Thursday, April 14, 2016

උරගයින් ගැන වැරදි මත



 #හිකනලුන්
    ශ්‍රී ලංකාවේ පොලොං හීරලුවා නමින් හිකනලෙකු සිටින බවටත් ඔහුගේ විස පොලගාගේ විසට සමාන බවටත් මතයක් පවතියි. නමුත් හිකනලුන් කිසිවෙකු විස සහිත නොවේ.

#කටුස්සන්

   බෝදිලිමා යනු දරුවෙකු ප්‍රසූත කරන අවස්තාවේදී මියගිය ස්ත්‍රියගේ අවතාරයක් බව බොහෝ ගැමියන්ගේ මතයයි. යම්කිසි විටෙක බෝදිලිමා කෑ ගැසුවහොත් නිශ්චිතවම එම ප්‍රදේශයේ මරණයක් සිදුවන බවට විශ්වාසයක් පවතියි. එමෙන්ම යමෙක් බෝදිලිමා මරා දැමුවහොත් බෝදිලිමාගේ අවතාරය පැමින ඌ මැරූ පුද්ගලයාව මරා දමන බවටත් විශ්වාසයක් පවතියි. නමුත් මෙවැනි කතන්දර හුදෙක් ජනප්‍රවාදයන් පමනි. එනම් බෝදිලිමා යනු කිසිදු ශබ්දයක් පිට කල නොහැකි සත්වයෙකි.

#කනැල්ලන්

  මොවුන් රාත්‍රී කාලයට නිදා සිටින් මිනිසුන්ගේ කන තුලට රිංගන බවට විශ්වාස කෙරේ. මෙහි කිසිදු සත්‍යතාවක් නැත. මේ ජනප්‍රවාදයට හේතු වී ඇත්තේ නනැල්ලන් පොලොව යට ගුල් හාරා ජීවත් වන බැවිනි.
   


#දෙපත්_නයා

   දෙපත් නයාට හිස් දෙකක් ඇති බව විශ්වාස කෙරේ. දෙපත් නයා යන නමද භාවිතා වන්නේ එබැවිනි. මේ මතයට පදනම් වී ඇත්තේ උගේ වලිගය පෙදෙස හිස මෙන් පැතලි ස්වභාවයක් ඇති බැවිනි. සැබවින්ම මෙම සත්වයාට වෙනත් හිසක් නොමැත.

#මඩ_පණුවා

  මෙව් සතුන් ජීවිත කාලයෙන් මාස 6ක් ජලයේද තවත් මාස 6ක් ගොඩබිමේ ජීවත් වන බව විශ්වාස කෙරේ. මෙයට හේතුව මෙම සත්වයා කඩොලාන පරිසර ආශ්‍රිතව ජලයේ හා ගොඩබිමේ යන දෙකේම වෙසෙන සර්පයෙක් බැවිනි.

#පිඹුරා

 ගොදුරක් වෙලාගත් පිඹුරෙකු උගේ වලිගයේ ඇති කටුවකින් ගොදුරගේ හිසට ඇන මරණයට පත් කරන බවට විශ්වාස කෙරේ. නමුත් මෙහි කිසිදු සත්‍යතාවක් නැත. එනම් පිඹුරාගේ වලිගඒ තිබෙන කටු දෙක සර්පයින්ගේ පරිනාමීය ක්‍රියාවේදී කෂ්‍ය වී ගිය පාදවලට සම්බන්ද අස්ථි කොටස් දෙකකි. මෙයින් ඌ බොහෝ සේ ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ.

  

1 comment:

  1. මේවා ගැන නොදැන උරගයෝ කී දෙනෙක්නන් මිනිස්සු නිරපරාදෙ මරනවද නේ.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...