Tuesday, April 12, 2016

පැපිරස් පත්‍රයේ කතාව

ඒ ක්‍රි.පූ. 202 - ක්‍රි.ව. 220 අතර වූ කාලයයි. චීනයට එළඹි තිබුණේ හන් රාජ්‍ය සමයයි. වැදගත් අධිකරණ නිලධාරියකු වූ කායිලුන් අහස උසට ගොඩගැසී ඇති අධිකරණ ලියවිලි දෙස නෙත් යොමාගෙන සිතන්නට ඇත්තේ උණ පතුරු මත ලියෑවුණු මේ ලේඛන මෙයට වඩා පහසු හා බර අඩු ආකාරයෙන් ගබඩා කරන්නේ කෙසේ ද කියා වන්නට ඇත. ක්‍රි.පූ. 1600-1050 දක්‌වා වූ ශැංග් රාජ්‍ය සමයේ මෙන්ම ඉන්පසු රාජ්‍යත්වයට පත් ෂොයු රාජ්‍ය සමයේ ද චීනයේ ලේඛන පවත්වාගෙන ගොස්‌ ඇති බව ද, ඒවා උණ පතුරු මත ලියෑවී ඇති බව ද මේ වන විට ඔබ දන්නවා ඇත. එසේ ම ධනවතුන් "චිහ්" නම් වූ සිල්ක්‌ රෙදි මත ද අකුරු කළ බව මෙහි දී මතක්‌ කළ යුතු කාරණාවක්‌ වන්නේ ය. කායිලුන් විද්වතා අවසානයේ දී පරණ රෙදි කඩමලු, මල්බෙරි ශාක කොටස්‌ එකට තලා, ජලයෙන් අඹරා පල්පයක්‌ වන්නට සකසා, මාළු දැල් මත අතුරා ලෝකයේ පළමු කඩදාසිය ක්‍රි.ව. 105 දී නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් ය. කෙසේ නමුත් ක්‍රි.ව. 2006 දී කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී චීනයේ ගන්ෂු ප්‍රදේශයේ µeංග්මැටන්හි දී ක්‍රි.පූ. 179-41 කාලයට අයත් සිතියමක්‌ අඳින ලද කඩදාසි කොටස්‌ හමු වී ඇත. 

දෙවැනි ශතවර්ෂය වන විට කඩදාසි චීනයේ උගතුන් අත නො ව වෙළෙඳුන් අත වූ භාණ්‌ඩයක්‌ වී තිබිණි. එවකට වෙළෙඳාමේ දී භාණ්‌ඩ ඇසිරීමට මෙන්ම එතීමට ද කඩදාසි බෙහෙවින් භාවිත වී තිබිණ. විශේෂයෙන් ම එවකට අධි සුබෝපභෝගී භාණ්‌ඩයක්‌ වූ මුහුණ බලන කණ්‌ණාඩිවල ආරක්‍ෂාව සහතික කිරීම පිණිස චීන වෙළෙන්දොa ඒවා කඩදාසිවල ඔතා ඇසිරීමට පුරුදුව සිටිය හ. දෙවැනි ශත වර්ෂය අවසාන වට විට කඩදාසි මත අකුරු ලිවීම චීනය පුරා වේගයෙන් පැතිර ගියේ ය. තුන්වැනි ශත වර්ෂය වන විට චීනයේ ඈත ගම් නියම්ගම්වල වූ උගතුන් පවා ලේඛනය කිරීම පිණිස කඩදාසි භාවිතාව අරම්භ කර හමාර ය. තවත් ශතවර්ෂ 3ක්‌ ඇවෑමෙන් චීනයේ කඩදාසි, ලේඛන කටයුතු හා ඇසුරුම් කටයුතු සඳහා පමණක්‌ නො ව වැසිකිළි කටයුතු සඳහා ද භාවිත වන්නට විය. ක්‍රි.ව. 851 දී අරාබි සංචාරකයකු චීන ජාතිකයන් ගේ මේ කඩදාසි භාවිතය පිළිබඳව සිය අපුලතාව පළ කරමින් කරන ලද ලේඛනයක්‌ ද වේ. ක්‍රි.ව. 618-907 ටෑංග් රාජ්‍ය සමයේ කඩදාසි භාවිතාව අතිශයින් පුළුල් වී ඇත. විශේෂයෙන් ම කඩදාසි මඟින් විවිධ අරුමෝසම් නිර්මාණ බිහි කිරීමේ ආරම්භය එය වෙයි. එසේ ම තේ කුඩුවල රසය හා සුගන්ධය නො නැසී ඇසිරීම සඳහා ද කඩදාසි ඇසුරුම් භාවිතයට පැමිණෙන්නේ ටැංග් රාජ්‍ය සමයේ දී ය. එසේ ම තේ පානය කිරීම සඳහා අරුමෝසම් කෝප්ප සහ පීරිසි මෙන්ම, අත පිස්‌නාවන් ද කඩදාසි මඟින් නිමැවීමට චීන නිමැවුම්කරුවෝ සමත් වී සිටිය හ. ක්‍රි.ව. 960-1279 යුගයේ චීනයේ ඇති වූ සොංග් රාජ්‍ය යුගයේ ලෝකයේ මුල් ම මුදල් නෝට්‌ටුව කඩදාසිය මත මුද්‍රණය කළ බව මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. මේ අතර ක්‍රි.ව. 610 වන විට චීනයෙන් ඔබ්බට කඩදාසි පිළිබඳ රහස ගලා ගොස්‌ තිබිණි. ඒ චීන බෞද්ධ භික්‍ෂූන් වෙතින් ජපන් භික්‌ෂූන් වෙතට ය.

එසේ ම ක්‍රි.ව. 751 දී චීන හමුදා ටලාස්‌හි දී (අද කීර්ගිස්‌තානය) අරාබි හමුදාවන්ට පරාජය වීමෙන් පසු කඩදාසි පිළිබඳ නැවුම් පුවත් මැදපෙරදිගට දැනගන්නට ලැබිණි. පුරාවෘතයට අනුව අරාබි හමුදා මඟින් අත්අඩංගුවට ගත් චීන සිරකරුවන් දෙදෙනකු මඟින් කඩදාසි නිෂ්පාදනය අරාබිවරුන් දැනගන්නා අතර, ඔවුන් දෙදෙනා ගේ මඟපෙන්වීම මත මුස්‌ලිම්වරු "සමර්කන්ඩ්"හි පළමු කඩදාසි කම්හල පිහිටුවූ හ.

කඩදාසි නිෂ්පාදනයට අරාබිවරුන් සපැමිණීමත් සමග එය වඩාත් ගුණාත්මක කර්මාන්තයක්‌ බවට පත් විය. ඔවුන් විසින් යුද්ධ මඟින් දිනා ගන්නා ලද යුද සිරකරුවන් නිසා ඔවුනට මානව සම්පත ගැටලුවක්‌ නො වී ය. ඒ අනුව මෙතෙක්‌ චීන ජාතිකයන් කඩදාසි පල්පය තනා ගැනීමට භාවිත කළ වංගෙඩි මෝල්ගස්‌ ක්‍රමය සෙක්‌කු ක්‍රමයට පරිවර්තනය කරන්නේ අරාබිවරුන් ය. විශාල ගල් වංගෙඩියකට ඊට ගැලපෙන ප්‍රමාණයේ පාදම විශාල මෝල් ගසක්‌ අතුළු කර එය කරකැවීමෙන් සෙක්‌කු වංගෙඩිය තුළට දමන ශාක කොටස්‌ පල්පයක්‌ බවට පත් කිරීමට අරාබිහු සමත් වූ හ. 9 වැනි ශතවර්ෂය වන විට අරාබි ජාතිකයෝ කඩදාසි මත අකුරු කිරීම අරඹා තිබිණි. ඔවුන් ගේ මුල් ම කඩදාසි ග්‍රන්ථය වන්නේ මුස්‌ලිම් ආගමික ග්‍රන්ථය වන කුරාණයයි. ඉන්පසු ගෙවෙන කෙටි කාලයක්‌ තුළ දී ලියන ලද පොත් සඳහා ඝනකම් කවරයක්‌ නිර්මාණය කිරීම මෙන්ම පොත් බැඳීම ද අරාබිවරුන් විසින් ම ආරම්භ කරන ලදී. 

12 වැනි ශතවර්ෂය වන විට අරාබියෙහි කඩදාසියෙහි මුද්‍රණය කරන ලද ග්‍රන්ථ ඉතා සුලබ විය. 

ලී අච්චුව තීන්තෙහි පොඟවා, කඩදාසි මත මුද්‍රණය කරන ලද පෙත් දහස්‌ ගණනක්‌ අලෙවි කරන පොත් වෙළෙඳසල් සියයකට අධික සංඛ්‍යාවක්‌ මොරොක්‌කෝවේ "කුටුබියන්" නම් වීදියේ වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. කුටුබියන් යන්නෙහි අරුත වන්නේ ද පොත් වෙළෙන්දෝ යන්න ය. 

13 වැනි සියවස වන විට කඩදාසි පිළිබඳ කතිකාවත ඉන්දියාව කරා ඇදී යන්නේ ආරාබි වෙළෙඳුන් මඟින් ය. ඒ අනුව එම සියවසේ දී ම ඉන්දීය විද්වත්හු කඩදාසි නිෂ්පාදනය පටන් ගත් හ. ආසියාව සහ මැදපෙරදිග කඩදාසි විප්ලවය මේ අයුරින් අවුරුදු දහසක්‌ පුරා සිදු වන විට 5 වැනි ශතවර්ෂයේ සිට ඇමෙරිකාවේ මහා ශිෂ්ටාචාරය තුළ කඩදාසි හා සමාන ද්‍රව්‍යයක්‌ ලේඛනය සඳහා භාවිත කර ඇත. ඔවුනට ම ආවේණික ඇතැම් ශාකවල අරටු තම්බා තලා ලේඛනයට හා චිත්‍රණයට සුදුසු පරිදි සිහින් තහඩුවක්‌ බවට පත් කර ගැනීමට මායාවරු සමත් වී සිටිය හ. එහෙත් මේ දැව කඩදාසිය සත්‍ය කඩදාසියක්‌ ලෙස විද්වත්හු නො පිළිගනිති.

යුරෝපය කරා කඩදාසි පැමිණෙන්නේ 11 වැනි ශතවර්ෂයේ දී ය. ඒ ස්‌පාඤ්ඤ මුස්‌ලිම්වරුන් වෙතට ය. ඒ අනුව කඩදාසිය මත ලියෑවුණු මුල් ම යුරෝපීය ලේඛනය වන්නේ ඵධZARAඊ ඵෂීSAඛ ධF Sෂඛධී ය. හණ සහ කඩමලු රෙදි භාවිත කරමින් කඩදාසි පල්පය නිපදවීමට ස්‌පාඤ්ඤ මුස්‌ලිම්වරුන් සමත් වූ අතර ඔවුන් ගේ පළමු කඩදාසි කම්හල සැවිටාහි දී ක්‍රි. ව. 1151 දී ස්‌ථාපිත කරන ලදි. ක්‍රි.ව 1276 දී ඉතාලිය තම පළමු කඩදාසි කම්හල ආරම්භ කළ අතර එතැන් සිට යුරෝපය පුරා ක්‍රමානුකූලව කඩදාසි කම්හල් බිහි වන්නට විය. 

මෙහි දී මතක්‌ කළ යුතු වැදගත් කාරණයක්‌ ප්‍රමාද වී හෝ සටහන් කළ යුතු ය. එනම් කඩදාසිය යන්න ඉංග්‍රීසි භාෂාවෙන් "පේපර්" වූයේ කෙසේ ද යන්න ය. කලකට පෙර ග්‍රීකවරුන් ලේඛනය සඳහා භාවිත කළේ Cහචැරමි ච්චහරමි ශාකයේ පත්‍ර වන පැපිරස්‌ පත්‍ර විය. ඊජිප්තුව මෙන් අනෙක්‌ මධ්‍යධරණී රටවල ද භාවිත වූ ලේඛන පත්‍රය පැපිරස්‌ පත්‍රය වෙයි. එය චීනය කඩදාසි නිපදවීමට බොහෝ කලකට පෙර සිට භාවිත වූ බව ඔබ නො දන්නවා නො වේ. ඒ අනුව පැපිරස්‌ යන්න බිඳී පේපර් යන්න, ලේඛනය සඳහා භාවිත වන පත්‍රයට යොදා ගත් බව විද්වත්හු පැහැදිලි කර දෙති.

අද වන විට ලෝකයට කඩදාසි නොමැති ව හුස්‌ම ගැනීමට පවා නොහැකි තරම් ය. අන්තර්ජාල පහසුකම් ලෝකය හඳුනා ගන්නා විට ඇතැම් විද්වතුන් ගේ මතය වූයේ කඩදාසියේ අවසානය එළඹී ඇති බව ය. එහෙත් එම මතය නිෂේධ කරමින් තවදුරටත් කඩදාසියේ ඉල්ලුම අධික කරන්නට අන්තර්ජාල පහසුකම් ද හේතු වී ඇති බව අද වන විට අපි අවබෝධ කරගෙන සිටින්නෙමු.

No comments:

Post a Comment

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...