Tuesday, April 12, 2016

ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ කාන්තාවෝ

එකළ කාන්තාව සැලකුම් ලැබුවේ‍ෙ දෙවන පන්තියේ පුරවැසින් ලෙසිනි.
නමුත් එම අසමානාත්මතාවය නොසලකමින් සමාජ තුළ යහපත් වෙනස් කම් සිදුකිරීමට උරදුන් කාන්තාවන් බොහෝමයක් වෙති.
එවන් සමාජ වෙනස්කම් සඳහා මුලාරම්භය ගත් කාන්තව කිහිප දෙනකුගේ සේයාරූ පහත පළවී ඇත.
1# මාරි කියුරි- නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ඇති ඇය රේඩියම් සොයාගත්තාය.
2# මාග්‍රට් හේෆීල්ඩ් - ඇපලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතියේ මෘදුකාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස ඇය කටයුතු කළාය (1969).
3# මලාලා යුසාෆ්සායි - කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන පාකිස්තානු ජාතික මලාලා නොබෙල් ත්‍යාගය දිනාගත ලාබාලතම පුද්ගලයා වෙයි.
4# ස්වීඩනයේ වික්වා නගරයේදී නව නාසිවාදියෙකුට තම අත් බෑගයෙන් පහරදෙන කාන්තාවක් (වසර 1985 අප්‍රියෙල් 13)
5# ඔන්නා බුගේෂ ලෙස ජපන් බසින් හැඳින්වෙන කාන්තා සමුරායිවරියක්
6#කැතරින් ස්විස්ටර් - බොස්ටන් මැරතන් තරගය සඳහා සහභාගී වූ ප්‍රථම කාන්තාව ඇය වන අතර මෙම ඡායාරූප වල දැක්වෙන්නේ තරග සංවිධායකයෙකු ඇය තරගව වැදීමෙන් වැළැක්වීමට උත්සාහ ගන්නා ආකාරයයි
7# රුසියාවේ වැල්න්ටිනා තෙරස්කෝවා - අභ්‍යාවකාශයට ගමන් කල පළමු කාන්තාව (1967)
8# ඇමීලියා ඉයහාට් - අත්ලාන්තික් සාගරය හරහා ගමන් ගත් ප්‍රථම කාන්තා ගුවන් නියමුවරිය (1928)
9# පර්ල් වරායේ සේවය කරන කාන්තා ගිනි නිවන සෙබළියන් (1941)
10# කොමකො කිමුරා - ඡන්දය භාවිතා කිරීමේ අයිතිය වෙනුවන් නිව් යෝක් නුවරදී උද්ඝෝෂණයක් යෙදෙමින් (වසර 1917 ඔක්තෝබර් 27)
11# රෝසා පාක්ස් - සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඇය නිදහස් ව්‍යාපාරයේ මව ලෙස හඳුන්වයි
12# එලිසා ලියෝනිඩා - ලොව ප්‍රථම ඉංජිනේරුවරිය
13# රයිෆලයක් අතැතිව සිය නිවස ආරක්ෂා කරන ආමේනියාවේ 106 වියැති කාන්තාවක් (1990)
#14 ඈන් ෆ්‍රෑන්ක් - දෙවන ලෝක යුද්ධයේදී සමූලඝාතනයට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහට ලක් වූ පුද්ගලයෙකි. යෞවනියකගේ දිනපොත නම් ඇගේ යුධ කාලින දිනපොත, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම පාදක වී ඇත.
#15 මූඩ් ස්ටීවන්ස් - ඇමෙරිකාවේ ප්‍රථම පච්ච නිර්මාණ ශිල්පිණිය (1907)

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...