ප විය. ඔහු ටෙලිග්‍රාෆ්, වාෂ්ප ජනක යන්ත්‍ර ආදී යන්ත්‍ර සූත්‍ර වලට  මුදල් ආයෝජනය කර පවුම් 20000ක් පමණ ( මේ එකල අගයයි. මෙය අද වන විට විශාල අගයකි.) අහිමි කර ගත්තේ ය. මාක් ට්වේන්  එකල ආයෝජනය නොකලේ ග්‍රැහැම් බෙල් ගේ දුරකථනයට පමණි. බෙල් දුරකථන රැගෙන මාක් ට්වේන් හමුවට පැමිණි විට මාක් ඒවාට ආයෝජනය කිරීම බහැර කලේය. ඔහු එසේ නොකලානම් ඉතා හොද ආදායමක් ලබා ගැනීමට ඔහුට හැකියාව තිබුනි.


  මාක් ට්වේන් ඔහුගේ නෑදෑයෙකු සමඟ ව්‍යාපාර කටයුත්තකට අත ගැසුවේ ය. එය කෙතරම් සාර්ථක වූවාද කීවොත් මාක් ට ඉතිරි වූයේ කුස්සියේ උදුන පමණි. එච්. එච්. රොජර්ස් නම් මාක් ගේ මිත්‍රයෙක් මෙම ණය පහසු ගෙවීමේ ක්‍රමයකට ගෙවා දැමීමට යෝජනාවක් ඉදිරිපත් කරත් මාක් එය ප්‍රථික්ෂේප කලේ ය. මාක් හට ලොව පුරා රසික රසිකාවියෝ බොහෝ ප්‍රමාණයක් සිටි බැවින් ඔවුන් ජාතික මට්ටමෙන් ආධාර එකතු කර මාක් හට යැව්වේ ය. එනමුත් මාක් ඒ සියල්ල ආපසු හරවා යැව්වේ ය. ඔහු පැවසුවේ ඔහුගේ ණය ඔහු විසින්ම ගෙවා දැමිය යුතු බවයි.

  වරක් "The Vicar of Wakefield" නවකතව රචනා කල සුප්‍රකට නවකතාකරුවෙකු වූ අයිරිෂ් ජාතික ඔලිවර් ගෝල්ඩ්ස්මිත් නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා අත්තඩංගුවට පත් විය.

 යුරෝපා සාහිත්‍යට යථාර්ථවාදය හඳුන්වාදුන් ලේඛකයෙකු වූ හොනොරේ බල්සාක් විශාල වශයෙන් ණය බරින් මිරිකී සිට ඇත. ඔහු නිවසේ සීනුව නාද වන විට ඊට ප්‍රථිචාර දැක්වීමට ද බියක් දැක්වූ බව පවසයි.

බල්සාක්

"Whistler's Mother" නැමැති ච්‍රය ඇඳි සුප්‍රකටසිත්තරා වන ජේම්ස් ඇබට් මැක්නීල් විස්ට්ලර් හැකි සෑම කෙනෙකුගෙන්ම ණය ලබා ගත් අතර ඒවා ගෙවා දැමීමට චිත්‍ර උකස් කරන ලදි.

   එංගලන්තයේ දෙවන චාල්ස් රජු බෙහෙවින් ණය බරින් පෙළුනේ ය. ඔහු වර්තමාන පෙන්සිල්වේනියා නමින් හඳුන්වන පෙදෙස විලියම් පෙන් හට පවුම් 15000කට ( එකල අගයන්) විකුණුවේ ය. විලියම් පෙන් යනු පෙන්සිල්වේනියා ප්‍රාන්ථයේ නිර්මාතෘවරයා ය. පෙන්ගේ පියාට තිබූ ණය පියවීම සඳහා දෙවන චාල්ස් රජු පෙන් හට මෙම භූමිය පවරන ලදි.
විලියම් පෙන් සග දෙවන චාල්ස්

  ඒබ්‍රහම් ලින්කන්ගේ භාර්යාව වූ මේරි ටොඩ් ද බෙහෙවින් ණය බරින් පෙළුනේ ය. ( ඇය හා ලින්කන්ගේ පවුල් ජීවිතය ගැන ලියූ ලිපිය කියවන්න මෙතනින් )  ඇය ඇයගේ ලොම් කබායවල්, ආභරණ ද විකිණුවේ ය. ධවල මන්දිරය හැර ගිය පසු ලින්කන්ගේ නමෙහි මුලකුරු කොටා තිබූ කමිසත් ඇය විකුණුවේ ය.

  බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් බ්‍රයන් බෲමල් එකල එංගලන්තයේ පිරිමි විලාසිතා පිළිබඳ අතිශයින් ජනප්‍රිය අයිකනයක් වූ අතර පසුව හතර වන ජෝර්ජ් රජු බවට පත් වූ ඔටුන්න හිමි කුමරාගේ ළඟම මිතුරෙකු බවට පත් විය. බෲමල් එංගලන්තයේ සමාජ ජීවිතය පාලනය කලද ඔහුට ඔහුගේ බැංකු ගිණුම පාලනය කර ගත නොහැකි විය. වේල්ස් කුමරාට අඳින පළදින හැටි ඉගැන්නුවත් ඔහුට අශ්වයන් හා කාඩ්පත් හැරදමන්නේ කෙසේදැයි තම මනසට අවබෝධ කිරීමට නොහැකි විය. නගරයේ ෂෙරිෆ් ඉදිරිපස දොරෙන් ඇතුල්වන විට බෲමල් අල්මාරිය පිටුපස සැඟවුනේ ය. අවසානයේ ණය නොගෙවීම නිසා ඔහුව අත්තඩංගුවට ගත්තේ ය. විලාසිතා තලය උඩු යටිකුරු කල ඔහු අවසානයේ අන්ත දිළිදු තත්වයට පත්ව අපිරිසිදු ඇඳුම් ඇන්දේ ය. අවසානයේ ඔහුගේ සිහිය විකල් වූ අතර ඔහුව උන්මත්තකාගාරයක සිටියදී මිය ගියේ ය.
බෲමල්


 තරුණ ඒබ්‍රහම් ලින්කන් බේබදු පුද්ගලයෙකු සමඟ ව්‍යාපාරයක් කලේ ය. වෙළඳාම අසාර්ථක විය. බේබදු පුද්ගලයා මිය ගියේ ය. එමනිසා ව්‍යාපාරයේ සියලු ණය ගෙවා දැමීමට සිදු වූයේ ලින්කන්ට ය. එකල නීතියේ තිබූ දුර්වල කම නිසා ලින්කන්ට පහසුවෙන්ම එම ණයෙන් ගැලවීමට හැකියාව තිබුනි. එනමුත් එය ලින්කන්ගේ ක්‍රමය නොවීය. එමනිසා ලින්කන් වසර එකොළහක් තිස්සේ මුදල් හම්බකර ණය හිමියන්ට පොලිය සමඟ සියලු මුදල් ගෙවා දැමුවේ ය.

 සොක්‍රටීස් යනු ලොව පහළ වූ ශේෂ්ඨ බුද්ධිමතෙකි. මොහුගේ සංවාද ඇසුරෙන් ප්ලේටෝ විසින් ලියන ලද ක්‍රීටෝ ,ෆීඩෝ, ගමනක අවසානය් ( සිංහල පරිවර්තනය) ආදී ග්‍රන්ථ බොහොමයක් පවතියි. මෙම ග්‍රන්ථ බොහොමයක් ඉංග්‍රීසියට මෙන්ම සිංහලටද පරිවර්තනය වී ඇති බැවින් ඒවා කියවන ලෙස ඇරයුමක් කරමි. මන්ද මම අදටත් අගයන පොත් අතර ඉහලින් ඇති පොත් අතර මේවා ඇති බැවිනි.

සොක්‍රටීස්

 සොක්‍රටීස් ඉතා දිළිදු පුද්ගලයෙක් වූ අතර රාත්‍රී කෑම සදහා කුකුළු මස් මිලට ගැනීම සඳහා ඔහුට මුදල් ණයට ගැනීමට සිදුවිය. වස කුප්පිය බී මරණාසන්නව සිටි අවස්ථාවෙව් ඔහුට කුකුළෙකු සදහා ගෙවීම් කිරීමට ඇති බව මතක් විය. එමනිසා සොක්‍රටීස් ජීවිතයේ අවසන් වදන් මෙසේ පැවසුවේ ය:

"කුකුළාගේ ණය ගෙවා දමන්න"

ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

Little known facts about well known people  - Dale carnegie

29 comments:

  1. නොදන්නා කරුණු බොහෝමයක් තියෙනවා මේ ලිපියේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. වැදගත් කරුණු රැසක් අඩංගු ලිපියක් ලෙස අගය කරනවා. හොඳින් කරුණු සොයාගෙන කල ඉදිරිපත් කිරීමක් බවත් පෙනෙනවා.

    ලිපියක් ලිව්වාට පසු පලකිරීමට පෙර නැවත කියවා නිවැරදි කරනවානම් හොඳයි. 'හොඳ' යන වචනය ඔබ ලියා ඇත්තේ, 'හොද' යනුවෙන්. ඔබ පාවිච්චි කරන්නේ, Google Input Tools නම්, හොඳ කියා ලියන්නේ මෙහෙමයි. honda = හොඳ.

    //ඔබලාගේ අදාස්// ඔබලාගේ කියා යෙදුමක් නැත. 'ඔබගේ' යන්නත් එතරම් සුදුසු මදි. 'ඔබේ' යන වචනය, ඒක වචන බහුවචන දෙකටම යෙදිය හැකියි. 'අදාස්' යන්න, අදහස් වශයෙන් නිවැරදි වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපි ලියන්නෙනන් ෆෝන් එකෙන්... හෙළකුරු තමා පාවිච්චි කරන්නේ... මම වචන ටික නිවැරදි කරා... බොහොම ස්තූතියි විචාරක තුමා...

      Delete
  3. මාත් ණයකාරයෙක් බං , නොගෙවානං මැරෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. නොගෙවා මැරෙන්න දෙන්නෙත් නෑ ණය දුන්න අය... :--)

      Delete
  4. බැලුවාම සොක්‍රටීස් විතරක් නෙවි, අපි ඔක්කොම ණයයි

    ReplyDelete
    Replies
    1. ඔව්... අපි හැමෝම කාටහරි මොන විදිහකින් හරි මොනවාහරි දෙයක් ණයයි...

      Delete
  5. මුදල් කළමනාකරණය දන්නේ නැති අය කියලා තමයි හිතට ආවේ. ඒ වගේම අපි හැමෝටම මොනයම් වෙලාවක හරි කාට හරි, මොන විදියක හරි ණයක් වෙන්න සිද්ධවෙනවා කියලත් හිතුණා.

    දන්නේ නැති දේවල් හැමදාම මේ බ්ලොග් එකෙන් දැනගන්නවා.:)

    ReplyDelete
    Replies
    1. මුදල් කලමනාකරණය හරි වැදගත්... එතරම් උගත් නොවන අය මේ වැඩේදි සූක්ෂම වුන වෙලාවල් තියෙනවා... ඒ වෙලාවල්වලදී ඒ අය උගත් අයට වඩා බුද්ධිමත්...

      බොහොම ස්තූතියි මෙඩූසා...

      Delete
  6. අපි ජීවිතේට ණයයි . ජීවිතේ අපිට ණයයි.

    ReplyDelete
  7. පට්ට කතා ටික......... වටිනා දේවල් කීපයක් ම උඹෙන් හොරා ගත්තා........ තැන්කූ.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුරුටු... හොරා ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ...

      Delete
  8. Patta Mithila Malli ..! Habai ithin "Ammata siri lankave vage ratath loka bankuvata ukas karala naya gaththa jathiyak loke kohevath nathi athi neda ?"

    ReplyDelete
    Replies
    1. ලංකාව ඉතින් ලෝකෙටම එකයි... කොහෙවත් මෙහෙ වගේ නෑ... :--)

      Delete
  9. අලුත් දේවල් ගොඩක් දැනගත්තා.

    ReplyDelete
  10. අද තමයි කියෙව්වේ. හුඟක් කතා මීට කලින් අහල තිබුණේ නෑ. සරලව ලියලා තිබුණට වැදගත් තොරතුරු සම්පිණ්ඩනයක් . ජය !!!

    ReplyDelete
  11. A very good attempt. Happy about your inquiring, energetic mind. Though you are an Engineering student, you have skills in Literature too. All the very best to you.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...