Thursday, April 14, 2016

සුන්දර ජෙරුසලමෙහි සංචාරයක්

කිතුනු බැතිමතුන්ට ශුධවු දිනයක් වන අද , සාමයේ කුමරා උපන් සුන්දර " ජේරැසලම" ගැන තොරතුරැ සොයා බලමු.
English- Jerusalem
Hebrew- Yerushalayim
Arabic- Al Quds
Aramic- Yerushelem

අවුරැදු 6000 කටත් වඩා පැරණි ශුධවූ නගරයක්. 19 වන සියවසේ පාරාවෝ රජ සමයේද මේ නගරය " රැෂාලිමම්" ලෙසද සදහන් වෙනවා.තමන්ගේම නගරයේ තමන්ගේම ආගමික සිද්ධස්ඵාන වන්දනා කිරීමට ජුදා ජාතිකයන්ට එකළ අවස්ඵාවක් නොතිබු යුගයක, මා කළින් සදහන් අසහාය රණකාමියා වූ මොෂේ දයාන් පෙරමුණ ගෙන ක්රියා කළ " සුප්රසිද්ධ දින 6" යුද්ධයෙන් පසු ජේරැසලම නැවත එක්සේසත් විය.
මෙය ලෝකයේ පියකරැ මෙන්ම ඉතාම පැරණි නගරයක් වේ , දැඩි සංචාරක ආකර්ශනයක් ඇති මේ නගරය, එවක තිබූ සංස්කෘතිය හා ගොඩනැගිලිද ආදරයෙන් ආරක්ෂා කර ගනිමින්, එම නගරයේ උදාරත්වය ලෝකයට පෙන්වයි.
මෙහි තිබෙන විශේෂත්වය නම් සුපරසිදු , "ජෙත්සමනිය", (ජේසුස් වහන්සේ කුරැසියේ දිවි පිදීමට පෙර යැදුම් කළ හා ගෝලයන් රාත්රිය ගත කළ තැන) "කල්වාරිය"( අද මහ සිකුරාදා සංකේතය- ගොල්ගොතාව , ජේසුස් වහන්සේ කුරැසියේ දිවි පිදූ ස්ඵානය)"සයෝන්" (දෙවියන්ගේ නගරය, ජේරැසලම හදුන්වන අනිත් නාමය,ඊශ්රායල් සංකේතය Zion  පර්වතය),ආදි ශුධවූ ස්ඵාන රැසකින් මෙය පිරී ඇත.




ආගම් තුනකටම කේන්ද්රස්ඵානය වූ මේ සුවිශේෂ නගරය තූළ ජුදා, ක්රිස්තියානි, අරාබි සිද්ධස්ඵාන එක පොකුරට පිහිටා ඇති බව කියයි.උස්බිමක පිහිටි යේරැසලම් නගරය ඈකට දුඹුරැ මිශ්ර කොළ පැහැයෙන් දිස්වේ, කාන්තාරයට ආසන්නව පිහිටා ඇති බැවින් ස්වාභාවික වියළි ගතියෙන් යුක්තයි. මුහුදක් හෝ ගංගාවක් ළගක නොපිහිටි නගරයක් ලෙසද ප්රසිද්ධය. ප්රසන්න දේශගුණයක් ඇති මෙහි වෙසෙන නාගරිකයෝ නිරෝගි ප්රසන්නය. හීබ්රෑ බසට පසු ඉංගිරිසිය ප්රධාන බසයි.ඉතා දියුණු නගරයකි, අලංකාර ගොඩනැගිලි, දියුණු මංමාවත් සහිත වුවද, එයින් පැරණි නගරයේ පෙනුමට මදක් වත් හානි වී නොමැත.එය හරියට, නව ලොව දියුණු නගරයක් තුළින් ක්රිස්තු පූර්ව යුගයේ පෞරාණික නගරයක් දිස්වීම මෙනි.
ජේරැසලෙම් සත්තු වත්ත ලෝකයේ ප්රධාන පෙළේ සත්තු වත්තකි,දැනගන්නට තියෙන ආකාරයට ශුධවු බයිබලයේ සදහන් සතුන් වර්ග 110 ක් පමණ සංචාරක අවධානයට යොමුකර තිබේලු.මේ නගරය එතරම් සුවිසල් නැත. මුළු ජනගහනය ලක්ෂ පහකට අඩුය.එයින් ලක්ෂ දෙකාමාරකට මදක් අඩුවෙන් ජුදා ජාතිකයින්ද,ඉතිරිය ක්රිස්තියානි , අරාබි සහ වෙනත් ජාතිකයින්ද වෙසේ.නගරයේ අරාබි කොටස් වෙනත් ඕනෑම අරාබි නගරයකට වෙනස් නොවේ."ග්රසෝ" නැමති පලතුරැ බීම හා එළවළු ආහාර විකුණන සාම්ප්රදායික වෙළදපල වල් පිහිටි මේ පැරණි නගරයේ( නවීන නගරය නොව) බොහෝ මාවත් පටුය, ඒවා වක ගැසී කදු පල්ලම් නගිමින් බසිමින් පැරණි ගොඩනැගිලි අතරින් ගමන් කරයි.
මෙහි වැසියන් බොහෝ දෙනෙක් එකිනෙකා අමතන්නෙ පුද්ගලික නමිනි,සමහර විට දේසපාලකයෙක් ගේ නම කියා ඔහුගේ රියැදුරැ ඔහු ඇමතී නම් එය පුදුමයට කරැණක් නොවේ. හීබ්රෑ වැසියන්ගේ මුවග නිතර රැදි වචනයකි" Shalom ", එහි තේරැම " සාමය වේවා!" යන අදහසකි. මෙහි නාගරිකයන් ඉතා සාමකාමිය.
( මාත් මේ සාමකාමි නගරයට සිතින් සංචාරය කරමින් ඔබට ලියුවෙමි)

අපි නැවත මදක් ජේරැසලම් ඉතිහාසයට පිවිසෙමු. ක්රිස්තු පූර්ව 1400 ට ප්රඵම ජේරැසලම ගැන වැදගත් කිසිවක් වාර්තා නොවේ. එකළ එය ඊජිප්තු පාරාවෝ රජවරැන් පාළනය කළ කුඩා කදුකර ගම්මානයකි.ක්රිස්තු පූර්ව 1000දි සුප්රකට ඩේවිඩ් රජ(බයිබලයේ සදහන්) , එනම් " ඊශ්රායලයේ රජු" , ජේරැසලම තම රාජධානිය කරගත්තේලු. හරියට අපේ රටේ කාශ්‍යප රජතුමා වගේ ඔහුත් තම මාළිගය හා රාජධානිය සියොන් පර්වතය ආශ්රිතව පිහිටෙව්ව බව ඉතිහාසය කියනවා.ඉන්පසු ජේරැසලම් ඉතිහාසයට ඈදි ඇති බොහෝ සිදුවීම් අතරින් , මහ ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්රමණය, රෝම විජිතයක් වීම, හෙරොද්ගේ පාලනය, ක්රිස්තුස් වහන්සේගේ මරණය, ආදිය වේ. ඉතිහාස කතා වල සදහන් පරිදි ,ක්රිස්තු වර්ෂ 70 දි ටයිටස් අධිරාජයා ජේරැසලම රෝමයෙන් නිදහස් කරගෙන එය ගිනි තබා විනාශ කළේලු. 
මෙසේ විවිධ හැලහැප්පීම් වලට බදුන් වූ මේ රාජ්‍යයයයට අසලවැසි අරාබි රටවල් එල්ලවූ සතුරැ ආක්රමණ වලට අප්රතිහත ධෛර්යයෙන් මුහුණ දුන් රණකාමි යුදෙව්වන් ඊට සාර්ඵකව මුහුණ දී අද එය ලෝකයේ නම රැන්දු රටක් බවට පත්කර ගත්තෝය. අද ඔවුන්ගේ හමුදා , ඔත්තු සේවා අතිවිශිෂ්ඪය.
ජේරැසලම ජාත්‍යන්තර නගරයක් වූවත් නිසල නගරයකි, පැරණි නගරය රාත්රියේ නිසංසල නිද්රාවකට පත්වෙනවා සේ හැගේ.එසේම ඔවුන්ගේ හෝටල් සම්ප්රදායද අරැමයි. නවීන ඊශ්රායලයේ දැන් දැන් අඩුවී ගෙන යන නමුත් ජුදෙව්වන් මේ නීති රීති පිළිපදින්නට දැඩිව උත්සහ දරයි. යුදෙව්වන්ට ඔවුනගේ ආහාර රටා , ගත නොගත යුතු ආහාර සදහා නීති පද්ධතියක් අඩංගු ග්රන්ඵයකි" කෂ්රත්" (Kashrut),එහි , " කෂර්" (Kosher food- food that may be consumed according to "Halakha- ජුදා නීතිය" , if I say in simple way," fit for consumption ") ආහාර යනුවෙන් වර්ග කර ඇත.(Kosher food/Kosher animals) , හලාකාවට අනුව මේවා සුදුසු නැත. ලෝකයේ ඇති මිළ අධිකම හෝටල් පිහිටි මේ රටේ මේ සම්ප්රදායන් රකින බවද, ඔවුන්ගේ අපූරැ සිරිතකි, මස් සමග එකවිට කිරි ආහාර ලබාදෙන්නේ නැත.උදා: අපි හිතමු, මස් අඩංගු ආහාර වේලකට පසු Ice cream , ඇනවුම් කළ නොහැක., ඒ සදහා වෙනම කොටසක්( මාංශ ආහාර) ඇත.
එසේම සාම්ප්රදායික යුදා කාන්තාවන් ඉතා ශිෂ්ඪ සම්පන්න ඇදුම් අදිති, විශේෂයෙන් දේවස්ඵාන සදහා ඔවුන් අරැමෝසම් අදින්නේම නැති තරම්.සමහර යුදා දේවස්ඵාන අසළ මෙවැනි දැන්වීම් ඇත" කරැණාකර ශිෂ්ඪ ඇදුම් අදින්න!".
මේ ජාත්‍යන්තර සමහර හුදෙකලා ජනකොටස් වලට තවමත් මේ සහස්රවර්ෂය(millennium) උදාවී නොමැත.ජීවිත ඉතා ගැමිය, සරලය. ඔවුන් නවලොව සමග මුසුවන්නේ නැත.හරියට අපේ හද්දා පිටිසර වගේ ඔවුන්ද ඔවුනගේ ඉපැරණි සාම්ප්රදායික ජන ජීවිතය රැකගෙන ජීවත් වෙති.මෙය ඔබට ලියන්නට,මා,මේ අපූරැ වූත්,සුන්දර වූත්, නිසංසල වූත් පෞරාණික නගරයට මොහොතකට මනසින් ගියෙමි. දැන් නිමාවයි😊ඔබත් කැමතිනම් රසවිදින්න.


මෙම ලිපියේ මුල් කර්තෘ: ගංඟා කුමාරි පෙරේරා

1 comment:

  1. ඔයා වගේම මාත් ජෙරුසලමේ මනසින් ඇවිද්දා මේක කියවන ගමන්.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...