Tuesday, April 12, 2016

ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය

#ඉතිහාසයේ_දිනක_මෙසේ_සිදු_විය

ක්‍රිපු 133 හා 123 අතර කාලය තුල පුරාතන රෝම ජනරජයේ රාජ මන්ත්‍රණ සභාවට අපුරු සහෝදර යුගලක් තේරී පත්විය. Tiberius හා Gaius Gracchus යන සහෝදරවරුන් හැඳින් වුයේ ග්‍රාච්චි සහෝදරයන් ලෙසය. මේ දෙදෙනාම රාජ මන්ත්‍රණ සභාවට තෝරා පත්කර එවන ලද්දේ ප්ලේබියන් වරු එසේ නැත්නම් එවකට රෝමයේ විසු පීඩිත ජනයා විසිනි. මේ සොහොයුරන් විසින් සභාවට ගෙන ආ පනත් හා යෝජනා වරප්‍රසාධ ලත් රදළයින්ගේ ලේ උණු කිරීමට සමත් විය.

 ධනවතුන් සතුව ඇති මහා පරිමාන ඉඩම් දුගී ජනයා අතර බෙදා දිය යුතු බවට ඔවුන් සභාව තුල හඬ නැගිය. එමෙන්ම ධනවතුන් විසින් ණය බරට ඇද දමන ලද නගර වැසියන්ගේ අනීතික ණය මුදල් කපා හැරිය යුතු බවට යෝජනා කළේය. එවකට තිබු වහල් මෙහෙයට එරෙහිව නව අදහස් හා යෝජනා ගෙන එමෙන්, වහලුන්ට සාමාන්‍ය ජනයා හා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බවට පාලක රෝමවරුන්ට බල කළේය.

මේ සියලු බලකිරීම් ඉවසා ගත නොහැකි රෝමවරුන් විසින් උදාර ගති පැවතුම් ඇති සොඳුරු සොහොයුරන් දෙපල ඝාතනය කළේය. ඉන් නොනැවතී ඔවුන්ගේ මග ගත ප්ලේබියන් වරුන් දහස් ගණනින් ඝාතනය කරන ලදී. රෝම ජනරජය පසු කලෙක බිඳ වැටීමට මේ දෙදෙනාගේ ඝාතනය හේතු වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...