Monday, June 12, 2017

අඹ ගහ යට අඹ අහුලන පැටික්කී


   උඩරට රාජධානිය වසර පනහකටත් අධික කාලයක් පාලනය කල නරපතියෙකි II වන රාජසිංහ. ගන්නෝරුව සටන, රන්දෙනිවල සටන ආදියෙන් ජය ලැබීමෙන් තම දක්ෂතාවය මැනවින් පිලිඹිබු කල නිසා මොහු "රාසිං දෙවියෝ" නමින්ද ප්‍රකට වීය.

  කවියට හා කලාවට පෙම් කල මොහු අනෙක් උඩරට රජවරුන් මෙන් ස්ත්‍රීන් හඹා ගිය සල්ලාල ගමන් පිලිබඳව ඇති ජනකතාද රාශියක් පවතියි. තම රාජධානිය තුල රටවැසියන් ගෙවන ජීවිතය අධ්‍යනය කිරීමට වෙස්වලාගෙන රාජධානිය තුල සක්මන් කිරීම සාමාන්‍යයෙන් රජතුමා අතින් සිදු කෙරුණි.

  උඩරට රාජධානියට ආරක්ෂාව සැපයූ ප්‍රධාන ක්‍රමයක් වූයේ එහි ස්වභාවික පිහිටීමයි. රාජධානියේ සිට පහතරට මුහුදුකර පළාතට යාමට තිබුනේ ගිරි දුර්ග අතරින් වැටුනු මාර්ග කිහිපයකිනි. රාජධානියේ සිට දිවයිනේ උතුරු ප්‍රදේශයට යාමට තිබුනේ බොක්කාවල ග්‍රාමය හරහා වැටී තිබුණු දුර්ග මාර්ගයයි. මේ හේතුව නිසාවෙන් බොක්කාවල කඩවතේ තිබූ මුර පොළ රාජධානියේ ආරක්ෂාව උදෙසා ඉතා වැදගත් විය. මෙම කඩවත හා බැඳුණු ජනකතා උඩරට වැසියන් පැරැන්ණන් අතර පවතියි.
රොබට් නොක්ස්ගේ An Historical Relation Of the island Ceylon ,1693 ග්‍රන්ථයේ දැක්වෙන දෙවන රාජසිංහ රජු.

 දිනක් රජතුමා  බොක්කාවල මුර පොළේ වැඩකටයුතු හරියාකාරව සිදුවන්වාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා දිළින්දෙකු ලෙස වෙස්වලාගෙන ගියේය. මේ ගමන අතරතුර එක් ගමක අඹ ගසක් යට අඹ අහුලමින් සිටි සුරූපී කාන්තාවක්ව දුටු රජතුමාට ඈ කෙරෙහි සිත් වීය. ඇය හා දොඩමළු වී හාදකමක් පැවැත්වීමේ අටියෙන් රසකාරක දැමූ බුලත් විටක් ඇයට පිරිනැමීය. මෙවැන් විටක් එකල සාමාන්‍යයෙන් භාවිතයට ගත්තේ ප්‍රභූවරුන් පමණි.

 තමා අසලට හදිස්සියේම පැමිණ මෙසේ දොඩමළු වන පුද්ගලයා දෙස ඇය බැලුවේ පිළිකුල් සහගතවය. රජතුමා දුන් බුලත් විටත් ඈ ප්‍රතික්ෂේප කලේය. මෙයින් කුපිත වූ රජතුමා මෙසේ කියා ඇත.

 අඹ ගහ යට අඹ අහුලන    පැටික්කී
 අඹරුප්පට රජු ආවා         නොදන්නී
යතුරු බුලත් දුන්නට අත   නොගන්නී
තිත්ත දෙමට පොතු කාපිය   හිඟන්නී


 තමන් ඉදිරියට පැමිණ මෙසේ කෝපයෙක් කෑ ගසන නාදුනන්නා පැවසූ වදන් ඇයගේ කනෙහි වැටෙත්ම ඈ මෙසේ පැවසීය.

 තොපේ රටේ කී මීගොන් සේම     කතා
අපේ රටේ නොකියන් ඔය ඔමරි     කතා
පීරෙන් පීර ගෑවා වැනි අපේ           කතා
මිට සඟවන සවරමකින් දෙමිය       බැටා


 තම කීර්තිය උඩරට රාජධානිය තුල පැතිරවූ රාසිං දෙවියන්ට මෙම කාන්තාවගේ පිලිතුරු කවිය නිසා කීමට කිසිත් නොමැතුව නිහඬව තම ගමන ගොස් ඇත.

 මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය ලේකම් බල ප්‍රදේශයේ බොක්කාවල නගරයට නුදුරින් පිහිටි "අඹරුප්ප" ග්‍රාමයට මෙම නම ලැබී ඇත්තේ මේ හේතුව නිසාවෙන් බව පවසයි.

මූලාශ්‍ර : උඩරට රාජධානියේ සැඟවුනු විරු චරිත - තිස්ස මාලගමුව

මේවටත් උත්තර දුන්නනන්...

1)පිරමීඩ සෑදීමේ කලාවේ ආරම්භක රජු කව්ද?

2)පත්තිරිප්පුව නිර්මාණයේ මහමොළකරු කව්ද?

3)නැපෝලියන්ගේ අවසන් වදන් මොනවාද?

40 comments:

  1. 3.“France… Army…Head of the Army… Josephine”
    2. උනම්බුවේ දිසාව
    1. Imhotep මේක නම් හරිද කියල කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඉම්හොටෙප් තම හැදුවෙ... හැබැයි මෙයා රජතුමා නෙමේ... අනික් උත්තර දෙක හරි... ස්තූතියි සෙව්වන්දි බ්ලොග් එකට ගොඩ වුනාට... ජයවේවා...

      Delete
  2. Rajasinghe the Eleventh වගේ ලියල තියෙන්නෙ. :-DDDD

    ReplyDelete
    Replies
    1. ඔව්මයි දැනුයි ඒක දැක්කෙ... ඉරිකෑලි දෙකට I අකුරු දෙකක් දාන්නන්... ජයවේවා ...

      Delete
  3. නියමයි....

    එක ප්‍රශ්නයක්...
    දැන් ඔය ස්ටේනෝග්‍රෆර් වරද්දන්නෙ නැතුව ලියාගත්ත නේද කවිය? හම්මේ ලොකු දෙයක්!

    මතකද?

    හි හි හි

    ReplyDelete
    Replies
    1. :D ඔව් ඔව් මතකයි මතකයි.... මේක ජනකතාවක්නේ...

      Delete
    2. එතකොට රජතුමාගේ අකවුට් එකට කවි ලිව්වේ/කිව්වේ කවුද?

      Delete
    3. එහෙම ඉතින් කෙනෙක් කියන්න බෑනේ... සමහරවිට රජතුමා මෙහෙම කිව්වෙ නැති වෙන්නත් පුලුවන් ... මේවා උඩරට මිනිස්සු අතර තිබ්බ ජන කතා...

      Delete
    4. කමෙන්ට් එකක් එක්ක ලින්ක් එකක් දාන්නෙ කොහොමද ලිඛිතා...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අය්යෝ සොරි, එනකොට පරක්කු වෙලා. වැඩේ හරි ගියාද?

      Delete
    7. ඔව් වැඩේ හරි ගියා... මහේෂ් අයියා කියලා දුන්නා...

      Delete
  4. හොඳ ලිපියක්.//බොක්කාවල ග්‍රාමය හරහා වැටී තිබුණු දුර්ග මාර්ගයයි//මේ කියන්නේ ගලගෙදර කපොල්ල ගැන නේද?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් බ්ලොග් එකට පිලිගන්නවා බක්කරේ... ගලගෙදර කපොල්ල තමා... මහනුවර කුරුණෑගල මාර්ගයේ තමා මේක වැටිලා තියෙන්නේ... ජයවේවා ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. රජුයි ළඳකගෙයි ඇතිවූ දෙබස් කතා
    අගෙයි ළඳත් කිව් ඒ කවිකාර කතා
    හිතයි මටත් දෙන්නට කවියෙන්ම ගොතා
    වටියි මිතිල ලියනා ඉතිහාස කතා.....

    ජයවේවා!!!

    ReplyDelete
  6. දෙයියන්නෙ වෙල සම්බන්ධවත් ඔය සමානවම කතාවක් තියේ නේ.. මට හරියටම මතක නං නෑ
    ඉස්කෝතුයි

    ReplyDelete
    Replies
    1. බුකියට මැසෙජ් එකක් දාපම් මලේ ලිංක් දාන විදිය කියන්නං
      දෙපාරක් කමෙන්ට් කලා පොඩි අවුලක් වෙලා කමෙන්ටුවම ලිංක් එකක් වගේ වෙනව
      මට බොලාව බුකියෙ හොයාගන්න බෑ

      Delete
    2. මං බුකියෙ මෙසේජ් එකක් දැම්මා... බලන්ට...

      Delete
  7. අම්මෝ දවල් ඇවිත් කියවලා ගිහින් දැන් කමෙන්ට් එකක් දාන්න අවම මෙන්න ඇදුමත් මාරු කරලා.. මටනම් ටිකක් කලින් ඇදුම තමා ලස්සන මේකට වැඩිය

    ReplyDelete
    Replies
    1. එක හිත දෙතැනක නතර වෙලා සිංදුව අහලා තියෙනවනේ...  බ්ලොග් ඩෑෂ්බෝඩ් එකේ තීම් එකට ගියාම මගෙ හිත කිහිප තැනකම නතර වෙනවා... :D ඒ හන්දා එක එක ඇඳුම් අන්ද අන්ද බලනවා මොකද්ද හොද කියලා...

      Delete
  8. ඉස්සර මිනිස්සු කතා කරලත් තියෙන්නෙ කවියෙන්මද මංදා !!

    ReplyDelete
    Replies
    1. :D මේවා ඉතින් ගම්වල මිනිස්සු අතර ඇතිවුන කතානේ... ඕවයේ ඇත්ත නැත්ත හරියට කියන්න බෑ... කොහොමත් ඔය වගේ ජනකතා බර ගානක මිනිස්සු කතා කරලා තියෙන්නෙ කවියෙන් තමා... :D

      Delete
  9. ස්තුතියි වෙනදා වගෙම දැනුමට යමක් එකතු කලාට.

    ReplyDelete
  10. Rasawath lipiyak,kavi deka Nam lassanai

    ReplyDelete
  11. Josapin ව මටත් අමතක කරන්න බෑ මිතිල ,, නියම ලිපියක්

    ReplyDelete
    Replies
    1. ජොසෆින් ගැන ඔයත් ලියලා තිබ්බනේ... ස්තූතියි සහෝ ලිපිය කියෙව්වට...

      Delete
  12. හරිම හොඳ වටින ලිපියක්.

    ReplyDelete
  13. නැපෝලියන් ජොසපින්ට ලියපු ආදර හසුන් වල ආදරය වගේම ඉතිහාසයත් තියේවි
    හැකි නම් මේ බ්ලොගයට එක් කරන්න වටීවි...

    ලිපිය හරි අපූරුයි

    ජයවේවා මිතිල!!!

    ReplyDelete
    Replies
    1. නැපෝලියන් ජොසෆින් ගැන කියනවනන් රස කතා බෝමයි... ඒවත් ලියන්නම් ඉස්සරහට... ස්තූතියි ඉෂානි...

      Delete
  14. ලස්සන කතාවක්...

    ReplyDelete

මරණයේ රැඟුම

 ලෝක ඉතිහාසය ගත් කල යුරෝපයේ මධ්‍යකාලීන අවධිය විශේෂිත ස්ථානයක් දරයි. මෙය අදුරු යුගයක් ලෙස ඉතිහාසඥයන් විසින් හදුන්වයි. එයට හේතු වන්නේ මෙම කාල...