Thursday, December 8, 2016

එදා සීගිරිය නැරඹූ කවියෝ

සීගිරිය නැරඹීම සදහා අද මෙන්ම එකලද විවිධ තරාතිරමේ පුද්ගලයෝ ගියහ. ස්වාමින් වහන්සේලා එහි වැඩම කලහ. ලේඛකයෝ, ලේඛන කාර්යයේ යෙදෙන ලේකම්වරු, රජයේ ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය සේවයේ යෙදෙන අය ආදීන් සීගිරිය නැරඹූහ. ඔවුන් ලියන ලද කවි වල ඔවුන් එකල දැරූ තනතුරු ආදියද සදහන් කර ඇත.



පොත (වෙ)ණද  (ති) ස(හු) ගී
දසදන ආ ද අළි දිසි
රජ වී සිති සෙබවින
ගල කළ (ළ) බෙයදෙහි
(වෙසවි) ද තද  අසර(යට) තිපි

මේ ගීය ලියන ලද්දේ තිසහු (තිස්ස) නැමැති කවියෙකි. මෙහි 'වෙණද' යන්නෙන් අදාස් කරන්නේ වෙළෙන්දා යන්නයි. මෙහි 'පොතෙක' යන්නෙන් ලේඛකයා සහ පොත් තබන්නා යන අදහසක් ලැබේ. එමනිසා මෙම ගීයෙන් එකල තිබූ වෘත්තීයන් තුනක් ගැන හෙළිවේ. එනම් වෙළෙන්දා, පොත්තබන්නා සහ ලේඛකයා වේ.

පොත දෙව් ගී
සිව යි සිව්පත තෙපුල
රහස බෙලුම් නැත්තන්
ගෙහෙති ගෙය ත කෙ නම්
බෙයෙද්හි අදහ ගත සිටුවයි

මෙම කවියෙහි පොත ලෙස සදහන් වන නිසා මෙම කවිය ලියූ පුද්ගලයා ලේඛන කලාවට සම්බන්ධ බව පසක් වේ. මෙම කවිය ලියූ පුද්ගලයාගේ නම 'දෙව්' විය හැකිය. 


(බ)ලත් පොයෙල්මි මයි ගී
බෙයන් හි දිග්නෙත්
මහ වන් හෙළිල්බුයුන්
අවු(ජ් තුට්) සිත් කළ මරණෙක්
දැක නො මුස්නෙයි මයි

ආරක්ෂක සේවා වල යෙදී සිටින්නන් සීගිරිය නැරඹීමට ගිය බව උක්ත කවියෙන් පසක් වේ. පොයෙල් යනු කවියාගේ නමයි. ඔහු හමුදා භටයෙකු හෝ රජගෙදර ආරක්ෂකයෙකු විය හැකියි. 

ජිවිතොට්හි අරකෙළ සිවලැහ ගී
අහස පොකණ (වියි)
මඩදොරක කිළියකට
තැ(න්) නැත්තෙන් මන තා
නො ගත (බෙයන්ද්හි) නට බිත්ත

මෙම ගීය පබඳන ලද්දේ 'සිවල්' නැමැත්තෙකු විසිනි. මොහු ජීවත්වූයේ 'ජිව්තොට' නම් ගමෙහිය. මෙම ගමෙහි සිවල්ගේ තනතුර වන්නේ 'අරකෙළිය' යි. අරකෙළ යනු ආරච්චි හෝ ආරච්චි රාල යන තනතුර විය යුතුයි.



ස්වස්ති
"කසබල්ඈපාණන් ගෙ පයමුල් ලෙය්දරු සගලු ගී"
දෙවියනි මෙවැනි එක
සුකක් ඇති කරනු
දෙ අත් වැට පළ මය්
රු සුක රුකුරුවනු  (1) ගීය
තොල් (ජැ) හැ (යනු) කොට්
මින්දිබිය කුරුර වනු
බොටු මල් බලය් සුකනු
තය් යහපත් වනු (11)

මෙහු 'පයමුල්' යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලික යන්නයි. 'ලෙයිදරු' යන්නෙන් අදහස් වන්නේ ලේඛකයා, ලියන්නා, ලේකම් යන්නයි. මෙම කවිය පබඳන ලද්දේ ' සගල' නැමැත්තෙකු විසිනි. ඔහු කසබල් ඈපාණන්ගේ පුද්ගලික ලේකම් බව කවියෙන් පවසා ඇත.

ස්වස්ති
"වෙ(ද්)නාන (හි.. අ (ග් බො(මි) (ලි) (මි)
අයුත (බැ)ණවි (ද) (මා - (නො)
බණන ම හය් තම සි(ත)
අසද ය් නො ජත්තින (මා)

මෙහි 'වෙදනා' යන්නෙන් අදහස් කරන්නේ වෛද්‍යවරයා යන්නයි. මොහුගේ නම 'අගබෝ' ය. තිත් ඉරි තබා ඇත්තේ අකුරු මැකී ගොස් ඇති බැවිනි.

ස්වස්ති
බිසරියෙ වසැරියුන
කලුන ගැණිනයුන සඳ
බලනනට රිසි මෙය
නො වෙයි බෙයද ගියනට

ගණිකා වෘත්තිය යනු ඉතා දිගු ඉතිහාසයක් ඇති වෘත්තියකි. සීගිරිය නැරඹීමට ගිය කවියෙකු සීගිරි සිතුවම් දැක ගණිකා වෘත්තිය සිහියට නැගී ඉහත කවිය පබඳන ලදි. මොහු ගණිකා වෘත්තිය පිලිකුල් කරනෙකි. මොහු පවසන ආකාරයට සීගිරි අප්සරාවන් අබිසරු ලියන් සේ හැසිරෙන බවයි. මෙම කවිය පබදන ලද්දේ ක්‍රි.ව. 8, 9 සියවස් වල වන අතර එයින් ගම්‍ය වන්නේ එකල ගණිකා වෘත්තිය සමාජයේ තිබූ බවයි. එකල කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදුනේ තම ජීවන ගැටලු විසදා ගැනීමටය.  

මෙවන්ම කවියක් පහත දැක්වේ. පවුලේ නායකයා ස්වාමිපුර්ෂයා ය. ඔහුගේ ආර්ථික තත්වය දුර්වල වූ විට මුලු පවුලටම බොහොමයක් කරදර වලට මුහුණ දීමට සිදුවේ. මේ හේතුවෙන් භාර්යාව වරදෙහි හැසිරෙන බව පවසයි. මේ හේතුවෙන් ස්වාමිපුර්ෂයා ද සොරකම් කිරීම ආදියට පෙළඹේ.

1.ස්වස්ති
පිරිබුණ හුණස්න වින
මෙසෙය් නසිනො
අයුයුන් හය් තී කළ
කිම ද හිමියා හිණ හිඟ (දැ)
2. දෙවල් ජෙටුන ගී       

මෙහි කවියා පවසන්නේ 'හිමියා හිණ හිඟද' යනුවෙනි. මෙහි අදහස නම් ඉනෙහි හිඟ කමයි. එකල සමාජයේ මිනිසුන් මිල මුදල් තම ඉනෙහි සරම් පොටෙහි තබා ගන්නා ලදි. මිල මුදල් ඇති විට ඉන සරු වන අතර නැති විය ඉන හිඟ ය. ස්වාමියාගේ ඉන හිඟ වන විට භාර්යාව නොමඟට යන බව කවියා අවධාරණය කරයි.


කුල බේදය යනු එකල සමාජයේ මුල් බැසඟත් සංසිද්ධියකි. මෙම කවියා වංශවත් බවින් තොර අයෙකි. මෙම කවියා පවසන්නේ සීගිරි ලලනාවන් යනු රජුන්, කුමාරවරුන් සහ ප්‍රභූවරුන් පිලිගැනීමට සිටින පිරිසක් ලෙසය. කවියා, අප දෙස එම ලලනාවන් නොබලන්නේ අප කුල හීන නිසා නොවේ ද? යන්න පවසයි. අප මෙතනට ආ විට අප දෙස බැලීම කෙසේ වෙතත් මෙතනින් පලයන් යැයි කියන්නේවත් නැති බව කවියා සීගිරි ලලනාවන්ට දොස් පවරයි.

මෙයට අමතරව කාශ්‍යප රජතුමා පිලිබඳව යමක් කීමට තිබේ. ධාතුසේන රජතුමාගේ මොහුගේ පියාය. කාශ්‍යප රජතුමා කලාකාමියෙකි. සීගිරිය මුලින්ම නිමැවූයේ කාශ්‍යප රජු නොවේ. පරණවිතාන මහතාගේ පවසන පරිදි මෙහි කාල වකවානු දෙකකට අදාල  නටබුන් පැහැදිලිව දක්නට ලැබේ. කාශ්‍යප රජතුමා කලේ සීගිරියට නව මුහුණුවරක් ලබා දී රාජකීය නගරයක් බවට පත් කිරීමය. හමුදාවක් සමඟ පැමිණෙන තමගේ මල්ලි මුගලන්ගෙන් බේරෙන්න සෑදූ මාලිගයක් නොව සීගිරිය. තමන්ව පහසුවෙන් අල්ලා ගත හැකි පරිදි පර්වතයක් උඩට වී සිටීමට කාශ්‍යප රජු මෝඩ නැත.

කාශ්‍යප රජු විසින් තම පියාව ඝාතනය කල බවක් සදහන් වේ. එසේනම් ඔහු වට මෙතරම් ජනතා බලයක් ගොඩනැගෙන්නේ කෙසේද? එකල රාජ්‍යයේ මහා බලවෙතෙක් වූ මිගාරසේන ධාතුසේන රජු සමඟ තිබූ අමනාපකමින්  ඔහුව මරා දැමුවා මිසක කාශ්‍යප මරා දැමුවේ නැත.

මූලාශ්‍ර :

*ලංකාදීප , මව්බිම , විජය, ලක්බිම පුවත්පත්
*සීගිරි ගී - ආචාර්ය එස්.අයි.ගමගේ

9 comments:

  1. // තමන්ව පහසුවෙන් අල්ලා ගත හැකි පරිදි පර්වතයක් උඩට වී සිටීමට කාශ්‍යප රජු මෝඩ නැත.//
    ඇත්තෙන්ම සීගිරිය කියන්නේ පර්වතයක් උඩ සාදන ලද මාලිගාවක් විතරක් නොවෙයි. මෙය මහා බලකොටුවක්. මුරකපොලු ජලදුර්ග ආදි බොහා් දෙයෙන් සමන්විතයි. අපේ මිනිස්සු කරන්නේ නිකං සීගිරිය නැගලා බහින එක විතරයි. ගල මුදුනට නගින්නේ නැතිව පොඩ්ඩක් අවට ප‍්‍රදේශයේ ඇවිදලා බලන්න. බොහෝ දේවල් දැක බලා ගන්න දවසක් මදිවෙනවා. පරනවිතාන මහතා සීගිරිය ගැන ලියු පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා නම මගේ මතකයේ නෑ. පුස්තකාලයෙන් සොයාගෙන කියවන්න.

    ReplyDelete
    Replies
    1. මම එතනින් කියන්න උත්සහ කරේ නෑ සීගිරිය මාලිගාවක් නෙමේ කියන එක... ඒත් මුගලන්ගෙන් බේරෙන්න සීගිරිය හැදුවා කියන කතාවනන් පිලිගන්න බෑ...

      Delete
  2. අගෙයි= හුඟක් දෙවල් ඉගෙන ගත්තා ම්.ම්.ම්.ම්.ම්. මගේ කමෙන්ට් "චා(ර්) කියලා දන්නවා ඉතින්. මට පුලුවන් කියල හිතන් ඉන්නෙ කවි ලියන්න තමා = ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ... ඔයාට හොදට කවි ලියන්න පුලුවන්... මම කලින් ඒවා කියවලා තියෙනවා...

      Delete
  3. මේ කවිවල හයිකු ගතියක් තියෙනවාද? ගල් පුවරුවල තියෙන භාෂාවට වඩා ටිකක් තේරුම් ගැනීමට හැකි ගතියකුත් තියෙනවා.

    ලොකු වැඩක් මිතිල. මහන්සිවෙලා ලීව ලස්සන පෝස්ට් එකක්. මම කොහොමත් 'සීගිරිය'ට ආදරේ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. හයිකු කවියක තියෙන්න පුලුවන් අකුරු 17 නේ... පේලි තුනකින් පහ,හත, පහ විදිහට...

      මේ සීගිරි කවි වල තේරුම් පැහැදිලිකරලා දෙන්න පරණවිතාන මහතා, නන්දසේන මුදියන්සේ මහතා වගේ අය මුල් වුනා...

      සීගිරිය කියන්නේ ලෝකෙන් ගොඩක් අයගෙ ආදරය ලබන තැනක්...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සීගිරියට භාවිත කරන වෙනත් නාම මොනවද මිතිල?
    අපූරු සටහන... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. සිංහගිරි කියලත් කියනවා...

      Delete

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙ...