Tuesday, June 20, 2017

පුරාණ ඊජිප්තුව සහ ඤාව්වෝ

 පුරාණ ඊජිප්තු වැසියන්ට සතුන් කෙරේ විශාල ගෞරවයක් තිබුණි. එනමුත් අන් සතුන්ට වඩා පූසන්ට මෙම ශිෂ්ටාචාරය තුල වැඩි ගෞරවයක් දක්නට ලැබුණි. ඊජිප්තු දෙවි දේවතාවුන් විශාල ප්‍රමාණයක් පූසන් හා සම්බන්ධව පවතියි.

 එකල ඊජිප්තුවේ සිටි මීයන් හා නයින් එහි ධාන්‍ය ගබඩා වලට විශාල හානියක් හෙන දුන්නේය. පූසන් මෙම සතුන් දඩයම් කරන බව පුරාණ ඊජිප්තු වැසියන් දැන සිටියේය. මේ හේතුවෙන් ඔවුන් සිදුකලේ ධාන්‍ය ගබඩා වල මාළු ඔලු වැනි ආහාර කොටස් තැන්පත් කිරීමයි. එමනිසා පූසන් නිරන්තරයෙන් ධාන්‍ය ගබඩා අසල ගැවසෙන නිසා මීයන්ගෙන් හා නයින්ගෙන් ධාන්‍ය ගබඩාවට හානියක් සිදු නොවන බව සිතුවේය. පූසන් පුරාණ ඊජිප්තු ජනතාවට සමීප වූයේ මේ ආකාරයෙනි. මෙම සම්බන්ධය ක්‍රමක්‍රමයෙන් දියුණුව පූසන්ව එහි ජනතාව තම නිවෙස් තුලටද පිලිගත්තේය.

 පූසන්ට ලබ දෙන ආහාර නිවෙස් හිමියාගේ තරාතිරම අනුව වෙනස් විය. පූසන් ඊජිප්තු වැසියන් සමඟ දඬයමටද ගිය බවට සාක්ෂි ඇත. පූසන්ට ගොදුරු අල්ලාගැනීමට තිබූ දක්ෂතාවයටද මිනිසුන් හා හොද සම්බන්ධයක් පවත්වාගත් නිසාවෙන්ද එකල වැසියන් පූසන්ට මහත් සේ ආදරය කලේය. පූසෙක්ව සිහිනයෙන් දුටුවහොත් තමන්ට හොද අස්වන්නක් ලැබෙන බව ඔවුන් සිතුවේය.

  පුරාණ ඊජිප්තු වැසියන් කැලෑ පූසන්ව හා ගෘහාශ්‍රිත පූසන්ව වෙන වෙනම හදුන්වා තිබුනේ නැත. සියලුම පූසන්ව හදුන්වා ඇත්තේ 'miu' [ හෝ 'miut' ] ලෙසයි. මෙම වදන කෙසේ පැමිණියාදැයි නිශ්චිතව කිව නොහැකි මුත් පූසන්ගේ ශබ්දය මේ ආකාර නිසා එම හේතුවෙන් මෙම වදන පැමිණියා යැයි සිතිය හැක. එක් එක් පූසන්ට වෙන වෙනම නම් නොදා සියලු දෙනාට පොදුවේ එක නමකින් එකල ආමන්ත්‍රණය කලේය. එනමුත් මෙම කරුණෙන් පිට පැන්න අවස්ථාද නැතුවා නොවේ. මෙය එතරම් නිශ්චිත නොවුනත් 'Nedjem' ['Sweetie'] හා 'Tai Miuwette' ['the little mewer'] යන නම් වලින් පූසන් දෙදෙනෙක් සිටි බව පවසයි. මෙම පූසන් දෙදෙනා තුන්වන අම්හොටෙප්ගේ වැඩිමහල් පුත්‍රයා වූ තුත්මෝස් කුමරු හා සම්බන්ධව පැවතුනි. එකල කුඩා ගැහැණු දරුවන්වද 'miut' ලෙස හදුන්වා ඇත.

 පුරාණ ඊජිප්තුවට ආවේණික පූසන් වර්ග දෙකක් තිබුණි. ඒ කැලෑ පූසා [Felis chaus] හා අප්‍රිකානු වල්පූසා [Felis silvestris lybica] ය. කාලයත් සමඟ වෙනස් වීමෙන් මෙම පූසන් දෙවර්ගයේ මිශ්‍රණය වර්තමාන ඊජිප්තු Mau පූසන්ට සමානකම් කියයි. මෙම පූසන් ගෘහාශ්‍රිතව ඇතිකිරීමට පටන් ගත් කල සිට පූසන් විවිධ විපර්යාස වලට භාජනය විය. පූසන් පෙරට වඩා වර්ණවත් වීම , ශරීර ප්‍රමාණය කුඩා වීම හා මොළය කුඩා වීම උදාහරණ් ලෙස දැක්විය හැක.

  ලොව සිටින්නාවූ බහුතර පූසන්ගේ මුතුන් මිත්තන් පුරාණ ඊජිප්තු පූසාට නෑකම් කියන බවට සාක්ෂි ඇත. පූසන් ඊජිප්තුවට හදුන්වා දුන්නේ පර්සියාවෙන් හෝ නුබියාවෙන් ක්‍රි.පූ. 2000 වැනි අවධියක බව සමහරුන් මත පල කරයි. එනමුත් මීට පෙර අවධි වලදී ඊජිප්තුවේ පූසන් සිටි බවටද සාක්ෂි නැත්තා නොවේ. පුරාවිද්‍යාඥයින් Asyut අවටදී වලදමා ඇති මිනිසෙකු සොයාගෙන ඇත. ඒ සමඟම පූසෙකුද වලදමා ඇත. මෙය වසර 6000ක් පමණ වයස බව ගණන් බලා ඇත. මේ කාලයේදී පූසන් ගෘහාශ්‍රිතව ඇති නොකරන්නට ඇත. ඊජිප්තුවේ පූසන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට පටන් ගත්තේ ක්‍රි.පූ. 2000 අවධියේදීය. බල්ලන් ගෘහාශ්‍රිතව ඇති කිරීනටපටන් ගත්තේ මීට වසර දහසකට පමණ පෙරය.
 
 සොහොන් වල තිබෙන පින්තූර වල පූසන් මිනිසුන් සමඟ දඩයමේ යන අවස්ථා දැකගත හැකිවේ. එමෙන්ම ඊජිප්තුවේ රැජිණියන් ඉදගෙන සිටින පුටුවට පැත්තෙන් පූසන් ඉඳගෙන ඉන්නා ආකාරයේ පින්තූර එමට දක්නට ලැබේ.

 පූසන් බොහෝ ඊජිප්තු දෙවියන් හා සම්බන්ධව පවතියි. පූසන් රා දෙවියන්ගේ ඇස හා Isis දේවතාවිය හා සම්බන්ධව පවතියි. Miuty නම් පූස් දෙවියෙක් පිලිබදව පුරාණ ඊජිප්තුව පිලිබඳ සොයා බැලීමේදී හමුවේ. මෙම දෙවියාගේ කාර්යභාරය වූයේ රා දෙවියාව ඔහුගේ සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි.

   පුරාණ ඊජිප්තුව තුල බොහෝ සතුන් දෙවියන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිට ඇත. [උදා: කිඹුලා, උකුස්සා සහ හරකා] එනමුත් මෙම සතුන්ව දෙවියන් ලෙස හදුන්වා දී නැත. එහෙත් පූසන්ව අර්ධ දෙවියන් ලෙස එකල සැලකූ බව ඉතිහාසඥයන් මත පල කරයි. එකල පූසන්ට හිරිහැරයක් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් විය.

 මෙහි ප්‍රතිපලයක් ලෙස පූසන්ට හිරිහැර කිරීම නිසා බරපතල දඩුවම් ලැබූ අවස්ථා එමටයි. Bast හි පූසෙක් අත්වැරැද්දකින් මරණයට ලක් වුවත් එසේ කල පුද්ගලයාට මරණ දඩුවම හිමි විය. Diodorus Siculus ගේ සටහන් වල මෙසේ දැක්වේ ; "ඊජිප්තුව තුල පූසෙක් මැරීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි, ඔහු එම වරද උවමනාවන් කලා හෝ නොකලා දඩුවම වෙනස් නොවේ. රෝමන්වරයෙක් අතින් පූසෙකු මැරුණද ඔහුට හිමි දඩුවම වෙනස් නොවේ."

 පූසන්ව අසල්වැසි රටවල්වලට ගෙනයාම තහනම් විය. ඊජිප්තුවෙන් පැහැරගෙන වෙනත් රටවල්වලට ගෙනගිය පූසන්ව නැවත තමන්ගේ මව් රට වූ ඊජිප්තුවට ගෙන ඒමට හමුදා ඒ ඒ රටවල්වලට යැවූ බව පුරාණ ඊජිප්තු මූලාශ්‍ර සාක්ෂි සපයයි. නිවසක ගින්නක් ඇති වූ විට එම නිවසේ සිටින පූසන්ව ආරක්ෂා කර ගැනීමට විශේෂිත වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වූ බව හෙරඩෝටස්ගේ වාර්තා සපයයි.

 ඊජිප්තු වැසියන්ට පූසන් කෙරෙහි තිබෙන ආදරය පර්සියානුවන් විසින් ඔවුන්ට විරුද්ධව යොදාගන්නා ලදි. පර්සියානුවන් යුද්ධයට පෙර පූසන් බොහෝ ප්‍රමාණයක් අල්ලාගෙන පෙලුසියම් ඉදිරිපිට පැවති ඊජිප්තුවන් හා පැවති සටනේදී යුධ පිටිය හරහා පුසන්ව යැව්වේය. බියට පත් පූසන් යුධ පිටිය හරහා දිවයනවා දුටු ඊජිප්තු වැසියන් තමන්ගේ මිතුරන්ට හානියක් වේ යැයි සිතා පර්සියානුවන්ට යටත් විය.

 පූසෙකු මියගිය විට ඒ පූසා අයිතිව සිටි පවුලේ උදවිය තමන්ගේ ඇහිබැමි කැපිය යුතු විය. ඉන්පසු පූසන්ව මමීකරණය කර මීයන් හා කිරි සමඟ භූමිදානය කරයි. බොහෝ අවස්ථා වලදී පූසන්ව භූමිදානය සදහා Bubastis වෙත රැගෙන එන ලදි. එනමුත් Giza, Abydos, Denderah සහ Beni Hasan යන ස්ථානවලද භූමිදානය කල පූසන්ගේ මමීකරණය කරන ලද සිරුරු සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස Beni Hassan හිදී පූසන්ගේ සිරුරු 80000ක් පමණ 1888දී සොයා ගැනීම දැක්විය හැක.

 ලිපිය පිලිබඳව කුඩා හෝ අදහසක් දක්වනවානම් ඉතා කෘතඥ වෙමි.

මූලාශ්‍ර:

1) http://www.catmuseumsf.org/egyptcats.html

2) https://en.m.wikipedia.org/wiki/Cats_in_ancient_Egypt

3) http://kids.nationalgeographic.com/explore/cats-rule-in-ancient-egypt/

4) http://www.ancientegyptonline.co.uk/cat.html

මෙවටත් උත්තර දුන්නනන්...

1)සූර්යයාගේ සිට පෘථිවියට හා චන්ද්‍රයාට ඇති දුරවල් අතර සැලකිය යුතු වෙනසක් නැත. එසේ වුවත් දහවල් කාලයේ දී පෘථිවියට වඩා චන්ද්‍රයා උණුසුම් වන්නේත්, රාත්‍රියේ දී චන්ද්‍රයා පෘථිවියට වඩා සීතල වන්නේත් ඇයි? 

2)පලතුරු ඉදීමේ වේගය අවම කිරීමට ඒවා ශීතකරණයක් තුල තබයි. එහෙත් කෙසෙත් ශීතකරණයේ තැබූ විට පොත්ත අවපැහැ ගැන්වෙන්නෙ ඇයි?

3)ඔටුවාගේ මොල්ලියේ තියෙන්න් මොනවාද?

43 comments:

  1. ඤාව්වෝ කියලා දැක්ක ගමන් දුවගෙන ආවා මේ පැත්තට... ස්තූතියි මිතිල...

    ReplyDelete
  2. ‍මට පෙන්නන්න බැරි මලජරා සත්තු.

    වැදගත් කරුණු ගොඩක් දැනගත්තා මිතිල . බොහොමත් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මටත් ඔය සත්තු ඒ හැටි අල්ලන්නෑ... බල්ලොනන් පණ වගේ...

      Delete
    2. මළේ උඹ තාම පොඩි එකා බැන්දම ඔව්වා හරි යනවා !

      Delete
    3. චැහ්...මට තව ගොඩක් කල් බලන් ඉන්න වෙනවා එහෙනන්... :D

      Delete
  3. කෞතුකාගාරවල ඊජිප්තු කොටසේ බළලෙකුගේ ආකාරයෙන් නෙලා ඇති සෞභාග්‍යයේ හා ගෘහාරක්ෂණයේ අදිපති ලෙස සැලකූ කියලා දෙවි කෙනෙක්ගේ ප්‍රතිමා මා දැකල තියෙනවා. මෙයා දෙවිකෙනෙක් උනේ කොහොමද කියල කියල තේරුනේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා දවසක් බුකියෙ දාලා තිබ්බ පින්තූර වලින් මේ සේරම දැක්කා... මේ ගැන අයියා ලිපියක් එහෙම ලිව්වද?

      Delete
  4. හොඳ ලිපියක්!

    පූසන්ට ඊජිප්තුවේ ලොකු තැනක් හිමිවෙලා තිබ්බ බව මාත් අහල තිබ්බා. CATS & DOGS ෆිල්ම් එකෙත් ඔය කතාව කියනවනේ
    ඊජිප්තුවේ තව හොඳ හොඳ සෙල්ලං වෙලා තියෙනවා. හොයල බලන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඔය පැරණි ශිෂ්ටාචාරවල රස කතා නන් එමට තියෙනවා... ඉස්සරහට ඒවත් හොයලා බලලා ලියන්න ඕනෙ...

      Delete
  5. හතිලව්වේ පූසෙක් ගිය උඩ

    ReplyDelete
    Replies
    1. දැන් ගෙවල් ඉන්න පූසොත් පේන්නැද්ද... උන්ගෙ ගෙදර අපි කුලියට ඉන්නවා වගේනෙ ඉන්නෙ...

      Delete
  6. මා විවිධ ආකාරයේ සහ වර්ගයේ පූසන් දැක ඇත. ඒ අතරින් තුර්කියේ හැම තැනම දැකිය හැකි බුල් බෝලයන් වැනි මිත්‍රශීලී එවුන් මා සිත් ගත්තේ මුත් ඒ පූසන්ට අමතරව සිත්ගත් තවත් පූසන්ද ඇත....

    ReplyDelete
  7. පූසෝත් වැදගත් !!!!! ස්තුතියි මිතිල . මේ ලිපියෙන් බොහොමයක් දේ දැනගත්තා .

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඊජිප්තුවේ අනිත් සතුන්ට දේවත්වයක් නොයෙදුනාට දෙවියන්ට සත්ව හිස් යෙදුනා නේද? :-D
      නයිල් කිඹුලා සෑහෙන්න sacred ගාණට ආව නේ?

      මේක කියවල තියනවද?
      https://www.goodreads.com/book/show/1111577.The_Cat_of_Bubastes
      හුඟක් පරණ (ලමා?) නවකතාවක්

      Delete
    2. ඔව් සත්ව හිස් භාවිතා උනා... නරියාගේ හිස එහෙම හොද උදාහරණයක්... ඔය පොතනන් කියවලා නෑ.. හැබැයි Bubastes වල හිටපු පූසො ගැනනන් කියවලා තියෙනවා...

      Delete
  9. වටිනවා මිතිල.
    ඔටුවාගේ මොල්ලියේ මේද වර්ග තැනපත් කරනවා කියලා අහළා තියෙනවා. හරියටම දන්නෙ නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හරි දුමී... මේදය තමා තියෙන්නේ... සමහර අය හිතනවා ඔටුවගේ මොල්ලියේ තියෙන්නේ ජලය කියලා...ඒකයි මේ ප්‍රශ්නෙ අහන්න හිතුනෙ...

      Delete
  10. පුරාණ මිසරයේ පුසන් බොහෝ ඉන්න ඇති නමුත් දේවත්වයෙන් ඇදහුයේ කකුල් හතරේ උන් විතරයි නේ. මම නම් විවිධ වර්ගයේ කකුල් ඇති හා නැති පුසන්ට ඉතා ආදරයකරමි.

    ReplyDelete
    Replies
    1. https://en.wiktionary.org/wiki/all_cats_are_grey_in_the_dark

      Delete
    2. බැන්දට පස්සෙ සියලු පූසන් කෙරේ මෙත් සිත් වැඩෙනවා වගේ... :D මට ඉතින් තව අවු. හය හතක්වත් ඉවසන්න එපැයි...

      Delete
  11. හොඳ ලිපියක්.

    පූසෙක් මරන එක මරණ දඬුවම හිමිවෙන වැඩක් කියනඑකනං භයානකයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දඩුවම් වලින්ම තේරෙනවා ඒ කාලෙ පූසන්ට තිබ්බ තැන...

      Delete
  12. ඔයා ලිපි ලියන ඉක්මන ගැන හිතන්න ගිහින් මම අකලට නාකි වෙයි වගෙයි ,මම දන්න එකම උත්තරෙත් දුමිය ලියල ....

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපිය ලියන්න ගත්තෙ සති තුනකට උඩදි... හෙමිහිට ටිකෙන් ටික ලිව්වේ...

      Delete
  13. පූසා කියන්නේ සෑහෙන ඉන්ටලිජන්ස් එකක් තියෙන සතෙක්. වෙලාවක අපේ පූසා ගැන ලිපියක් ලියන්න ඕනේ.

    ReplyDelete
  14. පූසො දැනුත් ඉන්නෙ දෙයියො වගේනෙ.ඔය සෑහෙන මිල අධික ඊජිප්තු පූසො ජාතියක් ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පූසොන්ගෙත් ඒ හැටි වෙනසක් නෑ... රජ සැප විදින්නමයි කල්පනාව...

      Delete
  15. මරු අදහස් ගොන්නක්... ජය!

    ReplyDelete
  16. හඳේ පූසො නැති නිසා වෙන්න ඕනා ඔය විපිරියාස ඔක්කොම... :D

    ReplyDelete
  17. අපේ ගෙදර ඉන්න පූසොත් හිතාගෙන ඉන්නේ එයලා දෙවියෝ කියලා. එහෙනම් ඒ ඊජිප්තුවේ ඉන්දන් ආපු ජන්මගත් සිතුවිල්ලක් වෙන්න ඕනේ. ගොඩක් දෙවල් දැනගත්තා..ගොඩක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර බල්ලොයි පූසොයි දෙගොල්ලොම ඉන්නවා..  උන් සාම ගිවිසුමක් ගහගෙන ඉන්නෙ... නංගි තමා පූසන්ට ආස... පූසො කරන්නෙම කනවා බොනවා නිදාගන්නවා... පොඩ්ඩක් ඇවිදිනවා... කාපුවා බස්සගන්නද මන්දා... ආයෙ නිදාගන්නවා... ඔච්චරමයි කරන්නෙ... උන්ට රජ සැප...

      Delete
  18. යකොව් ඊජිප්තුවේ පුසොන්ට දීලා තියෙන සැප

    ReplyDelete
    Replies
    1. අදත් වැඩි වෙනසක් නෑනෙ බං... මල් තියලා පුදන්නැති එක විතරයි... :D

      Delete
  19. පූසා ගැන ගොඩක් විස්තර දැනගත්තා... ඒ වගේම පූසට ගොඩාක් ලෝක නායකයෝ බියක් දක්වලා තියනවාාලුනෙ.. මං කොහෙහරි කියෙව්වා ඇරිස්ටෝටල් පූසාට බියක් දැක්වූ ලොව ප්‍රචලිත අයගෙන් එක් අයෙක් කියලා... ඇත්ත නැත්ත නොදනී...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...