Sunday, May 1, 2016

මැයි දිනය

දිනය - 1889 මැයි 01 දින
ස්ථානය - ඇමෙරිකාවේ චිකාගෝ නුවර
සහභාගීත්වය - කුඩා කම්කරැ කණ්ඩායමක්....
හේතුව - පැය අටක සේවා මුරයක් ලබා ගැනීමට....
මැයි 03 දින -- සහභාගීත්වය කම්කරැවන් 650000 ඉක්මවීම
පොලිස් ප්රහාරයෙන් කම්කරැවන් 04 මිය යාම....
මැයි 04 --- කම්කරැවන් 04 දෙනාගේ මිය යාමට විරෝධය පාමින් හේමතට් චතුරශ්රයට කම්කරැවන් රැස්වීම හා පොලීසිය සමග බහින්බස්වීමත් එහිදී පොලීසිය විසින් එල්ලකළ බෝම්බ ප්රහාරයකින් පොලිස් නිළධාරියෙකු මිය යාම.... ගැටුම .වත්උග්ර වී පොලිස් නිළධාරින් 06 මිය යාම....
කම්කරැ නායකයින් අත්අඩංගුවට ගැනීම --ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරැ නායකයින්....
කම්කරැ නායකයන් ට නඩු පවරා දඩුවම් ලබා දීම සිදුවූ අයුරැ ---ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුහ. ඉතිරි පස් දෙනා එල්ලා මරීමට නියම කිරීම....
කම්කරැවන් වෙනුවෙන් පැය 8ක සේවා වැඩ මුරයක් ඉල්ලා රැධිරය වගුරැවමින් සිර දඩුවම් විදිම්න් එදා ඒ කළ අරගලයෙන් වසර 3ක් ඉකුත්ව ගොස් ඇත. ලේ වගුරවම්න් නිමාවූ විප්ලවයට ගරැ බුහුමන් ලැබුනේ තුන්වන පන්තියේ ජනතාවගෙන් පමණි....
නමුත් මේ වනවිට විප්ලවයේ ආභාෂයෙන් ශක්තිමත්ව සිටි කම්කරැ පන්තිය 1889 දී විප්ලවයේ තෙවන වසර සමරමින්. පෙඩ්රික්ස් එංගල්ස් ගේනායකත්වයෙන් පැරිස්නුවර පැවැත්වූ දෙවන ජාත්‍යන්තර කම්කරැ සමුලුවේදී හේමකට් විරැවන් සදා සමරන් වස් සෑම වසරකම මැයි පඵවෙනි දින තීරණය කරන ලදි...
1890 ප‍්‍රංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි.
ලංකාවේ කම්කරැ දින සැමරැම් ඉතිහාසය 1927 සිට සනිටුහන් වේ..කම්කරැ නායකයෙක් වූ ඊ. ඒ ගුණසිංංහ මහතාගේ ප්රධානත්වයෙන් 1927 දී පළමු කම්කරැ දිනය රැළියක්ද සහිතව පැවැත්විණි...1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළ පාලියක් ගමන් කල ලංකාවේ පළමු කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය.
ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණුඩු සමයේ කම්කරැ අමාත්‍යව සිටි සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ යෝජනාවක් අනුව මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය.
(අවසන් සටහන....
130 වැනි ජාත්‍යන්තර කම්කරැ දිනයත් ලාංකික අපගේ 88 වන කම්කරැ දින සැමරැමත් එදා ඒ ලේ වගුරවමින් ජීවිත පරදුවට තැබු විරැවන් වෙනුවෙන්ම සැමරැමක් වන්නේද යන්න ගැන විමසන්නට ඔබට භාරකරමි..)
.ස්තුතියි
සැකසුම නුවන් ශාරික...

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...