Showing posts with label science. Show all posts
Showing posts with label science. Show all posts
Monday, January 2, 2017
කාබන් කාල නිර්ණය
උදාවූ නව වසර සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා යැයි පතමි.
අද කියන්න යන්නේ කාබන් කාල නිර්ණය සම්බන්ධව. අර්ධ ආයු කාල ගණනයන් මගින් පොසිලයක වයස නිර්ණය කර ගන්නා ආකාරය කියා දීම මෙම ලිපියේ අරමුණයි. මුලින්ම අර්ධ ආයු කාලය යනු කුමක්දැයි අපි සලකා බලමු.
කිසියම් විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ඨිය විකිරණ පිටකරමින් ක්ෂය වේ. ( පොලෝනියම්, රේඩියම්, රේඩෝන්, ෆ්‍රැන්සියම්, තෝරියම්, යුරේනියම් ආදිය විකිරණශීලී මූලද්‍රව්‍ය වලට උදාහරණ කිහිපයකි. ) එවැනි න්‍යෂ්ටියක් පැවති ප්‍රමාණයෙන් භාගයක් වීමට ගතවන කාලය විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය යනුවෙන් හැදින්වේ.
කෝපි ඇට 100g ගන්න. මිනිත්තු 10 කට පසු එම කෝපි ඇට වලින් අඩක් එනම් 50g ඉවත් කරන්න. තවත් මිනිත්තු 10 කට පසු ඉතිරිව ඇති කෝපි ප්‍රමාණයෙන් අඩක් එනම් 25g ඉවත් කරන්න. මේ ආකාරයෙන් ඉතිරිව ඇති ප්‍රමාණවලින් අඩක් බැගින් ඉවත් කරන විට කෝපි ඇට ප්‍රමාණය අඩු වන බව දැකිය හැකිය. පලමුව තිබූ මුලු කෝපි ප්‍රමාණයෙන් අඩක්ද, දෙවනුව මුලින් තිබූ ප්‍රමාණයෙන් කාලක්ද ආදී වශයෙන් ක්ෂය වේ. විකිරණශීලී සමස්ථානිකයක න්‍යෂ්ටියද ක්ෂය වන්නේ ඒ ආකාරයටය.
එක් එක් විකිරණශීලී සමස්ථානිකවල අර්ධ ආයු කාලයන් එකිනෙකට වෙනස් ය. යුරේනියම් -238 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය වසර මිලියන 4500කි. රේඩෝන්-221 සමස්ථානිකයේ අර්ධ ආයු කාලය තත්පර 30කි.
ජීවී ශරීරයේ කාබන් -14 විකිරණශීලී සමස්ථානිකය අඩංගු වේ. එහි අර්ධ ආයු කාලය වසර 5730කි. සිරුරේ කාබන් -14 සමස්ථානික ජීවියා මියගිය අවස්ථාවේ පටන් ක්ෂය වීමට පටන් ගනියි. ඒ අනුව අස්ථි කැබැල්ලක , ශාක කොටසක කාබන් -14 විකිරණශීලී සමස්ථානිකයේ අර්ධ ආයු කාලය පරීක්ෂා කර එම අස්ථි කැබැල්ල කොපමණ කාලයකට පෙර ජීවත් වූවෙකුගේදැයි පැවසීමට පුලුවන. කාබන් කාල නිර්ණය නම් එයයි. පුරාවිද්‍යා කැනීම්වලදී හමුවන අස්ථි කැබලි , ශාක කොටස් ආදිය කවර කාලයකට අයත්දැයි නිර්ණය කර ගැනීමට මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වේ.
අපි උදාහරණයක් ගෙන සලකා බලමු. යම්කිසි පොසිලයක කාබන් -14 ඇත්තේ මුල් ප්‍රමාණයෙන් 1/8 යැයි සිතමු. එනම් එය මුල් ප්‍රමාණයෙන් බාගයක්ද(1/2) , එයුනුත් බාගයක්ද (1/4) , එයුනුත් බාගයක්ද (1/8) ක්ෂය වී ඇත. එනම් මෙය අර්ධ ආයු කාල 3ක් ගත වී ඇත. ඒ අනුව මෙහි වයස 5730×3 එනම් වසර 17190 ලෙස නිර්ණය කල හැක. මෙය සරලම ක්‍රමයයි.
මූලාශ්‍ර :
උසස් පෙල විෂය නිර්දේශය.
ලක්ෂ්මන් දිසානායක මහතාගේ පොත්
Thursday, July 28, 2016
උසස් පෙළ අත්වැල - දුරේක්ෂ
මෙම ලිපියේ අඩංගු වන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවට නියමිත ප්‍රකාශ උපකරණ පාඩමෙහි දුරේක්ෂ කොටසට අයත් පාඩමයි. උසස් පෙළ සිසුන්ට මෙය ප්‍රයෝජනවත් වේවි.
දුරේක්ෂ
ඈත ඇති විශාල වස්තු ඇසේ ආපාතනය කරන කෝණය ඉතා කුඩා නිසා වස්තු ඉතා කුඩා ලෙස පෙනේ. නැතහොත් නොපෙනේ. දුරේක්ෂයක කාර්යය වනුයේ ඈත ඇති වස්තුවක වඩා විශාල කෝණයක් ඇසේ ආපාතනය කරන ප්‍රතිබිම්භයක් ලබා දීමයි.
දුරේක්ෂයක කෝණික විශාලනය
දුරේක්ෂයකින් ලැබෙන අවසාන ප්‍රතිබිම්භය ඇසේ සාදන කෝණය හා වස්තුව ඇසේ සාදන කෝණය අතර අනුපාතයයි.
දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව
දුරේක්ෂයකින් ලැබෙන අවසාන ප්‍රතිබිම්භය අනන්තයේ පිහිටයි නම් එය සාමාන්‍ය සීරුමාරුවේ ඇතැයි කියයි.
දුරේක්ෂයක කෝණික විශාලනය M නම්;
M = A/B
A - දුරේක්ෂය තුලින් බලන විට අවසාන ප්‍රතිබිම්භය ඇසේ ආපාතනය කරන කෝණය.
B - දුරේක්ෂය නොමැති විට වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය.
නක්ෂත්‍ර දුරේක්ෂය
අවනෙත හා උපනෙත ලෙස උත්තල කාච 2ක් යොදාගෙන කන්ෂත්‍ර දුරේක්ෂය නිර්මාණය කර ඇත.
ඇත ඇති වස්තුවක් දෙස බලන විට අවනෙත මත පතනය වන සමාන්තර ආලෝකය එහි නාභි තලය මත පලමු ප්‍රතිබිම්භය සාදයි. සුදුසු පරිදි උපනෙත සීරුමාරු කිරීමෙන් වඩා විශාල කෝණයක් ඇසේ ආපාතනය වන පරිදි අවසාන ප්‍රතිබිම්භය ලබාගත හැක.
- මිතිල ප්‍රනාන්දු

![]() |
| සාමාන්‍ය සීරුමාරුවේ ඇති නක්ෂත්‍ර දුරේක්ෂයක කෝණික විශාලනය. 1 කොටස |
![]() |
| 2 කොටස |
- මිතිල ප්‍රනාන්දු
Wednesday, May 4, 2016
ඔබ දන්නවාද?
01. සියළුම බූවල්ලන් විශ සහිත වේ.

02. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන බූවල්ලෙකුගේ විශ අනෙකුත් කිසිඳු විශක් ක්‍රියාත්මක නොවන උෂ්ණත්ව වලදී ලවා ක්‍රියා කරයි.

03. ඇමෙරිකාවේ සිටින වැඩිම විශ සහිත සත්වයා වන්නේ The rough skinned newtය. උගේ විශ සයනයිඩ් වල විශ මෙන් 10,000 ගුණයකින් විශාල වේ.

04. ivy විශ ආඝ්‍රාණය කළහොත් එමඟින් පෙනහල්ලේ ඇතුළත වණ වේ.

05. ගෝනුස්සන්ගේ කිරි ගැලුමක් ඩොලර් මිලියන 40ක වටිනාකමකින් යුක්තය.

Tuesday, April 19, 2016
විදුලියෙන්ම ජලය පුරවා විදුලිය හදන බලාගාර
+ විදුලියෙන්ම ජලාශයට ජලය පුරවා,එම ජලයෙන් ජල විදුලිය උත්පාදනය කරන තාක්ෂණයක් පවති. මෙය Pumped-storage hydroelectricity (PSH) ලෙස හදුන්වයි.
මෙම ජලාශ වලට ජලය පිරවීමට, විටෙක මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලියට වඩා වැඩි විදුලියක් වැය වේ.
+ හදන විදුලියට වඩා වැඩි විදුලියක් පරිභෝජනය කරනවානම් මොකක්ද මෙම බලාගාර වල ඇති ඵලය?
- මෙහෙමයි. විදුලි ඉල්ලුම වැඩි වශයෙන් පවතින වෙලාවලදි, ගල්අගුරු, ඩිසල් බලාගාර මගින් විදුලි උත්පාදනය කිරිම පාඩු දායකයි. ඒ වෙලාවට PSH බලාගාර බාවිතා කරලා ලාබදායි ජලවිදුලිය නිපදවලා විදුලි පද්ධතියට එක් කරනවා.
ඒ වගේම විදුලි ඉල්ලුම අඩු(ඔෆ් පික් ඩිමාන්ඩ්) අවස්ථාවලදි විදුලි ඉල්ලුම අඩු නිසා, සුලං ටර්බයින, සූර්ය පැනල වලින් සාදන විදුලියේ අතිරික්තයක් එනවා. අන්න ඒ අතිරික්තයක් ආපු වෙලාවට ඒ විදුලිය භාවිතා කරලා PSH බලාගාර වල ජලාශ වලට ජලය පොම්ප කරනවා. ඇත්තටම බැලුවොත් මේක විදුලි කලමනාකරන උපායමාර්ගයක්. ඒ වගේම ලාබදායක ක්‍රමයක්.
+ PSH මුලින්ම භාවිතා උනේ කොහේද?
- පලමුව භාවිතා වෙන්නේ ඉතාලිය හා ස්විස්ටර්ලන්තය වැනි රටවල. දැන් නම් ලොව පුරාම පැතිරිලා තියනවා.
+ පොම්ප කරලා ජලාශ පුරවන නිසා, මුහුදු ජලය උනාත් යොදාගන්න ජල විදුලිය නිපදවන්න මේ ක්‍රමයෙන් පුලුවන් නේද?
- ඔව්. මුහුදු ජලය යොදාගන්නා පලමු PSH බලාගාරය සැදුවේ ජපානයේ ඔකිනාවා වල යන්බාරූ බලාගාරයේ. එයින් දැනට 30 MW ක විදුලියක් ජනනය කරනවා.
දැන් දැන් පරික්ෂණ කරනවා උදම් රල යොදාගන්න. වඩදිය අවස්ථාවේදි ජලය ගබඩා කරගෙන, බාදිය අවස්ථාවේ ජලය නිදහස් කරලා විදුලිය නිපදවන්න. මෙහි වාසිය තමයි පොම්ප කරන්න යන විදුලියත් ඉතිරිකරගන්න පුලුවන්. ප්‍රංශයේ මෙවැනි බලාගාර තියනවා.
-රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
_______________________________________________
ලිපි පිලිබදව යෝජනා චෝදනා දක්වන්නේ නම් එය රුකුලකි.
එය ලිපි දැමීම සදහා දිරිමත් කිරිමක්ද වන්නේය.
ස්තුතියි
විල් ජලය පුපුරා යාම
#විල්_ජලය_පුපුරා_යෑම
#කලාතුරකින්_සිදුවන_අතිශය_භයානක_අනතුරක්
ගොඩක් දෙනෙක් නොදන්න කතාවක්.
විශාල විලක තියන ජලය එකවරම පුපුරා යන්න පුලුවන් කියලා කිව්වොත් යාලුවෝ පුදුම වෙන්නත් පුලුවන්. නමුත් මේ පිපිරිම නිසා සුනාමියක් වගේම, ඊටත් වඩා භයානක අනතුරක් ඇතිවිම නිසා විශාල හානියක් සිදුවෙනවා. මෙහෙමයි මේක වෙන්නේ.
ලෝකයේ අක්‍රිය ගිනිකදු ආවාට වල ජලය එකතු විමෙන් විල් සැදෙනවා. මෙම ගැබුරු විල් පතුලට යටින් ඇති මැග්මා වලින් පිටවන CO2 (කාබන්ඩයොක්සයිඩ් වායුව) විලේ ගැබුරේ පතුලේ ජලයට එක් වෙනවා. මෙසේ ජලයට එක්වන CO2 වායුව, ඉහල ජල ස්කන්ධයේ පීඩනය හේතුවෙන් ජලය මතුපිටට නොපැමිණ විලේ ජලයේ දියවෙනවා. සමකාසන්න නොවන විල් වල ශීත කාලයේදි ජලය සිසිල් වි ඝන විම නිසා ජල ස්ථර මාරු විම හේතුවෙන් එවැනි විල් වල මෙසේ CO2 තැම්පත් වීම අවමයි. නමුත් වසර මුලුල්ලේ එකම උෂ්නත්වයක පවතින සමකාසන්න විල් වල මෙය සිදුවෙනවා.
දැන් විල හරියට සෝඩා බෝතලයක් වගේ. උඩින් යෙදෙන පීඩනය නිසා තමයි CO2 සිර වෙලා තියෙන්නේ. නමුත් විල තුල හදිස්සියේ ඇතිවන පීඩන වෙනස්කම්ක්, උෂ්නත්ව වෙනස්කමක් හෝ විල් පතුලට එක්වන CO2 ප්‍රමාණයේ අධික වැඩිවිමක් හේතුවෙන් විලෙහි ජලයේ වූ CO2 එකවරම නිදහස් වීමෙන්, විලේ ජලය අධික වේගයෙන් විසිරි පුපුරා යෑමක් වෙන්න පුලුවන්. හරියට සෝඩා බෝතලයක් එක්වර විවෘත කලා වගේ.
මේ පිපිරිම නිසා සුනාමි තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්.මෙසේ ඇතිවන සුනාමි රල අඩි සිය ගනනක් උසට නැගෙන්න පුලුවන්. නමුත් මේ පිපිරුම භයානක වෙන්නේ මෙයින් පිටවන අධිග CO2 ප්‍රමාණය හේතුවෙන්. මෙසේ පිටන අධික CO2 වායුව ප්‍රමාණය නිසා හුස්ම ගැනිමේ අපහසුව ඇතිවි විශාල ජිවින් පිරිසක් මිය යන්න පුලුවන්. ඇතිවන සුනාමියට වඩා CO2 පිටවිම දරුණු වෙන්නේ මේ නිසා.
කැමරූන් වල පිහිටි මොනෝන් විල 1984 පිපිරියැමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගියා.1986 වසරේදි මේ ආකාරයටම නියෝස් විල පුපුරා යෑමෙන් පුද්ගලයින් 1700කට ආසන්න පිරිසක් හා සතුන් 3500කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. බහුතරයක් දෙනා මියගියේ විලෙන් පිටවූ CO2 හා වෙනත් විෂ වායු වර්ග ආඝ්‍රහණයෙන්.
දැනට හදුනාගෙන තියනවා කොංගොව හා රුවන්ඩාව අතර තියන ‘කියු විල‘ මෙසේ පිපිරිමට හැකියාවක් තියන විලක් කියලා. කියු විල පෙර පිපිරු විල් වලට වඩා 2000 ගුණයක් පමණ විශාලයි. ඒ වගේම විල තුල CO2 වලට අමතරව මිතේන් වායුවත් රැස් වෙනවාලු. විල පිහිටා තියෙන්නේ ජනාකිර්ණ ප්‍රදේශයක බැවින් පුපුරා ගියොත් වන හානියක් අධිකයි.
මෙසේ පුපුරායැමේ අවධානමක් ඇති අප්‍රිකානු විල් වායුහරණය කිරිමට විවිධ පරික්ෂකයන් උත්සහ කලත්, විල් වල විශාලත්වය හා අප්‍රිකානු රටවල් අතර ඇති යුද්ධ මෙම වායුහරණ ක්‍රියාවලි සිදුකිරිමට දැඩි බලපෑමක් එල්ල කරණවා.

කර්තෘ: රොෂින් ප්‍රනාන්දු
ආයුබෝවන් හස්ත මුද්‍රාව
අවුරුදු කාලෙත් ලගයිනේ. නිතර දකින දෙයක් තමා ආචාර කිරිම. ඔයාලා දෑත් එක් කරලා ආචාර කරනවා දැකලා ඇති, ඒ වගේම කරලාත් ඇති.
නමුත් ඔයාලා දැනන් හිටියාද මෙම ආචාර කරන හස්ත මුද්‍රාවේ වැදගත්කමකුත් තියනවා කියලා.
දෑතේම අත්ල එක්වන සේ ආචාර කරනකොට, නිරායාසයෙන්ම දෑතේ ඇගිලිත් එක් වෙනවා. මේ අැගිලි එක්වන විට ඇගිලි වල අග තෙරපි පීඩන ප්‍රතිග්‍රහක උත්තේජනය වෙනවා. මෙයින් ඇසේ වගේම මොලයෙත් විශේෂ ස්ථාන උත්තේජනය වීම නිසා අප දකින පුද්ගලයා දීර්ඝ කාලයක් මතක තබා ගත හැකියි කියලා විද්‍යාඥයින් පවසනවා.
ඒ වගේම පෙරදිග ක්‍රමයන්හිදි වගේ අතට අත දිමක් නැති නිසා විසබීජ හුවමාරුවකුත් නැනේ. :D :D :D
අපේ සංස්කෘතියෙන් අපිට ලැබුනු දායාදයන් හරිම පුදුමයි නේද?
කර්තෘ: රොෂින් ප්‍රනාන්දු
Thursday, April 14, 2016
උරගයින් ගැන වැරදි මත
#හිකනලුන්
ශ්‍රී ලංකාවේ පොලොං හීරලුවා නමින් හිකනලෙකු සිටින බවටත් ඔහුගේ විස පොලගාගේ විසට සමාන බවටත් මතයක් පවතියි. නමුත් හිකනලුන් කිසිවෙකු විස සහිත නොවේ.
#කටුස්සන්
බෝදිලිමා යනු දරුවෙකු ප්‍රසූත කරන අවස්තාවේදී මියගිය ස්ත්‍රියගේ අවතාරයක් බව බොහෝ ගැමියන්ගේ මතයයි. යම්කිසි විටෙක බෝදිලිමා කෑ ගැසුවහොත් නිශ්චිතවම එම ප්‍රදේශයේ මරණයක් සිදුවන බවට විශ්වාසයක් පවතියි. එමෙන්ම යමෙක් බෝදිලිමා මරා දැමුවහොත් බෝදිලිමාගේ අවතාරය පැමින ඌ මැරූ පුද්ගලයාව මරා දමන බවටත් විශ්වාසයක් පවතියි. නමුත් මෙවැනි කතන්දර හුදෙක් ජනප්‍රවාදයන් පමනි. එනම් බෝදිලිමා යනු කිසිදු ශබ්දයක් පිට කල නොහැකි සත්වයෙකි.
#කනැල්ලන්
මොවුන් රාත්‍රී කාලයට නිදා සිටින් මිනිසුන්ගේ කන තුලට රිංගන බවට විශ්වාස කෙරේ. මෙහි කිසිදු සත්‍යතාවක් නැත. මේ ජනප්‍රවාදයට හේතු වී ඇත්තේ නනැල්ලන් පොලොව යට ගුල් හාරා ජීවත් වන බැවිනි.
#දෙපත්_නයා
දෙපත් නයාට හිස් දෙකක් ඇති බව විශ්වාස කෙරේ. දෙපත් නයා යන නමද භාවිතා වන්නේ එබැවිනි. මේ මතයට පදනම් වී ඇත්තේ උගේ වලිගය පෙදෙස හිස මෙන් පැතලි ස්වභාවයක් ඇති බැවිනි. සැබවින්ම මෙම සත්වයාට වෙනත් හිසක් නොමැත.
#මඩ_පණුවා
මෙව් සතුන් ජීවිත කාලයෙන් මාස 6ක් ජලයේද තවත් මාස 6ක් ගොඩබිමේ ජීවත් වන බව විශ්වාස කෙරේ. මෙයට හේතුව මෙම සත්වයා කඩොලාන පරිසර ආශ්‍රිතව ජලයේ හා ගොඩබිමේ යන දෙකේම වෙසෙන සර්පයෙක් බැවිනි.
#පිඹුරා
ගොදුරක් වෙලාගත් පිඹුරෙකු උගේ වලිගයේ ඇති කටුවකින් ගොදුරගේ හිසට ඇන මරණයට පත් කරන බවට විශ්වාස කෙරේ. නමුත් මෙහි කිසිදු සත්‍යතාවක් නැත. එනම් පිඹුරාගේ වලිගඒ තිබෙන කටු දෙක සර්පයින්ගේ පරිනාමීය ක්‍රියාවේදී කෂ්‍ය වී ගිය පාදවලට සම්බන්ද අස්ථි කොටස් දෙකකි. මෙයින් ඌ බොහෝ සේ ප්‍රයෝජන ගන්නා බවක් නොපෙනේ.
Wednesday, April 13, 2016
රේඩාර් තුවක්කුව වැඩ කරන්නේ මෙහෙමයි
#රේඩාර්_තුවක්කුව_වැඩ_කරන්නේ_මෙහෙමයි
වේගය ඔබට විපත් ගෙනෙයි. විශේෂයෙන්, පොලිස් මහතෙක් ඔබ රිය පැදවූ අධික වේගය අනාවරණය කරගත් විට ඔබට මහත් අන්තරාවක් සිදුවේ. පොලිස්මහතුන් සතු රේඩාර් තුවක්කුව මගින් වාහනයේ වේගය අනාවරණය කරගැනේ. තුවක්කුව මගින් නිශ්චිත සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍රතරංග නිකුත් කරනු ලැබේ. ගමන් කරන වාහනයක එම තරංග ගැටුණු විට ඒවා පරාවර්තනය වන්නේ සංඛ්‍යාතයේ සුළු වෙනසක් සහිතවයි. මෙය ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ. උපකරණය මගින් නිකුත් කරන ලද සංඛ්‍යාතය සහ පරාවර්තිත සංඛ්‍යාතය අතර වෙනස උපයෝගි කරගෙන වාහනයේ වේගය ගණනය කරනු ලබයි.
Speed gets you in trouble.Specially when policemen detect the speed you were driving.They use a handheld radar gun to detect the speed of the vehicle.The gun sends out microwaves at a particular frequency. When these waves hit a moving vehicle, they get reflected with a slight shift in frequency. This is known as the Doppler effect. The device uses the difference between the emitted frequency and the reflected frequency and determines the speed of the vehicle.

Subscribe to:
Posts (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...