Saturday, June 17, 2017

කුමාරදාස රජතුමා හා කාලිදාස කවියා


  මුගලන් රජුගේ පුත් කුමාරදාස රජතුමා හොද කවියෙක් විය. ඔහු ජානකීහරණයට අමතරව තවත් කාව්‍යයන් රචනා කර තිබේ. ඔහුට හොද මිත්‍රයෙක් ඉන්දියාවේ සිටියේය. ඔහුද හොද කවියෙකි. මෙම ප්‍රසිද්ධ කවියා සේවය කලේ ඉන්දියාවේ බොජා නම් රජුගේ රාජසභාවේය. කුමාරදාස රජතුමා තමන් විසින් ලියන ලද ජානකීහරණය නම් කාව්‍ය පුස්කොළ පොත ඉන්දියාවේ බොජා රජු වෙත යැව්වේය. මෙම රජතුමාද ඉතා හොද කාව්‍ය රසාස්වාදයක් තිබූ අයෙක් වීය.

  ඉන්දියාවේ එකල තිබූ සම්ප්‍රදායක් අනුව බොජා රජු විසින් කුමාරදාස රජුගේ ජානකීහරණය කාව්‍ය පුස්කොළ පොත තම මංගල හස්ති රාජයාගේ වලිගයේ ගැටගසා වීදි සංචාරයේ යැවීමට තීරණය කලේය.

 පෙරහැරේ යාමට නියමිතව තිබූ ජානකීහරණය පුස්කොළ පොත ගැන කාලිදාස කවියාට දැනගන්නට ලැබුණි. [ප්‍රථම සංදේශ කාව්‍ය කාලිදාසයන් විසින් රචනා කර ඇති අතර එය මේඝදූතය නම් වේ]  ඔහු මෙම කාව්‍ය ග්‍රන්ථයෙහි වැකි කිහිපයක් පමණක් කියවූ පමණින්ම මෙය අනර්ඝ ග්‍රන්ථයක් බව වටහා ගත්තේය. මේ නිසා මෙම ග්‍රන්ථය මංගල හස්ති රාජයාගේ වල්ගයේ එල්ලා වීදි සංචාරයේ යෙදවීම වෙනුවට තම හිස මත තබාගෙන වීදි සංචාරයේ යෙදීමට කාලිදාස කවියා ඉටා ගත්තේය.

 මුලු කාව්‍ය ග්‍රන්ථයම කියවීමෙන් පසු සිංහල රජතුමා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට කාලිදාසට උවමනා විය. මේ හේතුවෙන් ඔහු බොජා රජුගේ රාජ සභාවෙන් පිටත්ව ලංකාවට ආවේය. ලංකාවට පැමිණි ඔහු රජු සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගත්තේය. කාලිදාස ඉතා ඉක්මනින් සිංහල බස ඉගෙනගත් අතර ඔහු ඉන්දියානු පොත් ලිව්වා සේම සිංහලෙන්ද කාව්‍ය රචනා කිරීමට පටන් ගත්තේය.

   කුමාරදාස රජතුමා නිතරම මාතරට ගිය අයෙක් විය. එසේ ගිය අවස්ථාවක ඔහු ඉතා අලංකාර නිවසක ලැගුම් ගත්තේය. මෙහිදී ඔහු කවි පද දෙකක් ලිව්වේය. එම කවි පද දෙක සම්පූර්ණ කර කවියක් ලියන පුද්ගලයෙකුට ලොකු ත්‍යාගයක් දෙන බව ඊට පහලින් ලිව්වේය.

 කාලිදාස මහා කවියා මාතරට පැමිණි විටකදී මෙය දැක ඉතා උසස් අන්දමින් ඉතිරි කවි පද දෙක සම්පුර්ණ කලේය. මේ ගැන සිය මිතුරා වූ කුමාරදාස රජු සතුටට පත්ව සිය මිතුරාගේ කාව්‍යකරණය හඳුනාගනිතියි කාලිදාස සිතුවේය.

 එහෙත් කාලිදාස කවියාට රජුගෙන් තෑගිබෝග හෝ ප්‍රශංසාව ලැබුනේ නැත. මාතර පිහිටි මෙම නිවසේ සිටි කාන්තාවක් කාලිදාස කවියා මෙම කවි පද සම්පූර්ණ කරනවා දුටුවේය. රජුගෙන් තෑගිබෝග ලැබීමේ අපේක්ෂාව නිසා මෙම සම්පූර්ණ කල කවි පද වල අයිතිය තමන්ට ලබා ගැනීමට කාන්තාව සිතුවේය. මේ නිසා ඇය හොර රහසේම කාලිදාසයන්ව  මරා දැමූ බව කියවේ. ඉන්පසු මෙම කවි පද දෙක තමන් විසින් සම්පූර්ණ කල බව ප්‍රසිද්ධ කලේය. එනමුත් මෙම කවි පද දෙක මෙම කාන්තාව විසින් සම්පූර්ණ කල බව කිසිවෙක් විශ්වාස කලේ නැත. කුමාරදාස රජුද විශ්වාස කලේ මෙය අති විශිෂ්ට කවියෙකුගේ නිර්මාණයක් බවයි.

 මෙම ඉතිරි පද දෙක කාලිදාසයන් විසින් සම්පූර්ණ කරන්නට ඇති බව කුමාරදාස රජු දැනගත්තේ ඔහු කාලිදාසයන්ගේ කවීත්වය හොදින් හදුනාගෙන සිටි බැවිනි. මේ හේතුවෙන් රජතුමා කාලිදාසට ත්‍යාග පිරිනැමීම සඳහා සෙව්වේය. එනමුත් කිසිවෙක් කාලිදාසයන් ගැන තොරතුරු දැන සිටියේ නැත. වැඩිදුර සොයා බැලීම් වලදී කාලිදාසයන්ගේ මළ සිරුර සොයාගැනීමට හැකිවිය. තමන්ගේ හොදම මිතුරෙක් වූ කාලිදාසයන්ව මරා දමා ඇති බව දැනගත් කුමාරදාස රජු මහත් සංවේගයට පත්විය.

 කාලිදාස කවියා ආදාහනය කිරීමට විශාල චිතකයක් සාදා එය තමන් විසින්ම ගිනි දල්වන ලදි. කුමාරදාස රජුට තම ශෝකය දරාගත නොහැකිව සැවොම බලා සිටියදීම දැල්වෙන චිතකයට පැන මිය ගියේය.

 කුමාරදාස රජු මියයන විට ඔහුගේ පුත් කීර්තිසේන බාලවයස්කාරයෙක් විය. මීට මාස නමයකට පසු ඔහු සිය මාමා අතින් මැරුම් කෑවේය. මෙසේ සුවච මිතුරන් දෙදෙනෙකු වූ රජෙකුගේ හා කවියෙකුගේ කතාව මරණයෙන් කෙළවර විය.

මූලාශ්‍ර: Stories from the history of ceylon - Marie Musaeus Higgins

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1)අපි ඈනුමක් අරින විටදී බාහිර ශබ්ද ඇසීමට අපහසු වන්නේ ඇයි?

2)සීතල දැනෙනකොට අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි?

3)චුයින්ගම් කට ඇතුලෙදි දත්වල හෝ දිවෙහි ඇලෙන්නේ නැහැ. හැබැයි කටින් එලියට ගත්තම ඇගිලිවල , කොණ්ඩෙ සපත්තු අඩි ආදියෙහි ඇලවෙනවා. මේකට හේතුව මොකක්ද?

36 comments:

  1. 1.යුස්ටේකීය නාලය වැසීම
    2.මයිල් කෙලින් වීමට
    3.තෙත්වී ඇති නිසා.

    ReplyDelete
  2. ++++++

    2. Muscles tense up. Hair becomes erect. Skin around hair bunch up.

    ReplyDelete
  3. මං අහලා තියෙන්නේ වෙන විදියකටනේ...

    කාලිදාස කවියාත් කුමාරදාස රජුත් මිත්‍රයන් බවත්, දෙදෙනාම එකිනෙකාට රහසේ එකම ස්ත්‍රීයක් හා සබඳකමක් පැවැත් වූ බවත් එය රජු විසින් අල්ලා ගැනීමට ස්ත්‍රියගේ නිවසේ කවි පද දෙකක් කුරුටු ගා එය සම්පුර්ණ කල කෙනෙක්ට ඇතෙක් බරට වස්තුව දෙන ලෙසද ලිවීය. රජු දැන සිටි අන්දමට එය සම්පුර්ණ කිරීමට කාලිදාසයන් හැර වෙන කිසිවෙකු නොසිටියේය..

    පසුව ඒ කවි පද දෙක දුට කාලිදාසට නිතැතින්ම ඉතිරි කවි කියවිනි. එය ඇසු ඒ පුරඟන වස්තුව ලබා ගැනීමට කාලිදාසටන් මරා එම කවි පද කුමාරදාස රජු හට සැල කලාය.

    එවිට රජුට තමාගේ සැකය ඔප්පු වූ අතර එවිට කාලිදාස මියගොස් තිබු මිසා මිනිය ගොඩ ගෙන රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කලේය. එයටම රජුද පැන සිය දිවි නසා ගත්තායැයිද කියැවෙන බවද කියැවේ. .



    ReplyDelete
    Replies
    1. මෙහෙමයි... ඔය කතාව ගැන මම ලියලා තියෙන එකවත් ඔයා ලියලා තියෙන එකවත් නිශ්චිත නෑ... මේවා ජනකතා ආශ්‍රයෙන් එන ඒවා... දැනට පිලිගන්න ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රයක් වෙන මහාවංශයේ මේ ගැන සඳහනක් නෑ... කුමාරදාස ගැන මහාවංශයේ ලියලා තියෙන ටික මම උපුටලා දාන්නම්...

      [ඒ මුගලන් රජු ඇවෑමයෙහි කුමාර ධාතුසේනය යි ප්‍රසිද්ධ උනු පුතෙක් දෙවියන් සමාන රූ ඇත්තේ මහා බල ඇති රජෙක් විය. පීයහු විසින් කරන ලද ව්ව්හෙර නවකම් කලේය. දහස් සංගායනා කරවා සස්න පිරිසිදු කලේය. සිව්පසින් මහ සඟනු පිණවි. නොයෙක් පින්කම් කොට නව වෙනි වස මලේය. උහු පිත් කිත්සෙන් කුමරු රජ පැමිණ නොයෙක් පරිද්දෙන් පින් කොට නව වෙනි මස් හු ඒ රාජ්‍ය හැරියේය.]

      කුමාරදාස ගැන ඔච්චරයි තියෙන්නෙ... ඒ පිටුවෙ යටින් තියෙනවා කුමාරදාස රජු කාලිදාස වෙනුවෙන් දිවි දුන්නු බව සැලකිය යුතුයි කියලා... මෙවට අමතරව මේ මරණය උන විදිහක් ගැන මහාවංශයේ සදහන් වෙලා නන් නෑ අරූ...

      Delete
    2. අරු කියන විසිතුරු පුරා කතාව මාත අසා තියනවා

      Delete
    3. ඒත් එක්කම ඉතිහාසය හා පුරාකතා වෙන්ව හඳුනා ගැනීමට මිථිල දෙ පිළිතුර සෙසුු පාඨකයන්වත් ඥාණනය කරනවා

      Delete
    4. දැන් ආයේ මේක කියවන්න වෙනවා මිතිල.. ඔලුවට දා ගන්න එපැ‍යි ඇත්ත විස්තරේ. ඔය ඔය විස්තර හොයා ගත්තේ කොහෙන්ද... ඒත් මං විකියත් බැලුවා.. ඒකේ තියෙන්නේත් මං කිව්ව විදියට.. විකියනේ හැමෝම බලන්නේ. එතකොට හැමෝම හිතන් ඉන්න විදිය වැරදි.. ඉතිහාසය හරියටම සාක්ෂි නැතුව කියන්න බෑ කියන්නේ ඕකනේ.. එක්කෙනෙක් එකක් කියනවා. තව එක්කෙනෙක් තව එකක්.. කට කතා වගේ..
      කොහොම උනත් මිතිල ඔයාගේ ලිපි ලිවීම නම් අනර්ඝයි, සාර්ථකයි.. හරිම සතුටුයි ඔයාගේ හැකියාව ගැන..

      Delete
    5. මං දන්න විදිහට කාලිදාසගෙ මරණය මේ විදිහයි...

      http://drackey.blogspot.com/2015/07/blog-post.html

      Delete
    6. @ඩ්‍රැකී ඔයාගෙ ලිපියනන් සුපිරි...

      Delete
    7. @අරූ කමෙන්ට් එකේ දාලා තියෙන විස්තරේනන් මම කෙලින්ම මහාවංශයෙන්ම තමා අරගත්තෙ...

      Delete
    8. රසවින්දනය අගය කරනව (දවල්ට කනගමං-සිරාවටම...)

      Delete
  4. පලමු පැනයට පිලිතුර -

    අප ඈනුම් අරින විට ග්‍රසනිකාව හා මැද කන එකිනෙකට සම්බන්ධ කරන යුස්ටේකීය නාලයට වාතය පිරෙයි. යුස්ටේකීය නාලය තුළ වායු පීඩනය ඉහළ ගිය විට කන් බෙරය වක්‍ර විය හැකි අතර බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ එන ශබ්ද වර්ධනය කිරීමේ හැකියාව ද අඩු වේ. ඈනුම් ඇරීමේ දී අභ්‍යන්තර ශබ්ද වැඩිපුර ඇසෙන්නේත් බාහිර ශබ්ද හරිහැටි නොඇසෙන්නේත් මේ නිසාය.

    ReplyDelete
  5. දෙවන පැනයට පිලිතුර -

    ශීත අවස්ථාවක දී හෝ බය දැනුණු අවස්ථා වලදී අපේ ඇඟේ ඉබේම හිරිගඩු පිපෙයි. මේවා ඇතිවන්නේ රෝම උද්ගාමක පේශි සංකෝචනය වූ විටයි. එවිට ඒවාට සම්බන්ධ රෝම ද කෙලින් වී සමට උඩින් රෝම අතර පරිවාරක වාත ස්ථරයක් පවත්වා ගනියි. මෙය පරිසරයට වන තාප හානිය අවම කර සිරුර උණුසුම්ව තබා ගැනීමට ඉවහල් වේ.

    ReplyDelete
    Replies
    1. මේ තාප පරිවාරක ස්ථරයේ කතාව මිනිස්සුන්ට එතරම් අදාල නෑ කියල තමයි කියන්නේ.

      Delete
    2. සිරුර උණුසුම්ව තියාගන්න මේක විතරක්ම නෙමෙ වෙන්නෙ... වෙව්ලනවා වගේ දේවලුත් වෙනවා...

      Delete
  6. තෙවන පැනයට පිලිතුර -

    චුයින් ගම් වල ඇති බහුඅවයවක සාමාන්‍යයෙන් ජලභීතික වේ. අපේ මුඛය තුළ ස්‍රාවය වන ඛේටය නිසා එය නිරතුරුවම තෙත්ව පවතී. ඉහත බහුඅවයවක ජලය විකර්ෂණය කරන නිසා තෙත්ව පවතින දත් හෝ දිව සමඟ බන්ධන නොසාදයි. එම නිසා ඒවාට නොඇලෙයි. නමුත් මේවා තෙල් වලට ආකර්ෂණය වන නිසා තෙල් සහිත පෘෂ්ට සමඟ ප්‍රබල බන්ධන සාදමින් ඒවාට තදින් ඇලෙයි.

    ReplyDelete
  7. // නිසා ඇය හොර රහසේම කාලිදාස රජුව මරා දැමූ බව කියවේ//
    එක තැනක තියෙනවා කාලිදාස රජු කියලා එක පොඩ්ඩක් හදන්න

    මිතිල මෙහෙ රජ්ජුරුවො එහෙ රජ්ජුරුවොන්ට කවි යවනකොට හා ඒවා කියවනකොට භාෂාව ප්‍රශ්ණයක් වුනේ නැද්ද

    ReplyDelete
    Replies
    1. අර රජු කෑල්ල කපලා අයින් කරා රෝමා... ඉක්මනට ලිව්ව නිසා පොඩි මිස්ටේක් එකක් ඒ... ස්තූතියි පෙන්නලා දුන්නට...

      ඒ කාලේ භාෂා පරිවර්තකයෝ ඉඳලා තියෙනවා...

      Delete
  8. මේවා බලලා කවි ලියන්නත් භය හිතෙනවා....:)
    අපූරු ලිපියක් අදත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පේ දුමී... භය වෙන්ට නන් එපා... ඔයා කවි නොලිව්වොතින් ලොකු පාඩුවක් වෙන්නෙ...

      Delete
  9. මේ කතාව කලින් දැනගෙන හිටියෙ අරූ කියපු විදිහට වුණත් බොජා රජු ගැන අහලා තිබුණෙ නෑ. ස්තුතියි මිතිල හැමදාමත් දැනුමට යමක් එකතු කරනවට....

    ReplyDelete
    Replies
    1. දැනුමට දෙයක් එක්කරන්න ලැබීම සතුටක්...

      Delete
  10. හප්පා... ඒ කියන්නේ අතිදක්ෂ කවීත්වය කියන්නේ මරණිය තර්ජනයක්! ඒකද මන්දා ප්‍රේමකිර්තිටත් උනේ...

    ඒකනේ මමත් මගේ කවි ඒ විදියට ලියන්නේ. මාවත් රාජ උදහසට අහුවෙයි කියල.. නෑ අනේ පිස්සුද.... බොරු නෙවෙයි!අම්මප!!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කවිත් නියමයි...වැඩිකල් යන්න කලින් රාජ උදහසට ලක්වෙයි...:D

      Delete
  11. මං අහල තියෙන්නෙ දෙවන චන්ද්‍ර ගුප්ත අධිරාජ්‍යයගෙ කාලයේ කවීන් නවයක් හිටිය කියල... ඔව්න්ව නව රත්නය කියලලු හැඳින්නුවෙ... ඒ 9 අතර කාලිදාසත් හිටියලු.... ඔබ කියන මේ බොජා රජු දෙවන චන්ද්‍ර ගුප්ත රජුම ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දෙවන චන්ද්‍ර ගුප්ත රජු තමා... සමහරු කියනවා මෙයා වික්‍රමාදිත්‍ය කියලා රජ කෙනෙක්ගෙ රාජ සභාවෙ හිටියාය කියලා... ඒත් වික්‍රමාදිත්‍ය කියලා රජ කෙනෙක් හිටියෙ නෑ...

      Delete
    2. වික්‍රම ආධිත්‍ය කියන්නෙ දෙවන චන්ද්‍ර ගුප්තටම කියපු නමක් මට මතක විදිහට...

      බොහොම ස්තුතියි මිතිල...

      ජයවේවා!!!

      Delete


  12. තව පොඩ්ඩෙන් මේ පෝස්ට් එක මිස් වෙනවා... ඔහොම හුස්මක්වත් ගන්නෙ නැතුව ලියන්න එපා අප්පා අපි පව්...

    ReplyDelete
  13. රජුගෙ නම බොජා නෙමේ - භෝජ

    “අධ්‍ය ධාරා නිරාධාරා

    නිරාලම්බා සරස්වතී

    පණ්ඩිතා ඛන්ඩිතා සර්වේ

    භෝජ රාජා දිවංගතේ

    ධාරාව වියැළී සරස්වතියට වැලේ වැල් නැතිවිය. සකලවිධ පණ්ඩිත කැළ අතරමං කරන ලදී. භෝජ රාජයා දිවංගත වුයේය.“

    මේ භෝජ රජතුමා මියගියා කියල අහල කාලිදාසට ඉබේ කියවුණු කවිය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී... මම වෙනස් කරන්නම්... මම භාවිතා කරපු මූලාශ්‍රයේ තිබ්බෙ බොජා කියලා... ඔය කවිය අද තමා ඇහුවෙ...

      Delete
  14. කුමාරදාස රජු බිත්තිෙය් ලිව්ව කවිය ෙමාකක්ද? ෙමහි පහත අැති කවිෙයහි සංස්කෘත ශ්ෙලා්කය දන්නා ෙකෙනක් ඒවන්න.
    වනබඹරා වනබඹරා මලට වනී.මල ෙනාතලා පැනි උරලා උන් ෙස වැනි

    ReplyDelete
  15. कालिदासस्य जीवनवृत्तिविषये अनेकाः लोकविश्रुतयः अनेके वादाः च सन्ति । केचित् एनं विक्रमादित्यस्य सभायां कविः इति मन्यन्ते । केचित् गुप्तकालीननरेशाणाम् आश्रयं प्राप्तवानिति कथयन्ति । धारानगरे भोजराजस्य सभायां कविरत्नपदभूषितः अभूत् इति कथाकोविदाः कथयन्ति। जनश्रुत्यनुसारं बाल्यकाले सः अतीव मूर्खः आसीत् । विद्याधरया सह तस्य विवाहः अभवत् । मूर्खः पतिः इति ज्ञात्वा विद्याधरा तं कालीदेव्याः आलयं नीत्वा यावत् सा भवते विद्यां न उपदिशति तावत् भवता ततः बहिः न आगन्तव्यम् इति आदिशत् । ततः पत्न्याः कथनानुसारेण तथैव आचरितः कालिदासः कालीदेव्याः वरप्रसादेन विद्वान् अभवत् इति । इयं कथा कालिदासस्य प्रतिभया कविताचातुर्येण च जाता तथ्या तु न इति विदुषां मतिः । यतः जानकीहरणस्य कर्ता राजाकुमारदासः च सप्तमे शतके आस्ताम् इति विद्वांसः निश्चितवन्तः । अतः अयं तस्मिन् काले नासीत् इति वक्तुं शक्यते । इतोऽपि कालिदासस्य कविताचातुर्यं निर्दिश्यमानाः ෙම් අනුව කාලිදාස කවියාෙග් උපන් බිම ෙබාෙහා්විට කාශ්මීරය විය හැකියි.

    ReplyDelete

රුක්මණී දේවියගේ මරණය හා ඊට පසු

හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලත් රුක්මනී දේවි, රුක්මනී වසුන්දරා නොහොත් ඩේසි රාසම්මා ඩැනියල් පිලිබඳව පවසනවානම් බොහෝ දේ ඇත. මාගේ ප්‍රිය...