Thursday, February 1, 2018

"මම කලාකරුවෙක් මිස දේශපාලනඥයෙක් නෙමේ"


දෙවන ලෝක යුද්ධ අවධියේදී ජර්මනියේ නාසි පක්ෂයේ නායකයාව සිටි ඇඩොල්ෆ් හිට්ලර් චිත්‍ර ශිල්පියෙක් ද වෙයි. ඔහු වියනා හි සිටි අවධියේ දී (1908 - 13) චිත්‍ර සියගනනක් ඇද පින්තාරු කර විකිණුවේ තම එදිනෙදා වියදම සොයා ගැනීමටයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සොයාගත් ඔහුගේ චිත්‍ර ඩොලර් දස දහස් ගණන් වලට වෙන්දේසි විය. ඉතිරි චිත්‍ර ඇමරිකානු හමුදා විසින් අත්පත් කරගත් අතර අදටත් ඒවා ඇමරිකානු රජය සතුව පවතියි.

ඔහු ඇඳි සිතුවම් තුල බොහෝ විට ගෘහ නිර්මාණ අඩංගු වේ. හිට්ලර් සදහන් කරන ආකාරයට ඔහුගේ හොදම ගුරුවරයා වූයේ Rudolf Von Alt නම් චිත්‍ර ශිල්පියාය. මෙම දෙදෙනාගෙම චිත්‍ර තුල බොහෝ සමානතාවක් දැකිය හැකියි.

තරුණ අවධියේ සිට තමන්ට වෘත්තිමය කලාකරුවෙක් වීමට උවමානාව තිබුනු නමුත් වියනා හි ලලිත කලා ආයතනයේ ඇතුලත්වීමේ විභාගය සමත් නොවීම නිසා එම හීන සුනු විසුණු වූ ආකාරය හිට්ලර් තම ස්වයං චරිතාපදානය වූ මෙයින් කාම්ෆ් (මගේ සටන) හි ලියා තිබේ. මෙම ආයතනයෙන් ඔහු දෙවරක් විභාගයෙන් අසමත් වෙයි. වරක් 1907 ද අනෙක් වර 1908 ද වෙයි. පලමු විභාගයේ දී ඔහුට අදින්නට සිදු වූයේ බයිබලයේ ඇති සුවිශේෂී කථාන්දර දෙකක් ඇසුරෙන් චිත්‍ර දෙකකි. මේ සදහා පැය තුන බැගින් කාලපරිච්ඡේදය දෙකක් හිමිවිය. එම විභාගයේ දෙවන කොටස වී තිබුනේ කලින් අඳින ලද සිතුවමක් ලබා දීමයි. ඔවුන් එහිදී පවසා සිටියේ හිට්ලර්ගේ සිතුවමේ මිනිසුන් ඉතා අල්ප බවයි. එම ආයතනයේ උදවිය හිට්ලර් වෙත පවසා සිටියේ ඔහු චිත්‍ර ශිල්පයට වඩා ගෘහ නිර්මාණ ශිල්පයට දක්ෂකම් දක්වන බවයි. එහි කලමණාකරුවන් ඔහුට  ගෘහ නිර්මාණ පිලිබඳ පාසලට අයදුම් කරන්න යැයි කීවත් හිට්ලර්ගෙන් එයට කැමැත්තක් නොතිබූ බැවින් ඔහු එසේ සිදු කලේ නැත.

පසුව ඔහු වියනා හි වටපිටාව පෝස්ට් කාඩ් මත සිතුවම් කිරීමට පටන් ගත්තේය. කාලාකරුවන් බොහොමයක් නිතර පැමිණෙන මියුනිච් හි පිහිටි අවන්හල් වලට හිට්ලර් නිතර ගියේය. ඒ ඔහුට කලාකරුවෙක් වීමට තිබූ ආශාව නිසාවෙනි. එනමුත් ඒ කිසිවෙකුගෙන් ඔහුට උපකාරයක් ලැබුනේ නැත. 1939 දී බ්‍රිතාන්‍ය තානාපති වෙත හිට්ලර් කියා සිටියේ; "මම කලාකරුවෙක් මිසක් දේශපාලනඥයෙක් නෙමේ. පෝලන්තයේ ප්‍රශ්නය ඉවර වුනාට පස්සෙ මම කැමතියි කලාකරුවෙක් විදිහට ජීවිතය අවසන් කරන්න"

හිට්ලර් තමන්ව පලමු වරට සිතුවම් කර ඇත්තේ ඔහුට වයස අවු. 21 දීය. මෙය සමග තව ඔහුගේ චිත්‍ර 12 ක් 1945 වසරේ ජර්මනියේ දී සොයාගනු ලැබුණි. සැමුවෙල් මෝර්ගන්ස්ටර්න් යනු ඔස්ට්‍රියානු ජාතික හිට්ලර්ගේ තරුණ අවධියේ ව්‍යාපාර හවුල්කරුවා ය. ඔහුට හිට්ලර්ව මුණගැසී ඇත්තේ 1910 වසරේදී පමණ බව ඔහු සදහන් කරයි. හිට්ලර් සැමුවෙල් හට තම නිර්මාණ ලබා දුන් අතර සැමුවෙල් තම ව්‍යාපාරික ස්ථානයේ දි ඒවා විකිණුවේ ය. තම ගණුදෙනුකරුවන් පිලිබඳ සටහන් තබා ගැනීම සැමුවෙල් අමතක නොකොට සිදු කලේය. එම සටහන් ඇසුරෙන් සොයාගත හැකි වූයේ හිට්ලර්ගේ චිත්‍ර මිලදී ගත් අය අතුරෙන් බොහොමයක් අයවලුන් යුදෙව් ජාතිකයන් බවයි.

හිට්ලර් පලමු ලෝක යුද්ධ කාලයේදී හමුදාවේ සේවය කරන විට ඔහුට වයස අවු. 25 කි(1914). ඔහු යුධ පෙරමුණේ යන විට තම චිත්‍ර පොත් ද රැගෙන ගියේය. විවේක කාලයක් ලැබුනු විගස ඔහු සිදුකලේ චිත්‍ර ඇඳීමයි. දේශපාලනඥයෙක් වීමට ප්‍රථමයෙන් ඔහු අවසාන වරට ඇඳි සිතුවම් වන්නේ මෙකල ඇඳි ඒවායි.

හිට්ලර් තම ස්වයං චරිතාපදානයේ සදහන් කරන අන්දමට ඔහු තරුණ අවධියේ දී දිනකට අවම වශයෙන් චිත්‍ර දෙකක් හෝ තුනක් නිම කර ඇත. බොහෝ සිතුවම් ඇමරිකානු රජය සතු වන අතර ඔවුන් ඒවා ප්‍රදර්ශනය ද සිදු කරන්නේ නැත. ඉතිරිව ඇති අනෙක් සිතුවම් 2000 වසරේ සිට වෙන්දේසි වීම ආරම්භ විය. 1936 දී හිට්ලර් විසින්  Stratthaus නම් අයෙක්ව තමන් තරුණ අවධියේ දී සිතුවම් කල පසුව විකිණූ චිත්‍ර නැවත සොයා මිලට ගැනීමට පත් කලේය. ඔහු නැවත හමුදා සේවයට කැදවන තුරු පුරා වසර හතරක් මුළුල්ලේ හිට්ලර්ගේ චිත්‍ර සොයමින් සිටියේය. එහිදී ඔහුට බොහෝ සිතුවම් ප්‍රමාණයක් සොයාගත හැකි විය.

හිට්ලර් බලයේ සිටිනා අවධියේ දී නාසි පක්ෂය විසින් මියුනිච් හිදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූයේ ය. ඒ 1937 වසරේ දීයි. ප්‍රදර්ශනයේ පලමු සති හය ඇතුලට එය නැරඹීමට පැමිණි සංඛ්‍යාව මිලියනය ඉක්මවීය. එහිදී විවිධ කලාකෘති 650කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය සදහා තබා තිබුණි.

අප ජීවිතයේ සමහර කුඩා සන්ධිස්ථාන ජීවිතයේ විශාල වෙනසක් කිරීමට සමත් වීම පුදුම සහගතයි.












7 comments:

  1. Very good post. I also read about biography of Hitler but this post is wonderful & feel very interesting to read. Well done mate!

    ReplyDelete
  2. රුසියානු විශ්ව විද්‍යාලයට නැවත යාමට විජේවීරට වීසා ලැබුණානම් ලංකාවේ ඉතිහාසයත් වෙනස් වන්න තිබුණා.

    ReplyDelete
  3. ිමචැරගගග එය්බි ප්කකසගගගග

    ReplyDelete
  4. කලාකාරයෙක් කියන්නෙ මහා සංවේදි මාර පොරක් කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන්

    ReplyDelete
  5. හිට්ලර් චිත්‍ර ශිල්පියෙක් බව මේ වෙනතුරු දැනන් හිටියෙ නෑ..❤️

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...