Wednesday, May 2, 2018

බිල් ගේට්ස් ගැන කරුණු 10ක්

1)පාසල් යන අවධියේ දී බ්ල් ගේට්ස් විසින් පාසලේ ලමුන් දිනපතා ඉඳගත යුතු ස්ථානය දැන ගැනීමට පරිගණක ක්‍රමලේඛනයක් පාසලට සාදා දුන්නේය. පසුව මොහු මෙය වැඩිදියුණු කලේ පන්තියේ දැකුම්කළු ගැහැණු ලමුන් අසල තමන්ට නිතර වාඩිවී සිටිය හැකි ලෙසටයි.

2)1994 වසරේදී මොහු ඩාවින්චිගේ කෘතියක් (Codex Hammer) ඩොලර් මිලියන තිහකට අධික මුදලක් ගෙවා මිලට ගනියි. පසුව එහි ඩිජිටල් කෘතියක් සාදා තැටිගත කොට ලොව පුරා බෙදාහරියි.

3)ගුවන් ගමන් අතරතුරදී පොරෝනය හිස දක්වාම වසාගෙන නිදාගන්නට කැමැත්තක් දැක්වූ බිල් තමන්ට යම් රටකට යාමට අවශ්‍ය මොහොතවල් වලදී එය ගුවන් ගමන් කාලසටහන් වලට නොපෑහුන නිසා 1997 වසරේදී පෞද්ගලික ජෙට් යානයක් මිලට ගනියි.

4)2005 වසරේදී දෙවන එළිසබෙත් රැජිණ අතින් බිල් ගේට්ස් හට ගෞරවාන්විත නයිට් නාමයක් පිරිනැමුණි. එහෙත් ඔහු ඇමරිකානු වැසියෙක් වන බැවින් තම නම අගට Sir යන ගෞරව නාමය භාවිතා කල නොහැකියි.

5)2007 වසර වන විට බිල් ගේට්ස් ඩොලර් බිලියන 28ක මුදලක් සමාජ සේවා වෙනුවෙන් ආධාර කර ඇති අතර ඉදිරියේ දී තම ධනයෙන් 95%ක් ම ආධාර කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.

6)2009 වසරේදී කැලිෆෝනියා හිදී මැලේරියා රෝගය ගැන දේශනාවක් අතරතුර ඔහු මදුරුවන් පැමිණ සිටින අය වෙත මුදා හරියි. "දුප්පත් අය විතරක් මේ අත්දැකීම ලබන්න කිසිම හේතුවක් නෑ" යැයි පවසමින් මොහු මෙසේ කරයි. පසුව අනාවරණය වුනේ මෙම මදුරුවන්ගෙන් මැලේරියා බෝ නොවෙන බවයි.

7)කලක් ලොව අංක එකේ ධනවතා ලෙස සිටි බිල් ගේට්ස් පවසන්නේ ඔහු තම දරුවන් උදෙසා වෙන් කරන්නේ එක් එක් අයෙක් සදහා ඩොලර් මිලියන 10ක පමණ මුදලක් බවයි. දරුවන් තමන්ගේ ඉදිරි ගමන ඔවුන් විසින්ම සැලසුම් කරගත යුතු බව ඔහුගේ අදහසයි. ඔහුගේ වත්කම දෙස බලන විට නෙය ඉතා සුළු මුදලකි.

8)ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිලිකා රෝගයෙන් පෙලෙමින් සිටි අවධියේ දී බිල් ගේට්ස් ඔහු හමුවට ගොස් ඉදිරි ගමන් ගැන කතා කලේය. එහිදී ස්ටීව් ජොබ්ස් වෙත ලිපියක් ලියන බිල් ගේට්ස් පවසන්නේ ඔහු ආරම්භ කල සමාගම ගැනත් ඔහු කල කී දෑ ගැනත් ඔහු ආඩම්බර විය යුතු බවයි. ස්ටීව් ජොබ්ස් මියගිය පසු ඔහුගේ බිරිද කියා සිටියේ බිල් ගේට්ස් ලබා දුන් එම ලියුම තම සැමියා ඔහුගේ ඇඳ අසලම තබාගෙන සිටි බවයි.

9)මිනිසුන්ගේ මලපහ මගින් විදුලිය හා පානීය ජලය නිපදවීමේ යන්ත්‍රයකට මොහු මුදල් යොදවා ඇති අතර එය සාර්ථක වී තිබේ. මිනිසුන් 100,000 දෙනෙකුගේ දිනපතා මලපහ මගින් ජලය ලීටර් 86,000ක් ද විදුලිය කිලෝවොට් 250ක් ද නිපදවිය හැකියි.

10)බිල් ගේට්‍ස් හට මැක්ඩොනල්ඩ් ආයතනය මගින් රන් කාඩ්පතක් පිරිනමා ඇති අතර එමගින් ඔහුගේ ජීවිතය පුරාවට ලොව පුරා මෙම අවන්හලෙන් නොමිලයේ ආහාර පාන ලබාගත හැකියි.

11 comments:

  1. Watinaa karunu tikak.
    jayaweawaa ••

    ReplyDelete
  2. මේක ප්‍රසිද්ධ කාරණයක්.

    බිල්ගේට් තත්පරයට ඩොලර් 100 ක් හොයනවලු. ඉතිං ඩොලර් 100 නෝට්ටුවක් මිනිහගේ අතින් වැටුනොත් ඒක ඇහිදින්න මහන්සි වෙන තත්පර ගානත් මිනිහට පාඩුවක් ලු.. හැක්

    ReplyDelete
  3. අගනා තොරතුරු ටිකක්.

    යකෝ සල්ලි නැති මනුස්සයෙකුටද නිකං කන්න කාඩ් එකක් දීල තියෙන්නෙ.

    ReplyDelete
  4. එතකොට පොර පිනටද කන්නෙ?

    ReplyDelete
  5. යකෝ ඒවත් හම්බෙන්නෙ මූටනෙ

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...