Monday, May 23, 2016

බොහෝ දෙනා දැක ඇති නමුත් බොහෝ දෙනා නොදන්නා හර්න්ගේ කතාව



 හර්න් යන නම ඇසූ පමණින් ඔබට "රොබින් හුඩ්" චිත්‍රපටය මතක් වනවා නිසැකය. හර්න් පිලිබදව ඇති කතාන්දරය මෙසේය...

 එංගලන්තයේ වින්ඩ්සර් මැදුරෙ හිටපු රජ කෙනෙක් තමා තුන්වැනි රිචඩ් රජු කියන්නේ. මේ රජතුමාගේ කැමතිම විනෝදාංශය වූයේ දඩයම් කිරීමයි. ගොඩක් වෙලාවට මේ රජතුමා දඩයමේ යන්නේ හර්න් නැමැති දඩයක්කරුවත් එක්ක.

 දවසක් මේ විදිහට දඩයමේ යද්දි රජතුමා ගෝනෙකුට විද්දා. ඒත් ඒ ගෝනා ඒකෙන් මැරුනෙ නෑ. වියරු වුන මේ ගෝනා රජතුමා දිහාවට හයියෙන් එන්න ගත්තා. ඊට පස්සෙ හර්න් රජතුමාව බේරගන්න මැදට පැනලා ගෝනාත් එක්ක සටන් කරා. අවසානයේදී ගෝනා මියගියා මෙන්ම හර්න්ට අධික ලෙස තුවාල සිදු උනා. එකල සිටි මායාකරුවෙක් පැවසුවේ ගෝනාගේ අංතට්ටුව හර්ට පැළදුවහොත් ඔහු ජීවත්වන බවයි. කෙසේ නමුත් මෙම සිදුවීම නිසා හර්න් හා රජතුමා ඉතා හොද මිතුරන් බවට පත්වුනා.

 මේ ගැන එකල සිටි අනෙක් දඩයක්කරුවන් කැමති උනේ නෑ. ඒ නිසා ඔවුන් හර්න් ගැන වැරදි කටකතා පතුරලා රජතුමාගෙ කනේ තිබ්බා. මේ නිසා රජතුමා හර්ව සියලු තනතුරුවලින් අයින් කරනු ලැබුවා. මේ නිසා හර්න් වින්ඩ්සර් මැදුර අසල වූ කැලයක ඕක් ගසක එල්ලී මැරුනා. මේ නිසා හර්න්ගේ අවතාරය වින්ඩ්සර් මැදුරේ සැරිසරන බව කියැවෙනවා.

-මිතිල ප්‍රනාන්දු






ආතර් රජුගේ සොහොන



 ජනප්‍රවාදයේ තියෙන විදිහට මෝඩ්රඩ් ආතර් රජුට තුවාල කල පසු ඇව්ලොන් දූපතේ ග්ලැස්ටන්බරි තාපසාරාමය  කරා ආතර් රජු ගියේ ප්‍රථිකාර සදහාය. නයිට්වරුන්ගේ වට මේස සාකච්චාවේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ ආතර් රජුය. ආදී වේල්ස් හි උදවිය පවසා ඇත්තේ ආතර් රජුව මෙම ග්ලැස්ටන්බරි හි මිහිදන් කල බවයි.

 1911 දී ආතර් රජුගේ සොහොන යැයි සැක කර, මෙහි කැනීමක් සිදු කලේය. එහිදී  “His iacet Inclitus Arturius in insule Avelonie”  යනුවෙන්   කොටන ලද ඊයම් කුරුසියක් හමු වී තිබේ. ඉන් කියැවෙන දෙයෙහි අර්ථය නම් “ඇවුලොන්හි මිහිදන් කරන ලද ආතර් රජු මෙහි සැතපෙන්නේය.” යන්නයි.

මිනී පෙට්ටිය තුල සිරුරු දෙකක් තිබූ අතර එක් සිරුරක් කාන්තාවකගේ සිරුරක් විය. මෙම කාන්තා සිරුර ග්වෙනවියර්ගේ යැයි සැක කෙරේ. 1539 දී මෙම දේවස්ථානය විනාශ වී ඇත.

-මිතිල ප්‍රනාන්දු


අපි වැඩිය අසා නැති ප්‍රස්ථා පිරුළු


(භාෂාව ජාතියක මූලික පදනමයි. භාෂා දාමයෙහි මුතුකැට වැනි මෙවැනි ප්රස්ඵා පිරැළු අද අපේ ජනවහරින් කෙමෙන් කෙමෙන් ගිලිහී යාම කනගාටුවට කරැණකි)
1. ඉස අතගා ඇහැ ඉලිප්පීම( මිතුරැකම පෙන්වා සතුරැ කම් කිරීම)
2.ඌරන්ට මොන අච්චාරැද?( අධමයන්ට උතුම් දෙයින් වැඩක් නැත)
3. උපන් ගෙයි සිරිත බලි ඇරියත් නොයාම( ජන්මයෙන් ලැබෙන දුර්ගුණය අත් නොහැරිය හැකි වීම)
4.ඇදිරි ගෙට කැවුම් දික් කිරීම( බොරැවට තෑගි බෝග ආදිය දීම)
5. ඉදිකටු තුඩේ තපස් රැකීම( කළ නොහැකි වැඩක් කරන්නට තැත් කිරීම)
6. අලකොල සිටුවීම( හිතේ එකක් ඇතිව අනෙකක් පෙන්වීම)
7.කපුරාල මස් නොකා හොදි පමනක් ගැනීම(බොරැ උපාසක කම් දැක්වීම)
8. කුළාට අනිතොත් මඩේදීය(බලවතා අල්ලා ගත යුත්තේ සුදුසු තැනක දීය)
9.පොල්කුඩු කාපු ඌරාට බත් දුටුවම ඔක්කාරෙ( නීච ක්රියා පුරැදු එකා යහපත් දේ අප්රිය කරයි)
10. රට ගියත් හිරමණය පොල්ගානවා( පුරැදු ගති ගුණ අත් නොහැරීම)
මේ ආකාරයේ බොහෝ විරල ප්රස්ඵාව පිරැඵ ඇත. ඔබත් දන්නවා නම් මීට සම්බන්ධ වන්න. ඉංගිරිසි දැනගැනීමට පෙර අපි අපේ බස හොදින් දැනගෙන සිටිය යුතුයි)
පොතපත ඇසුරිනි.

-ගංඟා කුමාරි පෙරේරා

ඇරිස්ටෝටල්ගෙන් මහා ඇලෙක්සැන්ඩර්ට


ලෝක ඉතිහාසයේ , මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සුවිශේෂ තැනක වැජඹේ, ඔහු අති දක්ෂ රණශූරයෙකි. කුඩා කල ඇලෙක්සැන්ඩර් කුමරාගේ ගුරැවරයා වූයේ ලෝක පූජිත දර්ශනවාදියෙකු වූ ඇරිස්ටෝටල්ය. දිනක් එක සමාන හිස් කබල් දෙකක් පෙන්වා ඇරිස්ටෝටල් මෙසේ කීවේලු.
" කුමරැවනි මේ කපාල දෙකෙන් එකක් ඔබගේ මුත්තනුවන්ගේය, හේ කිරැළු පැළදුවේය. අනෙක මේ නගරයේ සිගමන් යැදී යාචකයෙකුගේය.... ඔහු සිගමන් යැද්දේය. හැකිනම් ඔබේ මුත්තනුවන්ගේ කපාලය මට පෙන්වා දෙන්න"
එක සමාන හැඩරැව නිසා කුමරා වික්ශිප්ත විය. එවිට ඇරිස්ටෝටල්  මෙසේ කීය.
" කුමරැනි මරණය අප සියල්ලන් සමාප්තයට ගෙන එයි.ඒ නිසා සැබෑ මිනිසෙකු වන්න. සැබෑ මිනිසෙකු වන්නට සරල ලෙස සිතන්න.සැහැල්ලුවෙන් පළදින්න. චාම් ලෙස ජීවත් වන්න"
මේ වටිනා පාඩම ඇලෙක්සැන්ඩර්ගේ ජීවිත කාලය පුරාම ඔහු සමග ජීවමාන විය.
" මා මිය යන්නේ රෝගය නිසා නොව වෙදුන් නිසාය" මරණ මංචකයේදි ඔහු මෙසේ කීවේළු. යුධ බිමේදි ජීවමාන රණවිරැවෙකුගේ අවසානය පුංචි මදුරැවෙක් අතින් සිදුවිය.ඉන්දියා යුධපිටියේ දි මැලේරියාව වැළදුන මහා ඇලෙක්සැන්ඩර් වෙදුන් නිසා මිය ගියේය. ඔහු මිහිදන් කලේ මිනිපෙට්ටියෙන් එලියට සිටින්නට දෙඅත් තබාය."
රටවල් රැසක් යටත් කරගත් මා මිය යන්නේ හිස් අතිනි" ඒ ඇලෙක්සැන්ඩර් ගේ අදහස විය.
( කියවා ලබා ගත් තොරතුරැය)

-ගංඟා කුමාරි පෙරේරා

Sunday, May 8, 2016

පොත පතේ නොලියවුණ ලංකා ඉතිහාසයේ කතා


#ලංකාව_හරහා_සිදුකෙරුනු_දෙවැනි_ලෝක_යුද්දයේ_දිගම_ගුවන්_ගමන

ලංකාව පිහිටා තියෙන්නේ වැදගත් භූගෝලිය පිහිටිමක කියලා අපේ යාලුවෝ දන්නවානේ. දෙවැනි ලෝක යුද්ධයේදි මෙම පිහිටිම ගොඩක් වැදගත් වුනා. ඔයාලා දන්නවාද ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මක වු දිගම ගුවන් ගමන් ක්‍රියාත්මක වූයේ ලංකාවේ සිය බව.

1942 දි ජපානය සිංගප්පුරුව ආක්‍රමණය කිරිම සමග, බ්‍රිතාන්‍ය සතුව තිබූ මූලෝපායිකව වැදගත් ස්ථාන ගොඩක් අහිමි වුනා. ඔස්ට්‍රේලියාව සමග බ්‍රිතාන්‍යයට අඛණ්ඩ සබදතා පවත්වා ගැනිමේදි මෙම ස්ථාන නැති වීම ලොකු පාඩුවක් වුනා.

මේ නිසා බ්‍රිතාන්‍යයට සිදු වුනා, ලංකාවේ කොග්ගල ගුවන් හමුදා කදවුර හා බටහිර ඔස්ට්‍රේලියාවේ නෙඩ්ලන්ට්ස් අතර දිගම අඛණ්ඩම ගුවන් ගමන් අාරම්භ කරන්න. මෙම ගුවන් මාර්ගය වැටි තිබුනේ ජපන් යටත් ප්‍රදේශ අතරින් බැවින් ඉතා අනතුරුදායක ගමනක් වුනා. මෙම ගුවන් ගමනේදි රේඩාර් යන්ත්‍ර භාවිතා කරන්නට හෝ ගුවන් විදුලි සබදතා සිදුකරන්නට හැකියාවක් තිබුනේ නැ. ගුවන් ගමනට පැය 27ත් 33ත් අතර කාලයක් වැය වෙලා තියනවා.

මෙම ගුවන් ගමනේදි දෙවරක් හිරු උදාව නිරික්ෂණය කල හැකි බැවින්, The Double Sunrise සේවය ලෙසත් මෙය හැදින්වූවා. පසුකාලින අවශ්‍යතා තම
මෙම ගුවන් ගමන පාකිස්ථානයේ කරච්චි නුවර දක්වා දිගු කරන ලදි.

හැමදාමත් වගේ ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි.
ස්තුතියි

- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය


Wednesday, May 4, 2016

ඔබ දන්නවාද?

01. සියළුම බූවල්ලන් විශ සහිත වේ.
1
02. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන බූවල්ලෙකුගේ විශ අනෙකුත් කිසිඳු විශක් ක්‍රියාත්මක නොවන උෂ්ණත්ව වලදී ලවා ක්‍රියා කරයි.
2
03. ඇමෙරිකාවේ සිටින වැඩිම විශ සහිත සත්වයා වන්නේ The rough skinned newtය. උගේ විශ සයනයිඩ් වල විශ මෙන් 10,000 ගුණයකින් විශාල වේ.
3
04. ivy විශ ආඝ්‍රාණය කළහොත් එමඟින් පෙනහල්ලේ ඇතුළත වණ වේ.
4
05. ගෝනුස්සන්ගේ කිරි ගැලුමක් ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුක්තය.
5

දහදිය පිලිබඳ මිත්‍යා මත

ශරීරයේ බර අඩුවීම
දහඩිය පිටවීම මගින් ශරීරයේ බර අඩුවීමක් සිදුවන බවට ඇතැමුන් තුල මතයක් ඇති නමුදු එය මිත්‍යාවකි. දහඩිය පිටවීම මගින් ශරීරයේ තිබෙන ජලය ප්‍රමානය අඩුවීම ඉහත මිත්‍යාව ගොඩනැගීමට හේතුවී ඇති අතර දහඩිය පිටවීමෙන් පහල යන ශරීරයේ ජලමට්ටම ජලය පානය කීරීම මගින් වැනි ක්‍රියා තුලින් නැවත ඉහලයයි.
දහඩිය දුගද
දහඩිය දුගද ගන්ධයක් සහිත බව බොහෝ පිරිස් අනුමත කරන්නේ දහඩිය පිටවීමේදී නිගුත්වන දුගද හෙතුවෙනි. නමුත් ඉහත මතය මිත්‍යාවක්වන්නේ එම දුගද දහඩිය මගින් නොහමන හෙයිනි. අදාල දුගද හමනුයේ දහඩියහි ඇති ඇතැම් බැක්ටීරියාවලින් වන අතර දහඩිය ගන්ධයක් රහිත බව ප්‍රකාශ කිරීම වඩා නිවැරදිවේ.
ශරීරයේ විෂ ඉවත් කිරීම
ශරීරයේ තිබෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන එක් ක්‍රමයක් ලෙස ඇතැමුන් දහඩිය දැමීම සලකන නමුත් එයද තවත් මිත්‍යා මතයකි.ප්‍රධාන වශයෙන් මුත්‍රා මගින් ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත් කරන අතර ප්‍රෝටීන්, ලුණු වැනි ද්‍රවය දහඩිය මගින් ශරීරයෙන් ඉවත්වේ.
සමට හිතකරබව
දහඩිය දැමීම සමට ගුනදායක ක්‍රියාවලියක් බවටද වැරදි මතයක් පවතින අතර දහඩිය ඇතැම් විට සමෙහි කුරුලෑ හටගැනීමට පවා දයකවේ.
හිරු රැස් වල හා උෂ්ණත්වයේ බලපෑම
හිරුරැස් අධිකව ඇති උෂ්ණාධික දිනවලට පමනක් දහඩිය දැමීම සිදුවන බවට ඇති මතයද නිවැරදි නොවේ. ශිතාධික දිනවලටද දහඩිය දමන අතර උෂ්ණාධික දවස්වලදී සිදුවන් දහඩිය දැමීම වැඩි වීම පමනකි.

විශිෂ්ට මිනිසෙක්

විශිෂ්ඨ මිනිසෙක් - මහාචාර්ය ස්ටීවන් හෝකින්
+ + + + +
1942 ජනවාරි 8 වැනි දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලද මහාචාර්ය ස්ටීවන් හෝකින් (Stephen Hawking ) සැලකෙන්නේ ඇල්බට් අයින්ස්ටයින්ට පසුව ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසයි.විශ්වය පිළිබද විවිද මත පළ කළ විද්‍යාඥයන් අතර විශිෂ්ටයකු සේ සැලකෙන මෙතුමා , ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඔස්සේ විශ්වයේ ‘කළු කුහර’ න්‍යාය ලොවට ඉදිරිපත් කල තාරකා භෞතික විද්‍යාඥයාද වෙනවා.

කුඩා කල සිය දෙමාපියන් සමග උතුරු දිග ලන්ඩනයේ ජිවත් වූ හෝකින් ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ඔක්ස්ෆර්ඩ් විදුහලට තේරී පත් වීමට වරම් ලබනවා.

සිය පියාගේ අභිමතය පරිදි වෛද්‍යය විද්‍යාව හැදෑරීමට සුදානම් වෙන නමුත් පාසලේ එම විෂය නොමැති වීමෙන් භෞතික විද්‍යා විෂය හැදෑරීමට පටන් ගන්නා හෝකින් , එම විදුහලෙන් පිටව යන්නේ ස්වාභාවික විද්‍යාවට පළමු පන්තියේ ගෞරව උපාධියක්ද සමගිනි.

ඉන්පසු කේම්බ්‍රිජ්‍ සරසවියට ඇතුළු වන ස්ටීවන් හෝකින් ඔහුගේ ප්‍රියතම විෂය වන අජටාකාශගාමී විද්‍යාව (Cosmology) ඔස්සේ සිය පරේෂණ කටයුතු කරගෙන යනු ලබනවා.

කේම්බ්‍රිජ්‍හිදී ආචාර්ය ( PhD ) උපාධියක් හිමි කරගන්නා ඔහු 1979 දී ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ ( Department of Applied Mathematics and Theoretical Physics ) ප්‍රධානියා ලෙස පත් වීමට වරම් ලබනවා.1669 වර්ෂයේ කේම්බ්‍රිජ්‍ සරසවියේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ සර් අයිසෙක් නිවුටන් විසින් දරන ලද මෙම කීරිතිමත් තනතුර දැරීමට හෝකින් වරම් ලබන්නේ භෞතික විද්‍යාව පිළිබද ඔහු දැක්වූ කැපී පෙනෙන දක්ෂතාවය නිසා.

දැනට 74 වියේ පසුවන මහාචාර්ය ස්ටීවන් හෝකින් ගෞරව උපාධි 12 ක් හිමි කරගන සිටින අතර තාරකා භෞතික විද්‍යාව පිළිබද නියමයන් සහ ඒ සම්භන්ධ කෘති රාශියක්ද පළකරනු ලැබ සිටී.1982 වර්ෂයේදී British Empire Officer සම්මානයෙන් ද පුදනු ලැබූ මේ මහා විද්වතා එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ ( The Royal Society and a Member of the US National Academy of Sciences ) සාමාජිකයෙකුද වෙනවා.

1962 වර්ෂයේ එනම් වයස අවුරුදු 21 දී ස්ටීවන් හෝකින්ගේ ජීවිතය උඩු යටි කුරු කරන විපතක් සිදුවන්නේ සිරුර අක්‍රිය කරන රෝගයකින් (Amyotrophic Lateral Sclerosis) ඔහු පෙලෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමත් සමගයි.ඔහුගේ ජිවිත කාලය මාස 18කට සීමා වෙන බව ප්‍රකාශ කෙරුණත් ඒ සියල්ල අභිබවා නැගී සිටීමට දැඩි ආත්මශක්තියකින් හෙබි මේ මහා පුරුෂයාට හැකියාව ලැබෙනවා.

මුළු සිරුරම අක්‍රිය වී රෝද පුටුවකට සීමා වුවත් ඔහු සතු අසාමාන්‍යය බුද්ධිය මිනිස් සංහතියේ අනාගත පැවැත්ම සදහා යොදවන්නේ , ස්ටීවන් හෝකින් විසි එක්වැනි සියවසේ ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම මිනිසෙකු බව මුළු මහත් විශ්වයටම පසක් කරමින්.
source : http://www.hawking.org.uk
- අසිත් -

සෙප්පුක්කු


 ඔයාලා සමහරවිට මේ ගැන අහලා ඇති.. සෙප්පුක්කු කියන්නේ ජපානයේ ගෞරවාන්විත සේ සියදිවි නසා ගැනීමක්.. මෙයට යම් බලධාරියකුගේ අවසරය අවශ්‍යයි..  සෙප්පුක්කු අතීතයේ බොහෝ විට සිදුකර ඇත්තේ සමුරායි වරුන්වේ.. මෙහිදී කුඩා පිහියකින් බඩ ප්‍රදේශය හරහට තමුන් විසින්ම කපා ගනියි.. ඔහු අසල කඩුවක් අතැතිව තවත් පුද්ගලයෙක් සිටියි.. ඔහුට කියන්නේ "කයිෂකුනින්" කියා.. ඔහු ඒත් සමගම පිහියෙන් ඇණගත් පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වෙන්නම කපයි..  සෙප්පුක්කු කිරීමට පෙර ආගමික වතාවත් සිදුකරනු ලබයි..

 මෙවන්ම දෙයක් තමා හරාකිරි කියන්නේ.. හරාකිරි කියන්නෙ බඩ කපාගැනීම කියලා.. මේක ඕනෙම කෙනෙක්ට කරන්න පුලුවන්.. හැබැයි ගෞරවාන්විත නෑ.. නමුත් සෙප්පුක්කු එසේ නොවේ..  හරාකිරි කිරීමට කාගෙන්වත් අවසරයක් ගත යුතු නොවේ.. නමුත් සෙප්පුක්කු කිරීමට අවසර ගත යුතුයි..

 ඔබ 47 ronin චිත්‍රපටය බලා ඇත්නම්, එහි අවසානයේද සියලු දෙනා මිය යන්නේ ( එක්කෙනෙක් හැර) සෙප්පුකු ආකාරයටයි. මෙහිදී ඔවුන් එහි පාලකයාගෙන් අවසරය ලබා ගන්නා ලදි...

 - මිතිල ප්‍රනාන්දු

Sunday, May 1, 2016

මැයි දිනය

දිනය - 1889 මැයි 01 දින
ස්ථානය - ඇමෙරිකාවේ චිකාගෝ නුවර
සහභාගීත්වය - කුඩා කම්කරැ කණ්ඩායමක්....
හේතුව - පැය අටක සේවා මුරයක් ලබා ගැනීමට....
මැයි 03 දින -- සහභාගීත්වය කම්කරැවන් 650000 ඉක්මවීම
පොලිස් ප්රහාරයෙන් කම්කරැවන් 04 මිය යාම....
මැයි 04 --- කම්කරැවන් 04 දෙනාගේ මිය යාමට විරෝධය පාමින් හේමතට් චතුරශ්රයට කම්කරැවන් රැස්වීම හා පොලීසිය සමග බහින්බස්වීමත් එහිදී පොලීසිය විසින් එල්ලකළ බෝම්බ ප්රහාරයකින් පොලිස් නිළධාරියෙකු මිය යාම.... ගැටුම .වත්උග්ර වී පොලිස් නිළධාරින් 06 මිය යාම....
කම්කරැ නායකයින් අත්අඩංගුවට ගැනීම --ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරැ නායකයින්....
කම්කරැ නායකයන් ට නඩු පවරා දඩුවම් ලබා දීම සිදුවූ අයුරැ ---ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුහ. ඉතිරි පස් දෙනා එල්ලා මරීමට නියම කිරීම....
කම්කරැවන් වෙනුවෙන් පැය 8ක සේවා වැඩ මුරයක් ඉල්ලා රැධිරය වගුරැවමින් සිර දඩුවම් විදිම්න් එදා ඒ කළ අරගලයෙන් වසර 3ක් ඉකුත්ව ගොස් ඇත. ලේ වගුරවම්න් නිමාවූ විප්ලවයට ගරැ බුහුමන් ලැබුනේ තුන්වන පන්තියේ ජනතාවගෙන් පමණි....
නමුත් මේ වනවිට විප්ලවයේ ආභාෂයෙන් ශක්තිමත්ව සිටි කම්කරැ පන්තිය 1889 දී විප්ලවයේ තෙවන වසර සමරමින්. පෙඩ්රික්ස් එංගල්ස් ගේනායකත්වයෙන් පැරිස්නුවර පැවැත්වූ දෙවන ජාත්‍යන්තර කම්කරැ සමුලුවේදී හේමකට් විරැවන් සදා සමරන් වස් සෑම වසරකම මැයි පඵවෙනි දින තීරණය කරන ලදි...
1890 ප‍්‍රංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි.
ලංකාවේ කම්කරැ දින සැමරැම් ඉතිහාසය 1927 සිට සනිටුහන් වේ..කම්කරැ නායකයෙක් වූ ඊ. ඒ ගුණසිංංහ මහතාගේ ප්රධානත්වයෙන් 1927 දී පළමු කම්කරැ දිනය රැළියක්ද සහිතව පැවැත්විණි...1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළ පාලියක් ගමන් කල ලංකාවේ පළමු කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය.
ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණුඩු සමයේ කම්කරැ අමාත්‍යව සිටි සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ යෝජනාවක් අනුව මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය.
(අවසන් සටහන....
130 වැනි ජාත්‍යන්තර කම්කරැ දිනයත් ලාංකික අපගේ 88 වන කම්කරැ දින සැමරැමත් එදා ඒ ලේ වගුරවමින් ජීවිත පරදුවට තැබු විරැවන් වෙනුවෙන්ම සැමරැමක් වන්නේද යන්න ගැන විමසන්නට ඔබට භාරකරමි..)
.ස්තුතියි
සැකසුම නුවන් ශාරික...

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...