Tuesday, April 12, 2016

බේරෙ වැව හැදුනෙ මෙහෙමයි


බේරේ වැව් ඉදිවුණු හැටි
අක්කර 400 යුත් භූමි ප‍්‍රදේශයක් වසා ගත් බේරේ වැවේ ඉපැරණි ඉතිහාසය සොයා යන විට මෙය පෘතුගීසි යුගයටත් වඩා ඈතට දිව යන්නක් බව පෙනේ .1518 දී කොළඹ නගරයේ ආධිපත්‍යය හිමි වී තිබුණේ පෘතුගීසීන් සතුවය. නමුත් විජයබාහු රජු සහ සිංහල සේනාවගෙන් පෘතුගීසීන්ට එරෙහිව නිතරම ප‍්‍රහාර එල්ල විය. පෘතුගීසින් සතුව තිබූ නවීන වූ යුද අවි හා තුවක්කු නිසා සිංහල සේනාව පරාජය කර තම කොළඹ පිහිටි බලකොටුව රැක ගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් සිංහල හමුදාව පරාජය භාර ගැනීමට අකමැති වූ නිසාදෝ දිගින් දිගටම බලකොටුවට පහර එල්ල කළෝය. තුවක්කු වලින් පමණක් කළ හැකි කාර්ය භාරය සීමිත බව දැන ගත් පෘතුගීසිහු බලකොටුව රැක ගැනීමට විවිධ උපක‍්‍රම සෙවූහ. පෘතුගීසීන්ට කදිම උපායක් සිහිපත් විය. ඒ තම බලකොටුව වටා දිය අගලක් තනා විශාල දිය අගලක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් පෘතුගීසින්ගේ බලකොටුව පිහිටි ප‍්‍රදේශය බටහිර දෙසින් ඉන්දියන් සාගරයෙන් වට වී තිබුණු නමුත් අනෙක් සෑම ප‍්‍රදේශයකම මායිම් වී තිබුණේ වගුරු බිමකිනි. මේ වගුරු බිම හරහා විශාල දිය අගලක් කැපීමේ භාරදූර කර්තව්‍යය ලහි ලහියේ ආරම්භ විය. එහෙත් මෙහි බරපතල බවත්, දිය අගලට අවශ්‍ය තරම් ජලය නොතිබීමත් විශාල ප‍්‍රශ්නයක් විය. මේ නිසා දිය අගල කැපීමේ කාර්යය ක‍්‍රමයෙන් පසු බෑමට ලක් විය.
මේ අතරේ විජයබාහු රජුගේ සේනාව නැවතත් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළහ. මෙවැනි ප‍්‍රහාරයක් බලාපොරොත්තු වෙන් සිටි පෘතුගීසින් එයට සාර්ථකව මුහුණ දුන්හ. මේ අතර පෘතුගීසි කපිතාන් ලොපෝ ද බි‍්‍රටෝ ප‍්‍රමුඛ සේනාව සතුරන් පසු පස ලුහුබඳිමින් බලකොටුව වටා පිහිටි දිය අගල දිගේ බොහෝ ඈතට දිව ගියහ. සතුරන් පලා ගිය පසු පෘතුගීසින් එහි තනිවිය. එහිදී ඔවුන්ට දිය පහරක් ගලා යන සද්දයක් ඇසුණි. ඔවුන් එම හඬ ඇසුණු දෙසට ගමන් කළෝය. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ අපූරු සිත් ඇඳගන්නා සුළු දර්ශනයකි. එනම් පිරිසිදු දිය පහරක් ගලා යන අයුරුය. එම දිය පහරින් විඩා නිවාගෙන එහි පිහිටීමත් සටහන් කරගෙන ඔවුහු නැවතත් බලකොටුව බලා පිටත් වූහ. මෙම දිය පහර ගලා බැස්සේ දෙමටගොඩ කඳු ගැටයටත්, සාන්ත සෙබෙස්තියන් කඳුගැටයටත් අතරිනි.මේ අපූරු දිය පහර දුටු පෘතුගීසි සෙබළු සිය සෙන්පතීන්ට මේ බව දැන්වූහ. ඒ වන විටත් බලකොටුව වටා ආරම්භ කර තිබූ දිග අගලට සම්බන්ධ කළහොත් සතුරන්ට මෙය විශාල බාධාවක් වන බව පෘතුගීසිහු දැන ගත්හ. මෙම දිය පහර කලින් කැපූ අගලට එක් කළහ. මේ ලෙසින් 1521 දී බේරේ වැව ගොඩ නැඟුණේය. මේ වැව එදා කොළඹ කොටුව දකුණු ප‍්‍රාකාරයට පියවර 100 කින් පමණ දුරින් පිහිටි අතර, නැගෙනහිර දෙසින් වුල්ෆන්ඩෝල් , හල්ෆ්ට් ඩෝර්ප් හා ශාන්ත සෙබස්තියන් කඳු ගැට පාමුල දක්වාද විහිදුණි. මෙහි එක ඇළක් පිහිටි අතර, එය යෝර්ක් වීදියට සමාන්තරව ගලා ගෙන ගියේය.බේරේ වැවේ දූපත් කිහිපයක් පිහිටා තිබුණි. ඒ අතර අද ‘කොම්පඤ්ඤ වීදිය’ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය ලෙස සැලකේ.
කොළඹ නගරය වටාපිහිටි වැව සම්පූර්ණ දිග ප‍්‍රමාණය සැතපුම් 10, 1/2 කින් යුක්තය. ලෝරන්ස් කඳු ගැටය ඇතුළත් වූ එය කලපුවකින් වට වී තිබුණි.සීතාවක මායාදුන්නේ රජු 1578 දී කොළඹ නගරය අල්ලා ගැනීමට පැමිණියේය. මායාදුන්නේ රජු බේරේ වැව හිස් කිරීමට උත්සාහ ගත් නමුත් පෘතුගීසීහු ඊට ඉඩ නොදුන්හ. ඔහුගේ පුත් රාජසිංහ රජු පසු කාලෙක කොළඹ නගරය වටලා කිහිප විටක්ම ඇළවල් මාර්ගයෙන් වැවේ ජලය පතුලටම හිස් කළේය. මින් එක් ඇළක් සාන්ත බස්තියන් ඇළයි.බේරේ වැව එදා පෘතුගීසින් ප‍්‍රධාන වශයෙන් උපයෝගී කරගත්තේ සතුරු ආක‍්‍රමණවලට එරෙහි පහුරක් හා යුද අවි ප‍්‍රවාහනය සඳහාය. ඊට අමරතව කැලණි ගගේ ඉහළ සිට ආහාර ද්‍රව්‍ය කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහාද යොදා ගත්තේය.පෘතුගීසි යුගය අවසන් වන විට (1656 දී පමණ ) කොළඹ නගරය වඩා ඉඩකඩ ඇති බලකොටු නගරයක් විය. නගරය වටා සැතපුම් 3 ක පමණ දුර ප‍්‍රමාණයක ප‍්‍රාකාරයකින්ද? ඒ ප‍්‍රාකාරයෙහි පිහිටි අට්ටාල දහ හතරකින් පමණ ද සැදුම් ගත්තේය. සාන්ත අන්තෝනියෝ පවුරු අට්ටාලය අද ලංකා බැංකුවේ මහ ගොඩනැගිල්ල කෙළවරෙහි පිහිටා තිබුණි. අනිත් කෙළවරෙහි වට වංගුව අසල සාන්ත ජෙරනිමෝ අට්ටාලය විය. එස්කාවෝ අට්ටාලය දැනට පිටකොටුව ඝණ්ඨාර කුලුන තිබෙන භූමියෙහි පිහිටි අතර, කොටුවේ දුම්රිය පොළ ඉදිරියෙන් කන්සෙප්ෂන් අට්ටාලය පිහිටා තිබුණි. සන්තියාගෝ සහ ශාන්ත අගොස්තීහු පවුරු අට්ටාල දෙක අද කොඩි ගහවීදිය නමින් හඳුන්වන වීදිය සමීපයෙහි පිහිටා තිබුණි. නගරයෙහි ප‍්‍රධාන දොරටුව වූයේ ශාන්ත ජෝන් අට්ටාලය අසලය. ශාන්ත කෲස් අට්ටාලය පිහිටියේ ශාන්ත ලෝරන්ස් දේවස්ථානය අසලය. ශාන්ත ජාඕ සහ ශාන්ත ජාගෝ අනික් මුර අට්ටාලය විය. පෘතුගීසිහු කොළඹ නගරය තුළ මනා ලෙස අතුරන ලද වීථි ගොඩ නැගූහ

No comments:

Post a Comment

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙ...