පලමු කොටස කියවන්න මෙතනින්.
කාඩ් කුට්ටමෙහි එකේ සිට දහය දක්වා අංකවලින් යුත් කාඩ්පත් සහ රූ සටහන් සහිත කාඩ්පත් සමඟ ඒකරාශී කරමින් කාඩ් කුට්ටම නිර්මාණය ආරම්භ වී ඇත්තේ චීනයේ, අරාබියේ හෝ ඉන්දියාවේ විය හැක. මෙහි ප්‍රභවය පෙරදිය ආසියා රටක් වන බවට කාඩ් කුට්ටමේ රූ සටහන් හා චිත්‍ර සම්ප්‍රදායන් සාක්ෂි දරයි.
කාඩ් කුට්ටමෙහි දකින හාරත, රුවිත, කලාබර සහ ස්කෝප්ප යන හතර වංශය නිර්මාණය වූ මුල් යුගයේදී කාඩ් කුට්ටමේ කාඩ් පත් 56 ක් පමණ තිබුණි. ආසියා හෙවත් ඒස් (ACE) කොළයේ සිට දහය දක්වා අංක සහිත කාඩ්පත් දහයකුත් වංශ හතරේ රූප සහිත කාඩ්පත් හතරකුත් බැගින් එක් වර්ගයකින් කාඩ්පත් 14ක් තිබුන නිසා රූප කාඩ්පත් හතරෙහි වූයේ රජු, බිසව, ඇමති හා සේවක වශයෙනි.
නමුත් අද දක්නට ඇති කාඩ් කුට්ටමෙහි සම්පූර්ණ කාඩ්පත් ප්‍රමාණය 52කි. එහි රූ සටහන් අතරින් ඇමති රූපය ගිලිහී ගොස් රූප තුනකට සීමා වී ඇත. ඒ රජු, බිසව හා සේවක ලෙසටය.
පෞරාණික ඉන්දීය කාඩ් කුට්ටමෙහි රූ සටහන් දහයක්ම තිබුනි. එම දහය නම් කර ඇත්තේ ඔවුන්ගේ දේව විශ්වාසයන්ට එකඟවනසේ විශ්නු දස අවතාරයන්ටය. එහෙයින් පැහැදිලිව පෙනෙන කරුණක් නම් කාඩ් කුට්ටම ඉන්දියාව තුල ව්‍යාප්ත වී ඇත්තේ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන්ට අනුකූලවය.
ඊළඟ කොටසින් හමුවෙමු.......
- මිතිල ප්‍රනාන්දු
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...

No comments:
Post a Comment