Tuesday, December 13, 2016

දෙස - බස - රැස - එකලු කළ කුමාරතුංග මුනිදාස


1887: ජූලි මස 25 වනදා මාතර දික්වැල්ල උපත     ලැබීය. පියා වෛද්‍යාචාර්ය දොන් කුමාරතුංග නම් විය. මව දෝන ගිමාරා මුතුකුමාරණ නම් වූවාය. පවුලේ සොයුරු සොයුරියන් 12 දෙනෙක් වූහ. කුමාරතුංග මුනිදාස බාලයා විය.

1893: පියාගේ ඇසුර ලබමින් අධ්‍යාපනය ලැබූ මුනිදාස කුමාරතුංගයන් මූලික අධ්‍යාපන කටයුතු සඳහා දික්වැල්ල ප්‍රාථමික බෞද්ධ විද්‍යාලයට ඇතුලත් කෙරිණි.

 පසුව ද්විතීයික අධ්‍යාපනය සඳාහා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කෙරිණි. එහිදී ඉංග්‍රීසි භාෂාව මනා ලෙස උගත්තේ ය.

 පාසලේ මෙන්ම පියාගේ පුස්තකාලයේද නිරතුරුව ඇසුරු කරමින් නොතිත් ආසාවෙන් දැනුම සොයා ගියේය.


1990: පියා හදිසියේම අභාවයට පත් විය. අධ්‍යාපන කටයුතු අඩාල වන තත්වයට පත්විය. එහෙත් සිය වැඩිමහලු සහෝදරයාගේ උදව්වෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියටම කරගෙන ගියේය.

 ආර්ථික දුෂ්කරතා නිසාම ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉවත් වී පිරිවෙන් හා පන්සල් ඇසුරින් අධ්‍යාපනය ලැබීමට යොමු විය.

1907: කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව පැවති ද්විභාෂා පාඨමාලාවේ ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස බැදුනේ ය. ඒ සදහා දැඩි කැපවීමකින් කටයුතු කලේ කුමාරතුංග මුනිදාසයන්ගේ වැඩිමහල් සහෝදරයා ය.

 ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල්වීමට පෙරාතුව පැවතු පරීක්ෂණයෙන් ඉහලින්ම සමත් විය.

1909: වසර දෙකක ගුරු පුහුණුව අවසන් කලේය. අධ්‍යාපන මණ්ඩලය විසින් පිරිනමන ලද පත්වීමක් අනුව කඩුගන්නාවෙව් ද්විභාෂා විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලැබුවේ ය.

 සිසුවෙකු විසින් අසල ලද ව්‍යාකරණ ගැටලුවකට නිසි පිලිතුරු ලබා දීමට නොහැකි වීමෙන් භාෂාව්වෙ වියරණ සම්බන්ධයෙන් ගැටළු ඇති බව තේරුම් ගත්තේ ය. එය නිවැරදි කිරීමට "ව්‍යාකරණ විවරණය" බිහි කලේ ය.

 පාසලේ පරිපාලන ගැටළුවක් හේතුවෙන් ටික කලකට ඉන් ඉවත්වී බෝමිරියේ පාසලට මාරුවක් ලබා ගත්තේ ය. පසුව නැවතත් කඩුගන්නාව වෙත ගියේ ය. වසර 8ක් එහි සේවය කලේ ය.


1917: පාඨශාලා පරීක්ෂක තනතුරක් හිමිවූයේ ය.

1921: පානදුරේ පල්ලිමුල්ලේ පදිංචිකාරියක වූ ලිලී පීරිස් මෙනවිය හා විවාහ විය. ඔවුනට මාලතී, නීතා, ගෝමින්, රුවන්, පුනු සහ බින්දු යනුවෙන් දරුවන් හය දෙනෙක් වූහ.

1922: රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූයේ ය. පොත පත ලිවීම වෙනුවෙන් වැඩි කාලයක් ගත කලේ ය.

1934: ලක්මිණි පහණ පුවත්පත නැවත ආරම්භ කර එය වසර් දෙකක් පවත්වාගෙන ගියේ ය.

1936: "සුබස" සහ "Helio" නමින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් යුත් සඟරා දෙකක් සංස්කරණය කලේ ය.

 ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු තම බෝග වගාවන්හි පාලන කටයුතු සදහා අවශ්‍යකරන ලිපිකරුවන් පුහුණු කරලීම සදහා ඔවුන්ට මිෂනාරි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කලහ. කුමාරතුංගයන් සිය පුවත්පත්වලින් හා සඟරා වලින් මෙයට විරුද්ධව හඬක් නැගුවේ ය.


1941: තම මූලිකත්වයෙන් හෙළ හවුල පිහිටුවා ගැනුණි.

 කුමාරතුංගයන්ගේ මතවාද හා එක් වූ ලෙව්ඛකයෝ, ගුරුවරු සහ දේශහිතෛෂීහු බොහී පිරිසක් මේ හා සම්බන්ධ වූහ.

1944: මාර්තු 2 දින හදිසියේම අභාවප්‍රාප්ත විය.

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ග්‍රන්ථ

ව්‍යාකරණ - කුමාර ව්‍යාකරණය, ක්‍රියා විවරණය, ව්‍යාකරණ විවරණය

ළමා නිර්මාණ - කුමර ගී, මඟුල් කෑම, හත්පණ, හීන් සැරය, සුර කුමරිය, කියවණ නුවණ

කාව්‍ය කෘති - පියසමර, කුමාර පද්‍ය, සමරුව

සම්භාව්‍ය කෘති - සසදාවත විවරණය, මුව දෙව්දාවත විවරණය, මයුර සංදේශ විවරණය, සැලලිහිනි සංදේශ විවරණය, කාව්‍යශේඛරය විවරණය

විවිධ විෂයයන් - ශික්ෂා මාර්ගය, අකුරු සැහැල්ල, විරිත් වැකිය, නිකම් හැකියාව, ප්‍රබන්ධ සංග්‍රහය, දෙබස් හිණ, රසායනය, සමරුව, හෙළ මියැසිය, කුකවි වාදය, කවි රසය

මූලාශ්‍ර: ලංකාදීප, මව්බිම, ලක්බිම, විජය, මිහිර පුවත්පත්.


23 comments:

  1. හරි අපුරුයි නොවැ.............කුමර ගී, මඟුල් කෑම, හත්පණ, හීන් සැරය,මේ ටිකකනම් මාත්කියවල තියෙනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .... කප්පිත්තා...

      Delete
  2. අපූරුයි. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද සහෝ... ඔබටත් ජය...

      Delete
  3. කුමාරතුංග මුනිදාසයන්ගේ සොහොන් කොත මොරටුව -පානදුර පැරණි ගාලු පාරේ ගොරකාන හරියේ පාර අද්දර පිහිටි සුසාන භූමියක් තමයි තියෙන්නේ. පාරේ යන අයටත් හොදින් දැක බලාගන්න පුළුවනි.
    හොද ලිපියක් මිතිල

    ReplyDelete
    Replies
    1. ගොරකානෙ තියෙන කුමාරතුංගයන්ගෙ සොහොන මමත් දැකලා තියෙනවා... බොහොම ස්තූතියි අසංග අයියෙ...

      Delete
  4. මෙතුමගෙ ඡීවිතෙත් හොඳ රසවත් තැන් තිබිල තියෙනව.. මම ලඟකදි කියෙව්ව. නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනන් ඇත්ත... ගොඩක් රසවත් තැන් තියෙනවා...

      බොහොම ස්තූතියි ...

      Delete
    2. මේත් ඒවගේ එකක්...

      https://wasithaya.blogspot.com/2016/07/blog-post_42.html?m=1

      Delete
    3. මේත් ඒවගේ එකක්...

      https://wasithaya.blogspot.com/2016/07/blog-post_42.html?m=1

      Delete
  5. අප කුඩා කල කිය වූ පාඩම් පොත් පින්තූර නැවත දැකීමෙන් පවා මේ මහා විද්වතාගේ හාස්කම සිහි ගන්වනවා ස්තුතියි මිථිල

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ....

      Delete
    2. බොහොම ස්තූතියි...

      Delete
  6. කුමාරතුංග මුනිදාස මහතා සිදු කළ කාර්යභාරය පිළිබඳව තව තවත් සොයා යන්නට පොළඹවන අපූරු ලිපියක් මිථිල.
    ඔහු 'ලක්මිණි පහන' පුවත්පතට ලියූ කතුවැකි පොතක් ලෙස සංග්‍රහ කර තිබෙනවා. ඔබට පුළුවන් නම් සොයාගෙන කියවන්න. ඔහුගේ අදීන දැක්ම, භාෂා භාවිතයේ අපූරු ගුණ හඳුනාගන්නට එය අපූරු පොතක්.
    මගේ දුවට අවුරුදු දෙකක පමණ කාලේ සිට අැය ඔඩොක්කුවේ තබාගෙන මම අැයට අැසෙන්නට 'කුමර ගී' පොතේ කවි කියෙවුවා. අැයට අවුරුදු හතරක් විතර වෙද්දි ඒ කවි අැයට කට පාඩම්. ඒ වෙන කොට අැය අකුරු දන්නේ නැති වුනත් ඒ ඒ පිටුවේ තිබෙන පින්තූරය දැක්කාම ඒකෙ කවිය කියන්න අැයට පුළුවන් වුණා. ළමයින්ට භාෂාව උච්ඡාරණය කරන්න පුරුදු වෙන්න අපූරු අභ්‍යාස වගේ ඔහුගේ කවි.

    ReplyDelete
    Replies
    1. ලක්මිණි පහනට ලිව්ව කතුවැකි අඩංගු පොත හොයාගෙන කියවන්න ඕනෙ...

      බොහොම ස්තූතියි ප්‍රභාත් සහෝ...

      Delete
    2. ඒ පොත 'විසිදුණු' ප්‍රකාශනයක්.

      Delete
  7. Replies
    1. ස්තූතියි අටං කියෙව්වට...

      Delete
  8. Replies
    1. ස්තූතියි ප්‍රා ජේ...

      Delete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...