Tuesday, April 19, 2016

කිඹුල් ඇම සඳහා ලමුන් ඕනෑකර තිබේ



‘‘කිඹුල් ඇම සදහා ලමුන් ඕනැකර තිබේ... පණපිටින් නැවත භාරදෙන්නෙමු...‘‘

මෙය 19 වැනි සියවසේ මෙරට පලවූ Ceylon Catholic Messenger වැනි පුවත්පත් වල බහුලව තිබු ශිර්ෂපාඨයකි.

යටත් විජිත සමයේ මෙරට පාලනය කල බ්‍රිතාන්‍ය ජාතිකයන් දඩයමට මහත් කැමැත්තක් දැක්වූ පිරිසකි. ඔවුන්ගේ දඩයමින් ගැලවීමට මෙරට සිටි කිබුලන්ටද නොහැකි විය. කිබුලන් දඩයමේදි මස් ගොඩකට වඩා සජිවි දරුවකු වඩා ගැලපෙන බව ඉංග්‍රිසි දඩයක්කරුවන් ට වැටහි ගොස් තිබිනි. ඒ නිසා දරුවන් යොදාගෙන කිබුලන් දඩයමට ඔවුන් යොමුවිය.

දරිද්‍රතාවයෙන් පෙලෙමින් සිටි එකල සිංහල පවුලකින් දරුවෙකු ඇම සදහා කුලියට ගැනිම අපහසු නොවු බව කියැවේ. එකල දෙමාපියන් දිනකට සිලින් දෙකක මුදලකට සතියට දින හතරක් දක්වා ඇම සදහා දරුවන් කුලියට දීම සිදුකර ඇත. කිබුල් දඩයක්කරුවන් ගේ ඉලක්කය ගැන එකල මෙම දෙමාපියන්ට හොද විස්වාසයක් තිබු බව සිතිය හැක. ඉලක්කය වැරදි ගියොත් තමන්ට දරැවාද නැතිවේ.

දරුවා රැගෙන යන දඩයක්කරු ගංඉවුරේ දරුවා ඇම ලෙස ගැටගසා සැගවී කිබුලා එනතුරු බලාසිටි. ඇම පසුපස එන කිබුලා ඇමට ලගාවෙත්ම ඉලක්කය ගෙන කිබුලා මරා දමා සම හා හිස කොටස වෙන්කරගන්නවා දඩයක්කරුවන්, කිබුලාගේ ඉතිරි කොටස් දරුවාට ලබාදුන් බව පැවසේ. සමහර දඩයක්කරුවන් එක දිනකදි එක් ලමා ඇමක් යොදාගෙන කිබුලන් සතර පස් දෙනෙක් දඩයම් කරගත් අවස්ථාද තිබේ.

ලමා ඇම යොදාගෙන දඩයම් කිරිම ලංකාවට අමතරව ඉන්දියාවේද බ්‍රිතාන්‍යයන් විසින් සිදුකර ඇත. ඉන්දියාවේදි නම් ලමයින් නැවත බාරදෙන ලෙස දඩයක්කරුවන්ගෙන් දෙමාපියන් තරයේ ඉල්ලා නොසිටි අවස්ථාද තිබෙන බව පොත පතෙහි සදහන් වේ.


කර්තෘ: රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. බුදු අම්මේ... මොනතරම් අමානුශිකයිද අප්පා
    මේක ලංකාවේ තිබුනාද? සාක්ෂි තියේද?

    ReplyDelete
  2. මෙයින් පුදර්ශණය වන්නේ එ සමයේ අප රටේ පැවති තත්වයයි.ද්‍ර‍රිද්‍ර‍තාවයේන් පෙලන මිනිසුන් තම දරුවනගේ ජිවිත අවදානම ගැනද නොසෙලකා මුදලට ගිජුවි ඇති බවයි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...