Thursday, June 15, 2017

යාපනයට නම ලැබුනෙ කොහොමැයි


 මහාවංශ කතුවරයා විසින් අද යාපනය දිස්ත්‍රික්කය හැඳින්වූයේ නාගදීපය ලෙසිනි.[නාගදීපයට එම නම ලැබුනු ආකාරය වෙනම ලිපියකින් සාකච්ඡා කරන්නම්] මුලු යාපනය අර්ධද්වීපය ප්‍රදේශයත්, නයිනතිව් දිවයිනත් එක්වගත් විට එය නාගදීපය නම් විය. තඹකොළ පට්ටන [දඹකොළ පටුන] යාපන පට්ටාන, ජැෆ්නා පටම්, යාපනේ, ජැෆ්නා, යාල්පානම් යන නම්වලින් මෙම අර්ධද්වීපය හැදින්වේ. ලංකාවෙ පැරණි වාරායවල් හැදින්වූයේ පට්ටන, පටුන ආදී නම් වලිනි. යාපනයේ තිබුනු දඹකොළ පටුනද ඉන් එකකි.

 රජ දවස යාපනය ප්‍රාදේශීය පාලකයන් විසින් පාලනය කල බවට බොහෝ තැන්වල සදහන්ව ඇත. මුල් අවධියේදී එහි පාලකයා වූයේ යාපා නම් අමාත්‍යවරයෙකි. මේ හේතුවෙන් මෙම පෙදෙස යාපා පටුන ලෙස හදුන්වා ඇත. දකුණු පලාත පාලනයට සිටියේ මාපා නිසාවෙන් එම පෙදෙස මාපා පටුන ලෙස හදුන්වා ඇති බවට දැක්වේ.

 මහාවංශයේ සදහන් වන ආකාරයට හා විවිධ් විද්වතුන් සදහන් කරන ආකාරයට යාපනය යනු නියම සිංහල වදනකි. ජැෆ්නා යන පෘතුගීසි වහරට බිඳී ආවේ යාපනේ යන සිංහල වදනයි.

  ක්‍රි.ව. 1450 - 1465 අතර කාලයේ ලියැවුනු සැලලිහිණි, ගිරා හා කෝකිල සංදේශයන්ගේ සදහන් වන්නේ මෙම පෙදෙස් ආර්ය චක්‍රවර්තීන් විසින් පාලනය කල බවක්ය.  ක්‍රි.ව. 14 වන සියවසේදී රයිගම , ගම්පොල හා යාපා පටුන රාජධානියන්හි පිළිවෙලින් අලකේෂ්වර , තුන්වන බුවනෙකබාහු හා ආර්ය චක්‍රවර්තීන් රජ කල බව රාජාවලියෙහි සඳහන් වේ.

 යාල්පානම් යන්න පැරණි මිත්‍යා කතාවක් මත පදනම් වූවක් බව සමහරුන් විශ්වාස කරයි. ඉන්දියාවේ පන්නාර් පවුලට අයත් අන්ධ වීණා වාදකයෙක් බිරිඳගෙන් බේරීමට බැරිව රැකියාවක් සොයාගෙන ලංකාවට පැමිණියේය. යාල් යනු වීණාව හා සමාන වාද්‍ය භාණ්ඩයකි. ඔහුගේ දක්ෂ වාදනය අසා ඉමහත් සතුටට පත් රජු යාපනේ පෙදෙස ඔහුට තෑගි කලේය. මෙම කාලයේ යාපනය මිනිස් වාසයෙන් තොර ඝන කැලෑවක් යැයි පැවසේ. ආපසු දකුණු ඉන්දියාවට ගිය ඔහු එහෙන් මිනිසුන් ගෙනැවිත් කැලෑ එළිකර යාල් පානා නාඩු පිහිටුවා ගත් බව කියවේ. එය පසු කලක යාල්පානම් බවට පත් වීලු. කෙසේවෙතත් ඉතිහාසය පිලිබඳ බොහෝ විද්වතුන් මෙම කතාව විශ්වාස කරන්නේ නැත.

 බුදුරජාණන්වහන්සේ ලංකාවට පැමිණෙන විට මෙම භූමිය හෙළයන් විසින් සංවර්ධනය කල එකක් විය. වාර්තාගත ඉතිහාසයේ මෙම පෙදෙස කැලයකින් වැසී තිබුනු බව නොපැවසේ.

 ක්‍රි.පූ. 247 දී සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය ද වැඩම කරවාගෙන දඹකොළ පටුනට ගොඩබැස්ස බව කියවේ. එම පිරිස පිළිගනු ලැබුවේ දෙවන පෑතිස් රජු විසිනි. මෙම ස්ථානයේ එනම් දඹකොළ පටුනේ ජම්බුකොළ විහාර වැන් සිද්ධස්ථාන රාශියක් ඉදිකල බව පැවසේ. ඉතිහාසය පිලිබඳ මෙවන් පසුබිමක් තිබියදී ක්‍රි.ව. 101 දී දිවයිනට පැමිණියා යැයි කියන සංගීතකාරයාට මෙම භූමිය තෑගි ඔප්පුවකින් ලබා දුන් බව පිලිගත නොහැක.

 ආරම්භයේ පටන් මහාවංශයේ යාපනය ගැන සදහන් වන නමුත් 14 වන ශතවර්ෂය වන තුරු දෙමළ බසින් යාපනය ගැන කිසිවක් සඳහන්ව නොමැත. පෘතුගීසි ආගමනය සමඟ යාපනේ දෙමල ජනතාව බහුල විය. දෙමළ ඉහිහාසය ගැන ලිඛිත වාර්තාවක් නොවූයෙන් 1736 දී සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් මයිලවාන ප්‍රලවර් නැමැති දෙමළ උගතා ලවා දෙමළ ඉතිහාසය ලියවනු ලැබීය. එය යාල්පාන වයිපාව මලෙයි නම් විය.

 පෘතුගීසි ලන්දේසිහා ඉංග්‍රීසීන් විසින් උතුරු නැගෙනහිර පලාත්වල දුම්කොළ වැවීම සදහා මලබාර් ජනතාව ලංකාවට ගෙනාවේය. 1824 සංගණය අනුව 4.5% පමණකි. 1881 දී පොන්නම්බලම් අරුනාචලම් විසින් ලංකාවෙ සිටින සියලු මලබාර් දෙමළුන් ලංකාදෙමළ ලෙආ නීතිගත කර ඔවුන්ට ලංකාවට අයිතියක් කියා පෑම තහවුරු කලේය. 1881 සිට ලංකා මලබාර් වැසියන්ව ලංකා දෙමළ ලෙස හැදින්වීමට පටන් ගත්තේය.

 බී හෝර්ස් බර්ග් ,ජේ පී ලෙවිස් යන බ්‍රිතාන්‍ය ජාතික උගතුන් දෙදෙනාත් ගරු ඤාන ප්‍රකාසම් පියතුමාත් ගරු එස්. ඩබ්ලිව්. කුමාරස්වාමි පියතුමාත් මූලාරම්භයේදී යාපනේ සිංහලයන් මගින් ජනාවාස වූන්බවත් පසුව ද්‍රවිඩයන් එහි පදිංචි වූවාට පසු සිංහල නම්ගම් දෙමළට බිඳී ගිය බවත් සාධක සහිතව ඔප්පු කර තිබේ.

මූලාශ්‍ර:

1)පුරාණ ලංකාවේ ගම්දොර විත්ති- ජී.ඇම්.සේනාරත්න

2)ලංකා ඉතිහාසය 1 කොටස - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව

3) http://www.divaina.com/2017/04/16/feature04.html


මේවටත් උත්තර දුන්නනන්...

1)ඩොලර් 10 ක් ඉල්ලලා ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑක්ලින් රූස්වෙල්ට් වෙත ලියුමක් යැවූ සුප්‍රකට පුද්ගලයා කව්ද?

2)අවශ්‍යතාව පරිදි ස්ත්‍රී පුර්ෂ භාවය වෙනස් කල හැකි සතෙක් නම් කරන්න.

3)බොහෝ මාළුවන්ගේ පිටත අඳුරු පැහැයක්ද යටි පැත්ත ලා පැහැයක්ද ගන්නේ ඇයි?

39 comments:

  1. යාපනේ හෙවත් යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් විමුක්ති සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.

    ක්‍රිස්තු වර්ෂ 11වන සියවස තෙක් ප්‍රධාන වශයෙන් සිංහලයින් සහ දකුණු ඉන්දීය වෙළන්දුන් ගැවැසි නුව‍රක් වූ මෙම නුව‍ර 11 සිට 15වන සියවස දක්වා මලබාර-දෙමළ ජාතික ප්‍රාදේශීය රජ ප‍රපුරක අගනුව‍ර විය. ඉන්පසුව පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික පාලනයට යටත්ව, ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක්ව පැවතුණි.

    ReplyDelete
  2. යාපනය රාජධානිය (ආර්ය චක්‍රවර්ති රාජ්‍ය) යනු මධ්‍ය කාලීන යුගයේ දෙවතාවක් බිහිවී අහෝසිවූ ලක්දිව (වර්ථමාන ශ්‍රී ලංකාවේ) උතුරේ තිබුණු රාජ්‍යයකි.

    ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ලක්දිව ආක්‍රමණයෙන් එම දිවයිනේ උතුර පාණ්ඩ්‍යය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විිය. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)

    1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.

    රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගෙ‍‍ාස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ‍ෙගයි චක්‍රවරිති නැමැත්තා‍ෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රපාල මහතාගේ Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna නිබන්ධනය මම කියවලා තියෙනවා... මේක එයා ආචාර්ය උපාධිය සඳහා කරපු නිබන්ධනයක්... ඔයා ලියලා තියෙන කරුණු මේ නිබන්ධනයේ තියෙනවා... කොහොම උනත් මේ නිබන්ධනයේ තියෙන තොරතුරු තරමක් මතබේදාත්මකයි... සත්‍යමයි කියන්න බෑ...

      Delete
  3. ස්තුතියි මිතිල

    ReplyDelete
  4. Answer for #3:
    මේක ස්වභාවික ආරක්ෂණ උපක්‍රමයක් නේද? උඩින් සිට බලන්නෙකුට පතුලට සමාන අඳුරක් සහ යටින් බලන්නෙකුට අහසට සමාන දීප්තියක් ලැබීමෙන් ඔවුන්ව විලෝපිකයින්ගෙන් ආරක්ෂා වෙනවා.
    ඉගෙනගත් දෙයකින් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ලිඛිතා... මේකට කියන්නෙ වේශාන්තරණය...

      Delete
  5. හොඳ ලිපියක් මිතිල.

    ජයවේවා!!!

    ReplyDelete
  6. ඔයා හරියට බුද්ධාගමේ කෙනෙක් වගේනේ.
    මම දන්න හැටියටනම් සිංහල ක්‍රිස්තියානි කාරයෙක් දෙවියන් වහන්සේ විශ්වාස නොකපත්,පාප් වහන්සෙට බැන්නත්, ජේසුස් වහන්සෙට බැන්නත්, මරියතුමියට කුණුහරුපයක් කිව්වත්,

    දෙමළ ජාතිවාදයට විරුද්ධ වචනයක් කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕනෙ මාව ආගම් ලේබල් එකකින් හදුන්වනවට නම් මම කැමති නෑ... මම මේ ලිපියෙන් ජාතිවාදයක් අවුස්සන්න උත්සහ කරේ නෑ... ඉතිහාසය ඇත්ත ඇතිසැටියෙන් ඉගෙන ගන්න උවමනා නිසයි මෙහෙම ලිව්වෙ...

      Delete
  7. මිතිල මල්ලි මේ ලිපියෙන් අදහස් කරන්නේ අතීතයේ යාපනයේ ද්‍රවිඩ ජනයා සිටියේ නැති බවද? මේක බොහොම විවාද සම්පන්න කාරණයක්. මං කවදාවත් මෙහෙම දෙයක් අහලා තිබුනේ නැහැ. මෙම ලිපියේ තව කොටසක් තිබෙනවද? තවත් විස්තර තිබුන නම් හොදයි කියලා හිතුන. මල්ලි ගොඩක් මහන්සි වෙලා විස්තර හොයලා, ෆොටෝස් හොයාගෙන ලිපි සකස් කරනවා නේද. ගොඩක් ස්තුතියි. ඔයාගේ බ්ලොග් එකේ ලිපි ගොඩක් වැදගත් වෙනවා අපිට අධ්‍යනය කටයුතු වලටත්.

    දිලිනි සුමනසේකර

    (මගේ ඊමේල් එකවුන්ට් එකෙන් ලොග් වෙලා කොමෙන්ට් දාන්නේ කොහොමද? මං ඒක දන්නේ නෑ. ස්තුතියි)

    ReplyDelete
    Replies
    1. මේක ගැන සරලව නන් කියන්න අමාරුයි... ටිකක් ගැඹුරු මාතෘකාවක්... ඔයාට මේ සම්බන්ධව තොරතුරු හදිස්සිනම් මම ලින්ක් කිහිපයක් දෙන්නම් ඒවයේ මේ ගැන විස්තර තියෙනවා...

      කාර්තිගේසු ඉන්ද්‍රපාල

      Delete
    2. http://www.divaina.com/2017/04/30/feature04.html

      http://www.divaina.com/2017/04/16/feature04.html

      Delete
    3. කමෙන්ට් එක දාද්දු ගූග්ල් අකවුන්ට් ක්ලික් කරන්න anonymous වෙනුවට... ඊට පස්සෙ අකවුන්ට් එකට ලොග් උනාට පස්සෙ කමෙන්ට් එක දා තැහැකි...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මිතිල හොඳ ඉතිහාසඥයෙක්. අනාගතයේ ලංකාවෙන් බිහිවුන හොඳම අය අතරට එයි.

    හුඟක් ඉතිහාසඥයන් කරන වැරැද්දක් තමයි තම පුද්ගලික biases and prejudices තම ගවේෂණ හා ලියවිලි ඇතුලට එකතු කරන එක. එයින් නොදැනීම එක පැත්තකට බර වෙනවා. ඊට පස්සෙ තම මතයට වාසි සාධක වැඩියෙනුත් , අවාසි සාධක අඩුවෙනුත් විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා.
    රසායන විද්‍යාව වගේ විෂයයක විද්‍යාඥයෙක් තම ජාතිය, ආගම, රට ආදී දේවල් වලින් තම විෂයයට බලපෑමක් ඇති කරගන්නේ නෑ. ඒත් බොහෝ ඉතිහාසඥයන්ගේ පුද්ගලික දේ විෂයයට බලපාන බව පේනවා. ඇත්ත ඉතිහාස scholar කෙනෙක් එහෙම නොවිය යුතුයි. මිතිල එහෙම නොවී ඉතිහාසය , ඉතිහාසය වෙනුවෙන් මිස වෙන කිසිවක් සඳහා නොවන ලෙස හදාරන කෙනෙක් වෙයි කියලා මට හිතෙනවා.

    1.ෆිඩෙල් කැස්ත්‍රෝ
    2. ක්ලවුන් ෆිශ් වගේ මාලු එහෙම වෙනවා. කුකුලන්ගේ වෙන අවස්ථා තියනවලු.
    ඒත් හයිනා එහෙම කරනවයි කියන එක මිත්යාවක්. ගැහැණු හයිනාවන්ගේ අවයව නිසා ද්වි ලිංගික වගේ පෙනෙනවා විතරයි

    Lewis = ලුවිස්

    ReplyDelete
    Replies
    1. ප්‍රා.ජේ... ඔයා කියන එක හරි... ඉතිහාසය ඉගෙන ගන්න ඕනෙ ඉතිහාසයට තියෙන කැමැත්තට මිසක් තම තමන්ගේ මතයන් මුදුන්පත් කරගන්න නෙමේ... මේ ලිපියෙන් මම මගේ මතයක් කියන්න උත්සහ කරේ නන් නෑ... ගැඹුරින් ලියන්න ඕනෙ මාතෘකාවක් කෙටියෙන් ලිව්ව හන්දා සමහරවිට පැත්තකට බර වෙලා වගේ පේන්නත් පුලුවනි... මම ක්‍රිස්තියානි කෙනෙක්නේ... මුල් කාලෙ ලිව්ව වසංගත දහය ගැන ලිපිය සම්පුර්ණයෙන්ම ඉතිහාස තොරතුරු පදනම් කරගෙන ලිව්වෙ... ඒත් ආගමේ මේ දේවල් ගැන උගන්නන්නෙ වෙනත් විදිහකට... මම මගෙ ආගමික මත ගැන හිතුවනන් අර වගේ ලිපියක් ලියවෙන්නෑ... නැවතත් ස්තූතියි ප්‍රා.ජේ....

      Delete
    2. පලවෙනි උත්තරේ හරි... දෙවෙනි එකට මම හිතපු උත්තරේ නන් ලියලා නෑ... ඒත් උත්තර හරි...

      Delete
    3. ප්‍රා ජේ මොන අදහසකින් කොමෙන්ට් එක් දැම්මද දන්නෙ නෑ. නමුත් මිථිලගෙ පෝස්ට් එකේ කිසිම පැත්තකට බරවීමක් මට නම් පේන්නෙ නෑ. ප්‍රා ජේ සමහර විට මේ ගැන වෙන මතයක් දරනව ඇති.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @Subodha,
      I was not finding fault with Mithila's post. I was merely pointing out the fact that some historians (perhaps, the majority of the current SL historians) let their scholarly work be influenced by personal factors like country,race and religion.
      I like pure scholarship. In scholarly work only to have the love of the subject-history.
      I was expressing the confidence from what I have gathered from his writings up to date that Mithila is likely to become such a scholar.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  10. ස්තුතියි ලිපියට.

    දෙවෙනි එකට උත්තරේ මුහුදු අශ්වයා ද?

    ReplyDelete
    Replies
    1. මුහුදු අශ්වයාගේ ගැහැණු පිරිමි භේදය හොයාගන්න තරමක් අමාරුයි... ප්‍රා.ජේ. දීලා තියෙන උත්තර හරි... ඒ සත්තුන්ට අමතරව සතෙක් කිව්වොතින් මුතු බෙල්ලාටත් ස්ත්‍රී පුර්ෂ භාවය වෙනස් කරන්න පුලුවන්... පිරිමි සත්තු වෙලා ඉපදිලා අවුරුද්දකට දෙකකට පස්සෙ ගැහැණු සත්තු වෙලා බිත්තර දානවා... ඊට පස්සෙ ආයෙ ඕනෙනම් පිරිමි සතෙක් වෙන්න පුලුවන්...

      Delete
  11. එල බන් තව ලියපන්කෝ ඔය ගැන. මොකද ඇත්තටම සෑහෙන වටිනවා බන් ඕවා ගැන දැනන් ඉන්න එක.

    ReplyDelete
  12. පුළුවන්නම් පස්සෙ වෙලාවක 1586ට කලින් උඩරට රාජ්‍ය ගැනලියන්න. මම හිකන්නේ එහි තිබුනේ ගනතන්ත්‍ර ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. පෘතුගීසීන් එන්න කලියෙන් උඩරට රාජ්‍ය ගැනනේ ඔය කියන්නේ... පෘතුගීසීන් ආවෙ 1515 වගේනේ...

      Delete
  13. ස්තූතියි මලේ
    වැදගත් පෝස්ට් එකක්..
    :-) :-)

    ReplyDelete
  14. මමනම් මේ නම් වලින් ආසම දඹකොල පටුන කියන නමට ඒකේ හරි අපූරු නමක්.

    ReplyDelete
  15. වැදගත් ලිපියක් ොඩක් ස්තුතියි ලිවුවට

    ReplyDelete

පුරාණ ඊජිප්තුව සහ ඤාව්වෝ

 පුරාණ ඊජිප්තු වැසියන්ට සතුන් කෙරේ විශාල ගෞරවයක් තිබුණි. එනමුත් අන් සතුන්ට වඩා පූසන්ට මෙම ශිෂ්ටාචාරය තුල වැඩි ගෞරවයක් දක්නට ලැබුණි. ඊජිප්තු ...