Wednesday, May 4, 2016

දහදිය පිලිබඳ මිත්‍යා මත

ශරීරයේ බර අඩුවීම
දහඩිය පිටවීම මගින් ශරීරයේ බර අඩුවීමක් සිදුවන බවට ඇතැමුන් තුල මතයක් ඇති නමුදු එය මිත්‍යාවකි. දහඩිය පිටවීම මගින් ශරීරයේ තිබෙන ජලය ප්‍රමානය අඩුවීම ඉහත මිත්‍යාව ගොඩනැගීමට හේතුවී ඇති අතර දහඩිය පිටවීමෙන් පහල යන ශරීරයේ ජලමට්ටම ජලය පානය කීරීම මගින් වැනි ක්‍රියා තුලින් නැවත ඉහලයයි.
දහඩිය දුගද
දහඩිය දුගද ගන්ධයක් සහිත බව බොහෝ පිරිස් අනුමත කරන්නේ දහඩිය පිටවීමේදී නිගුත්වන දුගද හෙතුවෙනි. නමුත් ඉහත මතය මිත්‍යාවක්වන්නේ එම දුගද දහඩිය මගින් නොහමන හෙයිනි. අදාල දුගද හමනුයේ දහඩියහි ඇති ඇතැම් බැක්ටීරියාවලින් වන අතර දහඩිය ගන්ධයක් රහිත බව ප්‍රකාශ කිරීම වඩා නිවැරදිවේ.
ශරීරයේ විෂ ඉවත් කිරීම
ශරීරයේ තිබෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන එක් ක්‍රමයක් ලෙස ඇතැමුන් දහඩිය දැමීම සලකන නමුත් එයද තවත් මිත්‍යා මතයකි.ප්‍රධාන වශයෙන් මුත්‍රා මගින් ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත් කරන අතර ප්‍රෝටීන්, ලුණු වැනි ද්‍රවය දහඩිය මගින් ශරීරයෙන් ඉවත්වේ.
සමට හිතකරබව
දහඩිය දැමීම සමට ගුනදායක ක්‍රියාවලියක් බවටද වැරදි මතයක් පවතින අතර දහඩිය ඇතැම් විට සමෙහි කුරුලෑ හටගැනීමට පවා දයකවේ.
හිරු රැස් වල හා උෂ්ණත්වයේ බලපෑම
හිරුරැස් අධිකව ඇති උෂ්ණාධික දිනවලට පමනක් දහඩිය දැමීම සිදුවන බවට ඇති මතයද නිවැරදි නොවේ. ශිතාධික දිනවලටද දහඩිය දමන අතර උෂ්ණාධික දවස්වලදී සිදුවන් දහඩිය දැමීම වැඩි වීම පමනකි.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...