Monday, April 11, 2016

මේ ගැන ඔබ දැන සිටියා ද?

#මේ_ගැන_ඔබ_දැන_සිටියා_ද..?

   ඊජිප්තුවේ කෙනෙක් මිය ගිය විට මමීකරණය කරනු ලැබේ. මොළය කෑලි වලට කඩා එලියට අදින්නේ නාස් කුහර වලිනි. ගුද මාර්ගයෙන් ආහාර ජීර්ණ පද්ධතිය, බඩවැල්, අක්මාව, ඇල දිව, වකුගඩු යනාදිය එලියට අදිනු ලැබේ.

    එහෙත් කිසිම හේතුවක් නිසා, ශරීරයෙන් හදවත එලියට නොගනී. එය එසේම තබා ශරීරය මිහිදන් කෙරේ. මක්නිසාදයත්, මේ ජීවිතයෙන් පසු ස්වර්ගයේ ගත කරන දෙවන ජීවිතයට ඔබව සුදුසුද කියා පරීක්ෂා කරන්නේ, ඔබගේ හදවතේ ස්වරූපයෙනි. ඔබේ වාරය එන තුරු, හදවත පමණක් ඇතිව, ස්වර්ගයේ ද්වාරයේ ඔබ පෝලිමේ සිටිය යුතුය. මහා දෙවියා වන 'රා' , ඔහුගේ කීකරු සේවකයා වන නරියා සමඟ තරාදිය දැන් ඔබව පරීක්ෂා කිරීමට සුදානම් ව සිටී.

     දෙවියන්ගේ අණ පරිදි, ඔබ හදවත ගලවා තරාදිය පසක තැබිය යුතුය. තරාදියේ අනෙක් පස ඇත්තේ කුරුළු පිහාටුවකි. යම් හෙයකින් හදවතේ බර කුරුළු පිහාටුවට වඩා වැඩි නම්,  නරියා ඔබගේ හදවත වහා ගිල දමන්නේය. එයින් මතු 'ඔබ' කියා කෙනෙක් නැත. ස්වර්ගයට යෑමට ඔබ වාසනාවන්තයෙක් නම්, හදවත කුරුළු පිහාටුවට වඩා  සැහැල්ලු විය යුතුය. දැන් ඔබට ස්වර්ගයට යෑමට රා දෙවියන්ගේ කරුණාව සහ අනුග්‍රහය ලැබේ.
   
          විකාරයක් මෙන් පෙනුනද, මේ අවරුදු පන්දාහකට වඩා පැරණි ඊජිප්තියානු ඇදහිල්ලේ ගත යුතු දෙයක් ඇත.  හදවත, පිහාටුවකට වඩා සැහැල්ලු නම් පමණක් ඔබ ස්වර්ගයට යෑමට සුදුස්සෙකු වෙනු ඇත. හදවත බර වෙන්නේ, ඕනා කමෙන් වැරදි කලවුන්ගේ පමණි.  ස්වර්ගයට යන්නට නම්, හදවත පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් තබා ගන්න උනන්දු වන්න...

... ස්වර්ගයට යන්නට ඔබට හැකිවේ යයි ඔබ සිතනවාද?...?

2 comments:

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...