Tuesday, October 10, 2017

යුද්ධයේදී තුවක්කු භාවිතය ප්‍රථික්ෂේප කල සෙබලා


1942 අප්‍රේල් මස 1 වනදා ඩෙස්මන්ඩ් ඩොස් ඇමරිකානු හමුදාවට බැදුනේය. වසර තුනකට පසු ධවල මන්ධිරය ඉදිරිපිට සිට තමන්ගේ වීර ක්‍රියාව නිසා පුද්ගලයෙක් ලැබිය හැකි රටේ ඉහලම සම්මානය ලබා ගනු ඇතැයි ඔහු හීනෙන්වත් නොසිතන්නට ඇත. දෙවන ලෝක යුද්ධය අතරතුර සේවය කල මිලියන 16 කට අධික සෙබලුන් අතරින් “Medal of Honor” පදක්කම ලැබුනේ පුද්ගලයන් 431 දෙනෙක්ට පමණි. මේ පදක්කම් අතරින් පදක්කමක්, යුද්ධයෙදී එකදු සතුරු සෙබලෙකුවත් නොමැරූ seventh day Adventist කෙනෙකුගේ බෙල්ල මත පැලදවීය. ඔහු යුද්ධයට තුවක්කුවක් රැගෙන යාම ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ ආයුධය වුයේ බයිබලය හා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි.

හිටපු ඇමරිකානු ජනපති Harry S. Truman, කෝප්‍රල් ඩෙස්මන්ඩ් තෝමස් ඩොස්ට අතිනත දී ධවල මන්දිරය ඉදිරිපිටදී 1945 ඔක්තෝබර් 12 වන දින පැවසුවේ මෙසේය. “ මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබට මෙය ලැබිය යුතුයි. ජනාධිපති කෙනෙකු විමට වඩා මේක විශාල ගෞරවයක්.” තරුණ ඩෙස්මන්ඩ්ට මේ තත්වයට පැමිනීමේ ගමන් මාර්ගය ඉතා අභියෝගාත්මක එකක් විය.

ඔහුට යුද්ධයෙදී ඉදිරිපෙළ සිට තම ජීවිතය පරදුවට තබමින් සේවය කිරිමට කැමැත්තෙන් සිටියේ ය. ඔහු තමන්ගේ ඇදහිලි නිසා ආයුධයක් යුද්ධයට රැගෙන යාමට ප්‍රතික්ෂේප කළේය. ඔහුට අවශ්‍ය වුයේ යුද්ධය අතරතුර සේවය කරන වෛද්‍යවරයෙක් වීමට ය. එනමුත් ඔහු අනුයුක්ත වුයේ රයිෆල් කාණ්ඩායමකටය. ඔහු තුවක්කුවක් භාවිතා කිරිමට ප්‍රතික්ෂේප කිරීම ඔහුත් සමග සිටි සොල්දාදුවන්ගෙන් ඔහුට වූ බොහෝ කරදර වලට හේතු විය. බැරක්කයේ තමන් සමග සිටි පුද්ගලයෙක් ඩෙස්මන්ඩ් ට මෙසේ පැවසුවේ ය. “ ඩොස්, අපි යුද්ධෙට ගියාට පස්සේ ඔයාට ආපහු පණපිටින් එන්න බැරිවෙන විදිහට මම වගබලාගන්නන්.” මේ අකාරයෙන් ඔහුට බොහෝ කරදර සිදුවිය. ඔහුගේ අණදෙන නිලධාරියා පවා ඔහුගෙන් නිදහසක් ලබා ගන්නේ කෙසේදැයි බල බලා උන්නේය. සියලු දෙනා සිතුවේ තුවක්කුවක් අතේ රහිත සෙබළෙකුගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

ඔවුන් ඩෙස්මන්ඩ්ට බොහෝ හිරිහැර කල අතර වැඩිපුර රාජකාරි පැවරුවේය. තුවක්කුවක් භාවිතා කරන්න යැයි ඔහුගේ අණදෙන නිලදාරියා පැවසුවද ඩෙස්මන්ඩ් එම අණ තැකුවේ නැත. තම අණදෙන නිලදරියගේ අණ නොතැකූ නිසා ඔහුව අධිකරණය ඉදිරියටද රැගෙන ගියේය. එනමුත් එයින් පලක් නොවීය. ඩෙස්මන්ඩ් ආගම දහමට ඉතා ලැදි අයෙක් විය. ඔහු දස පනත නියමාකාරයෙන් ප්‍රායෝගික ජීවිතයෙදී ක්‍රියාත්මක කළේය. කුඩා කල ඩෙස්මන්ඩ් තම සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටිනා අතරතුරදී ඔහු අතින් සහෝදරයාට පහරක් වැදී මියයන තත්වයට ගියේය. කෙසේ වුවත් ඔහු මියගියේ නැත. එසේ වූ අවස්ථාවේ ඩෙස්මන්ඩ් කෙලින්ම ගියේ නිවසේ එල්ලා තිබු දස පනත ඉතා අලංකාරවත්ව ලියා තිබු පෝස්ටරය දෙසටය. “මිනී නොමරන්න” යනු එහි එක් පනතකි. එය දුටු කුඩා ඩෙස්මන්ඩ් සිතුවේ තමන් විසින් දස පනතින් එක පනතක් කැඩු බවයි. එතැන් පටන් දස පනත අකුරටම ක්‍රියාත්මක කිරීමට ඩෙස්මන්ඩ් ඉටා ගත්තේය. “සබත් දවස ශුද්ධ කොට පවත්වන්න” යනු දස පනතෙන් එක පනතකි. හමුදාවේ පුහුණුවීම් කරන අතරතුරදී සෑම ඉරිදාවකම පල්ලි යෑමට ඔහු තම නිලදාරින්ගෙන් අවසර ඉල්ලා සිටියේ ය.

 ඩෙස්මන්ඩ් GUAM, LEYTE සහ OKINAWA හි සටන් වලට සහභාගී විය. තමන් සමග සිටින උදවිය ජිවිත විනාශ කරන අතරතුර ඔහු සිදුකලේ ජිවිත රැක ගැනීමය. තුවාල ලැබූ සෙබලෙක් උදව් ඉල්ලු සැනින් ඩෙස්මන්ඩ් වහාම එතනට දිව ගියේය. ඔහු සැමවිටම තමන්ගේ ජිවිතයට වඩා අනික් අයෙගේ ජීවිතය ගැන සිතුවේය. බොහෝ අවස්ථා වලදී ඔහු සතුරු හමුදා අසලටම ගොස් තුවාලකරුවන්ට ප්‍රතිකාර කළේය. ඔහුට සතුරු සෙබලුන් [ජපනුන්] මුමුණන හඩ පවා ඇසුණු බව වරක් ඔහු පවසා තිබුණි.

 1945 මැයි මස ලෝකයේ එක් කොනක ජර්මානු හමුදාව යටත් විය.  ඒ අතරතුර ජපන් හමුදාව සීග්‍රයෙන් පසුබසිමින් සිටියෝය. ජපන් හමුදාවට පසුබැසීමට ඉතිරිව තිබුනේ ඔකිනාවා හා මෙයිඩා මොහොර පමණි. ඩෙස්මන්ඩ් සමඟ සිටි කණ්ඩායම මෙයිඩා මොහොර අල්ලා ගැනීමට සැරසුණෝ ය. මේ සදහා ඔවුන්ට විශාල පර්වතයක් මුදුනට නැගීමට සිදුවිය. එසේ පර්වතය මුදුනට ගිය පසු ඇමරිකානු හමුදා පුදුම කරවමින් ජපන් හමුදාව ක්ෂණයෙන් ප්‍රහාර දියත් කරන්නට පටන් ගත්තෝය. ඇමරිකානු හමුදාවට පසුබැසීමට අණ ලැබුනු අතර එක් පුද්ගලයෙකු හැර අනෙක් සියලු දෙනා විශාල පර්වතයෙන් බැසීම සදහා දිව යන ලදි. කණ්ඩායමෙන් තුනෙන් එකකට සාර්ථකව පසුබැසීමට හැකි වූ අතර අනෙක් සියලුම දෙනා පර්වතය මුදුනේ තුවාල ලැබ මරණය පෙනි පෙනී සිටියෝය. මේ අතරතුර පසුබැසීම ප්‍රතික්ෂේප කල සෙබලා එනම් ඩෙස්මන්ඩ් ඩොස් තමාට හැකි උපරිමයෙන් තුවාල ලැබූ සෙබලුන්ව බේරා ගැනීමට ක්‍රියා කරන ලදි. තමන්ගේ ජීවිතය ගැන නොසිතා තම සහෝදර සෙබලුන්ගේ ජීවිත රැක ගැනීමට කල මේ ක්‍රියාව නිසා 1945 මැයි 5 වන දින මරණයට කැපව සිටි සෙබලුන් 75කගේ ජීව්ත ගැලවුණි.

 වැඩිකල් යාමට පෙර මෙම ස්ථානය ඇමරිකානුවන් විසින් අල්ලා ගත් අතර දින කිහිපයකට පසු රාත්‍රියක අසාර්ථක වැටලීමකින් ඩෙස්මන්ඩ්ට බරපතල ලෙස තුවාල විය. බංකරයක සැඟවී සිට එල්ල කරන බෝම්බයක් නිසාවෙන් ඔහුගේ ඉන ප්‍රදේශයේ සිට කකුල දක්වා ඉරුණි. ඩෙස්මන්ඩ් තමන්ට හැකි අයුරින් තමන්ටම ප්‍රථිකාර කරගත් අතර ආරක්ෂාව සදහා ස්ථානයකට යාමේදී ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඔහුගේ අතර වෙඩි තබන ලදි.

යුද්ධයෙන් පසු Medal of Honor පදක්කමට අමතරව ඩෙස්මන්ඩ්ට බොහෝ පදක්කම් ලැබුණි. මෙම Medal of Honor පදක්කම දීම ආරම්භ කරන ලද්දේ 1862 වසරේ ඒබ්‍රහම් ලින්කන් විසිනි. 1862 වසරේ මෙහි සියවස් සංවත්සරයේදී ධවල මන්දිරයේ පැවති උත්සවයේදී උත්සව සභාව ඇමතීමට විශේෂ අවස්ථාවක් උදා කරගන්නා ලදි.

 ඩෙස්මන්ඩ් 1946 දී හමුදාවෙන් ඉවත් වීමට පෙර ක්ෂය රෝගය වැලදෙන ලදි. ඉන් වසර හයක පමණ කාලයක් ඩෙස්මන්ඩ් රෝහල තුල ගතකල අතර පසුව ඔහුගේ වම් පෙනහැල්ල ඉවත් කිරීමට පවා සිදුවිය. එක් පෙනහැල්ලකින් ජීවිතයේ ඉතිරි කාලය ඉතා අපහසුවෙන් ගත කල ඩෙස්මන්ඩ් 2006 මාර්තු 23 වන දින මරණය වැලඳ ගත්තේය.

මූලාශ්‍ර:
1) https://en.m.wikipedia.org/wiki/Desmond_Doss
2) https://desmonddoss.com/bio/bio-real.php
3) http://www.telegraph.co.uk/films/0/mel-gibsons-hacksaw-ridge-the-extraordinary-true-story-of-desmon/amp/
4) http://people.com/movies/the-true-story-of-hacksaw-ridge-and-desmond-doss-the-medal-of-honor-winner-who-never-fired-a-shot/amp/

12 comments:

  1. ඔය මනුස්සයා තමුන් කරන දේ හිතට එකඟවම කරන්න ඇති. ඒකයි ඔහු නොමැරුනේ.

    ReplyDelete
  2. 2016 ඇකඩමි සම්මාන වලදී වැඩිම නිර්දේශ ප්‍රමාණයකට ඇතුලත් වෙයි කියල මම හිතාගෙන හිටිය Hacksaw Ridge චිත්‍රපටියේ කතාව ඩොස් ගැනයි. ච්‍රත්‍රපටය අති බිහිසිනුකාරි ලෙස ඉදිරියට ගියත් ඩෙස්මන්ඩ්ගේ චරිතය නිසියාකාරව එහි ගැබ් වෙන බවයි මගේ හැගීම..

    ReplyDelete
  3. ඔහොම හුරතල්කරලා පුලුවන්ද යුද්දේ දිනන්න? අපේ විචාරක මාමාලා එහෙම අයෙ ගිඩි ගිඩි ගාලා වෙඩි පත්තු කරලා දෙමලු මරලා යුද්දේ දින්නේ. එව්වා ආදර්සේට අරං යුද්දෙට ගියාම දෙමලු ඔක්කොම මරන්න ඕනි.අනික මට නං ඔය දෙමලු පේන්න බෑ, මොකද උන් ගාව ගදයි. විචාරක මහත්තයා දෙමලු මරලා රැස් කරගත්තු පිං කන්දරාවම ඇති බුදුබව් අත්වෙන්න උන්නාන්සෙට.

    ReplyDelete
  4. හොද ලිපියක්... නොදැන සිටි කෙනෙක් ගැන දැන ගත්තා

    ReplyDelete
  5. මම බලපු හොද චිත්‍රපටයක්

    ReplyDelete

දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

අපට කුඩා කල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බවයි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු දරුවන්...