Wednesday, May 4, 2016
සෙප්පුක්කු
ඔයාලා සමහරවිට මේ ගැන අහලා ඇති.. සෙප්පුක්කු කියන්නේ ජපානයේ ගෞරවාන්විත සේ සියදිවි නසා ගැනීමක්.. මෙයට යම් බලධාරියකුගේ අවසරය අවශ්‍යයි.. සෙප්පුක්කු අතීතයේ බොහෝ විට සිදුකර ඇත්තේ සමුරායි වරුන්වේ.. මෙහිදී කුඩා පිහියකින් බඩ ප්‍රදේශය හරහට තමුන් විසින්ම කපා ගනියි.. ඔහු අසල කඩුවක් අතැතිව තවත් පුද්ගලයෙක් සිටියි.. ඔහුට කියන්නේ "කයිෂකුනින්" කියා.. ඔහු ඒත් සමගම පිහියෙන් ඇණගත් පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වෙන්නම කපයි.. සෙප්පුක්කු කිරීමට පෙර ආගමික වතාවත් සිදුකරනු ලබයි..
මෙවන්ම දෙයක් තමා හරාකිරි කියන්නේ.. හරාකිරි කියන්නෙ බඩ කපාගැනීම කියලා.. මේක ඕනෙම කෙනෙක්ට කරන්න පුලුවන්.. හැබැයි ගෞරවාන්විත නෑ.. නමුත් සෙප්පුක්කු එසේ නොවේ.. හරාකිරි කිරීමට කාගෙන්වත් අවසරයක් ගත යුතු නොවේ.. නමුත් සෙප්පුක්කු කිරීමට අවසර ගත යුතුයි..
ඔබ 47 ronin චිත්‍රපටය බලා ඇත්නම්, එහි අවසානයේද සියලු දෙනා මිය යන්නේ ( එක්කෙනෙක් හැර) සෙප්පුකු ආකාරයටයි. මෙහිදී ඔවුන් එහි පාලකයාගෙන් අවසරය ලබා ගන්නා ලදි...
- මිතිල ප්‍රනාන්දු
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...

රාග රිද්ම කෙටි කථාව සිහිවුණා.. නියමයි
ReplyDeleteස්තූතියි ...
Delete