“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.”
මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත්
ඔවුන් ආසියාවේ කිතුණුවන් සෙව්වේ ඇයි? මේ සටහන ඒ ගැන සොයා බැලීමටයි.
ක්‍රි.ව. 1165 වසර වන
විට බටහිර යුරෝපය පුරා එක්තරා ලියමනක් සංසරණය වන්නට විය. බයිසැන්තියානු අධිරාජ්‍යයේ
පලමුවන මැනුවෙන් රජතුමා හට ලියූ මෙම ලිපිය ලියන්නේ ප්‍රෙස්ටර් ජෝන් නම් රජෙක් විසින්.
බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් බාබෙල් කොත සහ අමරණීයත්වය ලබාදෙන උල්පත ආදිය ගැන සඳහන්
වූ එම ලිපියේ ඒවා පාලනය කරන බලවත් ක්‍රිස්තියානි රජු තමා බව ප්‍රෙස්ටර් ජෝන් සදහන්
කරයි. මෙසේ රජ කෙනෙක් නොසිටි බව දැන් අප දන්නවා වුවත් මෙම මිත්‍යා රජු නිසා දේශගවේෂණය
සඳහා අඩිතාලමක් ද මහද්වීප අතර විදේශ සම්බන්ධතා ඇති කිරීම හා වක්‍රාකාරයෙන් සිවිල් යුද්ධයකට
මුල පිරීමට ද හේතු වුනා.
ඒබ්‍රහම් ඔර්ටේලියස්ගේ 'ප්‍රෙස්ටර් ජෝන් සිතියම' 1527-1598 [History today.com] |
ප්‍රෙස්ටර් ජෝන්ගේ යැයි
කියූ ලිපිය යුරෝපය පුරා සංසරණය වූ කාලයේ යුරෝපයේ කුරුස යුද්ධය ආරම්භ වී තිබුණි. ජෙරුසලම
සදහා වූ මේ යුද්ධයට සහය වීමට හවුල් කරුවන් ලෙස තබාගැනීමට ක්‍රිස්තියානි රාජ්‍යයන් සෙවීමේ
කටයුතු වල යුරෝපීය රටවල් නිරත වුනා. මේ අතර ප්‍රෙස්ටර් ජෝන් නම් බලවත් ක්‍රිස්තියානි
රජෙක් ගැන කටකතා යුරෝපය පුරා පැතිරෙද්දී මෙම රජුව සොයාගැනීම සදහා දේශගවේෂණ ව්‍යාපාර
වල විවිධ රටවල් නියැලුනා.
ප්‍රෙස්ටර් ජෝන් යනුවෙන්
සැබෑ රජෙක් නොමැති වුවත් මේ සදහා මුල් වූවා යැයි සැලකෙනේ සමහර මොංගෝලියානු ජන කණ්ඩායම්.
මෙම මොංගෝලියානු ජන කණ්ඩායම් තම හමුදාවට ක්‍රිස්තියානි ලබ්දිකයන් බඳවා ගත් අතර කාලය
විසින් මේ සඳහා බයිබල් පාඨ එකතු කර හා ක්‍රිස්තියානි රජෙකුට අවශ්‍ය දෑ සම්පූර්ණ කරයි.
මෙම පුවත යුරෝපය වෙත යන කාලය වන විට මොංගෝලියානු පාලකයන් ප්‍රෙස්ටර් ජෝන් නම් ක්‍රිස්තියානි
රජෙක් වී අවසානය.
යුරෝපය පුරා සංසරණය වූ
ලිපිය ලියුවේ කවුරුන්ද වග තවම හරිහැටි නොදන්නා නමුත් ඒවායේ තිබූ කරුණු අනුව මෙය යුරෝපයේ
දී ම ලියැවුනක් බව විශ්වාස කරයි. කෙසේ හෝ 13 හා 14 යන සියවස්වල හෝ යුරෝපීය රටවල් සේද
මාවත ඔස්සේ ආසියාව කරා ගමන් කරයි. ඔවුන් මෙසේ යන්නේ ප්‍රෙස්ටර් ජෝන් රජු සොයා නොවේ.
ඔහුගෙන් පැවත එන්නන් හෝ සොයා ගැනීමේ අරමුණින්. මීට පසු මුහුදු මාර්ග වලින් ද ආසියාව
කරා දේශගවේෂකයන් පැමිණෙන්නට විය. මොවුන්ගේත් වෙළඳාමට අමතරව ප්‍රධාන අරමුණක් වූයේ ප්‍රෙස්ටර්
ජෝන් නම් රජුගේ රාජධානිය සොයා ගැනීමයි.
1558 දී සිතියමක ඉතියෝපියාව ලකුනු කර ඇති ආකාරය [wikipedia.org] |
මේ සියල්ල අතර ඉතියෝපියානු
ක්‍රිස්තියානි වන්දනාකරුවන් පිරිසක් උතුරු දෙසට සංචාරයක නිරත වෙනවා. ඉතියෝපියාව ක්‍රිස්තියානු
රාජ්‍යයන් බවට පත්වූයේ 4 වන සියවසේ දී වන බැවින් ප්‍රෙස්ටර් ජෝන් නම් රජුගේ රාජධානිය
පිළිබඳ කතාන්දර වලට වඩාත් ගැලපෙන්නේ ඉතියෝපියාව බව යුරෝපීය බුද්ධිමතුන් ප්‍රකාශ කර
සිටියා. මේ අනුව 1520 දී ඉන්දියාවේ සිටි පෘතුගීසීන් ඉතියෝපියාව වෙත යන්නේ ප්‍රෙස්ටර්
ජෝන්ගේ ක්‍රිස්තියානි රාජ්‍යය සමග සබදකම් ඇතිකර ගැනීමේ අරමුණින්. තම පාලකයාට පෘතුගීසීන්
විසින් ප්‍රෙස්ටර් ජෝන් යන නාමය භාවිතා කරන නිසා ඉතියෝපියානුවන් සිටියේ තරමක සැකයෙන්.
නමුත් බලවත් යුරෝපීය
ජාතියක් සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙන නිසා තම ජනයා ප්‍රෙස්ටර්
ජෝන් නම් රජුගේ යටත් වැසියන් බව පෘතුගීසීන් හට කියා සිටියා. ප්‍රෙස්ටර් ජෝන්ගේ රාජධානිය
වසර 350ක ආසන්න කාලයක මෙහෙයුමකින් පසු පෘතුගීසීන් සොයා ගන්නේ මේ අයුරින්. ඒ අනුව පෘතුගීසීන්
ඉතියෝපියානුවන් සමග රාජ්‍ය සම්බන්ධතා ඇති කර ගනු ලබනවා. පෘතුගීසීන් විසින් එංගලන්තයේ
පළමුවන මේරි රැජිණ හට සැකසූ ලෝක සිතියමක [1558] ප්‍රෙස්ටර් ජෝන්ගේ රාජධානිය ලෙස ඉතියෝපියාව
නම් කරනු ලබනවා.
ප්‍රෙස්ටර් ජෝන් යැයි සිතූ ඉතියෝපියානු රජු [wikipedia.org] |
තමාට වඩා බලවත් රාජධානියක්
සමග සබදතා පවත්වා ගත් බව විශ්වාස කළ පෘතුගීසීන්ට ඒ පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන්
ගත්තේ දශයක් යාමටත් මත්තෙන්. 1529 දී ඔටෝමන් අධිරාජ්‍යය ඉතියෝපියාවේ යාබැදි රාජ්‍යයක්
සමග එකතු වී ඉතියෝපියාව ආක්‍රමණය කල අතර ඉතියෝපියාවට මෙම යුද්ධයෙන් [1529 – 1543] ජයග්‍රහණය
කිරීමට හැකි වූයේ පෘතුගීසීන්ගේ උදව්වෙන්. මේ නිසා ඉතියොපියානුවන් සමග අමනාප වූ පෘතුගීසී
පාලකයන් පැවසුවේ ඉතියෝපියාවේ තිබෙන්නේ ධර්ම විරෝධී ක්‍රිස්තියානි ආගමක් කියා. මේ හේතුවෙන්
ඉතියෝපියාව තුල ක්‍රිස්තියානි නිකායන් අතර සිවිල් යුද්ධයක් පවා ඇතිවෙනවා. කෙසේ හෝ මේ
සියල්ල අවසන් වන්නේ 1630 දී පෘතුගීසීන් හා ඉතියෝපියානුවන් අතර සබදකම් සියල්ල බිඳ වැටීමෙන්.
මෙයින් වසර දෙසීයක් තුල ප්‍රෙස්ටර් ජෝන් නම් මිත්‍යා රජුගේ කතාන්දර අභාවයට ගියේ ඔහු
නිසා කළ කී දෑ ඉතිහාස සටහනක් කරමින්.
මූලාශ්‍ර:
- Vox Youtube Channel
- Prester John - Encyclopedia Britannica
- Prester John - History Today
- When your biggest hope turns into a worst nightmare - Stephen Lidell
- Prester John's letter - A mediaeval Utopia - Karl F. Helleiner
යුරෝපා නවකතා, films ගොඩකට මෙවන් ලියවිලි, සිතියම් වැනිදේ පාදක කරගෙන තියෙනවා. අපේ කතන්දරවලට පුස්කොළ පොත්, නිදන් වදුලු, කුකුල් අඩි සලකුණු ගාවාගෙන තියෙනවා වගේ.
ReplyDeleteපහුගිය කාලේ කැළණි ගඟෙන් නයි පටෝපු වෙලාවේ, ඊටත් ඉස්සර නාථ දෙවියන් හීනෙන් උපදෙස් දුන්නු වෙලාවේ මට හිතුණේ අපේ අය වඩාත් ඉස්සරහින් කියලයි.
මිතිල, මේ ලිපියෙන් ඔයා ඒ ආතල් එක කෑවා. අපේ උදවිය සෙකන්ඩ් වෙලානේ .....
කවුද අපි කියන්නේ
Deleteසිරිලක වැස්සෝ!
Deleteකැළණි ගගේ නයි නටෝපු අය කොහෙද දන්නෑ දැන්... එයාලගේ උදව් ඕනම කාලයක් මේ... :D
Deleteඇන්තනි, තාම දන්නෙනැද්ද අපි කියන්නේ මේ නලින් සිල්වාගේ ගෝලයො
ReplyDeleteදන්නා දෙයක් ගැන නොදන්නා යමක් පැවසුවාට ස්තූතියි.
ReplyDeleteවිචාරක දියණිය
ස්තූතියි මෙහාට ගොඩවුනාට...
Delete