Saturday, June 6, 2020

පාර කියන මී මැස්සෝ

මී පැණි කාලා තියෙනවද? ස්වාභාවික මී පැණි කවදාවත් නරක් වෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒකට හේතු වෙන්නේ හොවාඩ් කාටර් ටූටන්කාමන්ගේ සොහොන හොයාගත්තම ඒ සොහොනේ මී පැණි පිරවූ බඳුන් හමුවූ නිසා. වසර තුන්දහසකට පසුත් ඒවා හොඳ තත්ත්වයෙන් තිබුනා. ආරක්ෂිතව මී පැණි ගබඩා කරලා තිබුන නිසයි මී පැණි නරක් නොවුනේ. මී මැස්සන්ට යම්කිසි ස්ථානයක් නිවැරදිව සොයාගන්න අපූරු හැකියාවක් තියෙනවා. ඒක නැටුමක්. අද කතාව ඒ ගැන.

කාල් ෆොන් ෆ්රිෂ් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. 1973 දී ඔහුට වෛද්‍ය අංශයෙන් නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා. මී මැස්සන්ටයි කාල්ටයි ලොකු බැඳීමක් තිබුනේ. මී මැස්සන්ගේ ගති ලක්ෂණ සොයා බලන්න කාල් සෑම විටම උත්සහ කරා. කාල්ට තිබුනා මී මැසි ජනපද කිහිපයක්. මේවත් එක්ක තමා කාලය ගතකලේ.

දවසක් පොඩි දීසියකට සීනි මිශ්‍ර කරපු ජලය දමලා මී මැසි ජනපදයට තරමක් ඈතින් තිබ්බා. කාල් එතනට වෙලා බලාගෙන හිටියා කවුරුහරි මී මැස්සෙක් එයිද කියලා. ඔන්න දවසක් එක මී මැස්සෙක් ආවා. මී මැස්සා ඇවිදින් අර රසවත් සීනි ද්‍රාවණය බොනවා දැන්. කාල් පින්සලකට තීන්ත ස්වල්පයක් අරගෙන අර මී මැස්සගේ පිටේ සළකුණු කරා. ඒ එයාව වෙන් කරලා හදුනාගන්න.

මේ මී මැස්සා සීනි ද්‍රාවණයෙන් ටිකක් බීලා ආයෙත් එයාගේ ගෙදරට ගියා. පැය කිහිපයකට පස්සේ ආයෙත් මේ මී මැස්සම එනවා සීනි ද්‍රාවණය බොන්න. දැන් ආවේ තනියෙන් හැබැයි. ඔහොම ටික වෙලාවක් ගියා. මී මැස්සා වතුර බොමින් ඉන්දැද්දිම තවත් මී මැස්සෝ කිහිප දෙනෙක් ආවා. මේ මී මැස්සෝ ආවේ කලින් කෙනාගේ පස්සෙන් නෙමේ. තනිවම. එක්කෙනෙකුත් නෙමේ කිහිප දෙනෙක්ම ආවා. අනිත් කාරණය තමා මේ මී මැස්සන් හිටියෙත් අර සලකුණු කරපු මී මැස්සා ඉන්න ජනපදය තුලමයි.

ඊළඟ දවසෙත් අර සලකුණු කරපු මී මැස්සා සීනි ද්‍රාවණය බොන්න ආවම කාල් මේ සීනි ද්‍රාවනයයි මී මැස්සවයි අරන් ඈතකට ගියා. කිලෝමීටර් කිහිපයක්ම ඈතට ගියා. දැන් මේ මී මැස්සා ආපු වැඩේ කරගෙන ජනපදයට ගියා. පැය කිහිපයකින් පුදුම දෙයක් කාල් නිරීක්ෂණය කරා. සලකුණු කරපු මී මැස්සගේ ජනපදයේ අනික් මී මැස්සෝ කිහිප දෙනෙක් සීනි ද්‍රාවණය තියෙන තැන හරියටම හොයාගෙන ආවා. කලින් තිබුන තැන වෙනස් කරත්.

මේ දේවල් අත්දකිනකොට කාල්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. භාවිතා කලේ මී පැණි නෙමේ සීනි නිසා මී මැස්සන්ට සුවදින් හදුනාගෙන එන්නත් බැහැ. මේ මී මැස්සෝ කොහොමද සීනි ද්‍රාවණයට එන පාර හරියටම හොයාගත්තේ?

මේ ගැන හොයනකොට කාල් ඇඳිනගත්තා මී මැස්සන්ගේ විශේෂ චර්යාවක්. ඒක එක විදිහක නර්තනයක්. මේ නර්තනය සූර්යයාගේ පිහිටීමත් එක්ක සම්බන්ධයි. මේකෙදි මී මැස්සා ටිකක් පැද්දි පැද්දි ඉදිරියට ගිහින් වමට හෝ දකුණට හැරිලා අර්ධ වෘත්තයක මාර්ගයක ගිහින් ආයෙම නැටුම පටන්ගත්තු තැනට එනවා. පැද්දි පැද්දි ඉදිරියට ගියොත් ඒ කියන්නේ ඉර දෙසට යන්න කියලා. පසුපසට ගියොත් කියන්නේ ඉරෙන් ඉවතට යන්න කියලා. පැද්දෙන්නේ මැදදි යනකොට විතරයි. අර්ධ වෘත්ත කොටසෙන් යනකොට සාමාන්‍ය විදිහටයි යන්නේ.

වමට හෝ දකුණට හැරෙන කෝණයෙන් කියන්නේ ඉරත් එක්ක කොච්චරක් හැරිලා ගමන් කරන්න ඕනෙද කියන එක. කොච්චර දුරක් යන්න ඕනෙද කියලත් මී මැස්සා තමන්ගේ නර්තනයෙන් කියනවා. අර පැද්දෙමින් යන කොටසේ එක වතාවක් පැද්දෙන්න තත්පරයක් ගත වෙනවා කියලා හිතුවොත් එක තත්පරයකින් නිරූපණය වෙන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් එකක්.

අවුරුද්දේ ඕනම කාලයක ලෝකයේ හැම කෙරවලකම ඉන්න මී මැස්සෝ පාර කියන්නේ මෙහෙමයි.

මේ මස තුල පලවූ අනෙක් සටහන්:

සෙලවෙන අංශු 

බල්ලන් කුරුසිපත් කිරීම 

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය 


කාල් වොන් ෆ්රිෂ් මීමැස්සන් සමග 


12 comments:

  1. නොම්මර එකේ නිරීක්ෂකයෙකුගේ ඉවසීම හා චින්තන; තර්කන හැකියාව නේද මේ?

    ReplyDelete
  2. ඉස්සර (මිතිල ශිෂ්‍යයා ඉපදෙන්න ඉස්සර) විජය පත්තරේට ජයන්තා කුමාරි සමනබැද්ද කියලා කෙනෙක් ලිපි ලිව්වා. එයා ලිව්වෙත් මිතිලගේ වර්ගයේ ලිපි.
    මම මුලින්ම මී මැසි නැටුමේ කතාව දැනගත්තේ එයාගේ ලිපියකින්.

    ReplyDelete
  3. මී මැසි පාලනය ඔයතරම්ම ජනප්‍රිය වෙන්න හේතු සාධක මේ ලිපියේ තියනවා
    විචාරක දියණිය

    ReplyDelete
  4. පැණි එකතු කරන්නේ මී මැස්සියෝ නේද ? කවි බසේ මීමැස්සෝ ,බඹරු විදියට කිව්වට මේ මල්වල සැරිසරන්නේ ගැහැණු සත්තු.

    ReplyDelete
    Replies
    1. මම මී මැස්සෝ කියලා පුරුද්දට කිව්වට මී මැස්සියෝ තමා මල් පැණි එකතු කරන්නේ...

      Delete
  5. කලින් නොදැන හිටිය කතාවක් මේක. මට ප්‍රශ්න දෙකක් ආව. එකක් අරහෙම පිටේ සලකුණක් කරනකන් මී මැස්ස බලන් ඉන්නවද කියන එක.(කාමරේ ඉන්න වදකාර මැස්සෙක්වත් අල්ල ගන්න බැරිව කොහොමද මී මැස්සාගේ පිටේ ඉරි අඳින්නේ ) අනෙක තමයි වැඩියෙන් සීනි බීල මත් වෙච්ච මී මැස්සෙක් නම් අර නැටුම කොහොම වෙයිද ? :D

    ReplyDelete
  6. මිතිලගේ ලිපි හරි වටිනවා . අර කිව්වා වගේ මමත් ජයන්තා කුමාරි සමනබැද්ද ලිපි මමත් කියවා තියෙනවා. නොදන්නා තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...