Thursday, February 1, 2018

සම්මතයන් අභියෝගයට ලක්කල චිම්පන්සීන්ගේ මව



මේ 1964 වසරේ ජූලි 14 දිනයි. තරුණ කාන්තාවක් ටැන්සානියා හි ගවේෂණයක යෙදෙමින් සිටියි. ඇය ගවේෂණය කරමින් සිටින්නේ චිම්පන්සීන් පිළිබඳවයි. මේ වන විට ඇය එම කාර්යය මාස හතරක් මුලුල්ලේ කරමින් පවතියි. ඇයගේ අධ්‍යනයෙන් ඇයට සොයාගත හැකි වූ දෙයක් වූයේ චිම්පන්සීන් ගස් වලින් කොළ අතු කඩා එයින් කොළ ඉවත් කර ඉතිරි වන කෝටු කැබැල්ල ආවුධයක් ලෙස යොදාගන්නා බවයි.

ජේන් ගුඩෝල් යනු ආවුධ භාවිතා කල හැක්කේ මිනිසුන්ට පමණි යන මතය අභියෝගයට ලක් කල පලමුවැනියා ය. චිම්පන්සීන් පිලිබඳ දීර්ඝ කාලීන අධ්‍යනයෙන් ඇයට, උන් එකිනෙකා වැලදගෙන සිප ගන්නා ආකාරය හා වෛර වූ විට පලි ගන්නා ආකාරය දක්නට ලැබුණි.

ජේන් හට චිම්පන්සීන් කෙරෙහි ඇල්මක් ඇතිවූයේ කුඩා කල සිටම යි. තම පියා වයස අවුරුදු එකේදීම තමන්ට චිම්පන්සියෙකුගේ සෙල්ලම් භාණ්ඩයක් මිලදී ගෙන දීම නිසා කුඩා කල පටන් ඇයට මෙම සතුන් කෙරෙහි ඇල්මක් ඇතිවූ බව පෙනේ.

ටාර්සන් සහ ඩොක්ටර් ඩූලිට්ල් කෘති ඇයගේ කුඩා කාලයේ ප්‍රියතම කෘති අතර විය. ජේන් කුඩා කල සිට හැදී වැඩුනේ මව හා මිත්තණිය සමඟ යි. ඇයගේ හීනය වූයේ කවදා හෝ අප්‍රිකාව ගවේෂණය කරමින් පරිසරය පිලිබඳ විශේෂඥයෙකු වීමයි. එහෙත් වැඩිදුර අධ්‍යාපනය සදහා ඇයට මුදල් නොතිබූ නිසා ඇයට කුඩා කුඩා රැකියා කරමින් තම ජීවන වියදම් සොයාගැනීමට සිදුවිය.

1956 වසරේදී කෙන්යාවේ සිටි තම කුඩා කල මිතුරියක් ඇයට කෙන්යාවට පැමිණෙන ලෙස ඇරයුම් කලාය. සේවිකාවක් ලෙස මාස ගනනක් ඉතිරි කල මුදල් යොදාගෙන ඇය මොම්බාසා වෙත ගුවන් ටිකට් පතක් මිලදී ගත්තා ය.

වයස අවුරුදු 26 වන විට ටැන්සානියා හි ගවේෂණය ඈ ආරම්භ කලාය. මෙම පෙදෙස චිම්පන්සීන් කෙරෙහි එතරම් ප්‍රකට පෙදෙසක් නොවීය. ගවේෂණයේ යෙදුනද ජේන් හට ඒ පිලිබඳව උපාධියක් තිබුනේ නැත. තිබුනේ පරිසරය සතා සිවුපාවන් කෙරෙහි ඇල්ම පමණි.

ජේන්ගේ සොයාගැනීම් මිනිසාගේ චිම්පන්සීන් කෙරෙහි තිබූ මතයන් බොහෝ දුරට වෙනස් වීමට හේතු විය. චිම්පන්සීන්ගේ හැඟීම් හදුනාගැනීමට ඇයට හැකිවූ අතර උන් ශාක භක්ෂක පමණක් නොවන බව සොයාගත්තේ ද ඇයයි.

ඇය  'In the Shadow of Man' නමින් එළිදැක්වූ කෘතියේ අඩංගු වූ කරුණු බොහෝ විවේචනයට ලක් වූ අතර ඒ හේතුවෙන් තමන් කරමින් සිටි උපාධියෙන් ද ඇයව නෙරපන ලදි. ඇය පරීක්ෂාවට ලක් කල චිම්පන්සීන්ට අංක නොදී විවිධ නාමයන් දුන්නා ය. මෙය එකල මේ පිලිබඳ විශේෂඥයන්ගේ විවේචනයට ලක් විය.

මෙසේ බොහෝ විවේචනයන්ට ලක් වුවද වර්තමානය වන විට ඇයගෙන් සිදුවූ සේවය අති මහත් ය. එකල සම්මතයේ තිබූ කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකල මතවාදයන් ඇය දැඩි අභියෝගයකට ලක් කලා ය.









2 comments:

  1. මිතිල පල්ලෙහා ඉදන් පස්වෙනි ෆොටෝ එක මගේ ඉස්සර කොම්පියුටර් එකේ බැක්ග්‍රහුන්ඩ් ෆොටෝ එක විදියට සෑහෙන කාලයක් තිබ්බා. අදයි ඒ කව්ද කියලා දන්නෙ

    ReplyDelete
  2. හොඳ විස්තරයක්චි. ම්පන්සින් හා මිනිසුන් අතර බොහෝ සමාන කම් ඇත.(They share 99% of DNA).
    කාමරයක කෙසෙල් කැනක් එල්ලා තබා, ඒ අසලින් කොක්කක් සහිත ලීයක් තැබූ විට බඩගිනි වූ චිම්පන්සියා ඒ උපකරණය භාවිත කර කෙසෙල් ගෙඩි කඩා ගත් බවක් 1980 ගණන්වල අගදී අධ්‍යාපන ඩිප්ලෝමා හදාරන විට දේශනයකදී කිව්වා මතකයි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...