Sunday, May 6, 2018

අහුබුදු වත

1920 වසරේ මාර්තු මස 20 වන දින ආර්යසේන ආශුබෝධ උපන්නේ දේවමනිමේන්ද්‍ර හෙරෝනියස් ද සිල්වා සහ වතුගෙදර ලැයිසොහාමිගේ දරුවා ලෙසයි. මොහු කතළුව රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබයි. ආර්යසේන ලේඛන කලාවට අත්පොත් තබන්නේ 16 වෙනි වියේදියි.

1934 වසරේ එක්තරා දවසක ඔහු එවිට ඉගෙනගනිමින් තිබුනු පාසලේ මුල් ගුරුතුමා ඔහුට තහනමක් පැනවීය. "ඔය පත්තරය තවත් මේ පාසල හරියට ගෙනාවොත් බලාගත හැකි" යි අර්යසේනට කීවේ තරවටු කරමිනි. එම පුවත්පත කුමාරතුංග මුනිදාසයන්ගේ ලක්මිණි පහණ පුවත්පතයි. එහෙත් එම තරවටුවෙන් එම පුවත්පත කියවීම මුල් ගුරුතුමාට නැවැත්විය නොහැකි විය.

මෙම පුවත්පත කියවා එහි භාෂා ශෛලිය හා භාෂා මත අනුගමනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස වෙනත් පාසලකදී 1936 වසරේ ඔහු දැඩි දඬුවමක් වින්දේය. ඒ වේවැලෙන් පිට හරහට පහර හත අටකුත් පාසලෙන් නෙරපාහැරීමෙන් ය. මේ කිසිවකින් අර්යසේනව නැවැත්විය නොහැකි විය. ඔහු තමන් ගමන් ගත් මාර්ගයේම ගමන් කලේය.

මොහු ගුරු වෘත්තියට පිවිසියේ වයස අවු. 17 දී අහංගම පියදිගම සාරිපුත්ත විදිහලෙනි. මේ අවධියේ දී අර්යසේනට කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ලැබුණි. කුමාරතුංගයන් විසින් 'සුබස් පතින් කිවිති' යන ගෞරව නාමය ද ලබා දුන්නේය. ඔහුගේම අනුමැතිය මගින් ආර්යසේන ආශුබෝධ සිය නම අරිසෙන් අහුබුදු ලෙස වෙනස් කර ගනියි.

1937 දී අහංගම සාරිපුත්ත විදුහලෙන් ඇරඹි අහුබුදුවන්ගේ ගුරු දිවිය කීඹිය රජයේ පාසල, කටුගස්තොට දීගල පාසල, වැල්ලතොට බෞද්ධ විද්‍යාලය, නුවරඑළිය ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තෙක් වසර 42 ක් පුරාවට විහිදුණි. මෙයින් වැඩිම කාලයක් ගුරු සේවයේ යෙදුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. ඒ වසර විසි නමයක කාලයක් ය.

ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේ පාසල නිම වී මුහුදු වෙරළ ඔස්සේ තම නිවහන වෙත යමින් සිටින විට පාසලේ ළමුන් කණ්ඩායමක් තම අලුත් ගුරුතුමාගේ ජාතික ඇඳුම හා හෙළ බස සමච්චලයට ලක් කලේය. ඒ බව ඇසුනු අහුබුදුවන් ළමුන් වෙත පැමිණ, "ඒ කියමන හරි, කියාපු විදිහ තමා වැරදි" යැයි කීයා කෙටි ඔවදන් කිහිපයක් ද දුන්නේය. මෙසේ කෑකෝ ගැසූ නඩයේ මූලිකයා වැඩි දිනක් යාමට පෙර කවි පබදා අහුබුදුවන් වෙත ගෙන ආවේය. ඔහු නමින් ගාමිණී ෆොන්සේකා විය.

වසර මෙම පාසලේ දීම ළමයෙක් "ඔය ඇ කාරය නැතුව සිංහල ලියන්න පුලුවන්" යැයි පැවසීය. එකල චිත්‍ර ගුරුතුමාද වූ අහුබුදුවෝ කළු ලෑල්ල වෙත ගොස් වෙරළක් හා එහි වාඩි වී සිටින ළමයෙක් ඇන්දේය. ඉන්පසු එහි "ළමයා වැල්ල අතගායි" යැයි ලීවේය. පසුව වැල්ල වදනෙහි ඇදය මකා දැම්මේය. පන්තියේ ළමුන් කොක් හඬලා සිනාසෙන්නට විය. ඉන්පසු ඔහු නැවත වරක් කළු ලෑල්ල වෙත ගොස් තැඹිලි වල්ලක්ද ළමයා අසල ඇන්දේය.

මොහු ගුරු සේවයේ යෙදෙමින් සිටින අතරතුර දී 1947 වසරේ දරුවන් වෙනුවෙන් 'එඩිය' නමින් සඟරාවක් ආරම්භ කලේය. එහි ශීර්ෂපාඨය ලෙස ඔහු යොදා තැබුවේ 'එඩිය වැඩියේ පොඩියන්ගේ එඩි වැඩීම සදහාය' ලෙසයි.

අහුබුදුවන් ගීත රචනයට පිවිසෙන්නේ 1949 වසරේ නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රසංගයකට ගීත රචනා කිරීමෙනි. සුනිල් ශාන්තයන් විසින් ගායනා කරනු ලැබූ 'ලංකා ලංකා පෙම්බර ලංකා' නම් ප්‍රකට දේශාභිමානී ගීය රචනා වූයේ මොහු අතිනි. චිත්‍රපට වලට ගී ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ය. 'කටේ කිරි සුවද', 'රෑන ගිරා රෑන අඹේ', 'පුර්තුගීසිකාරයා', 'පුන්සඳ එළියයි', 'සුදට සුදේ  වළාකුළයි', හා 'රැජිණ් මමයි' ගීත බෙහෙවින් ජනප්‍රිය විය.

අහුබුදුවෝ නාට්‍ය රචනයට පිවිසෙන්නේ 1946 වසරේදී ය. 'වනරාජ කුමරිය', 'හෙළ හැතිරිය', 'සක්විති රාවණ' හා 'ලෝකාන්තය' එම නාට්‍ය අතර වෙයි. අහුබුදුවන් විසින් අපගේ බසට අලුතින් වචන සාදා දුන්හ. තිබෙන වචන වලට අලුත් නිරුක්ති දුන්හ. ඔහු ලියූ ග්‍රන්ථ අතර 'බුද්ධවංශය', 'කඳ දෙව් උපත', 'පරෙවිය', 'කුමරතුඟු ඇසුර', 'උදාර ළමා කතා සිංහලයේ පද බෙදුම' ආදී ග්‍රන්ථ විශේෂ වේ.

1979 වසරේ දී ගුරු සේවයෙන් ඉවත් වූ පසු සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ශබ්දකෝෂ සංස්කාරකවරයෙකු ලෙස ද ජනාධිපති භාෂා උපදේශක ලෙස ද බංගලාදේශයේ පැවති ආසියානු කවි සමුළුවේ ශ්‍රී ලංකා නියෝජනය යන විවිධ තනතුරු හොබවනු ලැබුණි.

1962 දී පරෙවිය සාම අස්න සදහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, 1969 දී රස දහර කෘතිය වසරේ හොදම පද්‍ය කෘතිය ලෙස ද, 1980 දී හඳයා ළමා චිත්‍රපටයේ කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ගීතය සදහා සරසවි සම්මානයද, 1984 වසරේ දී කලාසූරී සම්මානය ද, 1985 දී හෙළ උරුමය සංවිධානයෙන් ලද කිවිසුරු සම්මානය ද, 1988 දී පලමු පෙළ කලාසූරී සම්මානය සහ 1990 දී හෙළ බස් මිණි සම්මානයෙන් ද අරිසෙන් අහුබුදුවෝ පිදුම් ලැබූහ.

තම දිවියේ වැඩිම කාලයක් දෙස, බස, රැස වෙනුවෙන් ගත කල ඒ වෙනුවෙන් කැපවූ අරිසෙන් අහුබුදු සූරීන් 2011 වසරේ දී මැයි මස 26 වන දින අප අතරින් සමුගත්තේ ය.



6 comments:

  1. හොඳ ලිපියක් ඩියොන්, සිත්තරකු ලෙස ද අහුබුදුවෝ ඉහළ සමත්කමක් දක්වති. පුද්ගල රූප ඇඳීමට ඔහු විශේෂ සමත්කමක් දැක්වීය. තමන් හමුවට එන බොහෝ දෙනාට ඔවුන් තිළිණ කරන්නේ සියතින් ඇඳි බුදු රුවක පිටපතෙකි. පරාජිත චරිත මතු කරන නාට්‍ය මඟින් ජාතියෙහි කොඳු නාරටිය වන් තරුණ පරපුර නොමඟට යොමු කැරෙනු දැක ඔවුන්ගේ හදෙහි අභිමානය දල්වා එඩිමත් ජාතියක් බිහි කරනු පිණිස තමන් නාට්‍ය රචනයට පෙළඹුණහ’යි අහුබුදුවෝ ම පවසති. බිළිඳුනට ද ආයතනවලට ද නම් දීමෙහි ලා අහුබුදුවන් අතින් සිදු ව ඇත්තේ සුවිසල් සේවාවෙකි. ශබ්ද ශාස්ත්‍රානුකූල ව විපුල සුබ පල දෙන නම් තැනීමෙහි ඉහළ ම තැන හිමි වන්නේ ඔහුට යි. බිළින්දන් දසදහස්, ලක්ෂ ගණනකට නම් දී ඇත. වෙළෙඳ ආයතන මෙන් ම රජයේ වැදගත් ආයතන ද බොහෝ ගණනෙක නම් තනනු ලැබ ඇත්තේ අහුබුදු සුරීන් විසිනි. ගී රචකයකු ලෙස අරීසෙන් අහුබුදුවන් 1939 දී මුල් ම නිට්ටඹුවේ ගුරු විදුහල් ගීය පබඳ විවිධ ඉසව් බොදු බැති ගී, දෙව් බැති ගී, ජාතිකාභිමානී ගී, ආයතන ගී, චිත්‍රපට ගී, ළමා ගී, නාට්‍ය ගී, සමරු ගී රචනා වූයේ මොහු අතිනි.

    අහුබුදුවන්ගේ ගී පබැඳුම්-

    "ලංකා ලංකා පෙම්බර ලංකා"

    “දකුණ නැඟෙනහිර...”

    සමන් වැලේ මල්...”

    “සෙංකඩගල පුර දළදා බුදු රැස්...”

    “අතු අගැ වන මල්...”

    “ගොළු මූදේ මුතු ඇටේ...”

    “කෝ හතුරෝ...”

    “පුර්තුගීසීකාරයා...”

    “සුදට සුදේ වලාකුළයි...”

    “පුන්සඳ එළිය යි...”

    “කටේ කිරි සුවඳ...”

    “කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ...”

    ලක්මවට මෙවන් විශිෂ්ට සේවාවක් සිදුකළ ඒ මහා වියතාණෝ, සිය දිවි මගෙහි 92වන සැතපුම් කණුව පසුකරමින් සිටියදී 2011 මැයි මස 26වන දින ප.ව 2.09 ට දැයෙන් සමුගත්හ.

    මීලග ජනාදිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා වීමට සූදානම් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

    පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කලහොත් ඊට සූදානම් බවත් පසුගිය පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵල අනුව රාජපක්‍ෂ කණ්ඩායම පරාජය වී ඇති බවත් තවමත් බහුතර බලය තම කණ්ඩායමට ඇති බවත් ඔහු කියා සිටී.

    යම් ලෙසකින් මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ එන්නේ නම් ඉතා සතුටු වන බවත් ඔහු මුස්ලිම් දෙමල ඡන්ද නොලැබෙන නිසා තම කණ්ඩියමේ ජයග‍්‍රහණය පහසු වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

    ReplyDelete
  2. හෙල හවුලේ විශේෂත්වය වන්නේ එය නිර් ආගමික ජාතිකවාදී ආයතනයක් වීමයි.
    උදාහරළණයක් හැටියට "සිරිමත්" කිවි පන්තිය ගන්න පුළුවන්
    එහි සිරිමත් බෞද්ධයෙක් කියලා සඳහන් වෙන්නේ නෑ.

    නමුත් සිංහල බෞද්ධයෝ හෙල හවුල සමඟ ගැටුනේ නෑ ඔවුන් දීගෙන හිටියා.
    එයට හේතුව හෙල හවුල තමුන්ගේ පැත්තේ බව ඔවුන්ට අවබෝධ විමයි.

    නූතන නිර් ආගමිකයන්ට ජාතිකත්වයක් නෑ. එමනිසාම වියයුතු පරිදිම සිංහල බෞද්ධයන් ඔවුන් සමඟ ගැටෙනවා

    ReplyDelete
    Replies
    1. Well said. Agree with you

      ++++++++++++

      Delete
  3. ස්තුතියි ....

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...