ඔහු කොරියානු ජාතිකයෙක්. ජපනුන් විසින් ඔහුව අල්ලාගෙන සෝවියට් රුසියාවට එරෙහිව සටන් කිරීමට යොදා ගනියි. ඉන්පසු රුසියානුවන් විසින් ඔහුව අල්ලා ගනියි. ඔවුන් ජර්මානුවන්ට විරුද්ධව සටන් කිරීමට ඔහුව යොදා ගනියි. ඔහු ඉන්පසු ජර්මානුවන්ට හසුවෙයි. ඔවුන් මොහුව නෝර්මැන්ඩි ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදාගනියි. එතැනදී ඔහුව ඉංග්‍රීසීන්ට හසුවෙයි. මොහු නමින් Yang Kyoungjong. ලෝක යුද්ධ ඉතිහාසයේ පාර්ෂව තුනක් වෙනුවෙන් සටන් වැදි එකම පුද්ගලයා වන්නේ මොහුයි.
දෙවන ලෝක යුද්ධයට පෙර යැන්ග්ගේ ජීවිතය ගැන ඇත්තේ තොරතුරු ස්වල්පයක් පමණි. යැන්ග් උපතින් කොරියනු ජාතිකයෙකි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ඔහු සිටියේ ජපනුන්ගේ පාලනයට යටත්ව තිබූ මැන්චූරියා ප්‍රදේශයේ ය. මේ හේතුවෙන් 1938 වසරේදී තමන් අකමැති වුවත් බලහත්කාරයෙන් ජපානයේ Kwantung හමුදාවට සේවය කිරීම සදහා මොහුව බදවාගත්තේ ය. මේ වන විට ඔහුගේ වයස දහ අටක් වී තිබුණි.
Khalkhin Gol හි ගැටුම් අතරතුරදී සෝවියට් රතු හමුදා විසින් මොහුව අල්ලාගෙන කම්කරු කඳවුරකට යවන ලද්දේ සිරකරුවෙකු ලෙසයි. සෝවියට් යුද්ධ හමුදාවේ මිනිස් බලකාය ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන ගිය බැවින් දහස් ගණනින් සිරකරුවන් නාසි ජර්මනියට එරෙහි යුද්ධ සදහා යොදා ගන්නා ලදි.
යැන්ග්ගේ සෝවියට් හමුදාවට සේවය වසරක පමණ කාලයක් විය. මෙම කාලය අතරතුර ඔහු බොහෝ සටන් වලට මුහුණ දුන්නේ ය. Kharkov හි තෙවන සටනේ දී මොහුව ජර්මානුවන් විසින් අල්ලා ගනියි.
කොරියානුවෙක් සෝවියට් දේශය උදෙසා සටන් කරන්නේ ඇයි දැයි ජර්මානුවන්ට නොවැටහුණු නමුත් අනෙක් සිරකරුවන් මෙන්ම ඔහුව ද සිරකරුවෙක් ලෙස රැගෙන ගියේය. ජර්මනිය වෙනුවෙන් සටන් කිරීමට කැමති අය සොයා බලා ඔවුන්ව යුද්ධයට යැවීනට ජර්මානුවන් පියවර ගත්තේය. තම අත්දැකීමත් නිසා යැන්ග් ජර්මනිය උදෙසා සටන් කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් විය.
ඒ අනුව සිරකරුවන් අතරින් යුද්ධ කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ අයගෙන් සැදුම්ලත් කණ්ඩායමකට යැන්ග් එක්වුණි. මෙම කණ්ඩායම් සදහා විවිධ ප්‍රදේශවල ජර්මන් සිරකදවුරු වල සිට පැමිණි සිරකරුවන් විය.
මෙසේ ජර්මනිය සදහා සටන් වදිමින් සිටිනා අතරතුර ඇමරිකාවේ 506 වෙනි පැරෂූට් රෙජිමය විසින් යැන්ග් ඇතුලු කිහිපදෙනෙක්ව අල්ලා ගත්තේ ය. 506 වන රෙජිමයේ ලුතින්වරයෙක් වූ රොබර්ට් බෲවර් විසින් මේ ගැන ලියා තිබුනේ මෙසේයි; " ජර්මානු යුධ ඇදුම් ඇදගත් ආසියාතිකයන් හතර දෙනෙක්." ඔහුගේ මෙම සටහන ලියා ඇත්තේ වැරදි වැටහීමකිනි. ඔවුන් සිතා සිටියේ එම හතර දෙනාම ජපන් ජාතිකයන් බවයි. එනමුත් යැන්ග් කොරියානු ජාතිකයෙක්. අනෙක් තිදෙනා තුර්කිස්ථාන වැසියන් වේ.
යැන්ග් හට ඉංග්‍රීසි හෝ ජර්මන් බස හොදින් හැසිරවිය නොහැකි වූ නිසා තමන් පිලිබද කීමට හැකියාවක් නොලැබුණි. එම නිසා නැවතත් ඔහු බ්‍රිතාන්‍යයේ කදවුරක් වෙත යවන ලදි. ලෝක යුද්ධය අවසන් වන තුරු ඔහු රැදී සිටියේ මෙම කදවුර තුලයි.
ලෝක යුද්ධය අවසන් වූ පසු යැන්ග් තම මව් රට වෙත යාමට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔහු ඇමරිකාව වෙත සංක්‍රමණය විය. එහිදී ද ඔහුගේ ජීවිතය එතරම්ම සුබ වූයේ නැත. අවසානයේ ඔහු ඉලිනොයි හි ස්ථිරව පදිංචි විය. තම පණනල රැක ගැනීමට පාර්ෂ්ව තුබක් උදෙසා සටන් වැදුනු යැන්ග් 1992 වසරේ දී අවසන් හුස්ම හෙලීය.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට...
+++++++
ReplyDelete++++====++++
ReplyDelete👙👙👙👙=👙👙👙👙
ReplyDelete