Wednesday, April 20, 2016

සුද්දෙක් නොකල නිසා යටගැසූ මහා ගවේශනය


#ටිබැට්_ගංගා_ගවේෂණය

ගොඩක් අය නොදන්න, නමුත් වැදගත් ගවේෂණයක් ගැනයි මේ කතාව. උඩින් පල්ලෙන් කතාව කියන්න බැරි නිසා ලිපිය දිගයි.

බ්‍රහ්මපුත්‍ර ගංගාව කියන්නේ චීනය, ඉන්දියාව,බංගලාදේශය යන රටවල් 3 හරහා ගලන ගංගාවක්. ඉන්දියාව යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට ඕනා කලා බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ආරම්භ හොයාගන්න. බ්‍රිතාන්‍යයන් ගග දිගේ උඩට ගවේෂණය කරගෙන යනකොට එයාලාට ගවේෂණයට අපහසු කදුකර කැනියන් එකක් හමුවෙනවා.

 මේ කැනියන් එක තියෙන්නේ ටිබැටයේ. මේ කදුකර සිමාවට ඉහලින් ටිබෙටය දෙසින් තවත් ගංගාවක් ගලනවා. මෙය හැදින්වූයේ සැන්පෝ ගංගාව කියලා. ඉතින් බ්‍රිතාන්‍යයන් විස්වාස කරනවා බ්‍රහ්මපුත්‍ර, සැන්පෝ කියන මේ ගංගා දෙකම එකක් කියලා. නමුත් මේක තහවුරු කරගන්න ටිබෙටයට යන්න බ්‍රිතාන්‍යයන්ය බැ.ඒ කාලේ බ්‍රිතාන්‍ය ටිබෙටය එක්ක යුද්ධකරගෙන හිටියේ. බ්‍රිතාන්‍ය ගවේෂණකයෝ ටිබෙටයට ගියොත්, ටිබෙට් ජාතිකයන් ගවේෂකයන් මරයි කියන සැකය ඔවුන් තුල තිබ්බා.

බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන්ට මේ කාර්ය කල නොහැකි නිසා, සිකිම් මිනිසුන් යොදාගෙන මෙම මෙහෙයුම කරන්න තිරණය කරනවා. මොකද සිකිම් මිනිස්සු ටිබැට් මිනිස්සු වගේ නිසා. මුලින් මුලින් මෙම ගග ගවේෂණයට ගිය පලපුරුද්දක් නැති සිකිම් මිනිස්සු ගෙනාපු කරුණු පරස්පර විම නිසා, බ්‍රහ්මපුත්‍ර සැන්පෝ ගවේෂණය සදහා මින්දෝරු විශය දන්න ‘‘කින්තප්‘‘ කියන සිකිම් ජාතිකයා යොදාගන්න තිරණය කරනවා.

H.J.හර්මන් කියන බ්‍රිතාන්‍ය මිනින්දෝරුවාගේ මෙහෙයවීම යටතේ කින්තප්ට පැවරෙනවා ටිබෙටයට ගිහින් සැන්පෝ ගංගාව ගැන හොයන්න. කින්තප්ට, කැප්ටන් හර්මන් පවරනවා ටිබෙට් රටේ ගලන සැන්පෝ ගංගාවට එහෙ ඉදලා විශේ්‍ෂ ලකුණු යෙදු ලි කොටං දාන්න. මේ ලි කොටන් අල්ලගන්න පිරිසක් ලැස්ති වෙලා ඉන්නවා ඉන්දියාවෙන් ගග ගලන ස්ථානයක. සැන්පො ගගට, ටිබෙට් වලින් දාපු ලි කොටන් බ්‍රහ්මපුත්‍ර ගගෙන් ලැබුනොත්, ඔප්පු වෙනවා සැන්පෝ කියන්නෙත් බ්‍රහ්මපුත්‍ර ගගේම කොටසක් කියලා.

1879 වසරේදි කින්තප්, ටිබෙටයට යන්නේ ලාමාවරයෙක් ගේ සේවකයෙක් ලෙස වෙස් වලාගෙන. නමුත් අතරමගදි මේ ලාමාවරයා කින්තප්ව වහලෙක් ලෙස විකුනනවා. ගවේෂණය පැත්තක දාලා කින්තප්ට වහලෙක් ලෙස වැඩ කරන්න වෙනවා. අවුරුද්දක් පමණ වහලෙක් ලෙස වැඩ කල කින්තප් ගේ වැඩ හොද නිසා වහල් ස්වාමියා කින්තප්ට, නිවාඩු ලබා දෙනවා. නිවාඩු අවස්ථාවලදි කින්තප් තම ගංගා ගවේෂණය කිරිම දිගටම කරගෙන යනවා. කින්තප් විසින් තමන්ගේ ප්‍රධානියා වුන් හර්මන් මහතාට ලිපියක් යවනවා තමන් ඉදිරි දින වලදි සැන්පෝ ගංගාවට ලි කොටන් දමන බවත්, ඒවා ගග පහලදි එකතු කරගන්නා ලෙසත්.

කින්තප් මේ ආකාරයට ගංගාවට කාලාන්තරයකින් යුතුව ලි කොටන් 500ක් දානවා. නමුත් අවාසනාවට කින්තප් යවපු ලිපිය හර්මන්ට ලැබෙන්නේ නැ. මොකද හර්මන් එතකොට නැවත බ්‍රිතාන්‍යයට ගිහින්. කින්තප් ගේ ලි කොටන් දැමිම ඇත්තටම ගගට ඉනි කැපුවා වගේ වැඩක්. නමුත් තමන්ගේ ප්‍රධානිය බ්‍රිතාන්‍යයට ගියා කියලා නොදන්න කින්තප් දිගටම තමන්ගේ ගවේෂණය කරගෙන යනවා. තමන්ට ලැබෙන නිවාඩු වලදි, කින්තප් ලාමාවරුන්ගේ පන්සලකට බැදිලා ආගමික ගමන් මුවාවෙන් දිගටම ගංගාව ගැන කරුණු හොයනවා. අන්තිමේදි කින්තප් විසින්ම හොයාගන්නවා සැන්පෝ ගංගාව හා බ්‍රහ්මපුත්‍ර ගංගාව කියන්නේ එකම ගංගාවක් කියලා. වසර හතරක ගවේෂණයකින් පසුව කින්තප් නැවතත් මේ ගංගාවේ රහස විසදගෙන ඉන්දියාවට එනවා.

නමුත් බ්‍රිතාන්‍ය මිනින්දොරුවන් කින්තප් ගේ මෙම ගවේෂණය පිලිගන්නේ නැ. කින්තප් ගේ ප්‍රධානියා වූ හර්මන් පවා ඉන්දියාවේ නැති නිසා කින්තප්ට කරන්න දේකුත් නැ. මේ තරම් විශාල ගවේෂණයක් තනියම කරපු මිනිසෙක්ව බ්‍රිතාන්‍ය නොසලකා හරිනවා.

කින්තප් ගේ ගවේෂණයෙන් වසර 30කට පසුව, එනම් 1913දි ෆෙඩ්රික් බේලි හා හෙන්රි මෝසැඩ් විසින් නැවත ගවේෂණයක් කරලා සැන්පෝ - බ්‍රහ්මපුත්‍ර එකතුව සොයාගන්නවා. නමුත් මේ ගැන මුලින්ම පරික්ෂණය කරපු කින්තප්ව කිසිම සදහනක් කරන්නේ නැ.
----------------------------------------------------------------------------------------
කර්තෘ: රොෂින් ප්‍රනාන්දු
පලි
ඔබේ අදහස් යෝජාන සදහන් කරනානම් එය රුකුලක්.
ඔබේ ප්‍රතිචාර මත ඉදිරියේදිත් අලුත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා.

3 comments:

  1. ස්තූතියි ලිපියට... ගොඩක් නටබුන් සුද්දො හොයාගත්තා කිව්වට ඒ අවට හිටිය ගම්බද මිනිස්සුනන් ඒ ගැන දැනගෙන ඉන්න ඇතිනෙ. උදාහරණෙකට මාචු පීචු බලකොටුව ගමුකෝ.මේක සුද්දෙක් හොයාගත්තා කිව්වට ගමේ මිනිස්සු එයාලගේ සත්තු රැල බලාගන්න නිතරම ඔය හරියෙ හැවසුනා කියලා තමයි කියන්නේ.මෙවන් නොදත් කතා දිගටම පල කරන්න. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  2. නියමයි.. ගොඩක් හොද ලිපියක්..

    ReplyDelete
  3. https://janeelaya.blogspot.com/2016/05/blog-post_29.html

    ReplyDelete

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...