Saturday, December 24, 2016

තූතන්කාමන්ගේ සොහොන සොයා ගැනීම


 ඊජිප්තුවේ විසූ පාරාවෝ රජවරුන් අතරින් තූතන්කාමන් ලොව වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති පාරාවෝ රජු ලෙස සැලකේ. අදින් වසර 3300 කටබ්පමණ පෙර ජීවත් වූ ඔහු පාරාවෝ රජ කෙනෙකු බවට පත්වූ ලාබාලතමයා වීමද ඊට එක් හේතුවක්. කෙටි කාලයක් පමණක් රජකම් දැරූ ඔහු හදිස්සියේම මියගිය බවට ඊජිප්තු පුරාවෘත වල සදහන් වේ. රජකම ලබා ගැනීම සදහා තූතන්කාමන් එසේ ඝාතනය කල බවත් ඔහුගේ සිරුර සොහොන් බිමක ආරක්ෂිතව තැන්පත් කර ඇති බවත් ඒවායේ සදහන් වේ.


මේ විස්තර ඔස්සේ යමින් 19 වැනි සියවසේ අගදී සහ 20 වන සියවස මුලදී තූර්හන්කාමන්ගේ සිරුර නුදන් කර ඇති ස්ථානය සෙවීම ඉතා ඉහළින් සිදු කෙරිණි. ඉන් ප්‍රධානත්වය ගත් පුද්ගලයෙකු වූයේ හොවාඩ් කාටර් ය. වසර ගණනාවක් ඔහු විසින් සිදුකල කැණීම් වලින් පසුව 1922 නොවැම්බර් 4 වැනිදා තූතන්කාමන්ගේ සොහොන් බිම තිබෙන ස්ථානය නිවැරදිව හදුනාගන්නට හැකියාව ලැබුණි. එලෙස මතුකරගත් තූතන්කාමන්ගේ සිරුරද ආරක්ෂිතව පැවතු අතර පසුකාලීනව එය බොහෝ පරීක්ෂණවලට භාජනය කෙරිණි. ඒ ඔහුගේ මරණය සිදුවූ ආකාරය නිවැරදිව දැන ගැනීමටය.


ක්‍රි.පූ. 1343 - තූතන්කාටෙන් නමින් අමර්නාවේදී උපත ලැබීය. පියා අබෙනාටෙන් පාරාවෝ විය. මව බියා නම් වූවාය. අබෙනාටෙන් තෙබෙස්වල සිට පැමිණ පිහිටුවාගත් නව නගරය අමර්නාව හැදින්වේ.

ක්‍රි.පූ. 1337 - පියා වූ අබෙනාටෙන් වසර 17 කට පමණ පසුව රජකම අතහැර දැම්මේය. පසුව ජීවිතක්ෂයට පත් විය.

ක්‍රි.පූ. 1334 - වයස අවුරුදු නමයේදී ඊජිප්තුවේ පාරාවෝ බවට පත් විය. අර්ධ සොහොයුරියක වූ අන්බෙසේපාටෙන් සමඟින් විවාහ විය. ඔවුන්ට ඉපැදීමට සිටි දරුවන් දෙදෙනාම උපතට පෙර මරණයට පත් විට.


ක්‍රි.පූ. 1331 - තූතන්කාටෙන් ලෙස පැවති නම තූතන්කාමන් ලෙස වෙනස් කලේය. පැරණි අගනුවර වූ තෙබෙස් වෙත පැමිණියේ ය.

ක්‍රි.පූ. 1330 - ඊජිප්තුව නුබියාව සහ සිරියාවේ යුධ ගැටුමකට මැදිහත් විය. තූතන්කාමන්ද අශ්වකරත්තයක නැගී එයට සහභාගි වූ බව නිල නොලත් සදහනක් පවතියි.

ක්‍රි.පූ. 1326 - කාර්නෙක් සහ තෙබෙස් හි පිහිටි පූජනීය ස්ථාන ප්‍රථිසංස්කරණය ඇතුලුව ගොඩනැගිලි රැසක්ද ඉදි කලේ ය.

ක්‍රි.පූ. 1325- අවු. 18දී අකාලයේ මිය ගියේ ය. එය අභිරහසක් බවටද පත් විය. මරණයෙන් දින 70 කට පසුව ඊජිප්තුවේ පාරම්පරික අවමංගල්‍ය චාරිත්‍ර අනුව රජවරුන්ගේ නිම්නයේදී ඉදි කල සොහොන් ගැබක සිරුර තැන්පත් කෙරිණි.

ක්‍රි.පූ. 1133 - හයවැනි රැම්සෙස්ගේ සොහොන් ගැබ ඉදි කිරීමේදී තූතන්කාමන්ගේ සොහොන් ගැබේ පිවොසුම පස් වලින් යට වී ගියේ ය.

ක්‍රි ව. 1891 - ඊජිප්තු පුරාවස්තු සේවාවේ ආරාධනය මත බ්‍රිතාන්‍යෙ ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ හොවාඩ් කාටර් ඊජිප්තුවේ ගවේෂණය සදහා පිටත්ව ගියේ ය.

ක්‍රි.ව. 1907 - ඊජිප්තු පුරාවිද්‍යා සේවාව්ව්ව් ප්‍රධානියාගේ මැදිහත්වීම මත කාර්නාර්වොන් සාමිවරයා හදුනාගැනීමට කාටර්ට හැකි විය.


ක්‍රිව. 1914 - කාටර් සහ කාර්නාර්වොන් සාමිවරයා හට ඊජිප්තුවේ කැණීම් කිරීමට අවසරය හිමිවිය. එහෙත් ලෝක යුද්ධය නිසා කල් ගියේ ය.

ක්‍රිව. 1917 - 1922 - කාටර් සහ කාර්නාර්වොන් සාමිවරයා එක්ව තූතන්කාමන්ගේ සොහොන සොයා රහවරුන්ගේ නිම්නයේ කැණීම් සිදු කළේ ය. එහෙත් එය අසාර්ථක විය.

ක්‍රිව. 1922 - නොවැම්බර් 4 වැනිදා තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි පිවිසුම සොයා ගැනීමට කාටර්ට හැකිවිය.


ක්‍රි.ව. 1923 - පෙබරවාරි භූමිදාන කුටීරය නිල වශයෙන් විවෘත කෙරිණි. මදුරු දශ්ටනයක් නිසා කාර්නාර්වොන් සාමිවරයා හදිස්සියේම මිය ගියේ ය. මෙය සාපයක් නිසා සිදු වූ බවට මතයක් ප්‍රචලිත විය.

ක්‍රි.ව. 1932 - තූතන්කාමන්ගේ සිරුර සොහොන් ගැබෙන් සොයාගත් පුරාවස්තු සියල්ලම ඊජිප්තුවේ කයුරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි.


ක්‍රි.ව. 2005 - තූතන්කාමන්ගේ මරණය සිදුවූ ආකාරය විමසා බැලීමට සිරුර සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කෙරිණි.

 තූතන්කාමන්ගේ මරණය පිලිබද සිදුකල පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ මරණයට ජාන විකෘතිතාවක් හේතු වූ බව සොයා ගැනුනි. ඒ අනුව ඔහුගේ සිරුරේ තැන් රැසක් විකෘති වී ඇති බව අනාවරණය කර ගන්නා ලදි.


  • උකුල් ප්‍රදේශය තරුණියකගේ ආකාරය ගත් බව
  • මුඛයේ දත්වල විකෘතිතාවක් තිබූ බව
  • උරහිසෙහි විකෘතියක් තිබූ බව
  • වම්පාදයේ විකෘතියක් නිසා හැරමිටියක් භාවිතා කලබව අනාවරණය විය. මෙමගින් ඔහුගේ මරණය අශ්වකරත්තයක් පැදීමේදී සිදුවූ බවට තිබෙන මතයත් ප්‍රථික්ෂේප වී යයි.  

 තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි තිබූ බඳුන් වල මී පැණි ඇති බව හොවාඩ් කාටර්ට දැක ගන්නට ලැබිණි. එම මී පැණි ඉතා හොද තත්වයේ තිබිණි. මී පැණි කෙතරම් කල් ගබඩා කර තැබුවත් නරක් වන්නේ නැති බව පැවසීමට හේතුව මෙයයි. 

තූතන්කාමන්ගේ ජීවිත කතාව අලලා නිමැවුණු රෑපවාහිනි වැඩසටහන් සහ සිනමාපටද බොහොමයකි. 


තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි තිබූ භාණ්ඩ සමහරක් :














මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
            පුවත්පත්
            National Geographic History                     Magazine 

20 comments:

  1. වටිනා ලිපි හැමදාමත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද සහෝ... ඔබටත් ජය...

      Delete
    2. සුභ නත්තලක් වේවා මිථිල. මට නත්තල් නැති හින්දා සුභ පතන්න අමතක වුණා.

      ජයවේවා!!!

      Delete
    3. නත්තල ක්‍රිස්තියානි අයට විතරක් සීමා වෙන්නෙ නෑ... නත්තල කියන්නෙ සාමය... අයියටත් සුබම සුබ නත්තලක් වේවා...

      Delete
  2. මිතිල අයියේ ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. ඉතිහාසය ගැන ලෝකය ගැන මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම ලිපි දැක්කේ ඔයාගේ මේ වෙබ්අඩවිය හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නන් නෙවෙයි.

    ඉතිං අයියේ සමඟිය බලය වේ කියලා කියමනකුත් තියෙනවානේ. දරුවෙකු මේ සමාජයට තිලිණ කිරීමේ දී කුඩා කල පටන් ඔවුන්ගේ ළඳරු මානස ක්‍රමිකව සදාචාරාත්මක හැසිරීම්වලට හුරු කරවීමෙන් පසු කාලක දී ඔවුන් නිරායාසයෙන්ම සදාචාරාත්මක පුද්ගලයන් බවට පත් වීමට ලොකු උපස්ථම්භනයක් සැලසෙනවා කියලා කියනවා. ඉතිං මිතිල අයියේ ඒ ගැනත් ලිපි පෙළක් ලියන්න පුළුවන් නං.

    අනේ අයියේ ඒත් දෙයක් කියන්නම්, තරහා වෙන්න එපා. ඔයාගේ මේ වෙබ් අඩවිය හරිම ලස්සනයි. කියවලා තේරුම් අරගන්න නම් ටිකක් විතර බර වැඩියි වගේ. මම ටික ටික කියෙව්වා. දැන් තමයි සම්පූර්ණ වෙබ්අඩවියම කියවලා ඉවර කලේ. ඒකයි අදහස් දාන්න ටිකක් පරක්කු වුනේ. වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දරයි අයියේ ඔයාගේ අදහස් ටික නම් හරියට වටිනවා.

    අනික අයියේ ඔයා හරිම ලස්සනට මෙකේ විග්‍රහ කරලා තියෙනවා මානව සමාජයේ ආනුෂාංගික පහසුකම් කියන ආකල්පය අතීතයේ ඉදන්ම ව්‍යාප්ත වීම පිලිබදව. මමත් සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් මටත් බොහෝම ප්‍රයෝජනවත් කරුණු රැසක් ඔයගේ මේ ලිපිය මඟින් මට දැන ගන්න ලැබුනා.

    ඔයාට ගොඩාක් ස්තූතියි. මට අවශ්‍ය කරුණූ මේ ලිපිය හරහා මට ලබා ගන්නට අවකාශ සලස්වලා දුන්නාට. ආයෙත් දවසක මම බ්ලොග් එකට එන්නම්. ලස්සනට ලිපි ලියන්න තව තවත් හැකියව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙදිම හරි දේ හරි විදිහට ඉගැන්නුවොත් තරුණ වයසට එද්දි අමුතුවෙන් ඇණ ඇණ කියන්න ඕනෙ වෙන්නෑ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා... මේ සම්බන්ධව ලිපි ලියන්නම්...

      බ්ලොග් එකේ සමහර ලිපි තරමක් සංකීර්ණයි තමා... සීගිරි ගී ගැන ලිව්ව එකත් ඒ වගේ එකක්... ඒක කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියකට නියමිත විශය නිර්දේශයෙන් පොඩි කොටහක්... පුලුවන් තරම් සරලව ලියන්න මම උත්සහ කරන්නම්...

      අගය කිරීම ගැන බොහොමත්ම ස්තූතිවන්ත වනවා... දිගටම ලිපි ගැන හොද නරක කියන්න... ඉදිරි ලිපි වලට ඒ අදහස් උදහස් ලොකු රුකුලක් වෙනවා අනිවාර්යයෙන්ම ....

      Delete
    2. ඔබට සුබ නත්තලක් වේවා...

      Delete
  3. මේ අසිරිමත් කතා පුවත සිංහලෙන් සංක්ෂිප්ත කර දැක්වීම වෙනුවෙන් තුති කුසුම් මිථිල .

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ... ඔබට සුබ නත්තලක් වේවා...

    ReplyDelete
  5. මුලින්ම මිතිල මල්ලිට සුබ නත්තලක් වේවා කියලා සුබ පතන්න ඔ්නේ.
    මගේ සාපලත් තිලිණය නවකතාවටත් පාදක කරගත්තේ තූතන්කාමන් රජුගේ සොහොන් ගැබ සොයාගැනිමෙන් පස්සේ ඇතිවු පාරාවන්ගේ සාපයයි. බොහෝම වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ... සාපලත් තිලිණය පොත අරගන්න පුලුවන් කොහෙන්ද...

      අයියට සුබ නත්තලක් වේවා...

      Delete
    2. ස්තූතියි ... මම ගන්නම්...

      Delete
  6. මේ සොහොන් කොත ගවේශනය කල ඖඅට අත්වූ ඉරණම ගැන මිත්යාවමිශ්‍රකතා පුවතක් තියනවා. සොයා බලා ඒ ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. සොහොන ගවේශනය කල අය අනපේක්ෂිත විදිහට මියැදුනා කියලා කියනවා... ගොඩක් ඒවා මිත්‍යා මත... හැබැයි හොවාඩ් කාටර්ටනන් ඔය කියන මොන සාපයක්වත් වැදුනෙ නැහැ... වයසට ගිහිල්ලයි එයා මැරුණේ...

      විචාරකතුමාට සුබ නත්තලක් වේවා...

      Delete
    2. ඇත්ත හොවාඩ් කාටර් සාපෙන් මැරුනේ නෑ. එයා මැරුනේ 1939 -03-02වෙනිදා.

      Delete
  7. ඉතා හොඳ ලිපියක් මල්ලි ... සොහොන් ගැබ සොයාගැනීම සහ එහි වු පුරාවස්තු පිළිබඳව හොවාර්ඩ් කාටර් පොතක් ද ලිව්වා ඔය පොතෙ සින්හල පරිවර්තනයකුත් තියනව තුතන් කහමන් සොහොන් ගැබ නමින්... කයිරෝ කව්තුකාගාරෙ තියන ඔය එකතුවනම් විශිෂ්ඨයි ..

    ReplyDelete
    Replies
    1. පොත අරගෙන කියවන්න ඕනේ... ස්තූතියි අයියේ...

      Delete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...