Wednesday, June 15, 2016

ඒබ්‍රහම් ලින්කන් ගැන නොදත් කතා


*ලින්කන් මල්ලවපොර සදහා අති දක්ෂයෙක්. ඇමරිකාවේ මල්ලවපොර ශූර තරඟ වලට ඔහු සහභාගි වී ඇති අතර, ඔහු සහභාගි වූ තරඟ 300න් ඔහු පරාජය වී ඇත්තේ එක් තරඟයක් පමණි.

*1876 දී සොර කණ්ඩායමක් විසින් ලින්කන්ගේ මළසිරුර සොරා ගැනීමට තැත් කල අතර, ඔවුන් ඒ සදහා ඩොලර් 200 000ක මුදලක කප්පමක් ගැනීමටද බලාපොරොත්තු විය.

*ලින්කන්ව ඝාතනය කල John Wilkes Booth ජනප්‍රිය නළුවෙකි. එහි හොදම කොටස නම් ලින්කන් ඔහුගේ රසිකයෙක් වීමයි.


*ලින්කන්ගේ සුරතල් බල්ලා වන Fido ද ලින්කන් මියගොස් වසරකට පසු බීමත් පුද්ගලයෙක් අතින් ඝාතනය විය.

*ලින්කන් පිහි වලට බියක් දැක්වූයේය.

*ලින්කන්ගේ පරම්පරාවෙන් පැවත එන්නෙක් දැන් නැත. අවසාන පුරුක 1985දී මිය ගියේය.


*බොහෝ දෙනා මොහුට "Abe" ලෙස කතා කර ඇති අතර, මොහු එයට ඉතා අකමැති විය.

*මොහුගේ උස අඩි 6 අඟල් 4ක් වූ අතර, ඇමරිකවේ මෙතෙක් පහලවූ උසම ජනපති මොහුයි.

*ලින්කන් ඝාතකයාගේ සහෝදරයා වරක් ලින්කන්ගේ පුතාව කෝච්චි අනතුරකින් බේරා ගන්නා ලදි.

*ලින්කන් ඔහුගේ අත්‍යවශ්‍ය ලිපි තොප්පිය අස්සේ තබා ගන්නා ලදි.

*පේටන්ට් බලපත්‍රයක් හිමි එකම ජනපති.

*ලින්කන් ඔහුගේ පියාගේ අවමංගල්‍යයට යෑමට ප්‍රතික්ෂේප කරන ලදි.

*ලින්කන් කිසි දිනක මත්පැන් හෝ සිගරට් භාවිතා කලේ නැත.

*ලින්කන් ඝාතනයට දින තුනකට පෙර ඔහු ඝාතනය සිහිනෙන් දැක ඇති අතර, රඟහලේ මුරකරු ලින්කන්ට ඝාතනය දා හවස එම රඟහලට යාමට එපා කීවේය.

*ලින්කන් රැවුල වැව්වේ වයස 11ක දැරියකගේ කීම අසාය.

-මිතිල ප්‍රනාන්දු

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...